~අහිමි ‍රැය~


රාත්‍රිය මැද
තුෂර බිඳු සිඹ
සඳ වතුර විසිරිලා 
වැගිරෙයි....
පිපෙන සේපාලිකා 
මල් වල
සිනිඳු පෙති
සිහිලසින් සැනහෙයි...
වසත් තරු කැට 
සිහින ඉසිමින්...
නිදන බිළිඳුන් 
තුටින් සනහයි.......
රාත්‍රිය හිමි නොවූ
මගෙ නෙත්,
අදත් නිදිබර
කඳුලු වගුරයි...
සැමට හිමි වූ
අපට හිමි නැති
තවත් එක් දිගු ‍රැයක්
ගතවෙයි............



Comments

  1. තනියම ගතකල රැයක, තනිකම තදින් දැනිලා වගේ.
    කවි ටික ලස්සනයි.

    ReplyDelete
  2. එත් තනිකම හොඳයි කියල හිතෙනව වෙලාවකට.................

    ReplyDelete
  3. දීඝා ජාගරතී රත්තෝ.. නිදි වරන්නාට රාත්‍රිය දිගයි.. ඒත් මේ වගෙ කවි ලියවෙනව නම් නිදි වැරිල්ලත් නරකම නෑ..

    ReplyDelete
  4. How beautiful!
    'වසත් තරු කැට
    සිහින ඉසිමින්...
    නිදන බිළිඳුන්
    තුටින් සනහයි.......'

    Your loneliness is not in vain. You have been productive with it.I would like to know your current working place. E-mail me if u can.

    ReplyDelete
  5. //රාත්‍රිය හිමි නොවූ
    මගෙ නෙත්,//

    මේ පද පේලි දෙකින් අපි දකින දේට වඩා වෙනස් දෙයක් කියනවාද මන්දා..

    ReplyDelete
  6. හරියටම රාත්‍රිය ගැන ගැයෙන ගීයක් වගේ..

    ReplyDelete
  7. දුක පිටු පසින් සතුට එනවා. එතකල් ඉවසන්න

    ReplyDelete
  8. තව ටිකයි. ඒනිසා ඒ ටිකත් ඉවසාගෙන ඔහොම යං . ඔහොම යං...!!

    ReplyDelete
    Replies
    1. නව යුවතිපති දෙපළට සුභම සුභ නව වසරක් වේවායි පතනවා...!!

      Delete
  9. රෑ වැඩ දවසක ලියවුණු කවියක් වගේ! අගෙයි අක්කේ..

    ටිකක් පමා වුණත් අයියටයි අක්කටයි සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete

Post a Comment