අවුරුද්දක් ගත වුණා දන්නෙම නැතුව. ඒ අවුරුද්ද පුරාම නිදි බර වෙලා ඇස් පියාන උන්න හිත හෙමින් හෙමින් නිදි ගැට කඩලා හිතන්න පටන් අරන් වගේ දැනෙනව. පොත් රාක්කෙ දූවිලි වැදි වැදී තිබුණ පොත් සේරම අද බිමට අරන් අස් කළා.
කාලයක් තිස්සෙ ඇහැ ගැටුනෙ නැති මේ පොත මතක් වුණේ ඒ වෙලාවෙ.
ගොඩක් දෙනෙක් කියවල ඇති.
රුසියානු සාහිත්‍යයේ එන ලස්සන පොතක්.Victor Dragunsky නම් ලේඛකයා විසින් රචනා කරන ලද මේ නව කතාව (The Adventures of Denis) ළමා ලෝකයේ සිතුම් පැතුම්, හැසිරීම් රටාවන් පැහැදිලිව මවා පෙන්වනව.

කත්‍යානා අමරසිංහගේ පරිවතන හැකියාව මේ පොතට සර්ව සාධාරනත්වයක් ඉටු කරලා තිබෙනවා.
පොත ආරම්භ වෙන්නෙ ඩෙනිස් කැමති සහ අකමැති දේ පිළිබඳව හැඳින්වීමෙන්.
"තාත්තගෙ දණහිස උඩ දිගා වෙලා , රෙදි වැලක එල්ලෙන ඇඳුමක් වගේ නැමිලා, අත් දෙකයි කකුල් දෙකයි වන වනා ඉන්න මං හරි කැමතියි.චෙස් සෙල්ලං කරන්නත් මං කැමතියි. හැබැයි ඒ මං දිනනවනං විතරයි. පැරදෙන්න සෙල්ලං කරන්න මං කැමතිම නෑ.
පෙට්ටියක් ඇතුලෙ දාපු කුරුමිණියෙක් පහුරු ගාන සද්දෙ අහන්න මං කොච්චර කැමතිද? ඉරිදා දවස් වලට තාත්තා එක්ක ඇඳේ පෙරලිලා අපේ බල්ලා ගැන කතා කරන්නත් මං කැමතියි. මීට වඩා ලොකු ගෙදරකට ගියාම අපි බල්ලෙක් අරගන්න යන්නෙ....."
ඔන්න ඔය විඩියට ආරම්භ වෙන ඩෙනිස්ගේ දස්කම් වල ඊලඟ පරිච්ඡේදය ඩෙනිස් අකමැති දේවල් ගැන.
"මේ ලෝකෙ එපා කරපුම දෙයක් තියෙනව නම් ඒ තමයි දත් දොස්තර ලගට යන එක. දොස්තරගෙ පුටුව දැක්ක ගමන් මට හිතෙනව ලෝකෙ අනිත් කොනට චුත වෙන්න.
ඒ විතරක්යැ ! යාලුවො එක්ක ගොඩක් විනෝද වෙන්න පුළුවන්කොට, පුටුවක් උඩට වෙලා පාඩම් කියවන එක තරම් එපා කරපු දෙයක් තියෙනවද?
අම්මයි තාත්තයි චිත්‍රපටි බලන්න යනවටත් මම කැමති නෑ.
බිත්තර බාගෙට තම්බලා පාන් කන්න වෙන එකත් එපා කරපු දෙයක්.
උපන්දින උත්සව වලදී " ගිනි ගිනි බෝලේ සෙල්ලම කරන්නත් මම කැමති නෑ, මොකද මම බබෙක්යැ...."
මේ නව කතාව පුරාවටම කුඩා දරුවකුගේ සිතුම් පැතුම් පිළිබඳව මනා විවරණයක් ලබා දෙනව. සෑම කුඩා දරුවෙකුම, ළමා කාලයක් තිබූ සෑම වැඩිහිටියෙකුම ඇළුම් කරන ලක්ෂණ මෙහි ගැබ් වෙනවා.
"දවසක් දා මම ඉඳගෙන කල්පනා කර කර හිටිය. එක පාරටම මට පුදුම හිතෙන දෙයක් කල්පනාවට ආව. මේ ලෝකේ තියෙන දේවල් සේරම අනිත් පැත්තට වෙන්න පටන් ගත්තොත් කොහොමට තියේවිද? උදාහරණයක් විදියට මුලු ලෝකෙම ළමයි පාලනය කරන්න පටන් ගත්තොත්!
එහෙම වුනොත් මට හිතාගන්න පුළුවන් අම්මයි තාත්තයි මං කියන දේවල් කරන්න කොච්චර අකමැති වෙනවද කියලා.
ඔන්න හිතමු අපි රෑ කෑම කනව කියල.
මං අම්මට මෙහෙම කියයි.
"ඇයි ඔය කෑම ඉතුරු කරන්නෙ? බලන්න ඔයා දිහා. හරියට ඇටසැකිල්ලක් වගේ. දැන්මම කන්න පටන් ගන්න....!
එතකොට අම්මා පිඟාන දිහා හරිම එපා වෙන තාලෙකට බලලා කන්න පටන් ගනියි. ඒත් මං තව ටිකක් අවවාද කරනව.
"ඉක්මන් කරන්න! අත ගගා ඉන්න එපා! හරියට හපලා කෑම ටික කන්න ඉගෙන ගන්න. අනික වාඩිවෙලා ඔහොම කකුල් පද්දන්න එපා...."
එතකොට තාත්තා වැඩ ඇරිලා ගෙදර එනවා. එයා කබාය ගලවන්නත් කලින්ම මට බෙරිහන් දෙන්න පුලුවන්.
"හරි වෙලාවක නේ ආවෙ! හැම තිස්සෙම කෑමට පරක්කු වෙනවා! දැන්ම ගිහින් අත් හෝදාගන්න! ඔහොමද අත් හෝදන්නේ. ඔයා නිකම් අත් වල තියෙන ජරාව හැම තැනම ගානවා විතරයි. ඔහොම අත පිහ දැම්මම තුවායත් ජරා වෙනවා. කෝ බලන්න ඔයාගෙ නියපොතු. මේවා නියපොතුද? හරියට බළල් නිය වගේ......"
ටොම් සෝයර් , හකල්බරි ෆින් ආදී ලෝක ප්‍රකට ළමා නවකතා සහ අපේ මඩොල් දූව වැනි ළමා නවකතා ආදී සියල්ලටම පොදු වූ ළමා ලෝකයේ අහිංසකත්වයත්, නිකලැල් බවත් මෙහි සෑම තැනකම දකින්නට ලැබෙනව.
ළමා ලෝකයේ සුන්දරත්වය පිළිබඳව මෙන්ම ,වැඩිහිටියන් විසින් දරුවන් තේරුම් නොගැනීම, මවුපියන් නිවසේ නැති අවස්ථා වල දරුවන්ගේ සිතට දැනෙන පාළුව වැනි ගැටලු පිළිබඳවත් මෙහි කතා කරනවා.

“කෝ ඔයාගේ අලුත් ට්‍රක් එක.”
“මං ඒක වික්කා.”
“වික්කා! මොකටද?”
“මේ කණාමැදිරියා ගන්න! දැක්කද මේ ඉන්නෙ ඌ ගිනිපෙට්ටියෙ. හොඳට බලා ගන්න ලයිට් එක නිවන්න.”
අම්මා ලයිට් එක නිවුවා. කාමරේ හොඳට ම කරුවල වුණා. අපි දෙන්නම කණාමැදිරියගෙ කොළ එළිය දිහා බලාගෙන හිටියා. ඊට පස්සෙ අම්මා කාමරේ ලයිට් එක දැම්මා.
“ඒක හරියට මැජික් එකක් වගේ. ඒත් ඇයි ඔයා ඔය පුංචි කණාමැදිරියෙක් ගන්න ඔයාගෙ අලුත් ම ට්‍රක් එක විකුණුවේ.”
“මං ඔයා එනකල් බලා හිටියා. හුඟාක් වෙලා බලාගෙන හිටියා. මට හොඳටම දුක හිතිලයි තිබුණෙ. ඉතින් ට්‍රක් එකට වඩා කණාමැදිරියා හොඳයි කියලා හිතුණා.
“ඒ ඇයි?”
“ඇයි අම්මෙ තේරෙන්නෙ නැද්ද? ඌ දිලිසෙනවා. අනික ඌට පණ තියෙනවා......
ඔබ තවම ඩෙනිස්ගේ දස්කම් කියවලා නැත්නම් කියවලා බලන්න. ඊට පස්සෙ අපි කතා කරමු
පොත ඉතින් කියවලා නෑ නේන්නම්..
ReplyDeleteදැන් මොකද අක්කා වැඩිය නොලියන්නේ?
අවුරුද්දක අධික වැඩ සහිත කාලයක් තිබුණ මල්ලි. ඒ කාලෙ ඉවර වුණා. ආයෙමත් ලියන්න පටන් ගත්තා. ආයෙමත් අනිත් බ්ලොග්ස් කියවන්න පටන් ගත්තා
Deleteමේං කාලෙකට පස්සේ ඇවිත්...
ReplyDeleteමෙදාපාර පඩියෙන් ඔය පොත ගන්ඩ ඉන්නේ... මේ ටිකේ නං කියවන්නේ මනෝහාරි හේවාවසම්ගේ "ඇහැලමලී" පොත !
කල්පයකට පස්සෙ ආව වගේ දැනෙනවා.
Deleteඇහැලමලී කියවලා නෑ. ලස්සනද ඒක?
ඔවු... සෑහෙන ලස්සනයි !
Deleteමට නම් ඇහැලමලී කියෙව්වම දැනුනේ ටිකක් දිරවගන්න බැරි කමක්. ලොකු බරක්. මගෙ අයාළුවෙකුත් ඒකම කිව්වා. ඒත් මනෝගේ උත්සාහය බොහෝ ප්රබුද්ධ ලේඛකයන්ට නම් වඩා හොඳයි.
Deleteපොත කියවල නැහැ අහල තිබුනාට. කත්‍යානා ගේ පරවර්තනයක් මම කියවලා තියෙනවා වගේ මතකයි. සජීවි බාෂාවක් යොදා ගෙන තිබුනා. ස්තුතියි දැනුවත් කිරීමට...
ReplyDeleteඇත්ත. කත්යානාගෙ පරිවර්තන පරිවර්තනයක් කියල නොදැනෙන ගානට සජීවියි
Deleteඕකෙ චිත්‍රපටි සීරීස් එකක්ම තියෙනවා නේද ? ඒ ටික නම් බලලා තියේ..
ReplyDeleteඒ ඩෙනිසුයි මේ ඩෙනිසුයි වෙනස් නේද? මේ රුසියාවෙ ඩෙනිස් කෙනෙක්
Deleteමම ඔය පොත කීප වතවක් කියවල තියනව. සින්හල පරිවර්තනය. ඔය ගොඩටම වටෙන තව පොත් කීපයක් ම තියනව. Adventures of Tom Sawyer and Adventures of Huckelbury Finn. ඒ වුනාට Ben Ten, Zac power කියවන අපෙ පොඩි වුන්ට ඕක හරියට රස විදින්න තෙරෙන්නෙ නැහැ වගෙ
ReplyDeleteපොඩි උන්ට දීල බැලුවද කියවන්න? දීලා බලන්නකො, කැමති වෙයි මම හිතන්නෙ.
Delete(ඔයාගෙ හක්ල්බරි ෆින් අපේ ගෙදර)
මාත් කියවලා තියෙනවා වගේ මතකයි....රුසියානු සාහිත්‍ය හරිම ලස්සනයි....
ReplyDeleteඒක ඇත්ත. රුසියානු සාහිත්යේ එන ගොඩක් පොත් ලස්සනයි. විශේෂයෙන් ළමා පොත්
Deleteපොත කියවලනම් නැහැ.දැන්නම් කියවන්න ආස හිතුන..
ReplyDeleteකියවලා බලන්න. මේකෙ තියෙන කොටස් වලට වඩා ගොඩක් ලස්සන කොටස් තියෙනව
Deleteමම ආස ම පොත් අතර උඩින් ම තියෙන පොතක්. මම ආස ම කොටස් තමයි ගෙදර අමුත්තෙක් ආව ම වෙන දේ (මතක විදියට තෙවැනි පරිච්ඡේදය) සහ කුකුළු බුකුළු විජ්ජාව!
ReplyDeleteඇයි අර ආච්චි කෙනෙක්ගෙ ඇඳ යටට රිංගලා ඩෙනිස්ට වෙන දේ... ඒකත් මම ආසම කොටසක්
Deleteමම නම් ආසම තැන තමයි මේ පහලින් උපුටා දක්වලා තියෙන කොටස. දෙමාපියන්ට කතාවක් කරන්න වෙන හැම වෙලාවකම වගේ ඩෙනිස්ට අම්මා නැති පාළුව දැනුන හැටි, එයා බලාගෙන හිටපු හැටි, එයා ඊට පස්සෙ තමන් ආසම ට්‍රක් එක යාළුවට විකුණපු හැටි මට මතක් වෙනවා. ඒ වගේම මම ගොඩක් වෙලාවට එයාලටත් ඒ කතාව කියලා දෙනවා.
ReplyDeleteඒක ගොඩක් සංවේදී කොටසක් තමයි. තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට ඒකෙ ඇතුලෙ කොයි තරම් ගැඹුරු තේරුමක් තියෙනවද කියලා තෙරුම් ගන්න පුලුවන්
Deleteඅනේ මන්දා එක එක්කෙනාගෙ රුචිකම් වෙනස් නිසාවෙන්දෝ මම සාමාන්යෙන් මේ ටයිප් එකේ පො6ත් කියවන්න අකමැතියි :)
ReplyDeleteහැමෝම එකම දේවල් වලට නම් කැමති, මේ ලෝකෙ කොයි තරම් ඒකාකාරියි වෙයිද කියල හිතාගන්න පුළුවන්ද? එහෙම වුනොත් ජීවත් වෙන එකත් එපා වෙයි. සමී කැමති මොනවගේ පොත් වලටද? උදාහරණයක් කිවුවොත්?
ReplyDeleteආයෙත් ලියන්න ගත්ත එක ලොකු දෙයක් සිදූ
ReplyDeleteපුළුවන් තරම් ලියන්න උත්සහ කරනව ඩිලන්
Deleteඇයි සිඳුලා වගේ අයත් පරිවර්තනම කියවන්නේ? මට හිතෙන්නේ නියම රසය ලංකාවේ පරිවර්තන වල තියෙන්නෙ අබොහෝ අඩුවෙන් කියලා. ඔරිජිනල් භාශාවෙන් කියවපු පොත් කිහිපයක් කියෙව්වාට පස්සේ ලංකාවේ යාළුවෙක් එවලා තිබුන හින්දා මාත් පරිවර්තන කිහිපයක් කියෙව්වා. මට නම් ඒ පොත් වල කිසිම රසයක් දැණුනේ නෑ. මේක සමහරවිට ඒ අය යොදාගන්න භාශාව නිසා වෙන්න පුළුවන්.
ReplyDeleteකියවලා තේරුම් ගන්න දන්නෙ භාෂා දෙකයි. දෙකම කියවනවා. පරිවර්තනම විතරක් කියවනවා නෙමේ.
Deleteනමුත් ඉංග්‍රීසියෙන් ලියවුන (හෝ වෙනත් භාෂා වලින් - උදාහරණයක් ලෙස රුසියානු බසින් ලියැවුණ ඩෙනිස්ගේ දස්කම් වගේ) හැම පොතක්ම ලංකාවෙ අපිට ලැබෙන්නෙ නෑ. ඒ නිසා කියවන්න තියන ආසාව නිසා ලැබෙන පොත් කිය්වනවා.
ඔබ හරි. මුල් පොතේ රසය පරිවර්තන වලින් ලැබෙන අවස්ථා හරිම සීමිතයි. ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වෙන පොත් පිළිබඳව පමණයි අපිට දැන ගන්නට දකින්නට ලැබෙන්නෙ. ලෝකය පුරා ඇවිදින්න ලැබුණ කාලයක නම් මේ තත්වය වෙනස් වෙයි.
ඩෙනිස් මාත් කියෙව්වා.සිරා පොත.ඒ වගේම තවත් සිරා පොතක් තියෙනවා 'ලොන්නෙබැරියේ එමිල්' කියලා. ඒක ස්වීඩ්න් ලේඛිකාවක් වෙච්ච ඇස්ට්‍රිඩ් ලින්ග්‍රන් ගේ.සිංහල පරිවර්තනය විජිත ගුණරත්න.ගොඩගේ එකේ තියෙනවා.ඒකෙම දෙවෙනි කොටස 'එමිල්ගේ අළුත් පෙරලි' සහ තුන්වෙනි කොටස 'එමිල් තාමත් ලොන්නෙබැරියේ' ඒවත් සිරා.
ReplyDeleteකිව්වට විශ්වාස කරන්ඩ ඔය පොත් තුනම නැතිවෙන නැතිවෙන පාරට ආපහු සල්ලි දීලා ගත්තා.දැං ආයෙත් නැතිවෙලා.
ඒ පොත් දෙකම මම කියවලා නෑ. කොහෙන් හරි හොයගෙන කියවන්න ඕනා
Deleteසිදූ ආයෙත් ඇවිල්ලා...අලුත් ආරංචි අරගෙන , මේකනම් අපූරුම පොතක්. දිනුක මල්ලී කියපු පොත් ටික හොයන් කියවන්න ඕනෙ. ඒත් දැන් එහෙම එකතැනකට වෙලා ඉඳගෙන කියවන්නත් වෙලාවක් නැති තරම් ආයෙත් ජීවිතේ හැඩි වෙලා වැඩ වැඩි වෙලා. ඒත් ඉන්ටර්න්ස් ඉවර නිසා සිදූ දැන් ඉතින් නිදහසේ හුස්මක් ගන්න...හෙට එච්චර කළුවර නැති වේවියි හිතමු.
ReplyDeleteටික කාලයක් මෙහෙම ඉන්න පුළුවන් වෙයි අක්කෙ. ඊට පස්සෙ කොහෙ යන්න වෙයිද දන්නෙ නෑ. එතකම් පුළුවන් විදියට ලියනවා
Deleteආ.. සිඳු ඉස් බැක්... ! දැන් නම් කට්ටිය ආයිත් පොත් කියවන්න, සිංදු ලියන්න, කතා කියන්න පටන් අරං වගේ. කැමරාවටත් දැන් ටිකක් වැඩ වැඩි වෙයි නේද? හොඳා හොඳා... දිගටම ලියන්න.. අපිත් පුළුවන් වෙලාවට ඇවිල්ල යන්නම්...
ReplyDeleteආයෙමත් දකින්න ලැබීම සතුටක්. ඔය පොත සැහෙන කාලෙකට කලින් කියෙව්වා. මාත් හරිම ආසයි ඩෙනිස් ගෙ සිතුවිලි ලියල තියෙන හැටියට. වැඩිහිටියන් ගෙ ඇස් පාදන පොතක්. ඕකෙ ඉන්ග්‍රීසි පරිවර්තනයක් තියෙනවද? ඒකත් කියවන්න ආසයි.
ReplyDeleteHarima Lassana pothak
ReplyDelete