වැදි රජ වලප

සරත් සමයෙහි සරතැසෙහි නෙත
ලෙදින් නුඹ නෙත මහද දැව් සඳ
නඳිත වී ඉපිලුණද හදවත
වීය බාධක විකුම් ධනුදර
පතා ලබනට නුඹෙන් සෙනෙහස
සටන් වැදුනෙමි එඩි බිඳින්නට
පොලොව සිඹි මුව දැනිණි ලේ රස
තෙදැති ධනුදර නැගී ජය ගොස

බියෙන් සලිතව නුඹේ නෙතු යුග
දිටිමි කඳුලැලි උතුරනා හැඩ
නුඹේ කුමරුන් එදෙස බැලු සඳ
මමයි ගත්තේ ඔහුගෙ අසිපත
සිදුරු වූ ඔහු පපු තුරෙන් ගැලු
රුහිරු නුඹ හද වසා ගන්නැ'ති
නුඹේ දෙනෙතෙහි තිබූ වෛරය
ශෝකයත් මම හැඳින ගත්තෙමි

සෙනෙහසක් නැති දෙනෙත් අබියස
සිතෙහි වූ වෙර හැඳිනුවෙමි මම
බියෙන් නැවතින මගේ හදවත
පලා වන ගැබ සැඟවුනෙමි මම
කිමෙක් වීදැයි පිරිස ඇසි සඳ
පැවසුවෙමි මම නුඹ චපල බව
ඇදහුවේ උන් සෑම වදනම
මාය වැදි රජ , මෙවන අරණට

තවම වැලපෙයි මගේ හදවත
වනේ සතුනට ගොදුරු විද නුඹ
ශෝකයෙන් ළය පැලී මියැදිද
මහ වනේ මං මුලා විද නුඹ?



Comments

  1. මේක නම් ඉතාම අගනා නිර්මාණයක්... සරත්චන්ද්‍ර අපිට පෙන්නපු මානයටත් එහා අපිව එක්කන් යනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර. සරත්චන්ද්‍රයන් පුදුමාකාර පරිකල්පන ශක්තියක් තිබුන මනුස්සයෙක් නේ? ඒ නිසා මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනව

      Delete
  2. සටන් වැද උනුන්හා
    මරාගන්නා උන් හැර
    වනේ වග වලසුන්
    සමග වසමි සතුටින්..

    ReplyDelete
    Replies
    1. මනමේ කුමාරි jugle book එකේ වගේ ඉන්නවලුද එතකොට?හෆොයි!

      Delete
  3. ඇත්තටම වැදී රජුට පසුව වත් ආදරයක් ඇති වෙන්නට ඇතිද මනමේ කුමරිය ගැන .
    චපල ලේබලය ගසාගත් මනමේ කුමරියන් කොතෙක් ඇතිද? ඔවුන් සැබවින්ම චපලද? අගනා නිර්මාණයක්.... රාමුවෙන් එපිටට ...නියමයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මට කියන්න ඕන වුනේ ෆවුලූශා. ස්තූතියි වචන වලින් ඒක මේ තරම් පැහැදිලි කළාට. :)

      Delete
  4. චුල්ල ධනුද්ධර කතාවට වඩා මනමේ වෙනස්...
    මේක ඒ දෙකටම වඩා වෙනස්...
    පට්ට සිදු අක්ක...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. මනමේ එකේ වෙනස තව ටිකක් වෙනස් කරන්න හිතුණා

      Delete
  5. සාර්ථකයි.. මට මංජුල වෙඩි වර්ධනගේ “ගිමන් නිවන්නා සහ අශ්ව හිස“ කෙටි කතාව මතක් උනා..

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු උඹත් කියවන පොත් බං.තොට වෙඩි තියල මරන්ඩ එපායැ.

      Delete
    2. හැක් හැක්. ඊයේ කියෙව්වේ.. හැලපේ මේ සයිට් එක කියවනවද? බොට නං ගැලපෙනවා..

      තටු නැති පිටු

      Delete
    3. කියෝනව බං,මේ දවස්වල මම කරුමක්කාර කතාවක් හොයාගන්න පොත් ගොඩේ දඟලනවා.

      Delete
    4. දේශකයාටයි හැලප කඩේටයි දෙන්නටම ස්තූතියි. මංජුල වෙඩි වර්ධනගෙ ඒ පොත මම කියවල නෑනෙ. මගෙ ආදරණීය යක්ෂණී ත් නංගිව " කඩේ යවල" ගෙන්නගත්ත. ඒක ගෙදර . තවම මට හම්බුනේ නෑ.
      ඒ වුණාට මොකද මේ දේශකයව වෙඩි තියල මරන්න හදන්නෙ??? වෙඩිවර්ධනගෙ පොත් කියවන නිසාද?

      Delete
    5. මොනා කරන්නද සිදු. . මට තරහකාරයෝ වැහි වැහැල.. මොකද ඔය නාකින්ට වැඩිය මම තරුණයි නේහ්..

      Delete
    6. ලගදි බස් එකේ යද්දි හීන දැක්කෙ නැද්ද දේශක මල්ලි...

      Delete
    7. @ සිඳු : //" මගෙ ආදරණීය යක්ෂණී ත් නංගිව " කඩේ යවල" ගෙන්නගත්ත//

      මේක අහල මගේ ඇඟේ මවිල් ඉස්මයිල් උනා නේ.... යක්ෂණියක් ගෙන්නගත්තා කිව්වා කඩේ යවලා?? අනේ අම්මේ....

      Delete
  6. කවිවලට එච්චරම ආසාවක් නැති වුනත්, මේ කවි ටික නම් ලස්සනයි සිඳු. ඒ අපි දන්න දේකින් පිට ගිහින් යමක් කීමට හදලා තියෙන නිසා.

    ReplyDelete
  7. 'වලප' කියන වචනේ තේරුම වැලපීම කියන එකද? වැලපෙයි කියන එකද? 'විලාපයද'?

    ReplyDelete
    Replies
    1. වල‘ප = වලප = වල් + ලප = ආශාව + තිත් (බිංදු) = ඇඩීම + කදුළු = වලප

      (උපුටාගැනීම - වර්ගපුරුණිකාව)

      Delete
    2. එතකොට "හැලප"?

      Delete
  8. ස්වාමීනි
    මෙහුයි මනමේ මැරුවේ
    නැත මම නොවෙයි
    මෙතුවක් ආලයෙන් වෙලී සිටි
    මා මනමේ
    කඩුවෙන් කෙටුවී මේ
    වද්දාමයි
    නැහැ මම නොවෙයි
    මී සියලු චෝදනාවන්ට
    මම නිවැරදිකරු
    ස්වාමීනි
    මේ චපල ස්ත්‍රිය
    මායමෙන් මා වසඟ කොට
    මරවා ඒ රජුව
    කියයි මට මරුවා කියා

    විත්ති කාර මේ වද්දා
    රක්ෂිත බඳනා ගාර ගත කරමි
    මැරීමට යොදාගත්
    ආයුද හා යලි
    කැඳවන දිනට
    ඉදිරිපත් කරනු

    පැමිණිලි කාරිය
    රෝහලට යොමු කර
    මානසික යෝග්‍යතාව
    පරීක්ෂා කරනු

    වැදි රජ ගං පතුලේ
    මචු ලා බැඳී දෑත් සමගින්
    කොටන්න හැදුවාලු
    රාජ පුරුෂයන්ට
    ආයුද සොයන්නට ගිය විට

    මේ එක නෙවී
    මනමේ කුමාරි
    වාරියපොළ එකක්ලු
    නේද බන්

    ජය වේවා, සාර්ථක නිර්මාණයක්.

    ReplyDelete
  9. මගේ හිතේ ලියවෙච්ච දෙයක් වගේ මට දැනුනේ... ඇත්තටම හරිම ලස්සනයි. මේ වගේ නව චින්තන කොතරම් සුන්දරද?

    ReplyDelete
  10. මනමේ බලන කියවන හැම වෙලාවකම මට හිතුනු දෙයක් මේක.. දැන්නම් හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.. සුන්දර මනමේ කුමරිය නිවැරදිකාරිය වීම නිසා.. වැදි රජත් නොවන කුමරුත් නොවන මම කවදත් ඇයට ආදරය කරා. ස්තූතියි සිදූ නිවැරදි තීන්දුව ප්‍රකශ කරාට..

    ReplyDelete
  11. නෝනට දැන් ටිකක් විවේකය තියෙන හැඩයි....මනමේ කථාව ඉතිං අපි පුංචි කාලෙ ඉදලම අහලා තියෙන එක නොවැ...සෑහෙන කාලෙකට පස්සෙ මනමේ නාටකේ දිහාවට හිත අරගෙන ගිය නිර්මාණයක් මේක...වැදි රජ වෙත කරුණාව එන්නත් කලා නුඹ....එහෙම නේද...

    ReplyDelete
  12. මෙන්න කවි.. සිඳු අක්කා...!!!!

    ReplyDelete
  13. නාට්‍යය බලද්දි ඔහොම හිතුනෙ නෑනෙ. ඔයා කොහොමත් ඉතින් innovative නෙ.

    පරන programme එකක් හම්බවුනා English Day එකක. ඒකෙ ඉස්සරහ චිත්‍රෙ, මල් කූඩයක් අතින් අරන් ඉන්න lady කෙනෙක්. මගෙ හොඳම ගෝලයෙක් මට ඇඳල දුන්නෙ.

    ReplyDelete

Post a Comment