Sunday, May 26, 2013

වස්සාන සඳ


වස්සාන හිරු 
නොපෑ යුගයක
හිරුට වඩා දුල 
සඳ සේ
නුඹ විත්

මතකය බොඳ කර
සිහින වසන්තෙට
නැවත පණ පෙවූ
අරුමය...

වසත් හිරු රුව 
මැකී යන ලෙද
මලක් සේ හිනැහුණා නුඹ
එමල සුවඳින් 
නැවත පණ ලද
පුංචි කොඳ මල් 
කැකුළ මම

වසත් හිරු යළි
හිනැහෙනා විට
නුඹ සඳක් බව 
පැවසුයෙමි මම
හිරුගෙ මුකුලිත 
වුවන දු‍ටුවද
තවත් නම් යළි
දුකක් නෑ මට.........



5 comments:

  1. පියුම හිරුට මිස
    සඳුට අයිති නැත..
    තරු සුදිලේ
    ඝන අදුරු රැයේ
    වරද මගේ මිස
    වරද ඔබේ නොව
    අහිමි සෙනේ පැතු
    ......ලයේ.

    ReplyDelete
  2. හිඳිලාය මගෙ කවි සිත
    කවි සිතුවිලි
    එන්නේම නැත..

    ReplyDelete
  3. කයියෙන් උත්තර දෙන්න දන්නේ නැති නිසා මෙහෙම කියන්නම්.

    ඉන්ටර්න්ෂිප් නැව වරායකට ලඟාවෙන්න තව කොච්චර මාස තියේද?

    ReplyDelete
  4. වස්සාන සදට වඩා හිරු ගැන කියවිලා තියෙන බව හැගෙනවා

    ReplyDelete
  5. හිරු ඇවිත් යන තැන්වල
    සද ආයෙත් පිපෙන අරුමය
    වස්සාන සද ළග
    ඉමිහිරිය මේ සිදු නද!!!!!

    ReplyDelete