මේක අවුරුදු තුනකට විතර කලින් මම පා සටහන් බ්ලොග් අඩවියට ලියපු ලිපියක්.පුංචි පුංචි වෙනස් කම් කීපයක් එක්ක ආයෙම මේ ලිපිය ලෝකයේ කොනට ගෙනෙන්න හිතුණා.
පහුගිය දවසක මම නංගියි නංගිගෙ යාලුවෙකුයි එක්ක කොටුවෙන් මොරටුව බස් එකකට නැග්ගා බම්බලපිටිය යන්න. මම තනියම සීට් එකක. ඒ දෙන්නා මට පිටිපස්සෙ සීට් එකේ.
(සේරටම කලින් කියන්න ඕනා මේ යාලුවො දෙන්නම එක වගේම ටියුබ් ලයිට් දෙකක්. එක්කෙනෙක් ටිකක් වැඩිපුර ටියුබ් ලයිට්. එයා තමයි ලු පොඩි කාලෙ මීගමුවෙන් හලාවත පැත්තට යන බස් එකක නැගලා "දැන් මීගමුවට ලඟයිද කියලා අහුවෙත් මුළු බස් එකටම ඇහෙන්න. )
ඔන්න ආයෙත් කතාවට........
බස් එකට නැග්ගා කියලා කිවුවා නේද?
ඔවු, බස් එකට නැග්ගා කියලා නම් මටත් හොඳට මතකයි... හෝල්ට් එකක් දෙකක් පහු වුණාත් මතකයි.
ඊට පස්සෙ රස්ටපොපුලස් එක්ක කරාටේ ගහගෙන ටින් ටින් ව මම බේරාගෙන එනවාත් මතකයි හොඳටම....මොකක්???
ටින් ටින්ව බේර ගත්තා.? මම ටින් ටින් cartoon එකේ හිටියා මතක නෑනෙ.
ආ.... නෑ මේකනේ වෙලා තියෙන්නෙ.මේ දවස්වල දවල්ට තියන සෞම්‍ය කාලගුණයටද මන්දා මට සීට් එකේ නින්ද ගිහින් , ඒ වලාවෙ දැකපු හීනෙ පොඩි කෑල්ලක් තමයි ඒ. (කොච්චර සෞම්‍යද කියනවා නම් ඉර මගෙ සීට් එකේම වාඩි වෙලා කරටත් අත දාගෙන ඉන්නවා වගේ දැනුනෙ...)
ටින් ටින් ව බේරාගත්ත සතුටට ස්නෝවි මගෙ ඇඟට පනින්න හදනකොටම මට ඇහැරුණා. ( ස්නෝවි සුදු වුණත් බල්ලෙක්නෙ. එහෙම ඇඟට පනිනවා ඉවසන්න පුළුවන්ද)
එක පාරටම මේ ලෝකෙට එන්නත් අමාරුයිනෙ, ටිකක් එහාට මෙහාට හැරිලා බලනකොට නංගියි යාළුවයි දෙන්න සුපුරුදු විදියට ලොකූ කතාවක. මම වීදුරුවෙන් එලිය බැලුවා.
ආ....... දැකලා පුරුදු පාලමක් පහු වුණා. පොලිස් මුරපොලකුත් එතන තිබුණා. නිදිමතේ වුණත් මතක් වුණා ඒ වැල්ලවත්ත කියලා.
එහෙම වෙන්න බෑනෙ, අපි ගියෙ බම්බලපිටියටනෙ.
මම හිතුවා. ඔන්න එතකොටම සැවෝයි එකත් පහු වුණා. මලා!!! මට නින්ද ගිහින් තිබුණ වෙලාවෙ අපි බම්බලපිටිය පහු කරගෙන ඇවිල්ලා. නංගිටයි යාලුවාටයි දෙන්නට ගානක් වත් නෑ. හිටිය විදියටම ලොකූ කතාවක.
"අන්න සැවෝයි.........." මම කෑගැහුවා (ඒ දෙන්නට විතරක් ඇහෙන්න.) නංගි ඒ දිහා බැලුවෙ මම වැල්ලවත්තෙ දි ලිබර්ටි ප්‍රතිමාව පෙන්නුවා වගේ කටත් ඇරගෙන.
අනිත් යාලුවා මා දිහා බැලුවෙ කවදවත් මුහුද දැකලා නැති කෙනෙක් "අන්න මුහුද" කියලා මුහුද අයිනෙ ජීවත් වෙන කෙනෙක් ට පෙන්නුවා වගේ.
"ආනේ සැවෝයි එකෙත් කුස පබා තියනවා......" කට ඇරෙගෙන ඒ දිහා බැලුව නංගි ටිකකින් කිවුවා.
අනේ ඇත්තට මේ මිනිස්සුන්ට මම කියන දෙයක් තේරෙන්නෙ නැති හැටි.
"මනුස්සයෝ සැවෝයි තියෙන්නෙ වැල්ලවත්තෙ. "
ඔන්න එතකොට තමයි ඒ දෙන්නට තේරුනේ මම මොනාද එච්චර වෙලා කියන්න හැදුවෙ කියලා. ඊට පස්සේ නම් කලබල වුන ඒ දෙන්නම මටත් කලින් කොන්දොස්තර කොලුවාවත් පෙරලගෙනයි බස් එකෙන් බැස්සෙ.
ඔන්න ඊලඟට නංගිගේ යාලුවා නහයෙන් අඬනවා..
" අනේ අව්වයි, මාව කලු වෙනවා"
ඔන්න අපේ නංගිට යාලුවට උදවු කරන්න අවස්තාව .
"ඉන්න මම කුඩේ ඉහලන්නම්"
එහෙම කිවුවට මොකද, අතේවත් බෑග් එකකවත් කුඩයක් නම් තිබුනෙ නැ.
"අයියෝ මගෙ කුඩේ බස් එකේ දාලා බැහැලා, ඔයා තමයි මාව කලබල කළේ."
ඉතින් බලන්නකො,ඒකත් මගෙ වරද වෙලා. කුඩ නැති කරගෙන වාර්තාවක් තියලා තියන එක්කෙනා ඒකෙත් වැරැද්ද මට දානවා.
"ඒක අම්මාගෙ කුඩේ, නැති කරගන්නෙ නෑ කියලා දහ අතේ ඩිවුරුම් දීලා තමයි මම ඒක ඉල්ලන් ආවෙ. ගිය සතියෙ මගෙ කුඩේ නැති වුණානෙ."
"ඔයා ඉතින් ඉස්සර ඉඳන්ම කුඩයක් වැඩිම වුණොත් පාවිච්චි කරන්නෙ මාසයයිනෙ. "
ඒ කතාව එහෙම ඉවර වුණත් කුඩ වලින් මගෙ නංගි ට තියන අපලෙ නම් ඉවර වුණේ නෑ. එදා නැති කරපු කුඩේ ගැන අම්මගෙන් බැනුම් අහපු එයා , ඊලඟ සතියෙ ගත්තු කුඩේ කැම්පස් එකේ දාලා ඇවිත් අම්මාගෙන් ආයෙම බැනුම් අහගෙන තිබුණා.
{දරුවන්ගෙ අත් වැරදීම් අම්මලා කොච්චර ඉවසුවත්, හැමදාම එකම දේ වෙනකොට කොහොමද අම්මා කෙනෙක් වුණත් ඉවසන්නෙ....;-) }
ඒ මොනවා වුණත් අන්තිමේදි ළමයා ටිකක් හැදිලා තියනවා කියලා තේරුණේ මට ගිය සතියෙ. පොඩි ගමනක් යන්න බස් එකට නැගුණ අපි දෙන්නා නියමිත ස්ථානයෙන් (එදා වගේ නොවී) බැහැගත්තා.
අපි දෙන්නා බැස්සාම කොන්ද්ස්තර බෙල් එක ගැහුවා.
ඒත් බස් එක අද්දන්න හැදුවා විතරයි නංගි බස් එකේ ඉස්සරහාට පැනලා "හෝව් හෝව්" කියලා කෑගැහුවෙ හරියට හරකෙක් එලවන කරත්ත කාරයෙක් වගේ. (උපමාව හරි නැද්ද මන්දා)
කොන්දොස්තරත් බස් එක නවත්තාගත්ත.
"ඇයි මිස්?" කියලා කොන්දොස්තරත්, "මොකද ළමයො?" කියලා මම ඇහුවෙත් එක පාරටම.
"මගෙ කුඩේ... ඒක බස් එක ඇතුලෙ" එහෙම කියන ගමන් එයා අආහු බස් එකට නගින්න හැදුවා.
ඒත් ඒ වෙනකොටත් එයා කුඩයක් ඉහලගෙන ඉවරයි බස් එකෙන් බැහැපු ගමන්....
"එතකොට මේ මොකද්ද?"
මම ඇහුවෙ එයාගේ අතේ තිබුන කුඩය පෙන්නන ගමන්. ඒ වෙලාවෙ නංගිගේ මූණෙ ආව පෙනුම දැක්කම නම් එහෙම කිවුව එක ලොකු පවුකාර කමක් කියලා මට හිතුනෙ. කොන්දොස්තර හිනා වෙලා ආයෙමත් බස් එකේ බෙල් එක ගැහුවා................. පවු මගෙ අහිංසක නංගි . :D
(මොනවා වුණත් මගෙ තියන හොඳ කමට ඒක දැනගත්තෙ අපි දෙන්නගෙම ලඟම යාළුවො දෙතුන් දෙනෙක් විතරයි. ලඟම නොවන අයට ඒ ගැන කියලා තිබුණෙ ඒ දෙතුන් දෙනා... මම නෙවෙයි)

ඉතින් සැවෝයි එකේ කුඩ පබා බැලුවද? සොරි කුස පබා?
ReplyDelete:D නෑ ඉතින්. කුඩ පබා බලන්න නෙමේනෙ ගියෙ. MC යන්න ගියෙ. ඉතින් ආපහු ත්‍රී වීලර් එකක් අරන් ගියා.
Deleteමෙහෙමත් සිහියක් ඉතින්.
ReplyDeleteසුපිරි සිහියක් තියෙන්නෙ එයාට
Deleteසුපිරි සිහියක් තියෙන්නෙ එයාට
Deleteමේ... ඔය නංගිට නිවුන් සහෝදරියක් හිටියද? මම මේ ඇහුවේ නිකමට වගේ. අපේ අම්ම මාව කපුටු කූඩයකින් ගෙනාව කියල කියපු එක ගැන මමත් දැන් දැන් ඇත්ත කියල හිතෙනවා.
ReplyDeleteකියන්නත් බැ තමයි. එයාවත් හොයා ගත්තේ කපුටු කුඩුවකින් ද දන්නේ නෑ. අම්මගෙන් අහල බලන්න ඕන
Deleteහොද සිහිය (සම්මා සතිය) කියන්නේ ඔ්කටනේ.........
ReplyDeleteහොඳම උදාහරණයක් තමයි ඒකට අපේ නංගි
Deletenangi campus kiyala sure da?
ReplyDeleteඅනේ මන්දා. කැම්පස් එකට කියලා තමයි යන්නේ නම්, කියන්නත් බෑ, ඒ ළඟ මොන්ටිසෝරියක් වත් තියනවද හොයල බලන්න ඕන
Deleteනියම නංගියෙක්නේ.ඔය වගේ ටියුබ් ලයිට් කේස් වලට ඇත්තටම බෙහෙත් නැතිද ?තියෙනවා නම් මමත් ගන්නවා.තව ඒ වගේ බෙහෙත් අරන් දෙන්න ඕනේ කිහිප දෙනෙකුවත් දන්නවා.
ReplyDeleteමීගමුවෙන් හලාවත බස් එකක නංගි ගියා වගේ මමත් ගිහින් තියෙනවා.
කුරුණෑගලින් ඉක්මනට කොළඹ එන්න කියලා හිතාගෙන වවූනියා - කොළඹ බස් එකක නැග්ගා.නැගලා තියෙන්නේ කොළඹ පැත්තට නෙමේ අනෙක් පැත්තට යන බස් එකක.කලබලේට බස් එකේ බෙල් එක ගහලා බැස්සේ කැලෑවක් අස්සේ.
තව පාරක් පිළියන්දලින් ගල්කිස්සට එන්න හිතාගෙන නැග්ගා කොට්ටාව යන බස් එකක.යන්න ඕනේ පැත්තට නෙමේ එදා නැග්ගෙත් අනිත් පැත්තට.
දෙවතාවක්ම බ්‍රිට්ස් කවුන්සිල් එක ගාවින් ගල්කිස්සට එන්න කියලා හිතගෙන 154 බස් එකක නැගලා තිබ්බේ කඩවත පැත්තට යන්න.
ඈ........ බ්‍රිටිෂ් කවුන්සිල් එක ලඟදි මටත් ඕකම වුණානෙ.
Deleteමොනවා වුනත් එතනදී නම් ඔහොම වුනාට කමක් නෑ. ආපහු එන්න දන්නවනේ. එත් වවුනියා පැත්තෙ ඔහොම වුන එක නම් සෑහෙන බයානක තත්වයක්
ඩෝක්, මෙයනම් තනිකර මඩක් !!!
ReplyDeleteමඩ ගැහීමක් වුනාට මඩක්ම නෙමේ, අකුරක් නෑර මේ ඇත්ත සිදුවීම් . ( මඩක්ද මන්දා එත් ) ;-)
DeleteMy poor sis.....(your) poor sis. hah hah ha...
Deleteමේව අසාධාරණ වැඩ. මම නැති වෙලාවක මට මඩ ගහපු එක. මමත් blog එකක් පටන් අරන් ඔයා එදා වගේම අදටත් කරන ගොන් වැඩ ගැන ලියනවා. මම ඕව කලේ ඔයාව හිනස්සන්න වෙන්න ඇති මගෙ හිතේ.. who knows. :=))
ReplyDeleteඅනේ ඔයා ඒවා කලේ මාව හිනස්සන්නද ? කවුද දන්නේ.... අපරාදේ කලින් කියල තිබුන නම් මම මේවා ලියනේ නැනේ
Delete