දුක හිතුණ අහස

පරව යන රතු රෝස මල් දැක
නීල අහසට දුක හිතෙන්නැති
මලට යලි රතු පාට දෙන්නට
රතු වලාකුළු පොරව ගන්නැති
වලා පෙළ සඟවනා කඳුලැලි
මොහොතකින් ගිලිහිලා යනු ඇති
ගෙවී ගිය මොහොතක්ම ගානේ
නික්ම ගිය හිරු සොයනවා ඇති

තරු පිරී ගැබ්බර වු අහසින්
කඳුලු පිණි දිය සේ වැටෙනු ඇති
නැවුම් තරු ඉඳු  තරු සමග, පෙම්
සුව විඳිනු දැක තව හඬනු ඇති
හිරු නැවත යළි එන තුරා ඇය
වරු ගණන් හෝරා ගනිනු ඇති
කඳුලු දිය පිසදමා උදයෙම
හිනැහෙන්න මග බලනවා ඇති


Comments

  1. මෙම කවි පන්තියේ ඇති යන වචනය යෙදී ඇති වාර ගනන කමෙන්ට් කර ලේඛිකාව සමඟ සෙල්‍ෆියකට පෙනී සිටීමට අවස්ථාව හිමිකරගන්න.

    ReplyDelete
    Replies
    1. //ලේඛිකාව සමඟ සෙල්‍ෆියකට පෙනී සිටීමට // හා හා.. ඔව්වොව්.. ලේකිකවට දැන් සෙල්ෆි ගහන්න මිසක් ලියන්න වෙලාවක් නෑ.. :)

      Delete
  2. නියමයි... ලස්සනම ලස්සනයි......

    ReplyDelete
  3. හැමදා සැඟවා යන බව දැන දැනත් හිරුට ඈ පෙම් බඳින සැටි.

    ReplyDelete
  4. දුක හිතුනු අහස මේ දවස් වල නොකඩවා වැළපෙනවා..

    ReplyDelete

Post a Comment