Skip to main content
ඈත නිල් වන්
අහස් කුළු මත
රහසෙ ඉපදුන
වැහි බිඳුව නුඹ
මෑත පොළොවෙහි
පරව යන්නට
පණ ගැහුණ
මල් පියල්ලෙකි මම
සා පිපාසෙන්
පීඩිතව ගිය
දුක් දැරූ
මහ පොළොව
ළඟ මම
පණ ලැබූයෙමි
මටත් රහසෙම
නුඹේ සිහිලට
ලොබෙන් බැඳෙමින
සිහින ඇතිරූ
පවුරු සතකින්
ගලා ආ මුතු
තුෂර බිඳ නුඹ
මගේ ජීවන
සුසුම් ගලපන
නොසිඳෙනා දිය
උල්පතයි නුඹ....
ලෝකයේ මේ කොණ ටික කලක් පාළුවට තිබ්බා සිඳු !
ReplyDeleteමට නම් මතක මුලු ලෝකෙම පාලුවට ගිහින් තිබුණා වගේ. :D
Deleteමේකට සදාකාලික කව කියලා මාතෘකාව දැම්මේ ඇයි කියලා මම කල්පනා කලේ "නුඹ" කියලා නොදා.
ReplyDeleteහැබැයි කල්පනා කරලා බැලුවාම මේක සදාකාලික කවක් වෙනවා නම් හොඳයි තමයි.
අදයි මේ පැත්තට ගොඩවැදුනේ.
ReplyDeleteහිතට දැනෙන වචන පෙළක්.ලස්සනයි.
ලෝකයේ කොණ කොනකටම විසි වේගෙන ආවේ,,,ඔහොම විසි වෙන්න දෙන්න එපෝ
ReplyDeleteAfter a long long time!I don't know where those ideas spring from. Very reflective poem. You always give me a thought to ponder on.
ReplyDeleteඅදමයි ආවේ මේ පැත්තට.. ලස්සන කවි පද ටික. දිගටම ලියන්න. ජය වේ!
ReplyDeletelassanai akka..
ReplyDelete