Monday, October 15, 2012

මිදුලට පැමිණි සුරංගනාවො


පුංචි කාලෙ මගෙ ලොකු ආසාවක් තිබුණ සැබැවින් සුරංගනාවො දකින්න. 
ඒ ආසාව අම්මලාටත් රහසක් වුණේ නෑ.
අහල දැකලා කියවලා තිබුණ දේ අනුව මගෙ හිතේ මැවිල තිබුණෙ ලස්සනම  ලස්සන, රෝස පාට දිග ගවුම් ඇඳලා දිලිසෙන ගල් අල්ලපු සපත්තු දාපු, විනිවිද පේන අත්ත‍ටු තියෙන පුංචි ගෑණු ළමයි. 



"කඩදාසි කපල මිදුලට දාන්න එපා, එතකොට සුරංගනාවො එන්නෙ නෑ ගෙවල් වලට. විසි කරන කොල කෑලි එක තැනකට එකතු කරල පස්සෙ විසි කරන්න."
හැම වෙලාවෙම තේරුමක් නැතිව කොල කෑලි , පත්තර කෑලි කප කප පොත් වල අලවන්න පුරුදු වෙලා හිටිය සිඳුට අම්ම කිවුව ඒ විදියට....

"පුතේ නැගිටින්න...අන්න සුරංගනාවියො ඇවිත් ඊයෙ රෑ." 
උදේ එළි වෙනකම් නිදාගන්න මාව දවසක් අප්පච්චි ඇහැරෙව්වුව.
වෙනදට 10 පාරක් ඇහැරෙව්වුවත් නැගිටින්නෙ නැති ළමයා එක පාරින් නැගිට්ටා.

"කෝ කොහෙද?"
අර කලින් කිවුව වගේ ලස්සන සුරන්ගනාවන් දකින්නයි මම බලාපොරොත්තු වුණේ. ඒත් තිබුණෙ එයාලගෙ අඩි සලකුණු විතරයි.
ලස්සන රටාවට අතුගාපු මිදුලෙ සුදු වැලි උඩ පුංචි අඩි සටහන් වැටිල තිබුණ. මට හොරෙන් ඇවිත්, අඩි විතරක් ඉතුරු කරල එයාළා යන්න ගිහින්.

"කෝ සුරංගනාවො?"

"මේ තියෙන්නෙ අඩි ලකුණු"

"ඇයි මෙච්චර පුංචි එයාලගෙ අඩි ලකුණු?" මගෙ කකුල් වලටත් වඩා පුංචි පා සටහන් දිහා බලාගෙන මම අහනව

"එයාල එන්නෙ හොරෙන්නෙ. ඉතින් උඩි උඩින් අඩිය තිය තිය යනකොට, පුංචියට තමයි අඩි ලකුණු තියෙන්නෙ."
අම්ම කියනව.

"එතකොට ඇයි මෙතනින් ඉවර වෙලා තියෙන්නෙ?" මට තව ප්‍රශ්නයක්

"ඊට පස්සෙ එයාල ඉගිලිලා ගිහින්" සුරංගනාවො ගැන ගොඩක් දේවල් දන්න අප්පච්චි කියනව.

"ඊයෙ මිදුලෙ කොල කෑලි එහෙම තිබුණෙ නෑනෙ.ඒක වෙන්න ඇති සුරංගනාවො ඇවිත් තියෙන්නෙ" අම්ම කියන්නෙ මට නෙමේ, අප්පච්චිට.

"අපේ පුතා හරි හොඳයිනෙ, ඒකයි එයාල ඇවිත් තියෙන්නෙ පුතාව බලලා යන්න" අප්පච්චි කියනවා.

එදා ඉඳන් හැමදාම උදේට මම මිදුලට ගියෙ කලින් දවසෙ සුරංගනාවො ඇවිත්ද බලන්න. ආයෙම එයාලා ඇවිත් තිබුණේ සතියකට විතර පස්සෙ. ඒත් එදා එයාලගෙ පා සටහන් එච්චර ලස්සනට තිබුණෙ නෑ. අප්පච්චිව අනුකරනය කරන්න හැදුව අම්මගෙ අසාර්ථක උත්සහයක ප්‍රතිඵල තමයි ඒ.

ඒ හැමදාම සුරංගනාවො එනකම් බලන් හිටිය මාව සතු‍ටු කරන්න අප්පච්චියි අම්මයි කළ දෙයක් වුණත්, මම තවමත් කැමතියි, එදා ඇත්තටම සුරංගනාවො ආවා කියල හිතන්න පුළුවන්නම්.

ඇත්තටම සුරංගනාවියෙ ඉන්නව කියල පුංචි කාලෙ විශ්වාස කරපු මම තවමත් හිතන්නෙ ඇත්තටම සුරංගනාවියො හිටියනම් කොයි තරම් හොඳද කියල.... ඒ නිසයි මම ටින්කර් බෙල් වගේ නිර්මාණ වලට ගොඩක් කැමති. 

මේ තියෙන්නෙ මගෙ සුරංගනා පිස්සුව ඉහවහා ගිය කාලෙක ලිවුව ළමා කතාවක්. අවුරුදු 10ක් විතර පරණ කතාවක් මේ.
මෙතනින් එහාට කියවන්න ඔහොම නම් බෑ. තව අවුරුදු ගාණක් ආපස්සට යන්න. තව ටිකක්. .... ආ දැන් හරි. දැන් ඔයාට අවුරුදු 5යි. ඉතින් කියවන්න පටන් ගන්න.

කෙවින් පුංචි ළමයෙක්. එයා හිටියෙ අම්මයි තාත්තයි එක්ක එයාලගෙ ලස්සන ගෙදර. කෙවින්ලගෙ වත්තත් හරි ලස්සනයි. එක එක වර්ග වල මල් පිරිලා.
කෙවින්ගෙ හොඳම යාළුව එහා ගෙදර හිටිය පුංචි ට්‍රික්සි. රත්තරන් පාට හිස කෙස් තිබුණ ට්‍රික්සි හරිම ලස්සනයි. බෝනික්කෙක් වගේ රෝස පාට කම්මුල් දෙකක් එයාට තිබුණා. ඒ දෙන්න හැමදාම සෙලම් කළේ කෙවින්ලගෙ මල් වත්තෙ. 
"කෙවින් , ඔයාලගෙ මල් වත්තට රෑට සුරංගනාවියො එනව" දවසක් ට්‍රික්සි කෙවින්ට කිවුවෙ රහසෙන්.

"බොරු කියන්න එපා" කෙවින් එහෙම කිවුවත් එයා දැනගෙන හිටියා ට්‍රික්සි බොරු නොකියන හොඳ ළමයෙක් බව.

"බොරු නෙමේ. මම ඊයෙ රෑ අම්මල එක්ක ගමනක් ගිහින් එද්දි දැක්ක"

"එයාලා කොයි වගේද?"

"හරිම පුංචියි. පුංචි සමනල්ලු වගේ.....පාට පාට ඇඳුම් ඇඳලා එයාල හිටියෙ" ට්‍රික්සි කිවුවා.

"අද රෑටත් එයාල එයිද කියල අපි හොරෙන් බලන් ඉමුද?" කෙවින් ඇහුවා. එයාටත් සුරංගනාවො බලන්න ආසා හිතිලා.

ඉතින් එදා රාත්‍රියෙ පුංචි යාලුවො දෙන්න හැමෝටම හොරෙන් මල් පඳුරක් පිටිපස්සෙ හැංගිලා බලන් හිටියෙ සුරංගනාවො එනතුරු.

පැයක් ගත වුණා. පැය දෙකක් ගත වුණා.තවමත් සුරංගනාවියො නෑ.දන්නෙම නැතුව යාලුවො දෙන්නට ගහකට හේත්තු වෙලා නින්ද ගියා. මැදියම් රෑ පහු වෙද්දි හදිසියෙම කෙවින් ට ඇහැරුණා කවුදෝ කතා කරන සද්දෙකින්. එයා දෑස් පිසදාගෙන අවට බැලුවා. 
මල් පඳුර අස්සෙ පුංචි පුංචි ආලෝක ලප ඔහුට පෙනුණා. එයා හොඳින් බැලුවා. ලස්සනම ලස්සන පුංචි ගෑණු ළමයින් කිහිප දෙනෙක් සෙල්ලම් කරමින් සිටියා ත‍ටු සලමින්. ආලෝකය විහිදුනේ එයාලගෙන්.



"සුරංගනාවො" කෙවින්ට කියවුණා. එයාලා කෙවින් හිතාගෙන හිටියටත් වඩා ලස්සනයි. ඒ වෙනකොටත් නිදාගෙන හිටිය ට්‍රික්සි ට කෙවින් කතා කළා.

"අන්න සුරංගනාවියො ඇවිත්. කෙවින් ඔයා කිවුව මම බොරු කිවුව කියල. බොරුද මම කිවුවෙ? බොරුද?" නින්දෙන් අවදි වුණ ට්‍රික්සිගෙ හඬ එයා හිතුවටත් වඩා උස් වුණා.

සුරංගනාවො කලබල වුණා. තමන්ගෙ ආලෝකයත් නිවා ගත්තු එයාල අතුරුදහන් වුණේ යාලුවො දෙන්න හිතන්නත් කලින්.

"අනේ එයාලා ගියා" 

"ඔයා කෑගහල එයාල බය වුණා" කෙවින් කතා කළේ තරහින්. ට්‍රික්සි කතාවක් නැතිවම බිම බලාගත්තා.ඇත්තටම ඒක එයාගෙ වරද.

ඒ එක්කම එයාලට ඇහුණා කවුදෝ අඬන සද්දයක්. 

"කවුද ඒ අඬන්නෙ?" ට්‍රික්සි ඇහුවා.

"දැන්වත් කෑ නොගහ ඉන්න. ඒ සද්දෙ එන්නෙ සුරංගනාවියො හිටිය හරියෙන්"  කෙවින් ට්‍රික්සිට කිවුවෙ තරමක් සැරෙන්.

එයාලා මල් පඳුරු ළඟට ගියා.
අනේ ගොඩක් පුංචි සුරංගනාවක් බිම වාඩි වෙලා අඬනවා. ට්‍රික්සිවයි කෙවින්වයි දු‍ටුව එයා බයෙන් තවත් මල් පඳුරු අස්සෙ හැංගුණා.

"බය වෙන්න එපා, අපි යාළුවො" ට්‍රික්සි එහෙම කිවුවා.

"ඇයි සුරංගනාවි අඬන්නෙ?" කෙවින් ඇහුවා.

"ඔයාලගෙ සද්ද්දෙ ඇහුණ ගමන් මගෙ යාලුවො ටික ඉක්මනින් ගියා....මමත් යන්න හදද්දි මේ ග්ස් වල පැටලිලා මගෙ අත් ත‍ටු ඉ රුණා. දැන් මට සුරංගනා ලෝකෙට යන්න බෑ, අම්මලා බය වෙලා මාව හොයනවා ඇති." එයා කිවුවෙ ගොඩාක් අහිංසක විදියට.

"යාලුවො දෙන්නට හරි දුකයි. මොකද කරන්නෙ. ඒ දෙන්න කල්පනා කළා. ඒ වෙලාවෙ ට්‍රික්සි ට යමක් මතක් වුණා.

"ඔයා අඬන්න එපා. ඔයාව යවන්න ක්‍රමයක් මම දන්නව....." එහෙම කිවුව ට්‍රික්සි කළුවරේම ගෙදර දුවලා ගියා. සුරංගනාවිට උදවු කරන්න තියෙන ආසාව නිසා එයාට පුංචි බයක්වත් දැනුණෙ නෑ. ටිකකින් එයා ආවෙ ලස්සන කහ පාට අත්ත‍ටු දෙකක් අරගෙන.

"මේ කොහෙන්ද?"කෙවින්ටයි සුරංගනාවිටයි හරි පුදුමයි.

"මල් වත්තෙ වැටිල තිබිලා මට හම්බුනේ. ලස්සන නිසා මම අරන් තියාගත්තා. " ට්‍රික්සි පැවසුවෙ සතුටින් උඩ පනින ගමන්. "සමණළයෙක්ගෙ වෙන්න ඇති. ඔයා මේ දෙක ගන්න."

සුරංගනාවිගෙ කහ පාට ගවුමට ඒ අත් ත‍ටු දෙක ලස්සනට ගැලපුණා. එයාට හරිම සතු‍ටුයි.

"ඔයාල දෙන්න හරිම හොඳ ළමයි. මට කරපු උදවුව වෙනුවෙන් ඔයාල කැමති දෙයක් ඉල්ලන්න , ඔයාලට ලැබෙයි" එයා කිවුව.



ඒත් කෙව්න්ටයි ට්‍රික්සිටයි ඉල්ලන්න ලොකු දේවල් තිබුණෙ නෑ. "අපිට හැමදාම සතුටින්  ඉන්න ලැබෙන්න" ට්‍රික්සි එහෙම කියද්දෙ කෙවින් ඒක අනුමත කළා. ඉතින් එයාල හරිම සතුටින් ජීවත් වුණා.

ඔන්න මගේ පුංචි සුරංගනා කතාව ඉවරයි.
හරි මෝඩයි වගේද?

මොන තරම් සුරංගනා පිස්සුව තිබුණත්  මම මේ වගේ වැඩ නම් කළේ නෑ.ගිහින් බලන්න. අවුරුදු ගාණක් පුරාවට ලෝකයක් ‍රැවටූ සොයුරියන්ගේ කතාව.

43 comments:

  1. අනේ ෂෝයි අෆ්ෆා.... ඇත්තටම මමත් තාම ආසයි පොඩි එකෙක් වගේ හිතන්න..ඒ හින්දාමද කොහෙද මම මේ කථාවට මාර ආසයි

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි, පොඩි උන් වගේ හිතද්දි ජීවිතේ හරි සැහැල්ලුයි.

      Delete
  2. හරිම ශෝයි කතාව..ම්..ටින්කර් බෙල් කතන්දර මගෙත් ආසම ලිස්ට් එකේ තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හරිම හුරතල් නේද tinker bell?

      Delete
  3. මෙහෙමත් සුරංගනාවන් ඉන්නවද.....?
    අපිනම් දන්නෙ අර "විතක් මධු පෙරා ගෙනැල්ලා හදේ ලැගුම් අයදින සුරංගනාවන්" විතරයි

    ReplyDelete
    Replies
    1. ඉන්නව ඉන්නව සර්....... මෙහෙම අයත් ඉන්නව. එහෙම අයත් ඉන්නව.

      Delete
  4. පොඩි කාලෙ ඉදන්ම සිඳූ ලියන්න හපනෙක් වගේ.
    කතාවෙ අවසානෙත් සම්පූර්ණයි. පුංචි උනත් කරන්න පුලුවන් හොඳම් ප්‍රාර්ථනාව කරල තියනව.
    කොච්චර කාර්‍යබහුල වුනත් නොලිය ඉන්න බෑ නේද? ඒ ආසාව දිගටම තියා ගන්න :)

    ReplyDelete
    Replies
    1. පොඩි කිවුවට මේක ලියද්දි පොඩිම නෑ අනේ. ඉස්කෝලෙ යන ලොකු කාලෙනෙ. (ඔයත් මගෙ වයසෙනෙ. ඉතින් හදල බලන්නකො අවුරුදු 10කට එහා වයස)
      ඒත් පොඩි කාලෙ ඉඳන්ම ලියන එක නම් කලා.
      කාර්ය බහුල කිවුවට එහෙමමත් නෑ..ටිකක් විතර.

      Delete
  5. අනේ ඒම සුරංගනාවියක් හම්බුනානං මං ඇහැක් ගාලා සූටි ලයින් එකක් දානවා...

    ReplyDelete
    Replies
    1. අන්න යාතාර්තය. ගෑණු ළමයි පොඩි කාලෙ කැමති සුරංග්නාවන්ට. ලොකු වෙද්දි කැමති වීරයන්ට.
      පිරිමි ළමයි ඒකෙ අනිත් පැත්ත. පොඩි කාලෙ කැමති වීරයන්ට. ලොකු වෙද්දි කැමති සුරංගනාවන්ට

      Delete
  6. ආ...නේ...හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලිහිණියෝ. ඔයාගෙ නම් දකිද්දි හැමදාම මට නව කතාවක් මතක් වෙනවා.

      Delete
  7. මාත් මේ සුරංගනාවියෙක් හොයනවා තාම හම්බවුනේ නෑ අෆ්ෆා...මං පව් නේද....

    ReplyDelete
    Replies
    1. සොයන්නාට සම්බ වේවි. ඔයත් මිදුලට කුණු දාන්නෙ නැතිව හිටියොත් ඔයාලගෙ ගෙඩ්ගරටත් එයි. එහෙම තමයි අම්මා මට කිවුවෙ පොඩි කාලෙ.

      Delete
  8. මට නම් පොඩි කාලේ ඉඳන් ඕනි වුනේ සුරංගනාවක් වෙන්ට.:D

    සුරංගනා කතාව නම් හරි ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හෆෝයි...... අනිත් ආත්මෙවත් බලමු නේ?

      Delete
  9. ලස්සනයි කතාව.. පොඩි උන්ගේ පොතකට හොඳයි..

    ReplyDelete
    Replies
    1. චිත්‍ර ටිකකුත් ඇඳලා පොතක් ගහන්න ඕනා... lol

      Delete
  10. ඉස්සර අපේ තාත්තා කියනවා "හඳ පානේ වැලි තලා..සුර කුමරියො මල් සලා" සින්දුව මට නින්ද යනකන්. ඒ වෙලාවට මටත් මතක් වෙන්නේ ඔය වගේ සුරංගනාවියෝ..මටත් ඉතින් කවදාවත් ඇත්තට එක්කෙනෙක්ව බලන්න හම්බ උනේ නෑ :)

    ReplyDelete
    Replies
    1. ඒක අපේ අම්මත් කියනව ඉස්සර. අනේ දැන් මතක් වුණේ. අපේ නංගි කෙල්ල සුරංගනාවියෙක් වගේ ඇඳලා ඒකට නැ‍ටුමක් නැ‍ටුවනෙ මොන්ටිසෝරියෙදි.

      Delete
  11. සිදූ පොඩි කාලේ ඉඳන්ම ක්‍රියේටිව් පොරක් :)

    tg

    ReplyDelete
    Replies
    1. පොරක් නෙමේ අනේ. පොරියක්.... එහෙම ක්‍රියේටිව් නෑ , ටිකක් විතර මොලේ අප්සට්.

      Delete
  12. ඇයි මට මෙහෙම නංගි බබාලා හමුනොවන්නේ????? :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොයි වගේද ? ට්‍රික්සි වගේද??? ඔව් නේ? රත්තරන් පාට ඇස් තියන රෝස කම්මුල් තියෙන....
      අපිටත් ටික් ටික තේරුණා සුදු අක්කලා පස්සෙ කැරකෙනකොට...ඒ වගේ නංගිලා තමයි හොයන්නෙ කියල.

      Delete
  13. Replies
    1. හි හී... තැන්කූ අනේ

      Delete
  14. අපි, අක්කයි මායි, පොඩි කාලෙ සුරංගනා ලෝකෙට යනවා... දැන් හිනා ගියාට ඒ කාලෙ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි , දැන් නම් සමහර වෙලාවට හිනා යනව තමයි. ඒත් ඒ කාලෙ හරි ලස්සනයි, අහිංසකයි.

      Delete
  15. ශෝයිම ෂෝයි .. මම ආසම විදිහේ ලිපියක්..මම හරි ආසයි සුරංගනා කතා වලට :)
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ජය වේවා හිරු. තැන්ක් යූ. මම හිතුවට වඩා අපේ කට්ටිය සුරංගනා කතා වලටත් ආසයි වගේ.

      Delete
  16. ලස්සන කතාව අක්කේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි.

      Delete
  17. ඔය පුංචි කාලේ සුරංගනාවෝ ආවට දෙන එන්නේ little Aliens . පහුගිය දවස්වල අපේ ගෙදර පිටිපස්සේ ගොඩක් ඉඳල තියනවා, ඒගොල්ලෝ අප්පච්චිලට පෙන්නේ නැහැ. පොඩි ළමයින්ට විතරය් පෙන්නේ.

    දැන් ඒගොල්ලෝ ගිහින්,පොකෙර්මොන් කියල කට්ට්ටියයක් ඇවිත්.

    ReplyDelete
    Replies
    1. යුගයක වෙනසනෙ අයියෙ. ඒලියන්ස්ල අපේ ලෝකෙට ආවෙ නම් අවුරුදු 12දි 13 දි විතරනෙ. පොකෙර්මොන් නම් ආවෙම නෑ නේද?

      Delete
  18. අනේ හරිම ශෝයි!!! මමත් ඔය සුරංගනා කතා වලට මාර අඅසඉ!! ඔය අක්කා දාලා තියෙන පින්තූර වල තියෙන ටින්කර් බෙල් කතාව බලලා මටත් මාරම ආස හිතුනා... 3ක් බලලා 4 එනකම් ඉන්නෙ...

    අනේ මේ කතාවත් ශෝක්ම ශෝක්!!

    ReplyDelete
    Replies
    1. හිතූ ගොඩක් කාලෙකින්. විභාග එහෙම ඉවරද? ටින්කර් බෙල් හරිම හුරතල් නේද?

      Delete
  19. ඔය වගේ දරුවන්ගෙ සිහින මරා නොදමපු දෙමව්පියො හන්දා තමයි අපිට සිඳු වාගේ නිර්මාණශීලි බ්ලොග් කාරිණියක් ලැබිලා තියෙන්නෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේ වගේ වැඩ නම් ගොඩක් කරල තියෙනව අප්පච්චි. ලිවීමේ කියවීමේ ආසාව ඒ දෙන්නගෙන් ආව එකක් තමයි.

      Delete
  20. මේ කතාව ඔනිම වයසක කෙනෙක්ට රස විදින්න පුලුවන් අක්කේ. :) අපේ නංගිටත් මේක කියවන්න දෙන්න ඕනි. :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ..... අපේ බ්ලොග් පවුලේ සැමට එකට හිඳ කියවිය හැකි බ්ලොග්. ;-)

      Delete
  21. As usual I am late to come.But read all missed posts. I too wanted to see a fairy when I was a little girl.But I never got a chance even to see their foot prints.

    ReplyDelete