Friday, March 22, 2013

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න


රෑ වැස්සට ගුරු පාරෙ වලවල් වල වතුර පිරිලා. 
ඒවා මග ඇරලා මම හිමීට ඇවිදගෙන යනව.....

උදේ පාන්දර මීදුමත් එක්ක නැවුම් හැඟීමක් හිතට දැනෙනව. පාර දෙපැත්තෙ තියෙන උස තණ කොළ වල අගිස්සෙ වතුර බින්දු එකතු වෙලා පාන්දර ඉර අවුවට මුතු පාටට දිලිසෙනව. 
ඒ අතරින් ඉහළට එසවුණ ලොකු තණකොළ මල් වල යම්තම් ලා රෝස පාට මිශ්‍ර වුණ කොළ පාටත් එක්ක ඒවගෙ ‍රැඳුන පිණි බින්දු වල පාට අපූරුවට කැපිලා යනව. 
තණකොළ පඳුරු අතරින් මතු වෙලා පෙනෙන නම අමතක කහ පාට පුංචි මල් මවන්නෙ තවත් ලස්සනක්. ඒවගෙ හීනි බූව උඩ තවත් පුංචිම පුංචි පිණි බින්දු ‍රැඳිලා..... 

මල් වලට වඩා ටිකක් ලොකු පුංචි සමනළයෙක් නොනැවතීම එහාට මෙහාට පියඹනවා....

හැල හොල්මනක් නැතිවම විදුලි කණුවක් උඩට වෙලා එක් පැත්තක් බලන් ඉන්න දුම්බොන්නෙක් මීදුම අතරින් මට යම්තමට පෙනෙනව.

මේ සැබෑ දර්ශන පෙළින් තවත් එහාට යන්න මගේ හිත වෙර දරනවා හැමදාමත් වගේ. 

සීතල වතුරත් එක්ක පහළට ඇද හැලෙන දිය ඇල්ලක සිහින් ස්වරයක් මට ඇහෙනව. ඒකෙන් විසිරෙන ජල දුමාරයෙන් මාව යන්තමට නැහැවෙනව. මුලු වට පිටාවම වසාගෙන නැගුණ රූස්ස ගස් මිතුරු යෝධයන් වගේ මා දිහා බලන් ඉන්නව...........

ඒ දර්ශන පෙළ මැකීගෙන යද්දි ලා දළු පාට අලුත් ගොයම් පැළ වලින් සැදුන වෙල යායක් මගේ හිතේ මැවෙනව. ඒ පැත්ත්කින් ගලාගෙනයන පුංචි ඇළ පාර දිහා මම බලන් ඉන්නව. පළිඟු කැටයක් වගේ පැහැදිලි වතුර......... මාළු පැටවු තරඟයට වගේ පීනනව... අසල ගහක හැංගිලා ඉන්න පොල් කිච්චෙක්ගෙ සුමිහිරි නාදය මට ඇහෙනවා......

ඒ එක්කම ඇහෙන ගිලන් රථයක සයිරන් නාදෙන් මගෙ හිත හීන වලින් මිදෙනවා.......... 
නවාතැනේ ඉඳන් මිනිත්තු දෙක තුනක් පයින් යන ගුරු පාර දෙපැත්තෙ තණකොළ උඩට පිණි වැටිලා තියෙන හැටි දකිද්දි මගෙ හිත හැමදාමත් මේ වගේ දර්ශන වලින් පිරෙනවා. 
පිරෙනවටත් වඩා මම පුරව ගන්නව මනසෙ විඩාවෙන් මිදෙන්න. 

ඒත්...........

ඊට සුලු මොහොතකට පස්සෙ නපුරු යෝධයෙක් වගේ නැගිලා ඉන්න රෝහලේ බිත්ති මම දිහා රවාගෙන ඉන්න හැටි මට පේනව. 
චිත්ත පීඩාවෙන්ම විතරක් පිරුණ තවත් දවසක් ඒ විදියට මම ආරම්භ කරනව.

17 comments:

  1. රොහල කිවුවම මානසික රොහලද කියලා හිතුනා ? එහෙමද?

    නැත්තම් දොස්තර කෙනෙක්ද රොහලක වැඩ කරන කෙනෙක්ද එහෙමත් නැත්තම් දිර්ඝ කාලයක් රොහලෙ ඉන්න නේවාසික රොගියෙක්ද? වගේ ප්‍රශ්න ගොඩක් ආවා.

    තව තව දෙවල් හිතුනා. සාර්ථක නිර්මාණයක් ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ලියවෙන කිසිම දෙයක් නිර්මාණ නෙමේ මදාරා. මගෙ ඇත්ත ජීවිතේ...........
      ස්තූතියි

      Delete
  2. ඇත්ත ජීවිතේ????

    විකාර නැතුව ෆන් එකේ හිටපල්ල බං !

    ReplyDelete
  3. Dude:

    Back to life,
    Back to reality//

    සිඳු අපිටත් ඔහොමයි.

    ඊයෙ මම දැක්කා එක ටී ෂර්ට් එකක ගහලා තියෙනවා මෙහෙම.

    I don't like Mondays, Tuesdays, Wednesdays, Thursdays and half of Friday!

    හරියටම මම ලිව්ව දෙයක් වගේ! :D :D :D

    ReplyDelete
  4. මට නම් මෙය ? කි.

    ReplyDelete
  5. ඕකට කරන්න තියෙන්නේ බිත්තිය දිහා නොබලා ඉන්න එක ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. අපි කැමති හීන අතරේ හැමදාම ඉන්න බැරි වුනත් අපි ගාව ඉන්න මනුස්සයාව ජීවත් කරවන්න එච්චර අමාරු නැහැ..සංකීර්ණ දුෂ්කර දේවල් අතරේ දකින ඇති ජීවිතයත් විඳින්න උත්සාහ කරන්න..

    ReplyDelete
  7. තව ටික දවසකින් මාත් ඔහොම දේවල් කියන්න ගනීවි. කොහොම වුනත් හැමවෙලාවෙම ලැබෙන් ඕනෑම දේකින් සතුටින් ඉන්න බලන්න.

    ReplyDelete
  8. ගොඩක් ප්‍රශ්ණ එක්ක ලියන්න දෙයක් හිතා ගන්න අමාරු උන ලිපියක් මේක මටනම්..

    ReplyDelete
  9. මං හිතන් හිටියෙ ඔය ඔය ජීවිතේ රස විඳින්න හුරු වෙලා කියලයි.. කොයි දෙ උනත් විඩාවක් ගෙනෙන දවසක් තියෙනවා. අවම වශයෙන් ඔබ කරන සේවයෙන් ජීවිත දහස් ගනනක් පිහිට ලබාවි.. අපි ඒ තරම් වාසනාවන්ත නැහැ..

    ReplyDelete
  10. I think that you have begun to feel the pressure of your job. Whatever you do, you are tied with duties and responsibilities of your job.It is too stressful, I think in your case. Your job ruined your much awaited dreams and you are hating it now. Don't get frustrated. You are still undergoing the bitterness of life but soon you will be reaping the sweetness too. Let time decide everything. God bless you.

    ReplyDelete
  11. ජීවිතේ ගැමුරුයි බොහොදුරක් යාඇති තැනක්. එත් සොබාදහමේ සුන්දරත්වය විදින්න කාලය හරස්වෙනවා. රැකියාව පෙරට එනවා. ස්වභාවය එයයි.

    ReplyDelete
  12. දැන් සමනල්ලු බැලුවා ඇති.....ඉස්පිරිතාල ජීවිතයෙ සුන්දරත්වය විඳින්න පුරුදු වෙන්න කාලයයි....

    ReplyDelete
  13. දොස්තර සිහිනේ දැක්ක නම් ඒ ලෙවල් කොරන කාලේ දැන් විදෝපිය කිව්වාලු....d

    ReplyDelete
    Replies
    1. මේ කන කට්ට , ඒ දවස් වල තේරුනා නම් ! කියලා හිතුනු වාර අනන්තයි මටත් ! :(

      Delete
  14. සිදුවෝ ඔය තරම් කරදර කාරී කාලයක් ආයෙ එන්නෙ නෑ. ඉන්ටර්න්ස් ඉවර වුනාම ටිකක් විතර හොඳ වෙනවා. මානව හිමිකම් කියලා දෙයක් HO ලට තියෙනවද කියලත් මම කල්පනා කලා ඒ කාලේ.. රෝහලත් හරි සුන්දර තැනක් ... අපි ඉන්ටර්න් කරපු රෝහල මහ මුඩු බිමක් වගේ තිබ්බේ...මම නම් යන එන පාර දිගට සීනියාස් මල් ඇට පැල කලා... අන්තිමට කවුරුත් දන්නේ නෑ පැල ඇවිත් මල් ඇවිත්.. සමහරු මටම පෙන්වනවා , මම හිටෝපු පැල. මම හරි සතුටක් ලැබුවා පොඩි පොඩි දේවල් වලින්. දුක් වෙන්න එපා , තව පොඩ්ඩයි. !

    ReplyDelete
  15. ‍හැමදාම දවස පටන් ගන්නකොට "චිත්ත පීඩාවෙන් පිරි" කියලා හිතන්න එපා. ඒ චිත්ත පීඩාව ඇතුලේ වුනත් පුංචි පුංචි සුන්දර රසවත් දේවල් කොතරම් හැංගිලා තියෙනවද? කාලය ඉගිලිලා යාවි... වැඩිය ඕවා ගැන හිතන්න එපා සිඳු...!

    ReplyDelete