HELP IMESH...........

පුංචි ඉමේශ් ඉපදෙන්න ඉන්නවා කියල දැනගත්තු වෙලාවෙ ඉඳලා හැම අම්ම කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම වගේ  , ඉමේශ්ගෙ අම්මගෙයි තාත්තගෙයි හිතෙත් දාහක් බලාපොරොත්තු ඇති වෙන්න ඇති..... තමන්ගෙ අනිත් දරුවො දෙන්න වගේම දුව පැන ඇවිදින , දඟලන, සෙල්ලම් කරන නිරෝගී පුංචි කොලු පැටියෙක් ගැන ඔවුන් හීන දකින්න ඇති......

ඒත් ඒ හීන හීන විදියටම හිත ඇතුලෙ මියැදෙන්න පටන් ගත්තෙ , ඉපදිලා ටික කාලෙකින්ම ඉමේශ්ගෙ යම් යම් වෙනස් වීම් ඔවුන්ට දකින්න ලැබුණ නිසා. 
ඒ ගැටලු වලට විසඳුම් හොයාගන්න ඔවුන් අන්තිමේදි වෛද්‍ය වරුන්ගෙ පිහිට පැතුවා. ඉමේශ්ගෙ රෝගී තත්වයට වෛද්‍යවරුන් නමක් දුන්නා

Biliary atresia 

පිත්ත නාල සිහින් වීමක් නිසා පිත ගැලීමට බාධා ඇති වීමයි එහිදී සිදු වන්නේ.............
ඒ සඳහා පිළිගන්න එකම විසඳුම ශල්‍යකර්මයක්. ඒත් දෛවය ඉමේශ් හට එතරම් කරුණාවන්ත වූයේ නැහැ. සැත්කම අසාර්ථක වුණා. 

එදා සිට මේ දක්වාම සිදු වුණේ දිනෙන් දිනම ඔහුගේ අක්මාව රෝගී වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ප්ලීහාවද දැන් විශාලනය වෙලා. 


දැන් ඉමේශ්ට වයස මාස 7යි. විශාල වූ රෝගී අක්මාව වෙනුවට වෙනත් අක්මාවක් බද්ධ කිරීම පමණයි දැනට ඇති එකම විකල්පය. නමුත් වයස මාස 7ක රෝගී දරුවකු වන ඔහු ඒ සැත්කම සඳහා සුදුසු තත්වයක නැහැ. හැරත් ඒසා විශාල මුදලක් ඔහුගේ දෙමවුපියනට සිහිනයක්.

ඉමේශ්ට තවත් වැඩිමල් සහෝදරියක් සහ සහෝදරයෙක් සිටිනවා. ඔවුන් දෙදෙනාගේ වියදමත් , සතියකට 6000ක් පමණ වන ඉමේශ්ගේ ඖෂධ වලට යන වියදමත් ඔහුගේ මවුපියන් දරාගන්නේ අපහසුවෙන්. ට්‍රෝලර් යාත්‍රාවක සේවය කරන ඔහුගේ පියා නිවසට පැමිණෙන්නේ මාසයකට එක වරයි. ‍රැකියාවක් නොකරන ඔහුගේ මව මාසයේ ඉතිරි දින වල ජීවිතය ගැටගසා ගන්නේ ඒ සිය සැමියා එලෙස උපයන මුදල කෙසේ හෝ පිරිමසා ගැනීමට උත්සාහ කිරීමෙන්. ඒත් එය ඉතාම අපහසු කාර්යයක්. 

ඇත්ත තිත්තයි.... 
එහෙත් මෙය කිව යුතුමයි. මේ පුංචි හුරතලාගේ ජීවිත කාලය කොපමණදැයි කීමට නොහැකියි. එහෙත් ඔහු මේ ගෙවන ජීවිත කාලය පුරා ඔහුගේ ඖෂධ ඔහුට ලබා දිය යුතුමයි.... 
පුළුවන් කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න. මහ ලොකු දේවල් නෙමේ. මේ පුංචි පැටියගෙ බේත් ටික ගන්න වත් උදවු කරන්න පුළුවන් නම් ඒක වටිනව. අනිත් දරුවො දෙන්නත් කාලා ඇඳලා හරි සිටිය යුතුයි නේද....

මේ ඉමේශ්ගෙ අම්මාගෙ බැංකු ගිනුම් අංකය
ලංකා බැංකුව තොඩුවාව ශාඛාව (544) 
74466714
M.H.A.N.H. Perera


Comments

  1. පහුගිය මාස කීපය තුල ඉහත සඳහන් රෝගී තත්වයෙන් පෙලෙන දරුවො ගොඩක් දකින්න හම්බුනා. මෙවැනි රෝගයක් දරුවෙකුට වැළදුන විට පවුලක් පත්වෙන අසරණ තත්වය දන්නෙ එයට මුහුන දුන් කෙනෙක්ම තමයි. මෙවැනි කෙනෙක්ට ලැබෙන පුංචි උදව්වක් වුනත් ඒ අයට මහමෙරක් වගේ. ඉතිං හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න.

    ReplyDelete
  2. ප්‍රිය ඇඩ්මින්, මම "මල් කැකුලකට ජීවිතය දෙමු" https://www.facebook.com/littleruvini පිටුව නියෝජනය කරන්නේ. අපේ සියලුම පිටු වල මේ දරුවා ගැන විස්තර පලකරන්න පුළුවන්.

    කරුණාකර ඔබ සතු විස්තර (වාර්තා, ලිපි ආදී දරුවට උපකාර කිරීමට උදව්වක් වෙන දත්ත සහිත) info@vweb.lk ලිපිනයට එවන්න.

    -මෙවැනිම වූ වයස මස දහයක සිගිත්තියක් මුහුණ පා සිටි ජිවිත අවදානමට මුහුණ දීමට අපි මිට වසරකට මදක් පෙර එක්තරා දිනකදී එකතු වුණා. දින 38 ක් තුලදී ලක්ෂ 55 කට වැඩි මුදලකුත් මස 5 ක් තුලදී රුපියල් මිලියන 10.6 කුත් සොයාගැනීමට අපිට හැකි වුණා. සිගිත්තිය අද ඉතා සුවෙන්. මේ දරුවාට උපකාර කළහැකි අය වෙත පණිවිඩය එක මෙන් ගෙනයමු.

    ReplyDelete
  3. මේ ලිපිය ගොඩක් අය කියෙව්වා කියල නම් දැක්කා වල. ඒත් වටිනාම උපකාරය කළේ ඔබ. ස්තූතියි. අදාල තොරතුරු සියල්ල එවා තිබෙනව. හැකි උපකාරයක් කරන්න

    ReplyDelete
  4. ප්‍රිය සිඳු, https://www.facebook.com/littleruvini ඇතුළුව තවත් page කිහිපයකට තොරතුරු ඇතුලත් කලා. විශේෂ ස්තුතියක් අවශ්‍ය නැහැ. කෙනෙකුට සරණක් වෙන්න ලැබීමම අපේ වාසනාවක්. ඔබට පින්.

    අනෙකුත් page:
    1. https://www.facebook.com/groups/wikasitha/
    2. https://www.facebook.com/wikasithafanpage
    3. https://www.facebook.com/heartCollectors
    4. https://www.facebook.com/groups/nishansujeewa/

    ReplyDelete

Post a Comment