පුංචි කුරුලු කතාවක්

අද කාලෙ ගොඩක් පවුල් වල වගේ මේ පවුලෙත් හිටියෙ, අම්මයි තාත්තයි බබාලා දෙන්නයි. එයාලගෙ පුංචි කූඩුවෙ එයාලා සතුටින් ජීවත් වුණා.
කාලයක් ගත වුණා. 
පුංචි දඟකාරයො දෙන්නට දැන් ටික ටික අත්ත‍ටු ගහලා ඉගිලෙන්න පුලුවන්. 
අත්ත‍ටු හරියට වැඩිලා නැති වුණාට , යම්තම් අම්මලා එක්ක කූඩුවෙන් එලියට යන්න පුලුවන් තරමට එයාල දැන් ලොකුයි.



අද එයාලට සතු‍ටු දවසක්. වෙනදාට වඩා ටිකක් ඈතට එයාලව අම්මල එක්කන් ඇවිත්.



මේ මොනවද? 
සුවඳ මල් ගොඩක්.....
පුංචි කුරුලු බබා ටිකක් ලං වෙලා බැලුවා.
හරී සුවඳයි.....
මල් පැණිත් තියෙනවා.

සතුට වැඩි කමට දඟලන්න ගිහින් තව ටිකෙන් එයාව ලිස්සල වැටෙනවා. පුංචි අත්ත‍ටු දෙක ගහල නොවැටී බේරෙන්න එයාට පුළුවන් වුණා.



තාත්තා මේක දැක්කා. එයාට ටිකක් විතර තරහ ගියා වගේ.

"ළමයි..... මොකද මේ දඟලන්නෙ? අන්න අර අත්ත උඩට වෙලා දඟලන්නෙ නැතිව ඉන්න" එයා තදින් කිවුවා.

තාත්තගෙ සද්දෙට බය වුණ පුංචි පැටවු දෙන්නා හිමින්ම ඒ අත්ත උඩට පියඹලා ගියා. ඊට උඩින් තියෙන අඹ කොල ටික හිසට වහලක් වගේ ඒ දෙන්නව ආරක්ෂා කළා.



අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට ඒ දෙන්නව බලා ගත්තා අනිත් කෙනා බබාලට කෑම හොයාගෙන එනකම්.



හොඳට බඩ පිරුණට පස්සෙ දෙන්නටම නිදි මතයි වගේ. 

රෑ මේ ගහේම පහන් කරන්න අම්මයි තාත්තයි තීරණය කළා.
අම්මටයි තාත්තටයි තුරුලු වෙලා නිදා ගන්න එක තරම් සැපක් දරුවන්ට වෙන කොහෙන්ද......



මන්දාරමත් එක්ක එන වැහි බින්දු වලින් මේ පුංචි පවුල බේරන්න අඹ ගහ සැදී පැහැදී හිටිය.

Comments

  1. පුංචි උනත් කතාව ලස්සනයි අක්කේ...හැබැට මේ පින්තුරූ ටික ගත්තේ ඔයාද?

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි. ආලෝක තත්වය අඩු නිසා ෆොටෝස් ටික නම් එච්චර හොඳ මදි.
      (මේ කට්ටිය මේ වෙලාවෙත් අඹ ගහේ ඉන්නව)

      Delete
  2. පුංචිම පුංචි දේවල් කොච්චර ලස්සනද කියල හිතුන මේ ෆොටෝ ටික බලනකොට..

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මෙයාලගෙ වැඩ හරිම හුරතල්, ලස්සනයි

      Delete
  3. තමන්ගේම පින්තූරවලින් කතාව කිව්ව විදිය මරු.

    මට හැමදාම හිතෙන දෙයක් තමයි කුරුළු පැටව් මෙච්චර ලොකු මොකද කියන එක. දැන් බලන්නකෝ මුන් දෙන්නත් දෙමව්පියෝ තරම්ම ලොකුනේ.

    ReplyDelete
    Replies
    1. මෙයාල purple rumped sun bird . මම හිතන්නෙ මෙයාලව මවද්දි දෙවියො හිතන්න ඇති දෙමවුපියන්ට සාපේක්ෂව පුංචියට මැවුවොත් කූඩුවෙ කෙඳි පිදුරු අස්සෙන් බිම වැටෙයි කියල.
      එතකොට කුකුලු පැටවු , මොනර පැටවු එහෙමත් අම්මල තාත්තල තරම් ලොකුද...??? :

      Delete
    2. මොනර පැටව් නම් දැකලා නෑ. නමුත් කාක් පැටව් නම් විශාලයි. වෙනස කට රතුවට පේන එක විතරයි.

      Delete
  4. ඇත්තට පින්තුරෙට කතාව මවපු විදියනම් නියමයි. එත් මං බැලුවා ඇයි මෙහෙම සරල කතාවක් ලිවුවේ කියලා. බැලින්නන් මෙයානේ ෆොටෝ ටික අරන් තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ..... මමනෙ ෆොටෝ අරන් තියෙනෙ

      Delete
  5. පින්තූර ටිකයි ඒකට ගොතපු කතාවයි නියමයි අක්කේ.. මම ලංකාවේ ඉද්දී මෙයින් පැටියෙක් අහම්බෙන් වගේ ඇවිත් අපේ ගෙදරත් හිටියා දවස් දෙකක් විතර..

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒ පැටියට මොකද වුණේ??

      Delete
  6. ලස්සන පින්තූරු කතාවක්!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි. ගොඩක් කාලෙකින් දැක්කෙ. ( ගොඩක් කාලෙකින් මම බ්ලොග් පැත්තෙ ආවෙ)

      Delete
  7. හරිම සන්තෝසයි.. කතාව කියන හැටි හරිම අපුරුයි..

    ReplyDelete
    Replies
    1. මේක කතාවක් වුණත්, ඇත්තටම වුණේ මේ ටික තමයි. තාත්ත බැනපු ටික ඇරෙන්න

      Delete
  8. පින්තූර ටික අපූරුයි අක්කේ. පුදුම ඉවසීමක් තියෙන්න ඕන මෙයාලව ඡායාරූපගත කරන වැඩේට. කතාව ගොතාපු විදියත් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලා බලන් හිටිය නම් තමයි. ස්තූතියි නංගා

      Delete
  9. වාව්.. සිදූ අක්කගෙ පොටෝග්‍රැපි මරුනේ!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ...... (with low light හවසට ගන්න අමාරුයි නංගි , ට්‍රයි පොඩ් එකක් ගන්න ඕන)

      Delete
  10. “උදෑසනම කිම ඉර අද
    කුරුළු ගෙදර මඟුලක් වෙද
    සුබ මොහොතත් ලඟයැ නොමද
    යව රැස් මට පළමු විහිද“

    දොරට වැඩුම කවි පන්තිය මතක් වුනා..

    ReplyDelete
  11. පින්තූරු ටිකත්තෙක්කම කතාව ලස්සනයි..

    පුංචි කුරුලු කූඩුවේ
    උන් ඉන්නවා පාඩුවේ
    එපා කුරුළු විසි කරන්න නිකන් ඉදින් පාඩුවේ


    මම් පොඩි කාලේ අහපු සිංදුවක් !

    ReplyDelete
  12. කතාවයි පින්තුරයි කුරුළු පවුලයි ඔක්කොම ලස්සනයි

    ReplyDelete
  13. Happy B'day macho !!! ko dan cake?

    ReplyDelete

Post a Comment