අම්ම පුංචි පුතාව උස්සගෙන දුවගෙන ආවෙ හැඬූ කඳුලෙන්. ඊටත් වඩා පුතා වේදනාවෙන් මොර දෙනවා.බිම තියල නටවපු උණු වතුර භාජනේට අවුරුදු 2ක ඒ පුංචි දරුවව පිච්චිලා දකුණු අතේ වැලමිට ලඟට එනකම්ම.....
ළමයින්ව බලා ගැනීම පිළිබඳව කවුරුත් අම්මට උපදෙස් දෙන්න නොගියෙ ඒ ගෙදර තත්වය ගැන යම් වැටහීමක් දුටු සැනින්ම ලැබුණ නිසා....
වතුර උණු කරන්න, කන්න බොන්න, නිදාගන්න හැම දේටම තියෙන්නෙ එකම කාමරයක බිම විතරක්ම වෙන්න පුළුවන්....
දරුවාට ප්‍රතිකාර කරන්නට කවුරුත් යුහුසුළු වුණා.... වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට මෙවැනි අවස්ථා වල විශේෂ අවධානය යොමු වීම සාමාන්‍යයි.
වතුර කරාමයක ගලාගෙන යන ජලයට දරුවාගෙ අත මිනිත්තු 30 ක් පුරාවට අල්ලාගෙන ඉන්න අම්මව යොමු කළාට පස්සෙ ඉතාම අත්‍යවශ්‍ය මොහොතක පමණක් භාවිතයට ගන්න ප්‍රබල වේදනා නාශකත් භාවිතයට ගත්තෙ කුඩා දරුවගෙ හැඬුම අසාගෙන ඉන්න බැරිම තැන. පිළිස්සුම් තුවාල වල ආලේප කරන්න අත්‍යවශ්‍ය ඖෂධය වෙනත් වාට්ටුවකින් "ණයට" ලබාගත්තෙ එය ඇනවුම් කර ලබාගැනීමට තරමක් වේලා ගත වෙන නිසා.......
පසුවදාම භෞත චිකිත්සක වරියකගේද මැදිහත් වීම සිදු වුණා. ඒ පිළිස්සුම් තුවාල නිසා ඇඟිලි එකට ඇලීම වලක්වන්නට ව්‍යායාම වලට දරුවාව යොමු කරන්න.
ඒ අවස්ථාවත්, තුවාල වලට බෙහෙත් දමන අවස්ථාවත් පුංචි පැටියාට දරා ගන්න අමාරු තරම් වේදනාවක් ගෙනදුන්නා. අම්මගෙ වේදනාව ඊටත් වැඩියි දරුවගෙ හැඬුම් දකිද්දි.... ඒ මවු සෙනෙහස! ඒත් කළ යුතු යමක් වේ නම් එය සිදු කළ යුතුමයි.....ඒ නිසා එම ප්‍රතිකාර නොකඩවා සිදු වුණා.. දරුවාගේ තත්වය බොහෝ දුරට යහපත් අතට හැරෙමින් තිබුණා........
ඒත් අනපේක්ෂිත යමක් සිදු වුණා.....
තුන් වන දිනයේදී දරුවාගේ පියා මා ඉදිරියේ පෙනී සිටියා.
"ඩොක්ටර්... ළමයගෙ ටිකට් කපල දෙන්න..."සිතා ගත නොහැකි ඉල්ලීමෙන් මා විමතියට පත් වුණා...
"ඒ මොකද?"
"තම තුවාල වේලිලත් නෑ.... අනිත් එක මෙහෙ බේත් කරන විදියට ළමයට රිදෙනවා වැඩියි... අපි සිංහල බේත් කරන්න තමයි බැලුවෙ...."
ඔහුගේ තිර ස්වරය වෙනස් කරන්නට කිසිවෙකුට නොහැකි වුණා.... පිලිස්සුම් වලට ප්‍රතිකාර කිරීමේ මූල ධර්ම ඔහුට පැහැදිලි කරන්නටත් කිසිවෙකුට නොහැකි වුණා....
"වෛද්‍ය අවවාද වලට විරුද්ධව මගේ කැමැත්තෙන් දරුවා රෝහලෙන් රැගෙන යමි....." තවත් ඇඳ ඉහපතක අපැහැදිලි, කැඩුණු අකුරෙන් ලියැවුණා........
දිනෙන් දින මගේ සිතේ ගොනු වන කලකිරීම් ගොන්නට , අසාධාරණ ලෙසින් සේවය හෑල්ලු වීමෙන්, තවත් කලකිරීමක් එකතු වුණා...........
පව් අප්පා පොඩි එකා....
ReplyDeleteමම නම් දන්නවා ඕකේ වේදනාව මොකද මමත් පොඩිකාලේ පුච්චගත්තනේ :)
http://harshana-bc.blogspot.com/2012/10/blog-post_5.html
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තුවාල වලට වඩා පිලිස්සිම් සහිත තුවාල වේදනාකාරී !
ReplyDeleteතවමත් මිනිස්සු පූර්ණ විශ්වාසයක් බටහිර වෛද්‍ය ක්‍රමය ගැන තබලා නැති පාටයි. අවශ්‍ය වෙන්නේ දෙකෙන් කෝක හරි ගැන එහෙමත් නැත්නම් දෙකම ගැන නිවැරදි අවබෝධය කියලයි මගේ අදහස
ReplyDeleteමේක ක්‍රම දෙකක් අතර ඝට්ටනයක්, සිඳූ. හදවතින් නෙවෙයි මොලෙන් වැඩ කරනවා ඇර වෙන විකල්පයක් නෑ මේ වෙලාවට.
ReplyDeleteසිදූ කාලෙකින්. ඒ පොඩි එකා ගැන දුකයි. නිවැරදි අවබෝධයක් නැතිකම තමා. ඒකට ඒ අයට මුකුත් කියන්නත් බෑ
ReplyDeleteමේ වගේ කතා අහපුවාම හරියට දුක හිතෙනවා. කීවත් වගේ කරන්ට තියනදේ කරනවා මිසක් වෙන විකල්පයක් නෑ. මිනිස්සු ඔයිට වඩා දැනුවත් කිරීමේ වැඩ පිලිවෙල් තමා කල යුත්තේ.
ReplyDeleteමේක කියවලා ඊයේ රෑ මොනවා කියන්න කියලා හිතාගන්න බැරි උනා... ඔහොම වෙච්ච නංගි කෙනෙක්ටත් සිංහල බේත් කරලා අන්තිමට අත උස්සන්න බැරිව ගියා... පස්සේ තමයි එක්සසයිස්, ඔපෙර්ෂන් කරලා යන්තම් අත හදාගත්තේ.... එතෙකාට ඉතිං ඒ ළමයගේ ළමා කාලය ඉවරයි...
ReplyDelete//දිනෙන් දින මගේ සිතේ ගොනු වන කලකිරීම් ගොන්නට , අසාධාරණ ලෙසින් සේවය හෑල්ලු වීමෙන්, තවත් කලකිරීමක් එකතු වුණා...........//
ReplyDeleteමෙච්චර කලකිරෙන්න එපා සිඳූ..මොකද මේක ඔයාගෙවත් විශේෂයෙන් රෝහලේ සේවයවත් හෑල්ලු කිරීමක් නොවෙයි..මේ වගේ හදිසි අවස්ථාවල බොහෝ අය තීරණ ගන්නෙ බුද්ධියෙන් නෙවි හදවතින්..තාත්තා වැරදියි කියලම කියන්න බෑ..මේ කලකිරීම එන්න මූලික හේතුව හොයලා අදම ඒකට පිළියම් යොදන්න පටන් ගන්න..එතකොට හිත් රිදවීම සනීප වේවි..
මොකද බටහිර වෛද්‍ය ක්‍රමයෙ අපිට නොතේරෙන තැන් බොහොමයි..ඇයි කියලා අහන ප්‍රශ්නෙට හරි උත්තරයක් ලැබෙන්නැති නිසා මිනිස්සු වෙද ගෙදරට යනවා..
වෙද මහත්තයා නියම කරන බෙහෙත එහෙම වෙන්නෙ ඇයි කියලා අපිට තේරෙනවා..ඒක නිසා මිනිස්සු ගොඩක් වෙලාවට සිංහල වෛද්‍යක්‍රමයට නැඹුරු වෙන ප්රවනතාව වැඩියි..
මමනම් දන්න විදිහට මේක වෙන්නේ අනිත් පැත්ත නේද?ගැටළුව තියෙන්නේ බටහිර ක්රමයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්ඩ අමාරු වීම (භාශා ගැටළුව නිසා) සහ වෛද්‍යවරුන් කම්මැලි වීම නිසා.හැබැයි ආයුර්වේද ක්රමයේ හෝ දේශීය ක්රමයේ ඇයි මේකට මේක දෙන්නේ කියන එකට පැහැදිලි කිරීමක් නෑ.එහෙම දේවල් පොත්වල තියෙනවද දන්නේ නෑ.ඒත් මගේ ළඟ මගේ සීයාගේ වෙද පොත් ගොඩක් තියෙනවා.ඒවායේ තියෙන්නේ නම් මේ ලෙඩට මේ බෙහෙත කියලා විතරයි.කොහොම උනත් ආයුර්වේද ක්‍රමය හෝ දේශීය වෙදකම ගැන මගේ අවිශ්වාසයක් නෑ.ඒ වෛද්‍යවරු ගැන තමයි විශ්වාසයක් නැත්තේ.
Deleteසිදූ මා දන්නවා දරුණුම විදියට පිච්චුන කෙනෙක් සම්පූර්ණ සිංහල බෙහෙතින් ඉතා හොදින් සනීප කළ අවස්ථාවක්.. තෙල් බලෙන්..
ReplyDeleteඅදයි ආවේ. ඒක නිසා තවමත් කියවමි. හැබැයි පොටෝ ලොකු වැඩි වී ගැජට් කේස් වී ඇත. මට පේන විදියද මන්ද.. පොඩ්ඩක් බැලුවනං හොදා
ReplyDeleteYes. Sometimes we are highly frustrated as our hardworking service is ignored, but as Dude says there's nothing else we could do other than let the others take their own decisions.
ReplyDeleteආ සිඳු කාලෙකින් ඇවිල්ලා.. අයියෝ නංගි ඕවා ගැන කිසිසේත් කලකිරෙන්න එපා. ටියුබ් කරපු ICU ලෙඩ්ඩු පවා සිංහල බෙහෙත් කරන්න ඕන කියලා ලාමා ගෙනියන්න අහන රටේ ඕවා මොනවද හෆ්ෆා (නොදන්න අයට, ලාමා කියන එකේ තේරුම LAMA- Leave against medical advice). කාලයත් එක්ක ඔයවගේ සිද්ධි වෙලා වෙලාම ගානක් නැතිවෙයි.
ReplyDeleteඇත්තටම දේශීය වෙදකම හරියට කරනවා නම් තුවාලයක් කැලලක් වත් නැතිවෙන්න සනිප කරන්න පුළුවන් ඒගැන පුද්ගලික අත්දැකීමක් තියෙන නිසා දන්නවා. නොදැන අපරික්ෂාවෙන් කළොත් තමයි අමාරුවේ වැටෙන්නේ..
ReplyDelete//දේශීය වෙදකම හරියට කරනවා නම් //
Deleteඔන්න ඔතන තමා ගැටලුව. දේශීය වෙදකමේ හොඳ ප්‍රමිතියක් නෑ. හරියට , කරන්නෙ කව්ද, නැත්තෙ කව්ද කියන එක තීරණය වෙන්නෙ , කට වහර මතයි. ඒත් දේශීය වෙදකම හෙදකම අතින් ඉහල තැනක ඉන්නවා කියලයි හිතෙන්නෙ.
මෙහෙම කියනවට, මේ හොඳ දොස්තර මහත්තුරු/ නෝනලා සමාවෙන්න. වෛද්‍යවරු හිඟකම හෝ මුදල් පසුපස හඹායන චැනල් දොස්තරලා නිසා හෝ, ආණ්ඩුවෙ ඉස්පිරිතාලවල මුල්‍යාධාර/පරිපාලන ප්‍රශ්ණ නිසා හෝ, ආණ්ඩුවේ ඉස්පිරිතාලවට එන අසරණ ලෙඩුන් , චැනල් නොකර ආවොත්, ලැබෙන හිඟන සැලකිලි නිසා හෝ, සමස්ත බටහිර වෛද්‍ය ක්‍රමය ගැනම සාමාන්‍ය ජනයාගේ තියෙන්නෙ කළකිරීමක්
ඔබේ උත්සාහය ගොඩක් හොඳයි.එත් කලකිරෙන්න දෙයක් නෑ. එක එක එක්කෙනාට තේරුම් යන්නේ එක එකේ විදිහට. අදහසක් ඉදිරිපත් කරන්නම් ඉඩක් තියෙන වෙලාවට ඔබත් ඔබේ බටහිර වෛද්‍ය දැනුමට අතිරේකව ප්‍රයෝගික පෙරදිග වෛද්‍ය දැනුමත් ලබා ගන්න උත්සාහ කලොත් නරකද? මම අදහස් කලේ කුමන ආකාරයේ හෝ පිළිස්සුම් වලට අත්දුටු බෙහෙත් තියෙනවා ගමේ කම්හලේ බාස් උන්නැහේ ළඟ.
ReplyDeleteමේ වගේ දේ ගැන කලකිරෙන්න එපා සිඳූ. ඔයාට කරන්න පුලුවන් දේ උපරිමයෙන් කරන්න. එතකොට හිත නිදහස්නෙ.
ReplyDeleteඅදි සංවේදීතාවයත් එක්ක කරන්න අමාරු රස්සාවක් නේද ඔය කරන්නෙ ? ඔය වගෙ සිද්දි ඉස්සරහටත් වේවි අපේ රටේ.. අපි හැමෝටම කරන්න පුලුවන් සීමාවක් තියෙනවානෙ,.. ඉන් එහාට ඉතිං දුක් වීම විතරයි කරන්න පුලුවන්..
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් සිඳු !!!
ReplyDeleteWelcome to the real world of clinical medicine..!
ReplyDelete