ඔබෙන් සමුගනිමි !


ලෝකයේ කොනක පටන් අරගෙන බ්ලොග් ලෝකයට ඇතුළු වුණ පළවෙනි දවසෙ හිතුවෙ කවදාවත් නවත්තන්නෙ නෑ කියල මේ බ්ලොග් එක. අඩුම තරමෙ සතියකට සැරයක්වත් ලිපියක් කියනව කියල මටම පොරොන්දු වුණ කාලෙකුත් තිබුණ. ඒ පොරොන්දුව නම් බිඳිල තරමක කාලයක් ගත වෙලා. 

ඒත් එදා ඉඳල අද වෙනකම් ලෝකයේ කොනේ සක්මන් කරද්දි යාලුවො බොහෝ දෙනෙක් හමු වුණා. ඒ හැම දෙනාටම ස්තූතියි මේ වෙනකම් ‍රැඳී හිටියට මාත් එක්ක. ඒ වගේම සතු‍ටුයි, පෝස්ට් 101ක් වෙනකම් මේ බ්ලොග් එක ඔයාලා කියෙවුව එක ගැනත්..........

ඉතින් මොකද මේ අද අමුතු කතා ටිකක් කියන්න පටන් ගත්තෙ ? බ්ලොග් එක නවත්තන්නවත්ද...? අපෝ නෑ... ඒවා කොහෙද! මේ පොඩි තාවකාලික සමුගැනීමක් විතරයි. 
දෙසැම්බර් 10 වෙනිදා ඉඳන් ඉදිරි වර්ෂය බරපතල වැඩ සහිත වකවානුවක්. ඒ නිසා වෙලාවට කලාවට පෝස්ට් එකක් ලියන්න බැරි වෙයි. යාලුවන්ගෙ බ්ලොග් වලට එන්නත් බැරි වෙයි. කමෙන්ට් කරන්නත් බැරි වෙයි... 

මොනවද ඔය තරම් වැඩ කියල අහන්න එපා... ආයෙ ආව දවසක කියන්නම්. 
ඉතින්..... එහෙනම් සමුගනිමු තාවකාලිකව. අවුරුද්දකින් හමු වෙමු. සුපුරුදු සිනාවෙන් සහ කතාවෙන්. 
හැමෝටම සුබ නත්තලක්... සියලු පැතුම් ඉ‍ටු වන සුබ අලුත් අවුරුද්දක්....
තෙරුවන් සරණයි !


Comments

  1. පන්සලේ හාමුදුරුවෝ වගේ අපි එන්නේ යන වේලාවට විතරයිද කොහෙද?? සුභ ගමන්

    ReplyDelete
  2. සියලුම පැතුම් ඉටු වෙන නව වසරක් වේවා !

    ReplyDelete
  3. මේ ලෝක විනාසේ කටේ ති‍යලා කොහේ යන්නද නංගි...? මෙන්න මෙහෙ හිටු...

    ReplyDelete
  4. internship එක හම්බෙලා වගේ :) පිස්සු හැදෙන අවුරුද්දක් බව පමනක් දනිමි :)

    ReplyDelete
  5. මොන වැඩ තිබුනත් මාසයක සැරයක් දෙකක් මේ පැත්තට ඔලුව නොදා ඉන්න අමාරු වෙයි ඒ නිසා ඒ වෙලාවල් වලදී එන්නකෝ.. ජය වේවා හැම කටයුත්තක්ම

    ReplyDelete
  6. අපුච්චේ කොහෙ යන්නද මේ,,මාසෙකට එකක්වත් ලියන්න බෑද,,,,

    ReplyDelete
  7. රාජකාරියේ ස්වභාවය එහෙම තමයි. යම් කිසි වෙලාවක කැපකිරීම්කළ යුතුම වෙනවා..

    යළිත් නෑවිත් නොඉඳ... ගිහින් එන්න සුබගමනක්..

    ReplyDelete

  8. ඔය යන යෑම දිගටම ඔහොම
    තමා ආයේ අම්ම අප්පා මැරුණත් නවතින්නේ නැහැ ..
    යන්න දෙන්න....

    ReplyDelete
  9. කරන කියන හැම කටයුත්තක්ම සාර්ථකවන්නට හදවතින්ම සුබ පැතුම් සිඳූ..!
    බලාපොරොත්තුවෙනවා ඉක්මනින්ම නැවත පැමිණීම.. :)

    ReplyDelete
  10. සුභ ඉන්ටර්න්ෂිප් එකක්. :) ඉඩ ඇති විදිහට ලියන්න.

    ReplyDelete
  11. ඒ ඔන්න ඔහෙ ලියන්න අප්පා....
    වැඩේ අති සාර්ථක වෙන්න කීලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  12. කොහේ උන්නත්...සතුටින් ඉන්න..හැමදේම හොඳින් සිද්ධ වේවී...! ඉඩ ඇති වෙලාවක බ්ලොග් පැත්තෙ ගොඩ වෙන්න කාගෙන් තහනමක්ද...

    ReplyDelete
  13. දවස් ගෙවිල අන්තිමට ගන්ධබ්බ අවදිය ඉවර වුනා නේද. ඔය අවුරුද්ද ගෙවෙනවා තේරෙන එකක් නෑ සිඳූ. ඒවගේව විවේක තියෙන වෙලාවලුත් ඒවි. එතකොට මේ පැත්තෙ ඇවිත් යන්න එන්න. එහෙනම් පටන් ගන්න සීමාවාසිකයට මගෙ සුබපැතුම්. සියලු වැඩ සාර්ථකව කරන්න ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. දවසක මාස කීපයකින් මටත් පාර කියල උපදෙස් දෙන්න ඔය පැත්තට එන්න. :)

    ReplyDelete
  14. ගිහින් එන්න යන තැන්වල ඔබේ පැතුම් ඒ අයුරින්ම ඉටු වෙන්න. සුබ අනාගතයක් සොයුරිය.

    ReplyDelete
  15. සුබ පැතුම් ...ඉඩක් ලදොත් ඒ අවුරුද්ද ඇතුලෙත් පොඩ්ඩක් හරි ලියල යන්න ...

    ReplyDelete
  16. මෙයත් යනවද? :0

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. සුභ ගමන් ! වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !

    ඉඩ ලැබෙන හැටියට ඉඳල හිටල හරි මේ පැත්තටත් ඔළුව දාලා යන්න එන්න ....

    ReplyDelete
  18. සීමාවාසික පුහුණුවට යන්න වගේ. හරි සිඳු ගිහින් එන්න. හොදින් වැඩ කරගෙන යන්න !

    ReplyDelete
  19. සුභ පැතුම් සිඳූ..පෝස්ටු 101ක් තිස්සේ අපට දුන්නු දැනුම විනෝදය අමතක කරන්න බෑ..ස්තුතියි..
    බ්ලෝගයට තව පෝස්ටු 500ක් විතර එකතු කරන්න පුළුවන් කතන්දර ගොඩක් එක්ක ආපහු එන්න සුභ පැතුම්..

    ReplyDelete
  20. හොදින් ඉන්න.ආයේ එන්න.

    ReplyDelete
  21. I met all these Sinhala blog friends through your blog. Thank u very much.I know you will be very busy in recent future but I also know that it is impossible for u to stay away from your blog and blogger friends.So waiting for your return. Till then I would like to wish u a bright future and may you have the courage to serve your patients and to bring a smile to to those innocent, helpless souls. I pray to God to make your life a happy and successful one. Good luck.

    ReplyDelete
  22. කමක් නැහැ සිදු අක්කේ.ඔයා කොතැන හිටියත් නිවැරදි විදියට තමන්ගෙ සේවය ඉටු කරන බව අපි දන්නවා.යළිත් හමු වෙන තුරු ඔයාගෙ පෞද්ගලික ජීවිතේටත්,රාජකාරි ජීවිතේටත් සුබ පතන්නම්.

    ReplyDelete
  23. සිදූ... මට හිතා ගන්න පුළුවන් මොකද කියලා. අපොයි ජීවිතේ නරකම කාලෙ කියලයි මට හිතුනේ. ඒතරම් අපි දිරාපත් වුනා. හැමදාම් ඔන්කෝල් කරපු දවසුත් තිබුනා. කරදර නැති අලුත් අත්දැකීම් සහිත සුබ ඉන්ටර්න්ෂිප් එකක් ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  24. හ්ම්ම්.. මං බැලුවා මොකද සද්ද නැත්තේ කියලා. අපි බලං ඉන්නම්කො එනකල්..

    ReplyDelete
  25. කෝ මේ අක්කා... තාම නැද්ද ආවේ...

    ReplyDelete

Post a Comment