සහසක් සුරවමියන් දිය කෙළින සඳ දසත විසිරුණ , තුෂාරයෙන් නැහැවුණ තණ පළස මවන්නේ දේදුනු පැහැයයි.
හිරු කැණ් විසින් සිය සැඟවුණ වුවන සිප ගැනෙන තුරු දෙනෙත් නාරින්නට අදිටන් කරගත් මල් පොකුරුද තවම බෝමයි.
ඒ අතර කල් මරණ භෘංග සේනාව නල කුමරුන් සිත රැඳි සසල බවට නව'රුත් එක් කරයි.
හිමිදිරි උදාසන අවදි වූ විහඟුන් එකා දෙන්නා ගයන්නට පටන් අරන්....
දිගන්තයේ සිට පියඹා ආ හංසයා ,එතෙක් පොකුණු දිය මත දඟ කළ පෙර දිග අහසේ රන් වන් ඡායාව බොඳ කරමින් දිය මතුයෙහි දිස් වේ.
ඈත පෙනෙන හිමාලය මතු හිම පරදවන එම රුව ඔහුගේ ඇසට ගැටෙනුයේ නිතැතින්. දිවා හිරු සේ තෙදවත් නල කුමරිඳු ළදරුවෙකු සේ සොම්නස්ව, හස මුවගින් ගලන වදන් අසන්නේ නොහිම් ප්‍රීතියෙන්.
"මා නුඹ පිළිබඳව දමයන්තිය වෙත සැල කර සිටියෙමි... ඔබගේ රූප සෝභාව හා ගති සෝභාව අසා නුඹ වෙතම සිත් බැඳුනු ඈ දැන් පසු වන්නේ ඔබ දැකීමේ පරම අභිලාශයෙනි"
දියෙන් කිරි වෙන් කරගන්නා සේ සියුම්ව ගැලපූ වදන් , රන් රුවක් බඳු වූ දමයන්තියගේ රුව නල කුමරුන් මනසේ නිතැතින්ම මවන්නට සමත් වේ.
බැලු බැලු අත දිස් වන්නේ ඇගේ රුවයි. දෙනෙත් හැර සිටීමට නොහැකිය. දෙනෙත් වැසීමටද නොහැකිය... ඔහු සිත තුළ නුදුටු දමයන්තියගේ රුව ,දුලබ වන මලක් සේ ඇඳේ.
මද මාරුතය සැලුණා පිණි පොකුරු මැදින්
හඳකුත් සවන් රැඳුණා මිණි කිකිණි සරින්
මා දෑ නුවන් විවරව අරුණට රහසින්
සීනෙන් ඇසුණ ඒ සර සෙවුයෙමිය රිසින්
සසොබන දයාවත රුව නෙත ගැටෙන ලෙදින්
ගුවනේ සරන විහඟුන් සර දිගත දෙසින්
විකසිත පියුම් හිනැහී බැඳ නුඹට පෙමින්
බිඟු සර වැයුවේද නුඹ රුව බැඳුණු හදින්
හසඟන රඟයි සිල් බිඳ රන් රුවක් ලෙසින්
හස තුඩු දිලෙන'යුරු මැවි කිති කැවුණ හදින්
නා දලු දෙතොල් සැරසූ ඒ සිනා මලින්
පෙති රොන් සුණු සිඹිනු නොහැකිද තවම ඉතින්
සඳ දිය ඉසින රෑ යම මා වෙත අවුදින්
සඳ කුමරියේ සනසනු මා නුඹේ රුවින්
මා නෙතු විලේ පිපි පියුමක් විලස නිතින්
රැඳෙනුව නෙතු අසල සැමදා බැඳුණ පෙමින්
ඇත්තේ එක් බලාපොරොත්තුවකි. ඒ දමයන්තියගේ ස්වයංවරය පිළිබඳ පැතුම පමණකි.

දමයන්තිගේ ස්වයංවරය දිහා බලන් ඉන්න නල කවුද?:)
ReplyDeleteඅද කොන් දෙකම (ලෝකයේ කොනක සහ අනිත් කොණ ) එකපාර පෝස්ට් දාලා...:D
ReplyDeleteමාත් බැලුවෙ ඒකමයි..
Deleteදෙන්නම දොස්තර නෝනලානෙ.. ඒකයි..
Deleteඒකනම් අපූරුම වැඩේ.... මට අන්තර්ජාල පහසුකම ලැබුනේ කාලෙකින්... හැබැයි සිදූ නම් ටිකක් දුෂ්කර කාලයක් ගතකරන්නේ , සීමාවාසික කාලය නොවැ... ඒක තමයි නිතර දකින්න නොලැබෙන්නේ.. අපිටනම් ටිකක් විතර වැඩ ලිහිල් වෙලා ඒ වයසට ගිය නිසා...ඒත් පාඩම් වැඩ නම් ගොඩ වැඩි වෙලා....
Deleteභාරතීය ප්‍රේම වෘතාන්තයේ සිංහල නාට්‍යයේ ඡායාරූපයක් වෙන්න ඇති මේ.
ReplyDeleteමේ සඳැස් කවි ලස්සනට එළිවැට එන්න බ්ලොගට දාන විදිය අන්න අලුත් මලයා කියා දීල තියනවා. ලිංකුව මගේ අලුත් ලිපියේ ඇති.
ReplyDeleteසිඳු කියන්නේ අහලා පුරුදු නමක් වගේ. ඔයා බ්ලොග් එකක් ලිව්වද කලින්?
ReplyDeleteපව් බං හෙන්රියෝ මේ දවස් ව්ල මටත් පව්.. සතියකට පස්සෙ මේ එබූනෙ
Deleteසිදු දැන් ඉතාමත් කලාතුරකින් නේද බ්ලොග් ලියන්නෙ...වෘත්තීමය ජීවිතයෙදි සෑහෙන්න කාර්ය බහුල හැඩයි.
ReplyDeleteකාලෙකට පස්සෙ සිඳුත් ඇවිල්ල තියෙන්නෙ. කොහොමද වාස දේස? මෙහමෙ එකක් ලියන්න හිතට ආවෙ ලඟදී නාට්‍යක්වත් බලන්න ගියාද?
ReplyDeleteලස්සන කාව්යමය වදන්. හරිම ප්‍රේමනීයයි.
ReplyDelete