Saturday, September 29, 2012

නිදිකුම්බා මල්


අද ලිපිය තරමක් වෙනස්. ඒ වෙනසට හේතුව ලිපිය අවසානයෙදි කියන්නම්. කියවල එන්නකෝ.....

කුසලානි මහත්මිය එදින එම පාසලට ගියේ යම්කිසි රාජකාරී කටයුත්තක් සඳහාය. 
එම කටයුතු වලින් විරාමයක් ලද ඇය විදුහල්පති කාමරයෙන් පිටතට පැමිණ සැහැල්ලු මනසින් යුතුව පාසල වෙත නෙත් යොමු කළාය. 

සුලු වේලාවකින් ඇය ඉදිරියට දුව ආයේ කුඩා පිරිමි දරුවෙකි. කුසලානි මහත්මිය පිළිබඳව කිසිදු හැඳිනීමකින් තොරවම, ඔහු ඇගේ අතේ එල්ලී "එන්ඩකො බඩුවක් පෙන්නන්න" යැයි පවසමින් ඇයව ඇදගෙන ගියේ පාසලේ මිදුල කෙලවරටය. 
මේ සුරතල් දරුවාගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි වූ ඇය ද ඔහු පසුපස ගියේ තරමක් කුතුහලයෙන් යුක්තවය.

"මේ බලන්ඩකො. මේක හැදුවෙ මං. ලස්සනයි නේද?" මිදුලේ වැලි එක්කොට කුඩා ලියැදි කැබලි වල නියරවල් මෙන් සකස් කොට තිබූ අතර ඒ වැටි දිගේ රෝස පාට නිදිකුම්බා මල් ගසාහැඩ කොට තිබිණි. බැලූ බැල්මට එය සිත් ගන්නා නිර්මාණයකි. කුසලානි මහත්මියගේ මුව විවර වූයේ සතුටිනි.
"හරිම ලස්සනයි පුතා. කවුද මේක හදන්න කියල දුන්නෙ?"

"කවුරුත් නෑ. මං තනියම හැදුවෙ." මහත් උජාරුවෙන් පැවසූ පුංචි  තාරකගේ දෑස් දිලිසුණි.

"මේ මල් කොහෙන්ද ගේනාවෙ?" ඇයට තවත් ප්‍රශ්නයක් මතු විය. 

"අර පිට්ටනියේ එහා පැත්තෙන් කඩන් ආවෙ. තව ගොඩාක් තියෙනව" පිට්ටනිය තරමක් වල් බිහිවී තිබූ බැව්  ඇයට  පෙනිනි.

"පුතා කොයි පන්තියෙද ඉන්නෙ?"

"එකේ පන්තියෙ"

"ඇයි ඉතින් එළියෙ ඉන්නෙ පුතා?"

"ටීච මට එළියට යන්න කිවුවා, ළමයින්ට ගහනව කියල" ඇය ඔහුගේ හිස අතගා "යමු පුතා අපි පන්තිය බලන්න" යැයි පවසා ඔහුත් කැ‍ටුව පන්තියට ගියාය. 

තාරකට පන්තියේ ඉඳගන්නට සලස්වා ඇය ගුරුතුමිය හා මදක් දොඩමලු වූවාය. පන්තියේ එහා මෙහා දුව පනින පාසල් නොයන වයසේ කුඩා දරුවකුද එහි සිටියේය. ඔහු ගුරුතුමියගේ පුතා බව ඇය දැනගත්තාය. තාරක පිළිබඳව තොරතුරු  සහ ඔහු එළියේ රඳවා තැබීමට හේතු වූ කරුණු ගුරුතුමිය විසි ඈ හට පැහැදිලි කරන ලදී. තාරකගෙන් ගුටි කෑමට ලක් වූ එක් අයේකු වූයේ ගුරුතුමියගේ පුතාය. තාරකගේ මව ඔහුගේ පියා අත හැර ගොස් ඇති බවත්, පියා කුලී වැඩ කරමින් තාරක සහ සහෝදරිය ‍රැක බලා ගන්නා බවත් ගුරුතුමිය තාරකගේ තොරතුරු අතරට එක් කළ කරුණු  විය.

කුසලානි මහත්මිය පන්තියෙන් නික්ම ගියේ , තාරක පන්තිය තුළ රඳවා ගත යුතු බව ගුරුතුමියට අවධාරණය කරමිණි.




මේක වෙනස් කතාවක් කිවුවෙ ඇයි? 

වෙනදට වෛද්‍ය භූමිකාවේ විවිධ සිදුවීම් අත්දැකීම් පිළිබඳව ලියන සිඳු, ගුරු භූමිකාවේ සිදුවීමක් අකුරු කිරීම වෙනසක් තමයි.

ඇත්තම කියනව නම් මේක මම ඉල්ල ගත්තු ලිපියක්. වෙන කාගෙන්වත් නෙමේ. අම්මගෙන්. ගුරුවරුන් සඳහා කරපු සම්මන්ත්‍රණේක පැවරුමක් සඳහා අම්ම ලියූ ලිපියක්. 

මේ සිදු වීම ඇසුරින් තාරකගේ කුසලතා, ඔහුගේ ප්‍රචන්ඩකාරී හැසිරීම,ගුරුතුමියගේ ක්‍රියා කලාපය සහ, මෙම සිදුවීමේදී විදුහල්පති හා අනෙකුත් ගුරුවරුන්ගේ වගකීම පිළිබඳව විග්‍රහයක් එම සම්මන්ත්‍රනය සඳහා පැමිණි ගුරුවරුන්ගෙන් ඈ බලාපොරොත්තු වී තිබුණා. 

විශේෂත්වය එය නොවේ. මේ සිදුවීම අකුරක් නෑරම අම්මාගෙ අත්දැකීමක්. 
මෙහි සඳහන් වන "කුසලානි මහත්මිය" මගෙ අම්මා.
ඒ බව , එදින සම්මන්ත්‍රණයට සහභාගී වූ ගුරුවරුන් කිසිවෙකුත් දැන නොසිටින්නට ඇති.


තවත් සඳහන් කළ යුතු යමක් සිහිපත් වුණා. ලබන සතිය අවසානයේ මගේ අම්මා ඇයගේ තිස් වසරකට ආසන්න ගුරු සේවයෙන් විශ්‍රාම ගන්නට නියමිතයි. වසර 20ක පමණ ගුරු ජීවිතයත්, වසර 10ක පමණ ගුරු උපදේශක ජීවිතයත් ඈ හට ලබා දුන් අත්දැකීම් අපමණයි. ඒ පිළිබඳව අම්මා තැබූ තවත් සටහන් තිබෙනවා.  ඉඩ ලද විටක මගේ බ්ලොග් එකේ ඒවා නැවතත් අකුරු කෙරේවි.

තිස් තුන් වසක ගුරු ජීවිතය තුළ මගේ අප්පච්චිත්, තිස් වසක් තුළ මගේ අම්මාත් අධ්‍යාපනය වෙනුවෙන් කළ සේවය මා හොඳාකාරවම දන්නවා. ඒ නිසාම ගුරුවරුන් වශයෙන් තවමත් ඔවුන් ලබන ගෞරවය මට ඇත්තෙන්ම ආඩම්බරයක්.

31 comments:

  1. ඔව්, ඕනෑම පුංචි ළමයෙකුට ලඟට ඇවිල්ල බයනැතිව කතාකරන්න පුළුවන් ඕන ළමයෙකුට කට පුරා පුතේ කියල කතා කරන ඔයාගේ අම්මා

    ReplyDelete
  2. අපිට පොඩි කාලෙ ඉඳන් කියල දීල තියෙන්නෙ දෙමව්පියො ගාවට අපිත් එක්ක ජීවත් වෙන අයගෙන් ගරු කල යුත්තෙ ගුරු මෑණිවරුන්ට පියවරුවන්ට කියල.
    ඒකෙ තේරුම ගුරුවරයෙක් දෙමව්පියො වගේ තම ශිෂ්‍යයන් වෙනුවෙන් කැප වෙන්න ඕනෙ එයාලව තේරුම් ගන්න ඕනෙ, තමන්ගෙ දරුවන්ට වෙනස්කම් කරන්නෙ නෑ වගේ තමන්ගෙ ශිෂ්‍යයො සියල්ලටම සමානව ආදරෙන් සලකන්න ඕනෙ. එතකොටයි නියම ගුරුවරයෙක් වෙනනෙ.
    කතාවෙ එන දරුවා ඔයාලගෙ අම්මත් එක්ක එච්චර සුහදව කතා කරන්නෙ ඔයාගෙ අම්ම මම ඒ කිව්ව විදිහෙ හැබෑ ගුරු මෑණියක් නිසා.
    කතාව කියවද්දි මතක් වුනේ තාරේ සමීන් පල් හිංදි චිත්‍රපටිය.

    ReplyDelete
    Replies
    1. අද හිරු එකේ ගියා බං ෆිල්ම් එක :)

      Delete
    2. සමාවෙන්න ඕන මම පුංචි නිවැරදි කිරීමක් කරනවා. "තාරේ සමීන් පර්" (පොලවට ලඟ තරු).කමක් නෑනේ..?

      Delete
    3. අමීර් ඛාන්ගෙ ෆිල්ම්වලට මමත් කැමතියි, ඒව ටිකක් වෙනස්. Taare Zameen Par මම දෙපාරක්ම බැලුව, පස්සෙ බලන්න ඩීවීඩී එකක රයිට් කරලත් තිබුණ, යාළුවෙක්ට කොපියක් දෙන ගමන් මම ඩෙස්ක්ටොප් එකට දැම්ම ආයෙත් බලන්න හිතන්. බයොස්කෝප්ඩොට්එල්කේ එකේ කස්ටිය ඒකට සිංහල සබ් එකකුත් දීල තිබුණ.

      http://www.baiscopelk.com/?p=11808

      Delete
    4. ඔය ෆිල්ම් එකෙන් පස්සෙ ඉන්දියාවෙ ඉන්න ඒ වගේ විශේෂ ළමයි සම්බන්ධයෙන් විශාල මෙහෙයක් වෙලා තියෙනවළු, ඔවුන් යම් යම් අණපනත් පවා සම්මත කරගෙන තිබෙනවළු ඊට පස්සෙ. සතියකට දෙකකට කලින් රාවය පත්තරේ අමීර් ඛාන්ගෙ ටීවී වැඩසටහනක් ගැන තිබුණු ලිපියක ඔය ගැන ටිකක් දිග විස්තරයක් දාල තිබුණ.

      Delete
    5. ඔව් මමත්, ඒ ලිපිය කියෙව්වා. වැඩසටහනේ නම සත්‍යමෙව් ජය හෛ (හරිද මන්දා )..ප්‍රභාෂ්වරගෙ කොලම් එක මම හැමදාම කියවනවා. ඒ ලිපියෙන් කියපු හොදම දේ තමයි කලාව ඔස්සේ ලබන සමාජ පිළිගැනීම සහ ජනප්‍රියත්වය පොදු සමාජයේ යහපත වෙනුවෙන් යොදාගැනීම සදහා කලාකරුවන් දේශපාලකයින්ගේ ආත්මාර්ථකාමී ක්‍රියා පිළිවෙත් වලට කඩේ යාම නැවැත්විය යුතුයි කියන කාරණාව.

      Delete
  3. සිදු අක්කගේ අම්මා නං හොද ගුරුවරියක්.. ඇත්තෙන්ම :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. අක්කලා අද මේ වගේ හොද තැනක ඉන්න එක හේතුවක් තමයි අක්කලාගේ දෙමව්පියෝ කරපු හොද වැඩ. අක්කගේ අම්මව මම දැකලා නෑ. එත් අක්කගේ අම්මා විශිෂ්ට ගුරුවරියක් කියලා මේ සිදුවීමෙන්ම කියන්න පුලුවන්. :) :) :) :) :)

    ආ........... අපේ ගෙදර කට්ටියත් අක්කාව හුගක් වෙලාවට මතක් කරනවා :)

    ReplyDelete
  5. ළමයෙක්ට ගුරුවරුන්ට ගරු කරන විදිය උගන්වන්න බෑ කියලයි මට නම් හිතෙන්නේ!ඒක ඒ ළමය තුලින්ම මතුකරගන්න ඕන!
    ඉස්සර තිබුණ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය හඳුන්වල දුන්නේ ළමයා තුලින් හැම දෙයක්ම මතුකරගන්න!ඒත් ගොඩක් ගුරුවරු ඒක තේරුම් ගන්නේ නෑ!එකයි හැම කෙනාටම ගුරුවරු වෙන්න බැරි!
    හිතන්න සිඳු අක්කගේ අම්මත් අර පොඩි ළමය කතා කරන වෙලාවේ ඒ ළමයට සැර කරා නම්??එහෙනම් ඒ ළමයාගේ මානසිකත්වය මොකක් වෙයිද?
    පෞද්ගලික පළිගැනීම්නම් ඉස්කෝලෙදි ගොඩක් තියෙනවා!
    ඒත් කුසලානි මහත්මිය පරිපුර්ණ ගුරුවරියක් :)

    ReplyDelete
  6. අපිට 10,11 ඉoග්‍රීසි කරපු මිස්ටත් මාව පන්නන්න බෑ ඒ කාලේ..
    ඔය වගේ දේවල් හරියට වෙනවා ඉස්කෝල වල.
    ඒ වගේම අක්කාලගේ අම්මා වගේ ලමයි තේරුම් ගන්න අයත් ඉන්නවා....

    ReplyDelete
  7. එහෙම ගුරුවරු වාසනාවක් අනාගත පරපුර වෙනුවෙන්. ඇතැම් ගුරුවරු හොයන්නේ බලන්නේ නැතුව කියන කරන දේවලින් ළමයින් ගොඩාක් අපහසුවට පීඩාවට පත් වෙන අවස්ථා තියනවා. පෞද්ගලිකව මටත් එහෙම අත්දැකීම් තියනවා.

    ReplyDelete
  8. කාලෙකින් කියැවූ අපූරු පෝස්ටුවක් ,,අදයි ඇහැ ගැටුනේ,,, ජය...........

    ReplyDelete
  9. මගෙ සුදු අම්මයි අප්පච්චියී..

    ReplyDelete
    Replies
    1. මමය් ඉස්සරලම සුදු අම්ම කිව්වේ

      Delete
    2. හා හා ඉතින් කමක් නෑ....ඒ අපි ඔක්කෝමගෙම සුදු අම්මියා එහෙනම්....(ඒත් වැඩියෙන් මගේ....) :-)

      Delete
  10. ගුරුවරුන් ගැන නරකම ඇහෙන මේ දවස් වල මේ වගේ සටහනක් දැකීමත් ඇත්තටම සතුටක්. ඊටත් වඩා ඒ ඔබේ අම්මා කීවම සතුට වැඩියි. පත්තරවල හෙම දකින්නේ ගුරුවරුන් ළමයින්ට කරන හිරිහැර විතරමනේ.

    ReplyDelete
  11. බහුතරයක් ගුරුහොරුන් අතර, කට ඇරල ගුරුමෑණිවරුන්, පියවරුන් කියල කියන්න පුළුවන් සුළුතරයකුත් ඉන්නව සිඳු. ඔබේ මවත් ඒ අතර සිටීම ගැන නම් සතුටුයි.

    ReplyDelete
  12. බොහෝ ළමයින්ගේ දෛවය තීරණය කරන්නට හැකි ගුරු මව්වරු පියවරු නිසා අද සතුටින් දිවි ගෙවන්නන් බොහොමයි..
    සිඳුගේ අම්මට විවේකයෙන් සුවෙන් පිරි විශ්‍රාම දිවියකට සුභ පැතුම්..

    ReplyDelete
  13. දඟකාර හිතක් ඇතුලෙ නිර්මාණශීලි හිතක්..!
    ඒ හිත හොයාගත්ත ගුරුමෑණියන්ට ගොඩක් පින්..
    බලාගෙන ඉන්නවා අක්කෙ අම්මගෙ ඒ ජීවිත පොතෙන් මෙවැනි වටින පිටු අප අතර තබනකල්.. :)

    ReplyDelete
  14. තිස්වසරක් වැනි දිග කාලයක් අත්දැකිම් ඇති ගුරුවරු තමයි නියම ගුරු දෙවියන් වන්නේ. ඔවුන් ගුරුවරුන්ගේ ඇතුළාන්තය වගේම දරුවන්ගේ මනස ක්‍රියා කරන හැටිත් හොඳින් දන්නවා. නමුත් අද උපාධිධාරී රැකියා අභ්‍යාස යෝජනා ක්‍රම යටතේ පාසල් වලට බඳවාගන්නා ගුරුවැරුන්ට මේ අත්දැකිම නැහැ. මට හිතෙන විදියට ඒ අතින් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථකයි. ඉස්සර ගුරුවරු පත්විම ලබාගන්න වෙලාව වන විට ගුරු වෘත්ිය කියන එකට මනස හැඩ ගැහැලා තිබුණා. ඒත් දැන් එහෙම නැහැ.

    ඔබේ මෑනියන් තාරකගේ මනස සහ ඔහුගේ පරිසරය මැනැවින් වටහාගෙන තිබුණා. තාරකගේ ඇරයුම ඒ මොහොතේ ප්‍රතික්ෂේප කළානම් මීට වඩා ඒ දරුවාගේ මනස වෙනස් වෙන්න තිබුණා.හොඳ ගුරු උපදේශිකාවක, ගුරු මාතාවක ලෙසින් විශ්‍රාම ලබන එතුමියට නිරෝගි සුවය අත්වේවා..

    අමරදේවයන් ගැයූ මේ ගීය ඇයට උපහාරයක් ම වේවා...

    ගුරු තරුව සෙමෙන් බැස යයි
    ගැලු එළිය නොයා නවතියි
    නුබ කොපුල් තලා වැහි බිඳු තවරා
    ගුරු තරුව හෙමින් බැසයයි.

    පරපුරක සිහින යාත්‍රා
    තොටුපලට යවා හරවා
    පිතු සෙනේහයෙන් ලොව කියා දුන්නු
    ගුරු පාද පියුම් සුවඳයි..

    එක මලක නම් නොවේමැයි
    මල් යායක සිරස නැමෙයි
    පිතු සෙනේහයෙන් ලොව කියා දුන්නු
    ගුරු පාද පියුම් සුවඳයි..

    ReplyDelete
  15. හිතට අවංකව කරන සේවයකින් ලබන්න පුලුවන් තෘප්තිය වචන වලින් කියන්න අමාරුයි... ඔබේ මෑණියන්ටත් ඒ දේ ඒ විදිහටම දැනෙනවා ඇති... නිතරම දරුවන්නේ වැරදි දකිනවට වඩා ඔවුන‍්ගේ ඇති හොඳ ඇගයීමෙන් ඒ දරුවා යහපත් මගකට ගන්න පුලුවන් කියලා මං හිතනවා... ලිපිය ගොඩක් වැදගත්... මට විතරක් නෙවෙයි... හැමෝටම...

    ReplyDelete
  16. විශ්‍රාම යන සින්දූගෙ අම්මට මෙන්න තවත් ගුරුවරුන් දෙන්නෙකුගෙන් නිවී සැනසුන විශ්‍රාම දිවියකාට් ආසිරි. නොවරදවාම කියන්න සිඳූ අම්මට.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  17. I met her last Thursday but she didn't tell me.

    ReplyDelete
  18. ඔයාගේ අම්මයි මගේ අම්මයි ගොඩක් සමානයි වගේ. මගේ අම්මත් අවු. 30 ගානක ගුරු ජීවිතෙන් පස්සේ විශ්‍රාම ගන්න ලඟයි. දුෂ්කර පාසල් ගණනාවකම කැමැත්තෙන්ම සේවය කරපු මගේ අම්මා ගැනත් මේ වගේ කතා ගොඩක් තියනවා. ඒ ඔක්කොම මතක් කරලා දීපු මේ ලස්සන ලිපියට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  19. පොඩි පංතිවල ටීචස්ලගේ ගොං වැඩ නිසා අනාගතේ චාටර් කරගත්තු පොඩි එවුං දෙන්නෙක්ව මාත් දන්නවා..
    පොඩි හිත් තලන්නැතුව උගන්නන විදිහ මේ මිනිස්සුන්ට කියලා දෙන්නැද්ද මංදා..

    ReplyDelete
  20. එවන් දෙමාපියන් හට ඔබ දෙස බලා සතුටු විය හැකියි.. ඔවුන් සතුවූ නිසග මිනිස්කම ඔබද රැකගෙන ඇති හෙයින්..

    ReplyDelete
  21. සිඳුගෙ අම්මාටත් ලස්සනට ලියන්න පුළුවන්නේ.. තිස් වසරක ගුරු සේවයේ නියුතු වෙලා දරුවන්ගේ නැණස පාදා විශ්‍රාම දිවියට යන ඇයටත් නිදුක් නිරෝගීසුව පතනවා.. ලිපියේ අග සඳහන් කලාක්මෙන් ගුරුවරුන් වශයෙන් තවමත් ඔවුන් ලබන ගෞරවය මමත් හොඳින් දැක තිබෙනවා. ඒ අපේ අම්මාත් මේ අයුරින්ම වසර කිහිපෙකට කලින් ගුරු සේවයෙන් විශ්‍රාම ගිය නිසා..

    ReplyDelete
  22. හැමෝගෙම අදහස් වලට ස්තූතියි. මම හිතන්නෙ අම්මටත් ගොඩක් සතු‍ටු ඇති. ආයෙ දවසක අම්මා ගෙ මේ වගේ ලිපියක් "ලෝකයේ කොන" ට ගේන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  23. ෂා නියමයිනෙ, අපෙ අම්මත් ලබන අවුරුද්දෙ විතර විශ්‍රාම යන්නයි ඉන්නෙ, එයාගෙත් අවුරුදු 30ක් විතර සේවා කාලය :)
    අම්මා ගුරුවරියක් වීම මට මගේ ජීවිතය පුරාවටම අත්දකින්න ලැබුනු වාසනාවක්!

    පොඩි පොඩි අවුලුත් සිද්ද නොවුනම නෙවෙයිලු ඉතින් :ඩී
    ඒවා ගැන ඉස්සරහට බ්ලොග් ගඩොල් එකේ දාන්නයි හිතන් ඉන්නෙ..

    ReplyDelete
  24. හ්ම්!!
    අපේ අම්මව මතක් වුණා!!!
    ඔයාගෙ අම්මටත් විශ්‍රාමය සුවයක්ම වේවා!!!!

    ප/ලි: මං කල්පනා කරන්නෙ සිඳු නංගි, තව ඉස්සරහට ගුරුවරුන්ගෙ දරුවන්ටත් මෙහෙම තමන්ගෙ දෙමවුපියන් ගැන කතා කරන්ඩ ලියන්ඩ පුලුවන් තත්වයක් තියේවිද කියල??
    එක අතකින් ගුරුවරුන්ගෙ සමහර ක්‍රියාකලාපයන් ඇහුවාම අනේ අපොයි කියල හිතෙනව නෙ...
    අනිත් අතින් ළමයි මේ හැදෙන විදියට අපි මේ කතා කරන තරම් හැඟීම්බර වෙලා දෙමවුපියන්ගෙ සේවය, අගය ගැන කතාකරන්ඩ ලියන්ඩ තියා හිතන්ඩවත් පුලුවන් පිරිසක් ඉඳියිද කියල එක

    ReplyDelete