පරසතු මලක් වූ මදාරා මල

සිසි කිරණ සීතලට 
මුව අසල දැවටි සඳ
මදාරා මල් සුවඳ 
පවනක්ව දැනුණ ලෙද....
මදාර රොන් තුහින
දුරක සිට ඉසින බව
නිශා යම තරුවක්ව 
හිත් අහසෙ ලිවූ නුඹ..

පියාපත් සිඳ දැමුව
අඳුරු කඳු ශිඛර මැද
මං මුලා වූ දෙනෙත්
තරු ඇසින් දු‍ටුව නුඹ
දුර අඳුරු අහස් ගඟ
රළු වලා සීඳ දැමුව
දෙව් ලොවෙන් ගිලිහි ගිය 
මදාරා මල් පියලි

සෙනේහය දෝර යන
නයන විල් ‍රැළි අතර
‍රැව් දිදී හස නගා
සැඟවිලා දඟ කරන.......

පැහැසරය - මුවග හස
නෙතු පියන් බොඳ කළද
වසන්තය අග පිපුණ
විසිරෙනා මකරන්ද
ලහිරු යන්තම් හැරී
දියත සිපගන්න සඳ.......
වැසුණු නෙතු විවර විය
නුඹය පරසතු කුසුම


Comments

  1. හම්මේ සිඳු අක්ක සෑහෙන දාසකින්
    මූදෙ වත් ගිලුණද හිහි.
    ලස්සනයි කවිය
    ජයවේවා

    ReplyDelete
  2. නිශා යම තරුවක්ව
    දුර අහසේ සිටිය නුඹ
    දෙව් ලොවෙන් ගිලිහුන
    මදාරා මල් පෙත්තක නැග
    මිහිකතට ගොඩබට
    සඳත් පරදන දෙව්දුවක් වූ කල
    පරසතු මලක් වූ මම
    කුමක් කරන්නද දෙව්දුවක් අබියස.

    ReplyDelete
  3. ane akke me kolam liyana eka nawaththala oyage me chooti nangi patiya gana kathaawak liyannakooo

    ReplyDelete
  4. Aluthin mukuth liyando, api balan ennava.

    ReplyDelete
  5. හරිම ලස්සන පද ටිකක් ❤️

    ReplyDelete
  6. මේ පද පෙල ලිවුවේ කවුද?

    ReplyDelete

Post a Comment