Sunday, February 17, 2013

කාණුවෙන් එහා මගේ ලෝකය


අද රෝගීන් අඩුයි. පුංචි නිදහසක් හිතට දැනෙනවා. 

මම වාට්‍ටුවේ කොරිඩෝවෙ කෙටි බිත්තිය අයිනට යනව. 
නම නොදන්න කහපාට මල් පිපෙන උස ගහ මලින් වැහීගෙන එනවා. තව ටික දවසකින් එක කොලයක්වත් නැතිව මල් වලින් විතරක් ගහ පිරෙයි.... 

කුණු වතුර ගලාගෙන යන ( නොයන) පළල කාණුවෙන් එහා ලෝකය මට පේනව. අයිති කාරයෙක් ඇතත්, පදිංචි කාරයෙක් නැති එහා වත්තෙ එක එක වර්ග වල වල් පැළෑටි ක‍ටු පඳුරු පිරිල....... සමනලුන්ට හොඳ වාසස්ථානයක්.

bush hopper කෙනෙක් පාම් ගහක් උඩ අවුව තපිනවා. common Indian crow කෙනෙක් සුදු තිත් වැ‍ටුන දුඹුරු පාට අත් ත‍ටු වලින් කාණුවට උඩින් පාවෙලා වගේ යනව. අලුතෙන්ම ඉපදුනා වගේ පේන ලස්සන blue tiger සමනලයෙක් රෝහලේ මල් පඳුරු අතර සැරිසරනවා. තනි වුණ red pierrot කෙනෙක් මගෙ ඇස් ඉස්සරහින් ඉගිලිලා යද්දි, ගිනි ගහන අවුවෙ lemon emigrant කෙනෙකුත් common emigrant දෙන්නෙකුත් එකා පස්සෙ එකා රවුමට පියඹනවා මට පේනවා..... 

උදේ ඇහැරුණ ගමන් කැමරාවත් එල්ලගෙන එහා වත්තට පැනලා සමනල්ලු පස්සෙන් ගිය ඒ නිදහස් කාලය මට ආයෙ මතක් වෙනවා. 

අප්පච්චිට කියල කැමරාව මෙහෙ ගෙන්නගන්න ඕනා.... මට හිතෙනවා. 
කුණු වතුර ගලන කාණුව අවටත් ලස්සන ලෝකයක් තියෙනවා 

දන්න හඳුනන කුරුලු නාදයක් මට ඇහෙනව. මම හිතුවා හරි. පයිනස් ගහක් මුදුනෙ ඉඳගෙන bee eater කෙනෙක් තමන්ගෙ ප්‍රියම්බිකාව අමතනවා. 

සරසවි ජීවිතය ආයෙමත් මට මතක් වෙනවා. කැලෑ අස්සෙ බඩ ගාගෙන ගස් මුදුන් වල කුරුල්ලො හොයපු හැටි , WUZ  කැන්ටිමේ පාඩක් කර කර ඉන්න වෙලාවට හදිසියෙ ඇහැ ගැටෙන කහ කුරුල්ලෙක් පස්සෙන් පොඩි කැමරාවත් අරන් පාඩම් කිරිල්ල පැත්තක තියලා දුවපු හැටි මතක් වෙනවා. 

එහෙම ජීවිතයක් තිබුණ මම අද මේ විදියට කො‍ටු වෙලා.....

"ඩොක්ටර් admission එකක්" හෙදියගෙ හඬ  හීනෙන් වගේ මට ඇහෙනවා.............

මූණ බෙරි කරගන්න මම ආපහු මගෙ පු‍ටුවට යනවා. මටත් වඩා මූණ බෙරි කරගත්තු රෝගියෙක් එහා පැත්තෙ පු‍ටුවෙ ඉඳගෙන ඉන්නවා.....

"මොකද අනේ කළේ? " කවදත් හිතවත් හෙදිය මගෙන් අහනවා.....

"සමනල්ලු බැලුවා" මම උත්තර දෙනවා..........

"මෙච්චර කල් හොඳට හිටිය ඩොක්ටටත් මොලේ හොඳ නැති වේගන එනවා වගේ........... නැත්නම් මෙච්චර වැඩ තියෙද්දි සමනල්ලු බල බල ඉඳියිද....." තවත් කෙනෙක් උත්තර දෙනවා.

"මොලේ හොඳ නැති වෙයි කියලා බයට තමයි මම සමනල්ලු දිහා බලන්නෙ" කියන්න මගෙ දිව නැමෙන්නෙ නෑ...... 

ඒත් කැමරාව ගෙන්න ගන්න අදහස නම් මම අමතක කරනවා..............


29 comments:

  1. වෛද්‍යවරු කියන්නෙත් මිනිස්සු නොවැ...

    ReplyDelete
  2. ඒ නිදහස් සිඳු ආයෙත් එනකන් අපි බලන් ඉන්නවා! - ඩයිනමයික්

    ReplyDelete
    Replies
    1. මන් ගෙනත් දෙන්නම් Camera එක. ඔයා ෆොටො ගන්න

      Delete
  3. රාජකාරිය නිසා අපේ කීදෙනෙකුගේ සුන්දර ලෝක සුනු විසුනු වෙලා තියනවද සිදු... මේ ලියැවිල්ල මගේ හිතටත් තදින්ම දැනුනා.. අපි දැන් යන්ත්‍ර වගේ.. ඒ පීඩනෙන් මිදෙන්න තමා බ්ලොග් එකක් වත් ලියන්නේ.. කොමෙන්ටුවක් කියවල ලබන සතුට තමයි දැන් මානසික සුවය.

    ReplyDelete
  4. මම මේ කල්පනා කළේ ලෙඩිඩු බල බලා ඉද්දි blue oakleaf කෙනෙක් එහෙම ඇවිල්ල වැහුවනමි මොනවයින් මොනව වෙයිද කියල :)

    ReplyDelete
  5. රාජ කාරියට එහා තමන්ට කියලා තියෙන පෞද්ගලික ජීවිතයේ එක කොනක ...

    ReplyDelete
  6. කොහේ කොහොම හිටියත් ඇතුලේ ජීවත් වෙන කෙනා එලියට එනවා ... නිවාඩු පාඩුවේ ෆොටෝ එකක් ගත්තට වරදක් වෙන එකක් නෑ සිදු ..

    වැදගත්ම දේ කොටන උනත් අපි ලස්සන විදියට බැලුවොත් ලස්සනට පේනවා ...

    ReplyDelete
  7. අපි කැමති දේට හිත යොදන්න බැරි උනොත් අනිවා පිස්සෙක් වෙනවා!

    ReplyDelete
  8. ඔන්න ඔහේ අර මහ ලොකු කැමරාව නෙමේ පරන පොඩ්ඩව ගෙන්නගෙන හෑන්ඩ් බෑග් එකේ දාගන්න

    ReplyDelete
  9. ලස්සන දේවල් මුකුත් නැතිවෙලා නෑ. ඒ ඔක්කොම අත ලඟ .

    කැමරාවක් ඉක්මනින් ගෙන්නගන්ට.:)

    ReplyDelete
  10. අන්න එහෙම ආයිත් ලියන්න .. දැන් අත්දැකීම් බහුල ඇතිනෙ..

    ReplyDelete
  11. හප්පට උඩු... සිදුවා ඊස් බැක්!!!

    සමනල්ලු දිහා බලන් ඉදලා ලෙඩ්ඩු මරන්නද හදන්නේ? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. ඔබ හිතන විදියට මම හරිම කැමතියි...සල්ලි හම්බකරන රේස් එකට දුවන්නෙ නැති හොද වෛද්‍යවරියක් වෙන්න මගෙන් පැතුම්..දැන් සේවයේ යෙදී ඉන්නෙ දුෂ්කර පෙදෙසකද ? කැමරාව ගෙන්න ගත්තොත් සෑහෙන වටින දේවල් අපට දැක බලාගන්නට ලැබේවි...

    ReplyDelete
  13. සිඳුට තවමත් ඒ සිතුවිලි එන එක ගැන සතුටුයි..වෛද්‍යවරු ගැන ලොකු කලබැගෑනි යන අතරතුරේ මේ වගේ ලිපියක් අපේත් සිත් සනසනවා..:))

    ReplyDelete
  14. ඉතින් ඇයි සිඳු කැමරාව නොගෙනිච්චෙ? එතකොට යම් සහනයක් දැනෙන්න තිබ්බා. ඔයා කලින් පෝස්ට් එකේ අපි දාපු කමෙන්ට් දැක්කද? එතකොට මමත් රස්සාව ගැන පෝස්ට් තුනක් එකදිගට ලිව්වා. ඒක කියෙව්වොත් ඔයාට සාපේක්ෂ සතුටක් දැනේවි.

    ReplyDelete
  15. මේ අවුරුද්දේ ෆයිනල් පාස් උනොත් මාත් යනවා ඈත පැත්තකට.මේ ජීවිතේ නං දැං එපා වෙලා ඉන්නේ.නිදහසක් නෑ....

    ReplyDelete
  16. Dear Sidu,
    When I see your stories I was really surprised as there are many similarities happened in my life as well.
    When I was at grade 6 the art teacher blamed me that some one has drawn my drawings and my mother who is a teacher has to meet her to resolve the matter.
    I have never won any price from art competitions, actually I have never tried. I am an outstanding artist during the time at school.
    My mother and father also teachers and they did not expect me to do mathematics. But I did and managed to get outstanding results.
    Now I am an Engineer, but when I see drawings my interest towards the art grows; but time does not permit.
    I am keen on photography and I am doing it as a hobby.
    Your nice posts took me to my childhood.
    - CCM

    ReplyDelete
  17. හ්ම්ම්ම්. මේකට දාන කමෙන්ට් එක ගැන කීපපාරක් හිතලා ඇත්තටම හිතුන දේ ලියන්න හිතුවා. ගොඩාක් දෙනෙක් කියලා තියනවා කැමරාව අරන් යන්නය කියලා. ඒත් පොඩි ප්‍රායෝගිකව හිතන්න දෙයක් කියන්නම්. හිතන්න ඔයා කැමරාව අරං පින්තූර ගන්න වෙලාවේ වාට්ටුවේ ලෙඩෙක් ඇරෙස්ට් වෙනවා කියලා. ඔයා විනාඩියක් දෙකක් ඇතුලතම එතනට ගියාය කියමුකෝ. ඒත් ප්‍රශ්නයක් වුන වෙලාවට ඔක්කෝමදෙනා කියාවි "ලෙඩා මැරෙන්න හදන වෙලාවේ ඩොක්ටර් සමනල්ලු පස්සේ ෆොටෝ ගහන්න ගිහිල්ලා" කියලා. ඊයෙ පෙරේදා දොස්තර සංහතියට විරුද්ධව අහන්න වුන දේවලුත් මාධ්‍ය වලත් බ්ලොග් වලත් ඉතා කැත විදියට දොස්තර සංහතියටම බැනපු බැනිලි ඇහුවාම ඉතාම කලකිරීමෙන් ඉන්නේ. ඒ නිසා මට මේවගේ කෝණ වලින් මේ දවස්වල පේනවා වැඩියි. අපි පුද්ගලික ජිවිතේ කොයිතරම් කැපකිරීම් කළත් කොච්ච්ර මැරීගෙන වැඩ කළත් එක දෙයක් ඇති මිනිස්සුනට කඩු අමෝරාගෙන එන්න. ඒකයි අද යථාර්ථය.
    හරි, දැන් ඔයාගේ ගැටළුව ගැන බලමුකෝ. කෝකටත් කැමරාව ගෙන්න ගන්න. මිනිස්සුන්ට වැඩිය ඇස ගැටෙන ලොකු කැමරාවක් නැතිව පොඩි එකක් තියනව නම් හොඳයි. මම නිවාඩු වෙලාවක ෆොටෝ ගන්න කියන්න යන්නේ නෑ. ඒ මොකද සීමාවාසික කාලේ කියන්නේ පැය24ම වැඩ කරන්න වෙන කාලයක් කියලා දන්න නිසා. ඒකාලේ නිවාඩු කියන්නේ සිහිනයක් බව දන්න නිසා. ඒත් කවුරුහරි වෙන කෙනෙක්ට පොඩ්ඩක් වාට්ටුව බලාගන්න කියලා සෙනඟ අඩු වෙලාවක් පොඩි ෆොටෝෂූට් පාරක් දාන්න පුළුවන්නේ. ඊලඟ ලිපිය එනකම් අපි ඔන්න බලාගෙන ඉන්නවා රෝහලේ සමනළ උයන නරඹන්න.

    ReplyDelete
    Replies
    1. තොටියා කියපු කතාව ඇත්ත. වතුර ඇදලා ඇදලා කලේ බින්දා වගේ තියෙයි.

      අර දොස්තරලට විරුද්ධ ‍රැල්ල ගැන සැලෙන්න එපා. හැම දොස්තරම එහෙම නැති බව මොලේ ඇති මධ්‍යස්ථ මත ධාරී කවුරුත් දන්නවා. ඔතන වෙලා තියෙන්නෙ හැම වෘතියෙම ඉන්න මැටි මෝලෙක් දෙන්නෙක් කරන අමන වැඩ මුලු වෘතියම අපකීර්තියට පත් කිරීමයි. ඕක ගැන ඔච්චර හිතන්න එපා.

      දැන් බලන්න අපි කරන ගුරු කම ගැන සමාජයේ සමහරු දරන මතය. හතහමාරේ ඉඳලා එකහමාර වෙනකල් වැඩ කරන, නිවාඩු කාල තුනක් තියෙන, පන්තියෙ නිදාගන්න, ලමයින්ට අමානුෂික දඬුවම් දෙන, ලෝබ, ආත්මාර්ථකාමී, සියල්ල දන්නවයි කියලා හිතාගෙන ඉන්න, පණ්ඩිත හැත්තක් හැටියටනෙ ගුරුවරුන්ව දකින්නෙ.

      ඒකෙ ඇත්ත නැත්ත අර මගේ පෝස්ට් තුන "මම කවුරු වෙන්නද ආසා? Teaching Abroad 1, Teaching Abroad 2 කියවපු කෙනෙකුට තේරෙනවා ඇති.

      එතකොට පොලිස් සේවය ගැන. මම පවා දරන්නෙ හරිම නොපහන් හැඟීමක්නෙ. කතා කරන්න නොදන්න, ජරා පප්පලා, ආණ්ඩුවේ චන්ඩි .නමුත් ඕකෙත් හොඳ මිනිස්සු ඉන්නවා. මට හමුවෙලත් තියෙනවා. නමුත් අර ජරා උන්ගොඩටම වැටිලා යටපත් වෙලා ඉන්නෙ.

      Delete
    2. ඇයි යකෝ මේක මාර කෙළියක් නේ. ඩොකී සමනල්ලු පස්සේ දුවන වෙලාවේ ලෙඩෙක් මළාම එතකොට ඒකටත් පළි අසරණ ලෙඩාද? උඹලා අසරණ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඩොකාලා වෙලා දැන් ඒකෙ ඇද කුදත් කියන්න එනවා. අපි කිව්වද උඹලට ඩොකාල වෙන්න කියලා. උඹලමනේ කැමැත්තෙන් ඒතැනට ආවේ. ආවනම් වැඩ කරපල්ලා මිනිස්සු මරන්නේ නැතිව

      Delete
    3. @ ඇනෝ: කරුණාකරලා මෙතනත් පහරන්නේ නැතිව ඉන්නවද? පහරනවා නම අර අසූචි නාගන්න මඩ බ්ලොග් තියෙනවානේ. එකින් එකකට සෙට් වෙන්න කරුණාකරලා. තමන්ගේ නිරුවත දාපු කමෙන්ට් එකෙන්ම ඔප්පු කරලානේ තියෙන්නේ.
      මෙන්න මේ ඇනෝ වගේ අය ගැන තමා මම කිව්වේ

      Delete
    4. @ඇනෝ - "උඹලා අසරණ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඩොකාලා වෙලා දැන් ඒකෙ ඇද කුදත් කියන්න එනවා"
      මෙන්න මේ ඇනෝ වගේ අය අසරණ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඔහේ යන්න පුලුවන් තරම් දුරට ගිහින් ඉගෙනගන්නවා වගේ බොරු කරල කාළකන්නි වුන අය. දැන් මෙයලා මුදල් අපතේ නොයවා ඒවයින් හරියට ඉගෙනගත්ත අයට ඊර්ශ්‍යා කරනවා.
      මුදල් අපතේ නොයවා වෛද්‍යයවරු උන අයද, නොසැලකිල්ල නිසා අධ්‍යාපනය මග කඩාකප්පල් කර ගත්ත අයද අසරණ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරල තියෙන්නෙ?

      ඉතිං ඇනෝ ඉස්සෙල්ලාම තමන්ගේ හිතේ පැසවන ඊර්ශ්‍යාව නැති කරගෙන ඉමු නේද?

      Delete
  18. //මොලේ හොඳ නැති වෙයි කියලා බයට තමයි මම සමනල්ලු දිහා බලන්නෙ// ඒකාලේ මම රෑ 10-11ට විතර ඕෆ් වෙලා ඇවිල්ලා පැයක් විතර සිංදු ඇහුවා මොලේ හොඳ නැතිවෙයි කියලා බයට.

    ReplyDelete
  19. අපිත් මිනිස්සු.

    ReplyDelete
  20. වෛද්‍යවරයෝද මනුෂ්‍යයෝය....

    ReplyDelete
  21. හැම වෙනස් වීමක් අතරෙම සොබාදමස නොවෙනස්ව තියෙනවා වනම් කොයිතරම් අපූරුද?

    ReplyDelete
  22. හපොයි බයත් හිතෙනවා. ලෑස්ති වෙලා ඉන්න ඕනෙ.
    කොහොම උනත් විවේක වෙලාවට පොඩ්ඩක් හරි ලියන්න.
    කලිනුත් කිව්වා වගේ කාලෙ ඉක්මණට ගෙවිලා යයි.

    ReplyDelete
  23. සුදුසුකම් ඇති අය අතරට නුසුදුසු අය ගියාම වැරදි සිදු වෙනවා.එහෙම උනා කියලා දෙවියන් වගේ මිනිසුන්ට දොස් නඟන්න හොඳ නැහැ.ස්වභාවධර්මයේ අපුරුත්වය.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  24. Nice to read your post again after some time. I can feel how frustrated you are. but that is life, Sindu. You are going through a difficult phase of life. Newly married, but too busy to enjoy life.People don't think that doctors too have hearts and they too are human as they fulfil a very vital role of humanity.

    ReplyDelete