ඊයේ රාත්‍රී නින්දට යාමට පෙර මා ජනෙල් තිරය විවෘත කළා. එය එසේම තිබියදී සයනෙහි වැතිරුන කල්හි මා හට දිස් වූයේ එකම එක දර්ශනයකි. ඒ මුලු කවුළුව පුරාම පැතිරුණ තෙරක්, ගැඹුරක් නොමැති අහසයි. වැහි අන්ධකාරයද නොතකා ඒ අහස තරු වලින් හැඩ වී තිබුණා. ඒත් වෙනදාට වඩා ඒ තාරකා තරමක දීප්තියෙන් අඩුයි වගේ. හද්දින්නත් තරු පොකුරත්, මහ වලසා තරු රාශියත් පැහැදිලිව පෙනුනා. ඒ අතරට මැදි වී තවත් දීප්තිමත් තාරකාවක් මා වෙතට සිනා සුනා. ඒ ග්‍රහලෝකයක් වන්නත් පුළුවන්.
වැහි අඳුරත් එක්ක මුලු අහසම මට පෙනුණෙ නිසල ගංගාවක් වගේ. නිශ්චල ගං දියට තරු වල ඡායාව පතිත වුණාම දිස් වෙන්නෙ මේ ලෙසින් වෙන්න ඇති , මට සිතුනා. මේ සුන්දර දර්ශනය ඔහුටත් පෙන්නන්න මට ඇවැසි වුණා. එහෙත් ඒ තවමත් ඔහු මා අසල නැහැ. ඒ නිසාවෙන් සිතට පැමිණි අදහසක්, උදේ අවදි වූ සැනෙකින් මා මෙලෙස අකුරු කළා.
අහස් ගංගා දියේ
සෙනෙහසින් කිමිදෙන්න
සීත තරු එළිය යට
නෙතු පියා සැනහෙන්න
ගං දියේ පාවෙනා
තරු පොකුරු අවුලන්න
මග බලා හිඳිමි මම
මා වෙතට නුඹ එන්න
තරු සිනා සී ඉසින
පිණි වැස්සෙ නැහැවෙන්න
හමන සිහිලැල් පවනෙ
තුරුළුවී සැනහෙන්න
අතින් අත පටලලා
සඳ දියේ ඇවිදින්න
මුවග හසරැල් මවා
පිය නගා ඔබ එන්න.
සඳ එළියෙ මුතු සදන
වැලි තලෙහි වැතිරෙන්න
තුෂර පෙති මැද හොවා
නුඹෙ දෙපා දෝවන්න
කිරි සිනා විසිරෙනා
ඉද්ද මල් ඇහැරන්න
මා ලොවට අරුණ දී
ඉක්මනින් නුඹ එන්න
කවි ටික නම් ලස්සනයි.. ඔන්න මම විහිළුවක් කියනවා තරහ වෙන්න ඔට්ටු නැහැ..
ReplyDeleteඉස්සෙල්ල එක් වෙලා තරු බලනවා
ඊට පස්සේ තරු ඔහේ තියෙනවා අපි මෙහෙ ඉන්නවා. ඔය අතරේ සමහර දේට තරු විසිවෙනවත් එක්ක..
ඔන්න කිවුවා ඉඳලා ඉඳලා කතාවක්.
Deleteමම නම් හිතන් ඉන්නෙ එයාට ජීවිත කාලෙම තරු පෙන්නන්න තමයි.;-)
ලස්සන කවියක් ....සිදූ
ReplyDeleteමම කාලෙකත කලින් ලියපු කවක් මතක් උනා...
http://kawilanda.blogspot.com/2012/03/blog-post_772.html
මේක හරියන්නෙ නෑ. අපි දෙන්නා එක වගේ කවි ලියනව වැඩියි. බලන්න මේකෙත් තියෙනව පිනි වලින් පා දොවන එකක්. ඔයත් එහෙමම ලියල.
Deleteඔයාගෙ කවිය ලස්සනයි මී ගොඩයො.
ඒක නේන්නම් මමත් පුදුම උනේ ..මේක හරියටම මගේ කවියේ ෆීමෙල් අදහස...
DeleteNice... :)
ReplyDeleteThanks a lot waka
Deleteඊයේ රාත්‍රී නින්දට යාමට පෙර මා ජනෙල් තිරය විවෘත කළා. එය එසේම තිබියදී සයනෙහි වැතිරුන කල්හි මා හට දිස් වූයේ එකම එක දර්ශනයකි.
ReplyDeleteනමුත් සත්‍යය නම් හවස තුනට පමන ජනේල වසාදමන්නේ ඩෙංගු මදුරුවන්ගේ පැමිණීම වලකන්නටයි. ඉන් පසු ජනෙල් ඇරීමට ඉඩ ලැබෙන්නේ පහුවදා උදේ නවය පසුවූ පසුයි.
ජනේලයට දමා ඇති ඝන තිර නිසා එලිය නොපෙනේ. ඊට වඩා තුනී තිර හෝ, තිරයක් නොදා සිටීමට ඉඩක් නැත්තේ ජනෙල් වලින් එබී බලනා විකෘති කාමාතුරයන්ගේ ඇස් වලින් වහන් වීමටයි.
ජනේලයේ වීදුරුවද එහා මෙහා නොපෙනෙන වර්ගයේ එකක් වන්නේ ඉහත හේතුව නිසාමය.
සොර බිය නිසා සවි කල යකඩ ග්‍රිල් වලින් ජනේලයට ගෙන එන්නේ සිර මැදිරියක පෙනුමකි
අහෝ සෞන්දර්යය!
අහෝ නිදහස!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ගෙදර හිටිය නම්, ඔය යථාර්ථය මටත් හරියටම පොදුයි. ඒත් මම ඊයෙ නිදාගත්තෙ ගෙදර නෙමේ. රෝහලක කාමරේක.
Deleteඒකෙ දෙවෙනි තට්ටුවෙ, ඒ නිසා කවුරුත් දකීයි කියන බය නෑ, ස්පයිඩර් මෑන් ආවොත් ඇරෙන්න.
ඒ පැත්තෙ හිස්. කාමරේට එබෙන ගහක්වත් නෑ. හිස් අහස විතරමයි පෙනුණෙ.
ජනේලෙ තියෙන්නෙ තල්ලු කරන වීදුරු. ග්‍රීල් නෑ.
කොළ පාට තුනී ජනෙල් තිරේ අස්සෙන් එළියක් පෙනුනා. හඳද කියල බලන්න තමයි ජනෙල් තිරේ ඇරලා බැලුවෙ. ඒ හඳ නෙමේ තිබිලා තියෙන්නෙ, මම මේකෙ සඳහන් කරල තියෙන දීප්තිමත් තාරකාව. (මට හිතුනෙ තරුවක් නෙමේ, බ්‍රහස්පතිද කියල....)
මෙන්න මේ කරුණු නිසා, සෞන්දර්යය ඒ විදියටම ආරක්ෂා වුණා.
//සඳ එළියෙ මුතු සදන
ReplyDeleteවැලි තලෙහි වැතිරෙන්න
තුෂර පෙති මැද හොවා
නුඹෙ දෙපා දෝවන්න
කිරි සිනා විසිරෙනා
ඉද්ද මල් ඇහැරන්න
මා ලොවට අරුණ දී
ඉක්මනින් නුඹ එන්න//
එහෙම එන දාට
උත්සව සිරි විඳ ගන්න
මංගල දාට නුඹේ
අපටත් බුලත් දෙන්න..
බලමු බලමු.ලිස්ට් එක තවත් දිග වැඩි වෙයි වගේ එහෙම වුනොත් නම්....... ;-)
Deleteහරි ලස්සනයි යාලු..ජය!
ReplyDeleteස්තූතියි හිරු. හිරු මම ළඟදි ඔයාගෙ බ්ලොග් එක පුරා ගියා. පුදුම හැකියාවන් තිබෙන කෙනෙක් ඔයා.
Deleteඑනකල් බලං ඉන්නකොට ඔයවගේ ලස්සන හිතුවිලි පහලවෙනවා සිඳු...:D
ReplyDeleteපොඩ්ඩිටත් පහළ වෙලා වගේ
Deleteසඳ එළියෙ මුතු සදන
ReplyDeleteවැලි තලෙහි වැතිරෙන්න..
හරිම ලස්සනයි..
Deleteස්තූතියි රූ.
ළඟදිම එනවලු නේද?? අපිටත් කියන්න.......
ReplyDelete
Deleteඒවා කියන්න ඔයාලගෙ යාලුවට. ;-)
රාත්‍රියේ ඇති සොදුරු බව වඩාත් ළං ළංව දැනේනේ එහි මිහිරහුදකලාව විඳන විටයි.මටනම් මේ කවිය කවි කමෙන් එහා ගිය ගිතවත් බවක් සටහන් වෙලා තියෙන බව දැනුනා.
ReplyDeleteස්තූතියි දයානන්ද අයියෙ. මේ කවිය "ඔහු" ට ඇහෙන්න කියෙවුවම එයාගෙ අදහස වුණෙත් ගීතය්ක් වගේ කියල
Deleteමං දන්නවා කාටද කීවේ කියා :D හි හි. නියමයි අක්කේ. ඉක්මනටම එක්ව තරු බල්න්න ලැබේවා !!!!! :) :) :) :) :)
ReplyDeleteජයෙන් ජය !!!!! :) :) :) :) :)
හා හා කෑ ගහන්න එපා එපා. තරු පෙනෙයිද දන්නෙ නෑ හැබැයි.
Deleteහ්ම්ම් හ්ම්ම්...ඉක්මනින්ම ඒවි
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්..........එනවා
Deleteඇත්තටම ලස්සන කවි පෙලක් අක්කේ.. බලා හිදිම ගැන කියන්න දේවල් නම් ගොඩයි අක්කේ..
ReplyDeleteඔව් නේද. අත්දැකීම් එක්ක නේද මල්ලි දැනෙන්නෙ එහෙම.
Deleteතරු ඉතින් කොහොමත් චෝයිනේ.... ;) :)
ReplyDeleteඔව් ඔව් තරු නම් චෝයි තමයි.
DeleteEnjoy the beauty of your lonliness as long as you can. Once married that luxury will vanish forever.
ReplyDeleteyes, the beauty of the loneliness will be lost forever, but I wish to enjoy the beauty of a new life with him....
Delete