Saturday, May 31, 2014

හැඬවූ කවිය

පරණ දින පොතක තිබුණ කවියක්.......! අහම්බෙන් ඇස ගැ‍ටුනෙ. මේ පැත්ත පාළුවට ගිහින් නිසා පල කරන්න හිතුණ.

හිත බෝම රිද්දවපු
වදන් මට ඇසුණාට,
නෑසුණා සේ ඉන්න
සිතක් මට තිබුණා

සෙයිලමේ නේක නෙතු
දහක් ඉඟි දු‍ටුවාට,
නුදු‍ටුවා සේ සිටිය
නෙතක් මට තිබුණා

ඒත්...........

කලාතුරකින් දු‍ටුව
නුඹේ හස‍රැල් වලට,
ඇත්තමයි මගේ සිත
මොහොතකට සැලුණා

ඇය නමින් නුඹ ලිවුව
කවිය ඇස ගැ‍ටුණාම,
සත්තකයි මගේ හිත
මහ ගොඩක් හැඬුවා


9 comments:

  1. හරිම ලස්සනයි, මේක නිකන් ගී පද සංකල්පනාවක් වගේ, ඒ වගේ තාලයක්මයි තියෙන්නේ, හරියට මේඛලා ගමගේ කියන සින්දුවක් වගේ, ලස්සනයි. ජය වේවා.

    ReplyDelete
  2. කවුරු වෙනුවෙන් හරි කමක් නැහැ, නිර්මාණයක් බිහි වෙනව නම් :))

    හරිම ආත්මාර්ථකාමී කතාවක් නේද මම කිව්වේ ?

    ReplyDelete
  3. ආදරය නිසා නොවැ මේ වේදනා..මට මතක් උනේ මේ ගීතය

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත් කදුලෙන් තුරන් වූ ප්‍රේමයක්........

    ReplyDelete
  4. අහම්බෙන් හරි මේ පැත්ත මතක් වුන එකත් හොදයි..

    ReplyDelete
  5. මං හිතහිත හිටියෙ අහන්න මොකද සද්දෙ වහලා කයල. ලියමුකො ආපහු අර වගෙ කතාවකුත්..

    ReplyDelete
  6. කවිය පැරණි වුණත් අදටත් වලංගුයි

    ReplyDelete
  7. කවිය පැරණි වුනත් අදටත් වලංගු අදහසක් තියෙනවා

    ReplyDelete
  8. ඔන්න මාත් කාලෙකින් මේ පැත්තෙන් ආවා.

    ReplyDelete