අපේ තියෙන ආසාවන් ගොඩක් වෙලාවට පුංචි කාලෙ ඉඳන්ම දකින්න ලැබෙනව.
මගෙ නංගි වචන ගලපල වාක්‍ය හදන්නත් කලින් කිවුවෙ සින්දු. ගීත වලට නර්තන ඉදිරිපත් කළේ ඇවිදින්නත් කලින්ද කොහෙද.
ගීත ගායනයට, සහ නර්තනයට මගෙ තියෙන හැකියාව කොයි තරම්ද කියනව නම්, මම සින්දුවක් කියනව මටවත් ඇහිලා නැති තරම්.
ඒත්,
චිත්‍ර කියන්නෙ පුංචි කාලෙ ඉඳන්ම මගෙ හිත ඒකාත්මික කළ දෙයක්.අම්ම කියන්නෙ මම ඒ කාලෙ අහසෙත් චිත්‍ර අඳිනවලු ඇඟිල්ලෙන්. පොතක් කොළයක් අහු වුනොත් මම කළේ චිත්‍ර ඇඳපු එක. හැකියාව කෙසේ වෙතත් ඒ ගැන මගෙ හිතේ තිබුණෙ ලොකු ආසාවක්.
මේ මම අවුරුදු 3යි මාස 5දි ඇඳපු
"මගේ පාසල"
මගේ පාසල කිවුවට ඒ අම්මගෙ පාසල. මාව තනියම තියල යන්න බැරි නිසා අම්ම මාව ඒ "පාසල"ට එක්කන් ගිය හැටි මම කලිනුත් කියල තියෙනවා. ඒ ඇඳල තියෙන්නෙ අම්මයි මමයි ඉස්කෝලෙ ගිය හැටි. මම ඒ කාලෙ හරි සතුටින් ඉන්න ඇති කියල හිතෙනව ඒක දැක්කම.
මේ ඉන්නෙ "ගුරුතුමී" මගේ පාසල ඇඳපු කොලේම එහා පැත්තෙ ඇඳල තියෙන්නෙ.
ඒ කාලෙ ඇන්දපු චිත්‍ර වලින් දැනට ඉතුරු මේක විතරයි. ඒකත් අප්පච්චි අරන් තියපු නිසා. නැත්නම් ඒවත් මමම කපලා විනාශ කරලා දාන්න තිබුණා.
ඕනම කෙනෙක්ගෙ ජීවිතේ තියෙනව එක එක සන්ධිස්ථාන. මේ තියෙන්නෙ මගෙ චිත්‍ර ජීවිතයෙ එක සන්ධිස්ථානයක්.
පන්තිය 6 වසර. ස්ථානය පාසලේ චිත්‍ර කාමරය. චිත්‍ර කරන්න පටන් අරන් බොහොම ටික දවසයි. උදේම මේ චිත්‍රය දැකපු මගෙ චිත්‍ර ගුරුතුමිය ඒකෙ අඩු පාඩු වගයකුත් පෙන්නලා දීලා ඒකට ප්‍රශංසා කළා. විෂයක් විදියට චිත්‍ර කරන්න පටන් ගත්තු අලුතම අවුරුදු 10ක ළමයෙක් විදියට මට ඒක ලොකු දෙයක් වුණා.
ටික වෙලාවකින් පාසල් පරීක්ෂක වරු කිහිපදෙනෙක් ආවා. එක එක්කෙනාගෙ චිත්‍ර බලාගෙන ආව එක පරීක්ෂකයෙක් මගෙ ළඟ නැවතුණා. ඔහුගෙනුත් ප්රශසාවක් බලාපොරොත්තුවෙන් මම හිටිය.
"මේ ඔයා ඇඳපු එකක් නෙමේ" ඔහු මගෙන් අහන්නෙවත් නැතිව නිගමනයකට එළඹිලා.
"නැ සර් මම ඇන්දෙ"
"බොරු කියන්න එපා.... මේකට කවුරු හරි උදවු කළා නේද?"
"නෑ සර්...." ඒත් මගෙ කතාව අහන්න ඔහු නැවතුනේ නෑ, නිගමනෙත් එක්කම ඔහු එතනින් පිටවෙලත් ඉවරයි.
ඒ ගැන පසුව දැනගත්තු මගෙ චිත්‍ර ගුරුතුමිය මම වෙනුවෙන් ඔහු සමග පසුව කතා කර තිබුණා.
ඒත්,
මම මුලින් කිවුව වගේ ඒක මගෙ ජීවිතයෙ සන්ධිස්ථානයක් වුණා. එතනින් එහාට කිසිම දවසක අදාල ස්ථානයේ සිටම අඳිනවා නම් මිස කිසිම චිත්‍ර තරඟයකට මා සහභාගි වී නැහැ. කුඩා ළමයෙකුගෙ සිහින බිඳ දැමීමේ ඒ ගෞරවය ඒ අදාල චිත්‍ර විෂය භාර අධ්‍යක්ෂක වරයාට හිමි වෙනවා.
පසු කාලයක වෙනත් රාජකාරී කටයුත්ත්කදී ඔහු හමු වූ මගෙ අම්මා එම සිද්ධිය පිළිබඳව ඔහුගෙන් විමසා තිබුණා. ඒ පිළිබඳව ඔහුට හොඳින් මතක තිබී ඇති අතර ඔහුගේ පිළිතුර වී තිබුණේ මෙවැන්නක්.
"ඒ චිත්‍ර මිස් ඕනවට වඩා තමන් ගැන ලොකුවට හිතාගෙන ඉන්නව. ඒ නිසයි මම එහෙම දෙයක් කිවුවෙ" මගෙ චිත්‍ර ගුරුතමිය පිළිබඳ තිබූ තරහක් , ඇගේ සිසුවියක වූ මා පිටින් යැවීම ඔහු සාධාරනීකටනය කර තිබුනේ එලෙසයි.
පාසල් කාලයේ ඒ විදියට ඉතා අඩුවෙන් චිත්‍ර ඇඳපු මම. පාසල් කාලයෙන් පසුවත් ඒ තරම් චිත්‍ර අඳින්න පෙළඹුනේ නැහැ. ඒ වෙනුවට වෙනත් අය විසින් අඳින ලද සිතුවම් මම බොහෝ සෙයින් රස වින්දා.
ඒ අතර ආසාවට වගේ ඇන්ද සිතුවම් කීපයක් මේ.
ගෙදර දම් පාට කාමරයක තියන්න මම ඇඳ දිය සායම් චිත්‍රයක් මේ. පසුබිම ඊයම් පැහැති කොළයක්.
මේක නිකම් හිතේ මැවුණ දෙයක්. කාටුන් එකක අවස්ථාවක් කියල හිතන්නකො.
ද්විමාන චිත්‍ර වලට මම ආසාවක් දක්වන නිසාමයි මේ චිත්‍රය අඳින්න පටන් ගත්තෙ. ඒත් අන්තිමේදි ඒක තරමක් දුරට ත්‍රිමාන වුණා.
මේ චිත්‍ර දෙක පැන්සලෙන් කළ නිර්මාණ. ඇස් දෙක සහ මුහුණේ බැල්ම බලාගත්තෙ ඡායාරූපයකින්.
නමක් ගමක් නොදන්න ළමයෙක් ගෙ චිත්‍රයක්. ඒක ඡායාරූපයක් බලාගෙන ඇඳීමක්.
මේ චිත්‍ර දෙකටම HB, 2B, 4B, 6B, 8B සහ charcol පැන්සල් ඒ සඳහා ප්‍රයෝජනයට ගත්තා.
මේ හැම චිත්රයක්ම ඇඳලා තියෙන්නෙ නිකම් කඩදසි කොල වල. කවුරු හරි දන්නව නම් මට කියන්න පැන්සල් චිත්‍ර සහ දිය සායම් චිත්‍ර වලට වඩාම සුදුසු කොළ වර්ග මොනවද කියල සහ ඒවා මිලදී ගන්න පුළුවන් ස්ථාන. මොකද, මේ තියෙන අවසාන චිත්‍රයට පස්සෙ මට ආසාවක් ආවා චිත්‍ර ඇඳීම දිගටම කරගෙන යන්න.
මේ පෝස්ට් එකට අදහස ආවෙ සිතැඟි සිතුවම් ලියන අමා නංගි දිගටම පවත්වපු චිත්‍ර ප්‍රදර්ශන. කොපි කළා කියල නංගි තරහ වෙන එකක් නෑ මම හිතන්නෙ.
කුමක් හෝ හේතුවක් නිසා, මේ චිත්‍ර එකතු කරද්දි වෙන වෙන පැති වලට හැරෙනවා. කොයි තරම් උත්සහ කළත් ඒක නිවැරදි කරන්න බෑ. කාට හරි පුළුවන්නම් මට උදවු කරන්න
සිඳු අක්කෙ ඔයාගේ චිත්‍ර ගොඩාක්ම ලස්සනයි. ඇත්තටම මම ගොඩක්ම රසවින්දා. අතාරින්නෙපාදිගටම අඳින්න.
ReplyDeleteමමත් චිත්‍ර අඳින්න ආසයි. යම්තාක් දුරට අඳින්නත් පුළුවන්. ඒත් තනිකරම පැන්සලෙන් විතරයි මං අඳින්න කැමති.
ඔයා ඒ අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ගොඩා.....ක් ලස්සනයි.
ජය වේවා!!!!!
පැන්සලට තමයි මමත් කැමති නංගි. සියුම් විදියට අඳින්නත් පුළුවන්. දිය සායම් , තෙල් සායම් වගේ නාගන්න වෙන්නෙත් නෑනෙ.
Deleteහරිම ලස්සනයි සිඳූ.. ඇයී මේ වගේ හැකියාවක් තියාගෙන ඒක හංගං ඉන්නෙ.. අර මොනරගෙ චිත්‍රයට නම් මට ගොඩක් ආස හිතුනා.
ReplyDeleteමට මේ චිත්‍ර ටික දැක්කාම එන අදහස් කියන්න වචන නෑ. මට හරිම ආඩම්බරයි අපේ සිඳූ කෙල්ල ගැන. දාමු පහක්. මෙන්න තවත් චිත්‍ර අඳින බ්ලොගර් කෙනෙක්! අද සිඳූව ආයෙම අඳුනාගත්තා.
Deleteබොක්කෙන්ම සන්තෝෂයි සිඳූ!henry_jayawardene@yahoo.com
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හැංගීමකුත් නෑ තාරා. එළි දැක්වීමකුත් නෑ.ඒත් කවුරු හරි උදවුවක් ඕන කිවුවොත් කරලා දෙනව වෙලාවක් තියෙනව නම්,
Deleteස්තූතියි ඩූඩ්. ඔයාට වගේ නම් අඳින්න බෑ අපිට ඉතින්. මම රෝල් ඩාල් ව ඇන්දොත් එයා ඉඳියි මාර්ටින් වික්‍රමසිංහ වගේ.
පිස්සුම කොර ........... නියම හැකියාවක්නේ .... දිගටම කරගෙන යන්න .... අපිත් පුළුවන් උදව්වක් කරන්නම් .
ReplyDeleteane thank you Dinelka.
Deleteඅක්කේ මට කියන්න වචන නෑ. තරහ? පිස්සුද? මට මඟ පෙන්නපු කෙනා එක්ක මම තරහ වෙනවද. අක්කේ ඔයාට දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා !!!!! අක්කේ ඔයානම් සැබෑම දක්ෂයෙක්.
ReplyDeleteෆොටෝ සේව් කරද්දිම රොටේට් කරලම සේව් කරොත්? අක්කා ෆොටෝ ෆ්‍රේම් දැම්මේ සොෆ්ට් වෙයාර් එකකකින්නේ? අන්න එකතොට රොටේට් කරලා සේව් කරන්න.
අක්කට ජයෙන් ජය !!!!! :) :) :) :) :)
එහෙම කළත් හරි ගියෙ නෑ නංගි, අන්තිමට යාලුවෙක්ට කියල කරගත්ත.එයා කොහොම කළාද දන්නෙ නෑ.
Deleteඇත්ත කියන්ඩ මේවා ඔයා ඇඳපුවා නෙමෙයි නේද?
ReplyDeleteඑහෙම අහන එක හරීම සාධාරණයි.. මේ චිත්‍ර ඒ තරමටම ලස්සනයි.. හොඳ හැකියාවක්.. කියන්න වචන නෑ..
චිත්‍ර ප්‍රදර්ශනවලට චිත්‍ර යැවීම ගැන මට තියෙන්නෙ වෙනස් අත්දැකීමක්.. මම තරඟ දෙකකටද කොහෙද චිත්‍ර යැව්වා.. හැමදේම කල්දාන මම ඒකත් අන්තිම මොහොතේ තමයි යැව්වෙ.. මෙන්න පහුවෙනිදාම ඒ චිත්‍රය ගෙදර එනවා.. තැපෑලෙ උන්දලාට ලබන්නාගෙ ලිපිනය කියලා හිතගෙන යවන්නාගෙ ලිපිනයට එවලා.. දෙවෙනි පාර ඉස්කෝලෙ ලිපිනය ලියපු වෙලාවෙ ඉස්කෝලෙට යවලා..
ස්තූතියි හරී. ඔයා ලිපින දෙක මාරු කරල දැම්මද දන්නෙ නෑ.... ඒ කියන්නෙ ඔයාටත් අඳින්න පුලුවන් නේ?
Deleteසිදු ඔක්කොම චිත්‍ර ලස්සනයි,,, ඒත් අර පන්සලෙන් ඇඳපු පයිපේ උරන මනුස්සයගේ චිත්‍රයට මාරම කැමතියි.. එකේ හරි මෙව්වා එකක් තියනවා,, මට චිත්‍ර ගැන දැනුමක් නෑ ඒත් මේ චිත්‍ර මං දැකපු ලස්සනම චිත්‍ර වලින් කිහිපයක්,,,
ReplyDeleteමේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න .. නිකරුණේ නාස්ති වෙන්න දෙන්න එපා..
මමත් ඒ චිත්‍රෙට කැමතියි මී ගොඩයො.
Deleteනාස්ති වෙන්න දෙන්න නම් හොඳ නෑ තමයි. පුළුවන් වෙලාවට අඳින්න ඕන.
මොනතරම් ලස්සන චිත්‍ර ටිකක් ද මේ ඔබ මේ විශයට සුපිරි දක්ෂයෙක්.හරිම සතුටක් දැනුනා මේ පෝස්ට් එකත් එක්කම.
ReplyDeleteදිය සායම් චිත්‍ර අදින්න ගන්නවා ඩ්‍රෝයින් පේපර කියන එකත් ආට් වර්ක් බෝඩ් කියන එකත් ඒත් මම ඒක හෙට අපේ ආර්ටිස්ට් කෙනකුගෙන් අහලා හරියටම කියන්නං.ඒවා ගන්න තියනවා ගුණසේන එකේ. නිවැරදි විස්තර හෙට කියන්නම්
ස්තූතියි නලීන්. ගුණසේන එක පැත්තෙ ගිය වෙලාවක බලන්න ඕන.
Deleteඇත්තමයි සිදූ අක්කේ..මාරයි... මාරම මාරයි...
ReplyDeleteසුපිරි හැකියාවක් ඈ...
සුභම වේවා!!! රාජ සම්පත්ම ලැබේවා!!!
සුබම සුබ වේවා රජ මල්ලි !!!
Deleteමාත් ඉඳලා හිටලා චිත්‍ර අඳිනවා. ඒත් අක්කගේ චිත්‍ර ටික දැක්කම මගේ ඒවා මොනාව ද කියලා හිතුනා.. ඇත්තට ම බොහොම අගෙයි අක්කේ!
ReplyDeleteකිව්වත් වගේ දිගට ම අඳින්න.. මාත් ගොඩක් ම ආස Pencil Arts වලට. බොහොම අනර්ඝයි!!
ජය වේවා..
සිඳු, චිත්‍ර වලට හරියන කොල නම් මම දන්නෙ නෑ. මම චිත්‍ර ඇන්දට ඒක කවදාවත් ඉගෙනගෙන නෑ, ඒකට වෙන චිත්‍ර කාරයෙක් උත්තර දෙයි.
Deleteමෙන්න මේ ප්‍රශ්නෙ නම්:
කුමක් හෝ හේතුවක් නිසා, මේ චිත්‍ර එකතු කරද්දි වෙන වෙන පැති වලට හැරෙනවා. කොයි තරම් උත්සහ කළත් ඒක නිවැරදි කරන්න බෑ. කාට හරි පුළුවන්නම් මට උදවු කරන්න
ඔයා අදහස් කරන්නෙ චිත්‍ර බ්ලොග් එකට අප්ලෝඩ් කලාම ඒ මේ අත හැරෙනවා කියන එකද? ඒක නම් අප්ලෝඩ් කරන්න කලින් විත්‍රවල JPEG ටික ෆෝල්ඩර් එකකට දාලා අරින්න Microsoft Office Picture Manager වලින් ඒකෙ තියෙන ඔප්ෂන් එකෙන් චිත්‍ර රොටේට් කරලා කෙලින් කරන්න, ඒ කරලා සේව් කරන්න. ඊට පස්සෙ බ්ලොග් එකට අප්ලෝඩ් කරන්න. එතකොට එහෙ මෙහෙ හැරෙන්න හේතුවක් නෑ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මම අඳින්නෙත් ඉඳල හිටලා තමයි. කවුරු හරි ලස්සන එකක් ඇඳලා තියෙනව දැක්කම අඳින්න හිතෙනව. එකක් අඳිනව.ආයෙ අවුරුද්දකින් විතර තමයි මතක් වෙන්නෙ.
Deleteඔයා ඇඳපුව බලන්න ආසයි. බ්ලොග් එකේ තියෙන නිශ්මි ගෙ රූපෙ ඔයා ඇඬපු 1ක්ද?
ඩූඩ්, මමත් ඉස්කෝලෙන් එහාට ඉගෙනගෙන නෑ. ඒත් මට ඉස්කෝලෙන් ඉගෙනගත්තු දේවල් ලොකු උදවුවක් වුණා.
ආයේ ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..මේවා මේ වෙන කවරු හරි ඇඳපුවා... මෙයා හොරකං කරලා මෙතන දාලා.. මෙයා චිත්‍ර අදිනවා තියා චිත්රවල උඩ යටවත් අදුරන කෙනෙක් නෙවෙයි.. ඒකනේ මේ චිත්‍ර කැරකෙන්නේ... දැන් බොරුවට කියනවා ඒවා කැරකෙනවළු... හම්බෝ..කියන බොරු......
ReplyDeleteමේක තමයි නියමම කමෙන්ට් එක. හිනා ගියා දැකපු ගමන්ම. ඒත් ඉතින් මම දන්නවනෙ මාරයියා කියන්නෙ මොකද්ද කියල. ස්තූතියි ඒ නිසා.
Deleteහරි නැහැනේ ඇස් වහ කටවහ වද්දවන්න.. නේද..? :D
ReplyDeleteපළමුවම අර චිත්‍ර විෂය භාර අධ්‍යක්ෂකවරයාට මාගේ බලවත් අප්‍රසාදය (දෙන්න හිතෙනවා හොඳ හබල් පාරක්. හික්ස්ස්)
ReplyDeleteහලේ ඇයි ඔයා මේවා ප්‍රදර්ශනයකට ඉදිරිපත් කරන්නේ නැත්තේ.. මූනිච්චාවට කියනවා නෙවි නංගි ඒ චිත්‍ර ටික නම් මාරම ලස්සනයි. කොහොම මේවා අඳිනවද කියලා හිතාගන්නත් බෑ. අර දම්පාට චිත්‍රය නම් සිරා. ඒක දම්පාට තීන්ත ගාපු කාමරේ තිබ්බම අමුතුම ලස්සනක් එන්න ඇති නේද? අර දිය කිඳුරු රුපෙ ගල්පර වලට මුහුදු රැල්ල වැදිලා පෙණ විසිරෙන විදිය ලස්සනට සිත්තම් කරලා. ඉස්සරහ අවුරුද්දෙ ඔයා ටිකක් කාර්යබහුල වුනත් ඊට පස්සේ හරි චිත්‍ර අඳින එක දිගටම කරගෙන යන්න. පුලූවන් නම් තරඟ වලට ඉදිරිපත් කරන්න. තවමත් ඔයා ඊට ප්‍රමාද නෑ.. චිත්‍ර ගැන අංශුමාත්රයක් නොදන්න මම වුනත් කියන්නේ මේ චිත්‍ර වලට නිසි ඇඟයීම ලැබිලා නෑ කියලා. කලබලේ දැකපු නිසා ප්‍රොෆයිල් එකින් ලොග් නොවී කමෙන්ට් එක දැම්මේ මේක stat කමෙන්ට් කළ යුතු පෝස්ට් එකක් නිසා
මම බැලුව කවුද මේ කියලා. මේ අපේ තොටියා අයියනෙ. අනේ තරඟ වලට නම් අඳින්න හිතෙන්නෙ නෑ අයියෙ. ඒ තරම් කැප වෙන්න බෑ අනේ. ස්තූතියි ස්තූතියි. කාරයබහුල කාලෙත් BHT වලත් චිත්‍ර තියෙයිද දන්නෙ නෑ. මගෙ ලෙක්චර් නෝට්ස් වලත් තියෙනව ඕන තරම් බලි රූප.
Deleteඇත්තෙන්ම සිඳූ ඔයාට මෙච්චර ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කියල අපි දැනගෙන හිටියෙ නෑනේ. මම චිත්‍ර විෂයක් විදියට ඉගෙනගෙන නැති උනත් අනෙක් අය අඳින චිත්‍ර රසවිඳින්න හරිම කැමතියි. අපරාදෙ ඔයාගෙ හැකියාව අපතෙ අරින්න එපා, ඒක තව ක්‍රමානුකූලව වැඩිදියුණු කරගෙන ප්‍රයෝජනවත් වැඩකට යොදන්න.
ReplyDeleteමෙන්න ආයෙම මෙයා ෆොටෝ මාරු කරලා. ස්තූතියි යාලු
Delete"ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත" කියන යෙදුම පිලිගන්න බෑ.ඒකට හොඳම උදාහරනය තමයි මේ සිතුවම් පෙළ.වචන දෙකක් නෑ නියමයි.
ReplyDeleteචිත්‍ර අදින්න පුළුවන්නනම් ඉවසීම කියන ගුණය ශිල්පියාට මනාව පිහිටනවා. ඒ නිසා හිතාගතන්න පුළුවන් මේ චිත්‍ර වෙනුවෙන් කරන ලද කැප කිරිම.මෙවැනි කලා නිර්මානවලින් තමයි යම් තෘප්තියක් ජීවිතේට ලැබෙන්නේ..
ඒක නම් ඇත්ත. සමහර වෙලාවට තෘපතියක් ලැබෙන එකම දේ මේ වගේ දේවල් විතරයි. ස්තූතියි අයියෙ.
Deleteඔබට ඇත්තේ ඉතා අනර්ග හැකියාවක්, දම් පැහැ චිත්රයේ වර්ණ සහ අවසන් පැන්සල් චිත්‍ර දෙක තදින්ම රස වින්ද. මගේ කතාවත් තරමක් සමානයි, මටත් ටිකක් අඳින්න පුළුවන් පැන්සල් පැන් වලින් එත් පාට කරන්න නම් බැ. 3 හෝ 4 වසරේදී යහළුවෙක් ඇඳි චිත්‍රයක් බල ඇඳීමෙන් මටත් යම් තරෙඅමකට ඇඳිය බව මුලින්ම දන ගත්ත, එත් කාදවත් තරඟයකට ඇඳලා නැ, ෆිල්ම් හෝල් වල කටවුට් අඳිනවා පැය ගණන් බල ඉඳල තියෙනවා පොඩි කලේ, ඒ කලේ හිතුවේ ලොකු උනාම ඒ ජොබ් එක කරන්න :) ගුරුවරයෙකුගෙන් උණු හිත රිදවීමක් නිසා සා/පෙ ට චිත්‍ර තොර ගත්තේ නැ, එත් කුරුටු ගාන එක නම් නැවැත්තුවේ නැ, දවස් කිහිපයකට පෙර මේ පුංචි හෝ හැකියාව රැක ගන්න ඕනේ නිසාම කුරුටු ගාන ඒවා එකතු කරන්න පුංචි තම්බ්ලොග් එකක් හැදුව, http://coderswhodraw.tumblr.com/ ඉඩක් තිබුනොත් බලන්න, අකමැත්තක් නැත්තම් ඔබගේ චිත්‍රත් එකතු කරන්න
ReplyDeleteජය වේවා!
ස්තූතියි සසිඳු. ඔයාගෙ බ්ලොග් 1ට ගිහින් බලන්නම් මමත්.
Deleteඒ වගේ හිත් රිදවීම් නම් වෙන වෙලාවල් තියෙනව ඕනම වෙලාවක. මේ ළඟදි වුන වැඩකුත් මතක් වුණා. ඒ ගැන කියන්න හිතෙන්නෙ නෑ.
හරිම ලස්සනයි සිඳු. මාර දක්ෂයෙක්නේ. ඒ පැත්තෙන් ඉස්සරහට ගිහින් ලෝකේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වෙන්ට තිබුනාණේ. ඒක නම් දැනුත් කල හැකි. හැබෑට එක්කෙනෙක් සමර්ථ එක දේටයි කියන්නේ බොරුනේ.
ReplyDeleteලෝක ප්‍රසිද්ද වුණාම කරදරයිනෙ පොඩ්ඩි. පැපරාසින්ගෙන් බේරෙන්න ඕනා නිසා තමයි මම මෙහෙමෙ ඉන්නෙ,නැත්නම් එහෙම ප්‍රසිද්ධ වෙන්න බැරි කමකට එහෙම නෙමේ. :P
Deleteනියමයි......මේවා දැක්කම මටත් හිතෙනවා අර පාසල් පරීක්ෂකට හිතුනු දේ ඇත්ත තමයි කියලා......වැඩිම ලකුනු දම් පාට චිත්‍රයට
ReplyDeleteස්තූතියි සර්. මට මතක් වුණා සර් අපිට අඳින්න දුන්න සිරෝසිස් හැදුන සිංහයාව.
Deleteසිඳූගෙ චිත්‍ර ඇඳීමේ හැකියාවත් ඡායාරූපකරණයට දෙවෙනි නෑනෙ.
ReplyDeleteචිත්‍ර ඔක්කොම නියමයි. අර මොනරගේ චිත්‍රෙට නම් ගොඩක් ආසයි. නියම වර්ණ ගැලපීමක්.
තව චිත්‍ර තියෙනව නම් දාන්නකො බලන්න.
ස්තූතියි ගිමන්. අනේ මගෙ ෆොටෝ කෑලි වලට වඩා නම් චිත්‍ර හොඳයි.
Deleteදැන් හැමෝම චිත්‍ර අදිනවා.මට නම් ඔහොම හැකියවක් නෑ.
ReplyDeleteහැමෝම අඳිනව නම් ඔයාටත් බැරි වෙන්න බෑනෙ ධම්මික. උත්සාහ කරල බලන්නකො.
Deleteමාත් හරිම කැමති දම් පාට චිත්‍රයට......
ReplyDeleteඅනේ ඔය හැකියාවනම් නාස්ති කරගන්න එපා.තව දියුණු කරගෙන ඉදිරියටම යන්න.ජය වේවා.
ස්තූතියි නිසූ. පුළුවන් වෙන වෙලාවට අඳින්න ඕනා තමයි.
Deleteකියල වැඩක් නෑ..මාරම හැකියාවක්..
ReplyDeleteදම්පාට එකයි,අවසාන පින්තුර දෙකයි ගොඩක්ම ගොඩක් ලස්සනයි..
ස්තූතියි හිරු නංගි. දම් පාට එකට චන්ද වැඩියි වගේ.
Deleteමේක නම් අපූරු චිත්‍ර කතන්දරයක්..හරිම ලස්සනයි..
ReplyDeleteමේ හැකියාව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සිඳු..බලාගෙන ගිහාම ඔයා මල්ටි ටැලන්ටඩ්නේ..සුභ පැතුම්..
ස්තූතියි රූ. හරි සතුටියිලු ඉතින් මට මෙහෙම කමෙන්ට්ස් දකිද්දි.
Deleteලස්සනයි...
ReplyDeleteතව ලස්සන ගෑණු ළමයෙක්ගේ පැන්සල් චිත්‍රෙකුත් ඔයා ඇඳලා තිබ්බා මතකයි...
පොඩි දෙයක්.
මම දැං අඳින චිත්‍රත් අර උඩම තියෙන චිත්රේ වගේ....
ඒ මූණු පොතේ එක නේද? ඒක ලස්සන මදි රනා. නිකම් ජොලියට ඇඳපු එකක්. ඒ නිසයි මේකට දැම්මෙ නැත්තෙ.
Deleteකියන්න වචන නෑ.හරිම ලස්සනයි. ඔයාට සුබ පතනවා
ReplyDeleteස්තූතියි රතු රජරට. මම ගොඩක් කල්පනා කලා ඔයාගෙ නමේ තේරුම. හිතට එන්නෙ නම් රැඩිකල් චරිතයක්.
Deleteසිදූ අක්ක නියමයි නේ.. මම ආසම අර පැන්සලෙන් ඇන්ද වයසක මනුස්සයගේ එකටයි දම්පාට දිය සායම් එකටයි.. ඒ දෙකේ අමුතු ගතියක් තියෙනවා.. ආ මේ අනික්වත් ලස්සනයි හොදේ..
ReplyDeleteස්තූතියි මල්ලි. ඔයා හැමදාම එකතු කරන වචන හරියට වටිනව මේ බ්ලොග් එකට.
Deleteඅර වගේ ළමා හැකියාවල් මොට කරන ගුරුවරුත් මම දැකල තියෙනවා. මොන වර්ගයේ මිනිස්සුද මන්දා. එක නෙවෙයි.. ඔයාගේ චිත්‍ර නම් ඉස්තරම්.. දිගටම වර්ධනය කරලා ඉදිරියට ගෙනයා යුතු දෙයක්.. තව එවුවා දාන්න..
ReplyDeleteස්තූතියි සරත් අයියෙ. ඒ අධ්‍යක්ෂක වරයා ගැන නම් කතා කරල වැඩක් නෑ.
Deleteඅම්මයි එයයි අතර ඇති වුණ දෙබස මේක.
අ - මිස් ඔයාගෙ මහත්තයා ****** නේද?
අම්මා - ඔව් ඔව් එයා තමයි
අ - මහත්තයා හොඳට මාව දන්නව. ගිහින් අහන්නකො
අම්මා - මහත්තයත් දන්නව , අපේ දුවත් දන්නවා සර්ව හොඳට
අ - ඒ කොහොමද?
ඊට පස්සෙ තමයි අම්මා විසතරේ කියල තියෙන්නෙ. ඒකෙන් හරි ආයෙමත් ඒ වගේ දෙයක් එයා නොකර හිටියා නම් ඇති.
sindu, This is great... I know you are a really talented Artist..:) The purple one is my favorite... Good Luck dear .. I'm really happy for you.
ReplyDeleteHey,Ano I think I know who you are. Thank you buddy. But Im not talented as you are
Deleteඇත්තටම හරිම ලස්සනයි. දම් පට චිත්රේ අඳින්න සැහෙන්න ඉවසීමක් ඕන වෙන්න ඇති. අපුරුයි
ReplyDeleteඒ වගේ සියුම් මෝස්තර වර්ගයේ ඒවාට මම ආසයි බින්දි අක්කෙ, පැන්සල් වලට වගේම. ස්තූතියි
Deleteමම ඔයාට ගරු කරනවා.ඔයාගේ හැකියාව උතුම්.ඔයාට ජය!
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ස්තූතියි ගයානි. ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ එන්නම්.
DeleteI already know that you are a talented artist. I still have the invitation card you have drawn for one of our English Days with me.Are you related to Solius Mendis?
ReplyDeleteWhat is that invitation card? Is that the one i drew a girl with a pink frock and a hat?
DeleteI like that too. Thank you dear teacher
Yes. That's the one.What a fantastic memory you have!
DeleteYes. That's the one.What a fantastic memory you have!
Deleteඑල එල.. අපේ කඩ්ඩ ක්ලබ් එකේ නම ලියලා ඇඳලා එවපු එක මතක් උනා.මමත් චිත්‍ර ඇන්දා ඉස්සර.දැන්නම් අදින්නේ ප්‍රැක්ටිකල් වල රූප සටහන් විතරයි..
ReplyDeleteතෑන්කූ නසියර්.එල එල තමයි. ඒ අකුරු ටික ගහලා තිබුනෙ මම කිවුවෙ විදියට නෙමේ. මම කිවුවෙ ඒව ටිකක් overlap වෙන්න ගහන්න කියලා.
ReplyDeleteඔයා මේ කමෙන්ට් කරන්නෙ වහලෙ උඩ ඉන්දගෙනද?
පළවෙනි එකයි අන්තිම දෙකයි නියමයි!!
ReplyDeleteමාර දක්ෂයෙක්නේ ... සුපිරි හැකියාවක් හරිම ලස්සනයි
ReplyDeleteඔබේ නිසඟ හැකියාව අගය කරන්නේ මහත් සතුටකින්. සමහර විට මෙන්න මේ පොත් ඔබට ප්‍රයෝජනවත් වේවි.
ReplyDelete1. David Lewis, "Pencil Drawing Techniques"
English | ISBN: 0823039919 | 1984 | PDF | 138 pages | 39 MB
මෙතනින් ලබා ගන්න
http://ul.to/nmjuh806
2. Drawing Made Easy: Lifelike Heads: Discover your "inner artist" as you learn to draw portraits in graphite
by Lance Richlin
Butterworth-Heinemann | English | 2008 | ISBN: 1600580661 | 64 pages | PDF | 4.76 MB
http://ul.to/w32db2r0
මගේ ලඟ තව ගොඩක් තියෙනවා. ඔබට ලබා ගත හැකි/දිය හැකි ක්‍රමයක් තියෙනව නම් කියන්න ඒ පොත් ටිකත් දෙන්නම්.
අනේ සිඳු චිත්‍ර අඳින එකනම් නවත්තන්න එපා.ඒක අපරාධයක්.අනාගතයේදී Gallery එකක් දාන්න.ඔයාගේ අර නංගි කියන එක්කෙනත් එක්ක මම හැම මාසෙකම එනවා ඒක බලන්න.
ReplyDeleteඅලුතින් අඳින ච්ත්රත් දාන්න අමතක කරන්න එපා...
ReplyDeleteඅහම්බෙන් මේ චිත්‍ර ටික දැක්කේ. ගොඩක් වටිනා වැඩක්. ඔබට ජය.
ReplyDelete