ප්‍රේමයක් නොතිබුණා නොව

බමර තුඩගින් පෑරි පෑරී
රිදෙන විට සියපත් පෙතී
වතින් ගිලිහෙන කඳුලු බිඳු
යහනත වැදී මුකුලිත වෙවී
හෙමි හෙමින් වැලපෙනා මකරඳ
නුරාවෙන් මුව විට පිරී
නැගෙන සුසුමන් නෙතඟ ‍රැඳුනා
ලිහෙන සඳ විකසිත පෙතී

හදවතත් සියොලඟත් දැවුණින්
සරාගී සුසුමන් වැදී
මුවග වන් සියුමැලි වු ඉකියක්
සවන් ළඟ නො‍රැඳී ‍රැඳී
පියුම් පෙති මුලු ලොවට රහසෙන්
තැලී පොඩි වී යත සිඳී
මදහසක් පමණකිය දු‍ටුවේ
නුඹේ මුව මතුවෙහි බැඳී

සඳත් අමවක ඇවිත් ගිය දා
නුඹ නො ආවත් රුව මැවී
සිතත් , මුළු හදවතත් හිනැහුණි
සෙනෙහසක මතකය ඇඳී
පරව ගිය මුත් නුඹෙ දෙපා ළඟ 
සහස් වර මඳ හස සිඳී
ප්‍රේමයක් නොතිබුණා නොව, නුඹ
පෙම් කළා අදහමි බැඳී

Comments

  1. මේ කොටස හරිම ලස්සනයි

    //සඳත් අමවක ඇවිත් ගිය දා
    නුඹ නො ආවත් රුව මැවී
    සිතත් , මුළු හදවතත් හිනැහුණි
    සෙනෙහසක මතකය ඇඳී//

    ReplyDelete
    Replies
    1. මමත් ආසයි ඒ කොටසට

      Delete
  2. මතකයන් ළග නොමියෙනා සිත
    තවම ඇහුවත් යළි යළී..
    දුරක් ගොස් බව වටහ ගනු මැන
    නැවත නොඑමිය හැරි යළී...

    පස්ටයි කවිය..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. නැවත් නාවත් හිතේ කහටක්
      නොමැති බව කියනෙමි යළී
      සෙනෙහෙ බිඳුවක් සිතේ පතුළෙම
      රැඳී ඇත අදහමි බැඳී

      ස්තූතියි මහේශ්

      Delete
  3. සඳත් අමවක ඇවිත් ගිය දා
    නුඹ නො ආවත් රුව මැවී
    සිතත් , මුළු හදවතත් හිනැහුණි
    සෙනෙහසක මතකය ඇඳී
    පරව ගිය මුත් නුඹෙ දෙපා ළඟ
    සහස් වර මඳ හස සිඳී
    ප්‍රේමයක් නොතිබුණා නොව, නුඹ
    පෙම් කළා අදහමි බැඳී...// මේ වගේ කතාව. හරිම ලස්සනයි. ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. මුලු කවියෙම අර්ථය වෙනස් වෙන ඒ කොටසට මම ගොඩක් කැමතියි. මොන තරම් දේ වුණත්, අන්තිමේදි අත ඇරලා දාලා ගියත්, අපි කොහොමද කියන්නෙ, හිතේ බැඳීමක් මුලදි නොතිබුණා කියල

      Delete
  4. කාලෙකින් අක්කගේ කවියක්.
    ලස්සනයි..

    ReplyDelete

Post a Comment