Monday, November 30, 2015

සෙල්ලම් බඩු

මට මතක විදියට පුංචි කාලෙ ඉඳන්ම මමවත් නංගිවත් කරදරකාර ළමයි වුණේ නෑ. ඒ කියන්නෙ එක එක දේවල් ඕනා කියල ඉල්ලලා අඬලා අම්මලාට කරදර කරලා නෑ. සමහර විට අපිට අවශ්‍ය හැම දේම කොහොම හරි අපි ඉල්ලන්න කලින් අම්මයි අප්පච්චියි ලබල දුන්න නිසා වෙන්න ඇති.

ඒත් ඕනම හොඳ ළමයෙක්ට වුණත් එක එක කාලෙට එක එක ආසාවන් ඇති වෙනවනෙ. 

එක දවසක් හදිසියෙම අපේ නංගිට "බෙර ගහන වළහෙක් " ඕනා වුණා. අවුරුදු 3ක් 4 ක්  වත් නෑ මට මතක විදියට එතකොට එයාට වයස.

වළහෙක් නම් කැලෙන් හරි හොයල ගෙනත් දෙන්න තිබුණා. ඒත් දෙය්යනේ, කොහෙන්ද "බෙර ගහන වළහෙක්" හොයන්නෙ.  බෙර ගහන වලස්සු මේ ලෝකෙ නෑ කියල කොයි තරම් තේරුම් කරන්න හැදුවත් අපේ නංගිගෙ කූඹි මොළේට ඒක තේරුණේ නෑ. උදේ ඉඳන් රෑ වෙනකම් "බෙර ගහන වළහෙක්" ඉල්ලන එක ඇරෙන්න එහෙම වලස්සු ඉන්නෙ කොහෙද කියන්න එයා දැන ගෙන හිටියෙත් නෑ. 

ටික දවසක් යන කොට තමයි අපිට තේරුණේ "බෙර ගහන වළස් සංකල්පය" එයාගෙ කූඹි මොළේට ඇතුළු වුණේ කොහොමද කියල. 
ඒ දවස් වල ටී වී එකේ යන වෙළඳ දැන්වීම් වලින් මෙයා වශී වෙලා බලාගෙන ඉන්න එකක් තිබුණා කියල අපිට ටික ටික තේරෙන්න ගත්තා. 
ඒක ''gripe water' ගැන වෙළඳ දැන්වීමක්.  
ඒකෙ තත්පර කීපයක් පෙන්නනව "බෙර ගහන වළහෙක් නෙමේ, හාවෙක්ව."  
මුළු ඇඩ් එකෙන්ම නංගිගෙ ඔලුවට ගිහින් තිබුණෙ ඒ හාවා ව විතරයි. 

ඒත් එක්කම "හාවා සහ වළහා යනු එකම සතෙක් බව හෝ, හාවාට වඩා වළහා ලස්සන බව හෝ, හාවාට වඩා වළහාගේ බෙර ගැසීමේ හැකියාව ඉහළ බව" හෝ සිතා සිටි නංගිට බෙර ගහන වළහෙක් සෙවීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක කරන්නට අම්මයි අප්පච්චියි පියවර ගත්තා. ඒ දෙන්නාගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිපලයක් විදියට නංගිට ලැබුණා, බෙර ගහන වළහෙක් නෙමේ, වඳුරෙක්. 
කාලයක් යනකම්ම ඒ වඳුරා බෙර ගහමින්ම නංගි ළඟ හිටියා. කාලයක් යද්දි බෙරය ගැලවිලා ගියත් ඒ වඳුරා ගොඩක් කල් ජීවත් වුණා. 

මට හදිසියෙම ඒක මතක් වුණේ ඊයෙ පෙරේදා දවසක ගිය කඩේකට ගිය වෙලාවක දැකපු මෙයා නිසා. මෙයාගෙම නිවුන් සහෝදරයෙක් තමයි නංගි ළඟ හිටියෙ. මෙයාගෙත් බෙරය ගැලවිලා ගිහින්, ඇඳුම් ඉරිලා... ඒ නිසා කඩේ පැත්තකට විසි කරලා දාලා හිටියෙ. 

හරියට "toy story 3" වගේ. 

සෙල්ලම් බඩු එක්ක මගේ ලොකූ ආත්ම ගත බැඳීමක් තිබිලා නෑ කවදාවත්. ඒත් මට තවම මතක සෙල්ලම් බඩු කීපයක් තිබුණා මට පොඩි කාලෙ. සෙල්ලම් කෝච්චියක්, ලොකු ගැහැණු බෝනික්කෙක්, කොල පාට හොල්මනක් වගේ බෝනික්කෙක්, ‍රැලි ‍රැලි රත්තරන් පාට කොණ්වඩයක් තිබුණ පිරිමි බෝනික්කෙක් ඒවගෙන් මට වැඩියෙන්ම මතක සෙල්ලම් බඩු. ඒත් මගෙ අතින් ඒවලට ලොකු සැලකිල්ලක් දැක්වුවා කියල මතකයක් නෑ. ඒ කාලෙත් වැඩියෙන්ම ආසවක් දැක්වුවෙ පොත් වලට නිසා වෙන්න ඇති.

ඒත් අවුරුදු ගාණකට පස්සෙ "toy story" බලද්දි මගෙ හිතට විස්තර කරගන්න අමාරු දුකක් දැනුණ මගෙ ඒ සෙල්ලම් බඩු ගැන. මම දන්නෙත් නැතුවම හොඳටම මට ඇඬුණා. සෙල්ලම් බඩු වලට හැඟීම් තියනව කියල මට හිතෙන්න පටන් ගත්තා බැලුවට පස්සෙ. 

පොඩි කාලෙ සෙල්ලම් බඩු වලට විශේෂ ආසාවක් නොතිබුණත් , '' stuffed animals'' වලට නම් මම තවමත් ආසයි. කඩවල් වල ගොඩ ගහල ඉන්න බෝනික්කො, සත්තු දකිද්දි දැන් මට දැනෙන්නෙ , ඒ සේරම මම දිහා බලාගෙන ඉන්නව වගේ හැඟීමක්. 

එක කාලයක් තිබුණ, මමත් උදේ හවස "ටෙඩියෙක්" ඉල්ලලා හබී ට ( ඒ කාලෙ හබී නෙමේ) කරදර කරපු කාලයක්. අවුරුදු දෙකක් විතර උදේ හවස මන්තරයක් වගේ මැතිරුවාට පස්සෙ මට ඒ විදියෙ " ටෙඩියෙක්" හම්බුණා. මම මේ වෙනකම් දැකල තියන ලස්සනම ටෙඩියා තමයි ඒ. 

එක කාලයක් stuffed zebra කෙනෙක් හෙව්ව කාලෙකුත් තිබුණා යාලුවෙකුයි මමයි, ඒකට හේතුව නම් අහන්න එපා....... :P මතක් වෙද්දිත් හිනා යනවා. 

මේ සේරම සෙල්ලම් බඩු වලට වඩා මට වඩාත් මතක තියෙන්නෙ, මම කෙනෙක්ට දුන්න තෑග්ගක්.

ඒ මම වෛද්‍ය විදායලයෙ තුන් වෙනි වසර,
ජයවර්ධන පුර රෝහලේ ළමා වාට්‍ටුවෙ සායනික පුහුණුව තිබුණ කාලෙ. 

ඒ වාට්‍ටුවෙ නැවතිලා හිටියා අවුරුදු 3ක පමණ පුංචි දැරියක්. අවාසනාට ඇයට ඩවුන් සහලක්ෂනය. නමුත් ඇයගේ හුරතල් බවේ නම් කිසිම අඩුවක් තිබුණේ නෑ. ඒත් ප්‍රතිපත්තියක් ලෙසින්ම සුදු කෝට් ඇඳගත් අප කිසිම කෙනෙක් තමන් අසලටවත් නො එන්නට ඇය වග බලා ගත්තා. 

"කෑගසා, බිය වද්දා පළවා හැරීම" තමයි ඇය විසින් අනුගමනය කළ ක්‍රියා මාර්ගය. 
මගේ අවාසනාවට වෛද්‍ය සිසුන් අතර රෝගීන් බෙදන විට ඉබේම ඇය මගේ රෝගියා වී තිබුණා. ඇයව කෙසේ  යහලු කර ගැනීම හැරෙන්නට මට වෙනත් විකල්පයක් තිබුණේ නෑ.  ඉතින් මම තීරණය කළා අඩුම තරමෙ සෙල්ලම් බඩුවක් ගෙනිහින් දීලා ඒකට උත්සහ කරන්න.
මම ‍තෝර ගත්තෙ තද රෝස ලුමිනස් පාට මිනි මවුස් කෙනෙක්. 

පුදුමයකට වගේ ඇය ඒ මිනී ට ආකර්ෂණය වුණා වගේම මාත් සමග ඉතාම යහලු වුණා. 
ඉන් අනතුරුව මට සිදු වුනේ ඇයගේ රෝගය පිළිබඳව ඉගෙන ගැනීම කෙසේ වෙතත් ඇය සමග සෙල්ලම් කිරීම සහ ඇයගේ සියලු හුරතල් වැඩ බලා සිටීමට

18 comments:

  1. පගා දීම ඒ කාලෙත් කෙරිලා. ලස්සන කතාව

    ReplyDelete
    Replies
    1. පගාවක්මත් නෙමේ. නැත්තෙත් නෑ. ඔය පොඩි උන්ට පගාවක් වගේ එකක් නොදී බෑ. හරි අමාරුයි. වාට්ටුවෙ ඉන්නෙ පොඩි බබාලාට වාසිම දවස දන්නවද, මෙඩිකල් ස්ටුඩන්‍ට්ස් ලට exam කාලෙ.

      Delete
  2. මාත් සෙල්ලම් බඩු වලට පුදුම විදියට ආසයි.... බෙර ගහන වඳුරෙක් හිටිය යාළුවෙක් ගාව. මට එකක් තිබිල නෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිවුවොත් අර උඩ කියල තියන සෙල්ලම් බඩු ඇරෙන්න මට කියලත් මග ලොකු සෙල්ලම් බඩු ගොඩක් තිබිල නෑ. දැන් පොඩි උන් ගාව තියන ඒව දැක්කම ලැජ්ජත් හිතෙනව

      Delete
  3. මගේ ගාව තිබ්බා කහ පාට තාරාවෙක් අවුරුදු 20 වැඩියෙන් ඌ මගේ ගාව හිටියා.අනෙකා රතු පාට කකුල් දෙකෙන් හිටන් ඉන්න රබර් හාවෙක්. ඌත් අවුරුදු ගානක් මගේ ලග හිටියා.දැන් නම් කොහේද දන්නේ නැහැ.

    ''gripe water" දෙන්නේ බඩේ අමාරුවටනේ.ඉස්සර බොරු බඩේ අමාරු ගන්නවා ඕක බොන්න.පුදුම රසක්නේ තිබ්බේ එව්වයේ ඉතින්.

    ReplyDelete
    Replies
    1. රසයිද ඒක? මට මතක නෑනෙ. මගෙ ආසම බේත තමයි පැනඩෝල් සිරප් එක. ඇයි අර ඉස්සර දොස්තර දෙන රෝස පාට මොකද්ද සිරප් එක.... ඒකත් රසයි

      Delete
    2. පැනඩෝල් සිරප් එක පැණි රස වැඩියි.අරක තමයි රසම.පොඩ්ඩක් බීලා බලන්නකෝ බොරු නම්.

      Delete
    3. gripe water .... !! හි හි හි... මම සමහර වෙලාවට අපේ අක්කගේ පොඩ්ඩොන් ගේ ඒවා අදටත් හොරෙන් බොනවා. ඇයි ඩිස්ප්‍රින් ? මම ඒවත් ඉස්සර හොරෙන් කනවා. දැන් නම් ඩිස්ප්‍රින් බොන්නේ නැහැ....

      Delete
  4. සෙල්ලම් බඩු පිළිබඳ මතකය නම් හරිම සුන්දරයි .මතකයන් ගොඩක් අවදිවුණා .

    ReplyDelete
  5. කාලෙකින් ඩොක්ට ඇවිල්ලා,

    ReplyDelete
  6. සෙල්ලම් බඩු කිව්වම මම ඇත්තටම ඒ පැත්තෙන් දුර්වලයි. ඒ කියන්නේ සෙල්ලම් බඩු වලට පුළුවන් මාව පාලනේ කරන්න. මම මගේ සෙල්ලම් බඩුවක් ගැන ලියපු කතාවක් මෙන්න මෙතැන තියෙනවා. කියෝලා බලන්නකෝ

    ReplyDelete
  7. මටත් පොඩි කාලෙ සෙල්ලම් බඩු පෙට්ටියක්ම තිබ්බා. හැබැයි සමහරුන්ට ඒකෙ තිබ්බ ගොඩක් ජාති ඒව සෙල්ලම් බඩු කියල පේන එකක් නෑ, ඒ කාලෙ ඕනෙම ප්ලාස්ටික් කෑල්ලක් සෙල්ල්ම් බඩු වෙනවනේ.

    ReplyDelete
  8. මට මතක් වුණා මල්රේණු කස්තුරිරත්න පරිවර්තනය කරපු පොතක තිබුණ වැකියක්...

    //රුසියාවෙ ගෑණු ලමයි බෝනික්කන්ට ආස නැහැ.//

    ReplyDelete
  9. Aannnee oya mewa athin daala liyala thiyenne.. Mama ehema illuwe na ane.. (Naththema na) ammala eth mata hamadama dunne oya pawichchi karala ahaka daapuwa( mama ehema hithagena duk una, mata aluth ewa koi tharam dunnath) eth oya wanduru patiyawa nam ekatama hambune mata....!

    ReplyDelete
  10. හා හා හා.. අඬන්නෙපා..
    පුන්චි දුවේ පුන්චි පුතේ
    පුන්චි ඔබේ
    පුන්චි උදරයේ පුන්චි වේදනා
    අම්මා හොඳින් දනී
    පුන්චි වේදනා පවා..
    අම්මා හොඳින් දනී...

    මේ advertisement එක මතක අයත් ඇති.. ඒකෙ තමා එයාල හිටියෙ.. ගොඩක් සෙල්ලම් සත්තුන්ට පණ තිබුන..

    ReplyDelete
  11. මුළු කොළඹම පීරල හෙව්වත් හම්බුනේ නෑ. ඉන්න තරමක් ඉන්නෙ හපුටු වලස්සු!

    ReplyDelete