කප්පරක් දුක් මග ගෙවාගෙන
ගුප්ත වූ මහ සයුරු සතකින්
මෙතෙර වී බැති බර සිතින්
නීල මුහුලත සඟවලා
කුරිරු රුදු විස ගොර සපුන්ගෙන්
අමන විස ගොර මනු සතුන්ගෙන්
වසං කොට සුරැකිව ගෙනා
දීප හිස මත සාධුකාරෙන්
බෝම බැතියෙන් පැළඳවූ
මහරු දළදා වන්දනාවට
කුටිය වෙත පියමනිනු නොහැකිව
තවම බැතියෙන් සාදු නාදෙන්
අත් මුදුන් දී කුටියෙ පිටතින්
වඳින්නී ඈ හේමමාලා.......
දන්ත සෝවුරු එන තුරා
සිත් පිරෙන්නට වන්දනා කර...
ගුප්ත වූ මහ සයුරු සතකින්
මෙතෙර වී බැති බර සිතින්
නීල මුහුලත සඟවලා
කුරිරු රුදු විස ගොර සපුන්ගෙන්
අමන විස ගොර මනු සතුන්ගෙන්
වසං කොට සුරැකිව ගෙනා
දීප හිස මත සාධුකාරෙන්
බෝම බැතියෙන් පැළඳවූ
මහරු දළදා වන්දනාවට
කුටිය වෙත පියමනිනු නොහැකිව
තවම බැතියෙන් සාදු නාදෙන්
අත් මුදුන් දී කුටියෙ පිටතින්
වඳින්නී ඈ හේමමාලා.......
දන්ත සෝවුරු එන තුරා
සිත් පිරෙන්නට වන්දනා කර...
ලස්සනයි සිදූ... අදහසට සුපිරි ලයික්
ReplyDeleteමුල කොටස ආයෙ ලියන්න ට්‍රයි කලත් නරකද.. අනිත් එආවයේ මාත්‍රා වලට ගැලපෙන්න
අනේ යන්තම් වචන ගැටගහන මට මොන මාත්‍රා ද මී ගොඩයො.
Deleteඅපිත් එහෙම තමා අනේ......
Deleteමෙන්න සිඳූට මගෙන් ලකුණු 10ක් !
ReplyDeleteඔන්න මධුරංග මට 10 / 100ක් ම දීලා
Deleteලස්සණ පදවැලක්... නුවර පැත්තට නෑකම් තියෙන හින්දද කොහෙදෝ හිතටත් වැදුනා...
ReplyDeleteහ්ම් හ්ම්ම්.... ස්තූතියි අලුත් මල්ලි.
Deleteඔන්න වැරැද්ද... දන්ත ධාතුව නුවර බූදලෙනේ..
Delete"මහරු දළදා වන්දනාවට
ReplyDeleteකුටිය වෙත පියමනිනු නොහැකිව
තවම බැතියෙන් සාදු නාදෙන්
අත් මුදුන් දී කුටියෙ පිටතින්
වඳින්නී ඈ හේමමාලා......."
ගොඩාක් ලස්සනයි.
ස්තූතියි වකා. මේ දවස් වල මේ වගේ වචන පේළි මිස ලොකු පෝස්ට් ලියවෙන්නෙ නෑ.
Delete//කුරිරු රුදු විස ගොර සපුන්ගෙන්
ReplyDeleteඅමන විස ගොර මනු සතුන්ගෙන්
වසං කොට සුරැකිව ගෙනා//
ජය වේවා!
මට එක වර ම මතක් වුණේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියගේ 'ජය සිරි මා හාමුදුරුවනේ' ගීතය! :)
Deleteහරියට හරි. ඒකෙ කියන්නෙත් මේ වගේ, ඊට ටිකක් වෙනස් තේමාවක් නේද. කුල භේදය නේද? ඇත්තටම හැම කුලයකම අයට යන්න බැරිද දළදා වන්දනාවට?
Deleteකුල භේදය ගැන නෙමෙයි නේද??:-/
Deleteඒ ගීතයෙන් කියන්නේ කුල භේදය තමයි මම හිතන්නේ. මොකද මම කියවලා තියන විදිහට ශ්‍රී මහ බෝධිය ආරක්ෂා කරලා තියෙන්නේ "දුර" පරම්පරාව. ඒ ගැන තමා මම හිතන්නේ ඒ ගීතයෙන් කියවෙන්නේ. නමුත් ඒ කුලය කුල වර්ගීකරණයට අනුව තියෙන්නේ පහළ තැනක. ඒත් ඒ වගේ කුල තමයි විශෂ්ට කුල. සමහර ආරච්චිලා තරන වැඩ දැක්කම මොකක්ද ඒවයේ තියෙන උසස් කම කියලා හිතෙනවා...
Deleteමේ ලින්ක් එකටත් ගිහින්ම බලන්නකෝ.
http://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%BA_-_%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD_%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A
මම නම් කුල ක්‍රමය අනුමත් කරන්නෑ.
කුල භේද අද හරි අඩුයි.ඈත පිටිසර අය නම් තද විශ්වාසයක් තියෙනවානේ?
Deleteජය සිරි මා හාමුදුරුවනේ..
Deleteදර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
ගිණිමැල ගහගෙන රැක හිටියා..
එහෙව් අපට අද එන්ඩ තහංචිද,
ජය සිරි මා හාමුදුරුවනේ..
වැලි මළුවේ ඉඳ සාදු කියනකොට,
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි..
ඉස්සර වාගෙම දාඩිය මුහුවුනු,
අපේ බාර පිලිගන්ඩ හොඳයි..
රන් වැට පාමුල සාදු කියනකොට,
ලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි..
බුදුහාමුදුරුවො දුටුවා වාගෙයි,
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි..
අපූරුයි සිඳූ!
ReplyDeleteකවිකාර කමේ හපන්කම නියමෙට පෙන්නලා තියෙනවා. කොහොමද ඔහොම හිතුවිලි හිතට එන්නෙ හැබෑටම.
මේ චිත්‍රෙ මම කැමතිම චිත්‍රයක්. මගෙ කාමරේ ගොඩක් කල් ගහලා තිබුණා. ආයේ ෆ්‍රේම් කරන්න අප්පච්චිට දුන්න, තවම හම්බුණේ නෑ. ඒ ගැන හිතද්දි හිතට ආව හේමමාලා ගෑන, සහ දැන් කාන්තාවන්ට තියෙන තත්වය ගැන මේ සම්බන්ධව. ඒ නිසා ඔහෙ ලියල දැම්මා. මේ දවස් වල වැඩියෙ ලියන දේවල් නෑ ගිමන්.
Deleteඅනේ හරිම ලස්සනයි. ඔයා ගොඩක් ලස්සනට ලියනවා. අදමයි මේ පැත්තෙ ආවෙ. ජය වේවා හොඳේ.
ReplyDeleteආදරෙන් පිළිගන්නව මධු. මම ත් එන්නම් ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ පුළුවන් වෙලාවට.
Deleteමහරු දළදා වන්දනාවට
ReplyDeleteකුටිය වෙත පියමනිනු නොහැකිව
තවම බැතියෙන් සාදු නාදෙන්
අත් මුදුන් දී කුටියෙ පිටතින්
වඳින්නී ඈ හේමමාලා.......
ස්ත්රියකගෙ හිස කෙස් අතර සඟවාගෙන ලංකාවට වැඩම වූ දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන පෙරහර මංගල්යයටවත් අඩුතරමෙ ස්ත්‍රී පුලුටක් ගාව ගන්නෙ නෑ. ඉතිං දළඳා වහන්සේගෙ වෙනත් තේවාවන්වලට ස්ත්රීන්ගෙ සහභාගීත්වය ගැන කවර කතාද? ඒ කාලෙ ඉඳන්ම අපේ රටේ තිබුණු පුරුෂාධිපත්යයෙ ප්‍රතිඵල තමයි. එක අතකට බැලුවහම අපේ මිනිස්සුන්ට තියෙන්නෙ කොයිතරම් විහිළු මෝඩ අදහස් ද?
ඒ විතරද. සංගමිත්තා මෙහෙණින් වහන්සේ ගෙනාව ශ්‍රී මහා බෝධීන් වහන්සෙ සම්බන්ධව වුණත් තියෙන්නෙ මේ පිළිවෙතමයි නේද?
DeleteDDT +++++++
Deleteබොහොම සිත් ගත්තා මේ නිර්මාණය සිඳු හරිම ලස්සනයි.
ReplyDeleteස්තූතියි කාවෝ. කෝ අපේ නව කතාව? විශ්ව ට මොකද වුණේ?
Deleteහ්ම්ම්..හොඳයි හොඳයි..අපූරු ගැලපීම.
ReplyDeleteජයම වේවා යාලු..:)
ස්තූතියි හිමාවි. ජය වේවා !
Deleteමටත් කැළණිය පන්සලේ තියෙන ඔය බිතු සිතුවම මතක් වුනා.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මගෙ කැමතිම කැළණි චිත්‍රෙ. විහාර චිත්‍ර වලිනුත් මම කැමතිම එකද කොහෙද
Deleteනියමයි ඈ..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අපිට රාජ සම්පත් එපෝ. ආ අන්න මම ඔයා ගැන ලිවුවෙ මීට කලින් කවිය
Deleteදලදා මාලිගාව, සිරිමහා බෝධිය, කතරගම දේවාලය විතරක් නෙමෙයි ගමේ පන්සලේ පවා මේ භේද තියෙනවා...අපි පොඩිකාලෙ බුදුහාමුදුරුවො සුනීතට, සෝපාකට සමානාත්වයෙන් සලකපු හැටි පුන පුනා උගන්නලා අපේම ආගම රජකරන තැන්වලම මේ භේද වපුරන එක තමයි මේ ලෝකෙන් උතුම් රටේ තියෙන කැත වැඩේ......දීපිකා (ජය සිරිමා හාමුදුරුවනේ), වික්ටර් (පාත ඉඳන් අපි ආවේ..) වගේම නන්දා මාලිනී (පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය ) කියන්නෙත් මේ අදහසම තමයි....මේ තැන්වල කාන්තාවට සමතැන් නොලැබීම ගැන නම් තවම ගීතයක් ලියවිලා නැද්ද මන්දා....මේ නිසදැස සිංදුවක් වුනානම් ඒ ගනයේ පලමු එක වෙන්න තිබුනා... You tube links:
ReplyDeletehttp://www.youtube.com/watch?v=EO1R_Mt3YeQ
http://www.youtube.com/watch?v=hBA0VpwEP-k
http://www.youtube.com/watch?v=Z5iflT0XR4Q
ස්තූතියි සර්. පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය ගීතයෙ තියෙන්නෙ ඒ අදහසත් එක්ක කැටි වුණ ලස්සන උපහාසයක්. ඒ ගීත තුනෙන්, ඒකෙ තියෙන සුවිශේෂත්වය ඒකයි.
Deleteකුල භේදය කියන එකේ අපි දන්නවටත් වඩා දේවල් තියෙනව කියල මම දැනගත්තෙ මේ ළඟදි. (මම මේ විස්තරේ කියන එක කොයි තරම් දුරට සදාචාර සම්පන්නද මම දන්නෙ නෑ. ඒත් අනන්‍යතා නැති නිසා ගැටලුවකුත් නෑ කියල හිතෙනව)
මගෙ මිතුරියක් ඉන්නව, කුලය ගොවි.වාසගම ***** මුදියන්සේලාගේ යනුවෙන් සඳහන් වෙන්නෙ. ඇයගෙ පෙම්වතාත්, කුලය ගොවි. නමුත්, පෙම්වතාගේ වාසගම මුදියන්සේ කෙනෙක් නෙමේ. ඒ නිසා මගෙ මිතුරියගෙ මවුපියන් ඔහුට කැමති නෑ.
නියම අදහසක්. මිට සමාන අදහසක් තියන ලිපියක් මම දැක්කා. කැමතිනම් කියවන්නකෝ..
ReplyDeletehttp://girl-of-extremes.blogspot.com/2012/06/blog-post_30.html
කියවන්නම් සයුරි. ස්තූතියි.
Deleteලස්සන පද වැලක් ...
ReplyDeleteස්තූතියි මහේෂ් අයියෙ
Deleteපවිටු මහතුන් ඇතුළු ගැබ වැද
ReplyDeleteලේද තැවරුණු දෑත් එක කොට
වඳිති රිසිසේ හිස් හොවාගෙන
හේමමාලා දන්ත කුමරුද
සමග බැතියෙන් පෝලිමේ යති..
තවත් ලස්සන පද වැලක්. ලස්සන ඇතුලේ සගවුණ සත්‍යය...
Deleteවාව්...! නියම අදහසක්. හරියටම මගෙ සර් මතක් කරල දුන්න "පානම් පත්තුවේ" ගීතය වගේ නේද? මේ අදහසට ගොඩාක් ස්තූතියි සරත් අයියෙ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනියමයි අක්කේ. මේ නම් මටත් නිතරම වගේ හිතුන දෙයක්.
ReplyDeleteනිසැදස හරිම ලස්සනයි අක්කේ :) :) :) :) :)
තරහ වෙන්න එපා අමා ,,නොදන්න නිසයි අහන්නේ මේක නිසදැසක්ද?
Deleteම්ම්ම් සිව් පද කවියක් වගේ නම් නෙමේ මට හිතෙන්නේ. නිසැදසක් වගේ. සිදු අක්කගෙන්ම අහලා කියන්නම් හොදේ. මොනවා උණත් හොදට අදහස පුතාශ කරලා තියනවනේ :) :) :) :) :)
Deleteඇයි මම තරහා වෙන්නේ? දැන් මට තියන ලොකුම පුශ්නේ ඒක???
මේක නිසඳැසක් නෙමේද? සඳැසක් නම් නෙමේ කියල මට කියන්න පුළුවන්.
Deleteහ්ම්ම්...මටනම් හිතෙන්නේ මේක සඳැසක්. එලි වැටක් නැති උනාට විරිතක්, ඡන්දසයක් තියනවනම් ඒක සඳසක් නේද? මේකේ තැන් දෙකක විතර මාත්‍රා හදලා ගත්තම හරි :)
Deleteඅපූරුයි.... බොහොමයක් ඇත්තන් ඔබ කවියේ යටිපෙළ නිවරදිව අල්ලා ගෙන තිබෙනවා ..ඒ ගැන බොහොමත් සතුටුයි.සමාජයීය බෙදීම් සමීපතමයින් අතර පවා අසමානතා ගොඩ නගන ආකාරය හරිම පුදුමයි. හේමමාලා කුමරියට තමන්ගේ හිසේ තබාගෙන දළදා හිමියන් වැඩම කරව්න්නට පුළුවන්. නමුත් .ඒ දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිගාවට අද කාන්තාවන්ට යන්නට බැහැ. ඔබේ කවිපද වලින් ඒ බැහැර කළයුතු සත්‍ය අපූරුවට පෙන්නලා දීලා තියෙනවා.
ReplyDeleteස්තූතියි රතු රජරට. මම අදහසක් හිතේ තියාගෙන ලියපු කවියක්, අනිත් අය වටහාගෙන, ඒ ගැන මේ විදියට සංවාදයක් ගොඩ නැගීම ,ගේන්නෙ සතුටක්.
Deleteඅද හැමදේටම වෙලා තියෙන්නේ මෙහෙම තමයි.. හැම වැඩකටම මුල් වුණ අය ඒ වැඩේ සාර්ථක වෙනකොට පැත්ත පළාතකට වැද්ද ගන්නේ නෑ.
ReplyDeleteලස්සනයි පද වැල.
හරියටම හරි. ඒ අදහස වෙන වචන වලින් කියනව නම්, කොට අදින්නෙ එක කට්ටියක්. පෙරහැරේ යන්නෙ වෙන අලි ටිකක්.
Deleteමම හිතුවේ දන්ත කියන්නේ හේමමාලාගේ ස්වාමි පුරුෂයා කියලයි. ඒ සහෝදරයද?
ReplyDeleteලස්සන කවි සිඳු...
මම දන්න පරිදි ඒ සොහොයුරා. ටිකක් හොයලා බලමු පොඩ්ඩි.
Deleteලස්සන කවි පේලි ටිකක්.. මට ආයෙත් පාරක් නුවර යන්න හිතුනා... ගොඩාක්ම හිත ගියේ පහත පේලිවලට තමා..
ReplyDeleteමහරු දළදා වන්දනාවට
කුටිය වෙත පියමනිනු නොහැකිව
තවම බැතියෙන් සාදු නාදෙන්
අත් මුදුන් දී කුටියෙ පිටතින්
වඳින්නී ඈ හේමමාලා.......
මම ගියෙත් නෑ ගිය අවුරුද්දෙ දෙසැම්බර් ගියාට පස්සෙ. අයියා ඉස්සර නම් යන්න ඇති ඕනා තරම්.
Deleteහොඳම කවි බසකින් ලයැවුණ පද පේලි ටිකක්. කවිය අන්තම කොටසින් තමයි අදහස් තීව්ර වෙන්නේ. ලස්සනයි.
ReplyDeleteමට වික්ටර් ගැයූ "පාත ඉඳන් අපි ආවේ නාමල් පූජාකරන්න" ගියට මතක් වුණා
ස්තූතියි දයානන්ද අයියෙ. ඒ ගීතයත් පුදුම ගීතයක්. දැනුත් ඇහෙනව වගේ මට මතක් කරද්දි.
Deleteවෙලාවට අපේ බිකිනි හේමමාලා කැපිලා..නැත්තං වස් වදිනවා හැමෝටම....
ReplyDeleteඅනේ මොකද්ද ඒ? මට තේරුණෙ නෑ.
Deleteබොරු විස්සාස තමා ඉතිං...
ReplyDeleteබුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපුවා මුං හිස් මුදුනෙ තියං..
නියම පද ටික!!!!!!!
කාන්තාවන් සම්බන්ධ බුදුහාමුදුරුවන්ගෙ ප්‍රතිපත්තිය ඒ තරම් පැහැදිලි නෑ මට ඇත්තම කියනව නම්.
Deleteකුල භේදය වගේ අනිත් බේධ නම් පැහැදිලියෛ උන්වහන්සේගෙ "නඣඣ්ඣා වසලෝ හෝති " ගාථාවෙන්ම.
මේ පද ටික නම් ලස්සනයි. ආමිස පූජාව සපුරාම ප්‍රතික්ෂේප කලා බුදු හිමියෝ.අනේ ඉතින් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරපුවා බුද්ධාගම කියලා අන්ධ භක්තියෙන් අදහනවා.
ReplyDeleteස්තූතියි ධම්මික. හරිම සතුටුයි මේ අදහස් දකිද්දි.
Deleteකවිය හිතට වැදුනා .ඔබ නිර්මාණාත්මකව විමසන දෙය මේ සමාජය පුරාම තියෙනවා .ආගම නම් වු ආයතනය /ව්‍යුහය මගිනුත් එය වඩා තහවුරු කරනවා .
ReplyDeleteමේ එක්කම පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න ගීතයත් මතක් වුනා
තව පොඩි උදාහරණයක් දෙන්නම්
ශ්‍රී දලදාමාලිගාවේ ගිහි බාරකාරිත්වය ඇත්තේ දියවඩන නිලමේ තුමාට .හැම වසර දහයකට වරක්ම එතුමන් ඡන්ද විමසුමකින් පත් කලගතයුතුයි .එසේ ඡන්දය දිය හැකි කවුරුන්දැයි 1931 විහාර දේවාලගම් පනතේ සඳහන් වෙනවා .ඒ අනුව මහනුවර දිස්ට්රිකයේ ප්‍රා/ලේ කොට්ඨාස 20 ක විතර ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් ඡන්ද බලතල ලැබෙනවා දියවඩන නිලමේ පත් කරන්නට . නමුත් එහි ඡ්නද බලතල නොමැති කවුදැයි කියා පවසන තැන කියනවා අර ප්‍රදේශ වල ප්‍රාදේශීය ලේකම් වරියක් රාජකාරි කරනවානම් ඇයට ඡන්ද වරප්‍රසාද නැති වග . ප්‍රාදේශීය ලේකම් තනතුර ජාජ්‍ය පරිපාලන සේවයේ තනතුරක් .එයට බඳවා ගැනීමේදී ගැහැනු පිරිමි ලෙස වෙන්ස් කර දැක් වීම් හෙලා දැකීම් නෑ .නමුත් තාමත් අපි ඉන්නේ කාන්තාවන්ට මේ ආගමික ආයතන වලට සම්බන්ධවීමට බලතල නොමැති මතයේ .ආගම් හැම එකකම වගේ මෙ පසුගාමි මති මතාන්තර තියෙනවා
TG
The last two lines sum up the poem. Whether the ruler was a king or a president the injustice for women remains the same.
ReplyDeleteහේමමාලා සහ දන්ත කුමරු ශ්‍රී දළදාව රැුගෙන පැමිණියේ කෝකිලායි කළපුවේ පිහිටි ලංකාපට්ටනටයි.එදා කැකුළුගම දැන් කෝකිලායි ය.
ReplyDelete