Thursday, October 22, 2015

වැහි කඳුලු පිසින දේදුන්න

බිම බලාගෙන වැහි වලාකුළු
කඳුලු දිය එකිනෙක හෙළන්නට
හඬා වැලපෙනු සැරසෙනා'යුරු
මීදුමක සැඟවී බලන්නට
අඳුරු වැහි කඳුලකට සිනහව 
ගෙනෙනු සිතුනා දේවදුන්නට
පෙරඹරින් නැග රුසිරු විසිකර
සත් වණින් විපුලිතව හිනැහින

ඉමක් නොපෙනෙන අනන්තය වෙත
හැලූ දේදුණු පැහැය පැහැසර
සීත මුදු පවනැල් රොදක් සේ
හාදු පිදුවා වලාකුළ වෙත
කඳුලු පිණි කැට පබලු අතරින්
පෙරී ආ සුදු සිනා මල් මැද
දේදුන්න මැකිලා ගියා , වැහි
කඳුලු වියලී නෙත් හරිනු දැක

හඬන්නට සිතුවාලු වැහිකළු
ආයෙ දවස පාලු අහසක
බලා සිටියා පැමිණෙනා තුරු
දේදුන්න කඳුලැලි පිසින්නට
තව තවත් නුබ අඳුරු වී මිස
දේවදුන්නක සලකුණක් නැත
ඉකි ගසා තනිවමම හැඬුවා
කඳුලු සයුරක් ගලා යන්නට

8 comments:

  1. පළමු කොමෙන්ටුව මගෙන්...හරිම රහයි නඟා

    ReplyDelete
  2. අනවසරයෙන් ආවද මන්දා . ඒත් ඒක ඉස්තරම් !

    ReplyDelete
  3. මේ පැත්තෙ එන්න ලැබුණෙ හුග දවයසකින් ද මංද
    හරිම රහයි කවිය...
    ජයවේවා

    ReplyDelete
  4. අඳුරට තනි මකන්නට ආ දේදුන්න
    මැකී ගියා දෝ විකසිත හිරු මැද

    ReplyDelete
  5. ලස්සනම ලස්සනයි........

    ReplyDelete
  6. ඇත්තට ම ගොඩ කාලෙකින් ලෝකයේ කොනක ට එන්න ලැබුනෙ. :) ඔයාගෙ නිර්මාණ ගොඩාක් ලස්සනයි, ගොඩාක් නිර්මාණශීලීයි. :) මං ඒවට ගොඩාක් ආසයි සින්ධු අක්කි. :) ඉදිරියටත් මෙවන් උසස් නිර්මාණ කිරීමට අවැසි ශක්තිය හා ධෛර්‍ය්‍ ය නොඅඩුව ම ලැබේවා කියා මං මගේ මුලු හදවතින් ම ප්‍රාර්ථනා කරනවා. :)

    ReplyDelete