අහිංසක හුරතල් හිනාවත්, දඟකාර හැසිරීමකුත් ඇයට සහජයෙන්ම උරුම වී තිබුණා . දඟකාරයි කිවුවට, ඒක කාටවත් කරදරයක් වෙන දඟ බවක් නෙමේ. පුංචි දරුවො හැමෝටම පොදු අහිංසක දඟකාර කමක් ඒක.
ඇය සමග වාට්ටුවේ නැවතී සිටි ඇගේ ආච්චි අම්මාගේ දැනුමට අනුව, ඇගේ වයස අවුරුදු 4යි , .පෙනුමෙනුත් ඊට වඩා අඩු මිසක් වැඩි වෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.
බැලු බැල්මට අමාරු අසනීපයක් තිබෙන බවක් නොපෙන්වූ ඇය, මා දකින මොහොතේදීත් වාට්ටුවේ අනිත් දරුවන් සමග සෙල්ලම් කරමිනුයි සිටියෙ.
දිගු එල්ලෙන කරාඹු යුගලත්, විළුඹ තෙක් දික් වූ දුර්වර්ණ සායත් ඇගේ වයස තරමක් සඟවාගෙන. .
ඒත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය හුරු බුහුටි පොඩි කෙල්ලක්.
ඒත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය හුරු බුහුටි පොඩි කෙල්ලක්.
"මේ බබා කවුද?" රාත්‍රියේ වාට්ටුව බැලීමට පෙර මම හෙදියගෙන් ඇසුවේ මා එදින ඊට පෙර ඈ දැක නොසිටි නිසයි.
"ENT ඇඩ්මිශන් එකක් ඩොක්ටර්" හෙදියගේ පිළිතුර වුණා.
"ENT ඇඩ්මිශන් එකක් ඩොක්ටර්" හෙදියගේ පිළිතුර වුණා.
අනිවාර්යයෙන්ම කණට මොකක් හරි දාගෙන එන්න ඇති. මට සිතුණා.
මදටිය ඇට වල සිට මිය ගිය කුරුමිණියන් දක්වා වූ සියලු දේ කණ තුළට දමා ගත් දරුවන් මට හමු වී තිබෙනවා.
ඒ සියලු දේ කණ තුළට දමා ගැනීම ඉතාම සතුටු සහගත , කුතුහලාත්මක දෙයක් වන්නට ඇති. නමුත්, රවුම් ගෙරවුම් හැඬීම් සහ පයින් ගැසීම් ආරම්බ වන්නෙ ඉන් අනතුරුවයි.
ඒ, කන තුලට විවිඩාකර උපකරණ ඇතුළු කරමින් අප ඒවා ඉවත් කිරීමට උත්සහ කරන අවස්ථාවේදී.
මම ඇගේ ටිකට් පත ගෙන පෙරලා බැලුවේ එවර කනට ඇතුලු වූ වස්තුව කුමක්දැයි සොයන අටියෙන්.
එහෙත් පුදුමයකට මෙන් අපගේ ගේ අතින් එහි සටහන් වී තිබුණේ, , "Assaut" ලෙසිනුයි. (පහර දීමක්)
ඒ තරම් කුඩා දැරියකට පහර දෙන්නට ඇත්තේ කවුදයි සිතා ගත නොහැකි වූ මම තව දුරටත් ටිකට් පත කියවා බැලුවෙමි.
ඒ තරම් කුඩා දැරියකට පහර දෙන්නට ඇත්තේ කවුදයි සිතා ගත නොහැකි වූ මම තව දුරටත් ටිකට් පත කියවා බැලුවෙමි.
අපේ ENT වෛද්‍යතුමාගේ මුතුවන් අකුරු ඉතා අපහසුවෙන් කියවා ගත් මා හට පසක් වූයේ ඇයට පහර දී තිබුන ඇගේම පියා විසින්. ඒ මගින් ඇගේ කර්ණ පටහ පටලයට (කන් බෙරය )හානී වී තිබුණා.
අවුරුදු 4ක දැරියකට ඇගේම පියා විසින් කණ් බෙරය පිපිරීමට තරම් පහර දීම තරමක් බරපතල කරුණක්. ඒ නිසාම සිදු වූයේ කුමක් දැයි සොයා බැලීමට මට සිත් වුණා.
ඇගේ ආච්චි අම්මගෙන් අසා දැන ගත් පරිදි, මෙම දැරියගේ පියා තදින් මත් පැන් පානයට ඇබ්බහි වූ අයෙක්.එම නිසාවෙන්ම වැඩ නිමා වී ඔහු නිවෙසට පැමිණෙන වේලාවක් බොහෝ විට සිතා ගත නොහැකියි.
එදිනත් රාත්‍රී ආහාරය සඳහා යමක් පියා විසින් ගෙනෙන තුරු මෙම දියණිය මග බලා සිටින්නට ඇති. එහෙත් ඔහු නො එන තැන ඇගේ උත්සුක වූ කුස ගින්න මකා දැමීමට සුදුස්සක් එවර නිවසේ තිබුනේ නැහැ. එම නිසා අසල කඩයකට ගිය ඇගේ මව විසින් ඈ හට ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවක් ගෙනැවිත් සාදා දුන්නා. එයින් කුසගිනි නිවාගත් ඇය, සුපුරුදු වේලාවට නින්දට ගියා. කුසගින්නත්, ක්ෂණික නූඩ්ල්ස් වලට කුඩා දරුවන් ප්‍රිය කිරීමත් ඇගේ සතුටට හේතුවක් වන්නට ඇති.
පියා නිවසට පැමිණියේ රාත්‍රී 10ත් පසු වී තවත් විනාඩි කිහිපයක් ගෙවුණ තැන. ඔහු රාත්‍රී ආහාරය සඳහා "කොත්තු" ගෙනැවිත් තිබුණා. දැඩි ලෙස මත් පැන් පානය කර සිටි ඔහු සිටියේ වෙරි මතින්.
තමන් විසින් ගෙන ආ රාත්‍රී ආහාරය ඇය විසින් අනුභව කරනු දැකීම ඔහුගේ අභිප්‍රාය වුණා. ඒ සඳහා දැරියව අවදි කිරීමට ඔහු උත්සහ කළා.
තමන් විසින් ගෙන ආ රාත්‍රී ආහාරය ඇය විසින් අනුභව කරනු දැකීම ඔහුගේ අභිප්‍රාය වුණා. ඒ සඳහා දැරියව අවදි කිරීමට ඔහු උත්සහ කළා.
දියණිය ඒ වන විටත් රාත්‍රී ආහාර ගෙන සිටින බවට තම බිරිඳ විසින් දිගින් දිගටම පවසද්දීත්, එය නොසැලකූ පියා දිගින් දිගටම ඇය අවදි කිරීමට උත්සහ කළා. එහෙත් තද නින්දේ සිටි ඇය අවදි වූයේ නැහැ.
අවසානයේදී දැඩි ලෙස කෝපයට පත් වූ පියා ඉන් අනතුරුව මෙම දැරියව ඇඳෙන් බිමට ඇද දමා පහර දී තිබුණා.
ඇගේ කණට හානි වී තිබුණේ ඒ අයුරින්.
කුඩා දරුවෙකුට තබා, පයට පෑගෙන තරම් සතකුට හෝ පහර දීමට හිත හදාගැනීමට නොහැකි මිනිසුනද වෙසෙන ලෝකයේ මෙම පියාගේ හැසිරීම පිළිබඳව තවමත් මට ඇදහීමට අපහසුයි.
දෙමාපියන් දරුවන් එකිනෙකා නොහඳුනන දූෂිත වූ සමාජයක් ඇති කිරීමට මත් පැන් සහ මත් ද්‍රව්‍ය කොපමණ නම් ඉවහල් වනවාද යන්න මෙම සිදු වීමෙන් මොනවට පැහැදිලි වනවා.
(photo credit- pinterest)
පියවරුන්ගේ මත් බව නිසා දරුවන්ගෙ ජීවිතවලට සිද්ධ වෙන විනාශය වචනවලින් විස්තර කරන්නත් අපහසු තරම්.මං හිතන්නෙ වෛද්‍යවරුන් විදියට සිඳු අක්කලාටත් ලොකු වගකීමක් තියෙනවා මත්ද්‍රව්‍ය භාවිතය ගැන වැඩිහිටියන් දැනුවත් කරන්න..
ReplyDeleteදැනුවත් කරලා නම් එපාම වෙලා ඉන්නෙ නංගි. බොන්න එපා කියලා ගෙදර යැව්වත් ආයෙ ලෙඩවෙලා ආවම කියන්න හිතෙන්නෙ තව බෝතලයක් දෙකක් බොන්න කියලා
Deleteපියවරුන් සහ මව් වරුන් කරන ඇතැම් ක්‍රියා එක්ක සැසඳුවාම මේක එච්චරම නරක නෑයි කියන්න පුලුවන්. සමහරුන්ගෙ හැසිරීම අදහා ගන්න බෑ.
ReplyDeleteඅරක assault නේද සිඳු? "l" missing.
ඒකත් ඇත්ත තමයි.
Deleteඔව් ඔව් ඒක වැරදීමක්. ස්තූතියි පෙන්නලා දුන්නට ඩූඩ්. මේ ෆෝන් එකෙන් ටය්ප් කෙරුවාව නම් හරි යන්නෙ නැති පාටයි. සිංහලත් වැරදි ගොඩයි
බීමත්කම නිසා සමහර වෙලාවට තමන්ට තමන්ව කවුද කියලා අමතක වෙන එක නම් හරිම ශෝචනීයයි..පොඩ්ඩිව සුව කරන්න පුළුවන් වුනාද සිඳු?
ReplyDeleteකණ් බෙරය පිපිරීම ගොඩක් වෙලාවට මාස කීපයකින් ඉබේම සුව වෙනවා. පොඩ්ඩි ට ලොකු අමාරුවක් තිබුණෙ නෑ. මගෙ හිතටයි අමාරු වැඩියෙන්
Deleteපව් !!!!
ReplyDeleteහ්ම්ම්ම්
Deleteකන්බෙරය හානි වුණාම සුව කරන්න පුලුවන්ද..
ReplyDeleteපව් පොඩ්ඩි.. එක එක ගවරංගෙ ගොං කමට පොඩි උං තැලෙන එක නං ඛේදනීයයි..
ඔව්, ඒක ගොඩක් වෙලාවට හොඳ වෙනවා ඉබේම. එහෙම හොඳ වෙන්නෙ නැත්නම්, ශල්‍යකර්මයක් කරන්න වෙනවා.
Deleteහත්වලාමයි.
ReplyDeleteමට හිතාගන්න බැහැ... සමහර තාත්තලට බොන්නම ඕනේ නැහැ ඔය වගේ කනට ගහන්න. තමන්ගේ ලැප්ටොප් එක ඇල්ලුවා නම්, ස්මාර්ට් ෆෝන් එක පොලේ ගැහුවා නම්, හොඳටම ඇති.
මට එකපාරක් මගේ යාලුවෙක් කිව්වනේ එයාගේ මහත්තයා තමන්ගේ වැඩකට යනකොට පොඩි එකා කෑම මිස් වෙලා හින්දා මොනවා හරි අරන් දෙන්න කියල කිව්වහම කිව්වලු
"එක වේලක් කෑවේ නැහැ කියල මැරෙනවද?" කියල ඇහුව කියල. මම මේ කියන්නේ හොඳට ඉගෙනගත්ත ටයි දාගෙන වැඩට යන, අතේ සල්ලි තියෙන පියෙක් ගැන.
එහෙම තාත්තලත් ඉන්නව. ඒත් උගත් කියල සම්මත සමාජයෙත් ඒ වගේ දේවල් වෙනව කියද්දි නම් හරිම දුකයි.
Deleteඋගත් කියන්නේ 'පොතේ උගත්' හිතේ නෙවෙයි
Deleteහ්ම්,මිනිස්සුන්ගේ බිමත් කමටත් වන්දි ගෙවන්නේ පොඩි උන්.
ReplyDeleteඔව්. ඒත් එක්කම ගෙවල් වල ඉන්න අහිංසක කාන්තාවන්. කරන්න දෙයක් නැති කමට ජීවත් වෙන්නෙ එයාල ඒ මිනිස්සු එක්ක
Deleteඅද කාලේ අහන්න වෙන්නේ මේ වගේ කතා තමයි.අනේ අර පොඩි දරුවා ගැන හරිම දුකයි.ඇයව සුව කරන්න පුලුවන් වේවිද?
ReplyDeleteඇයට නම් සුව වුණා. ඒත් ඒ නිසා හිතට වුණ හානිය සුව වෙන එකක් නෑ කවදාවත්, තමන්ගෙ තාත්තා තමන්ව ඇඳෙන් බිමට ඇදලා දාලා කණට ගහද්දි අවුරුදු 4ක දරුවෙක්ට දැනෙන්නෙ කොහොමද කියලා හිතන්න. මාරම පව් ඒ පොඩි කෙල්ල
Deleteඩොක්ට දැක්කද අම්මයි තාත්තයි එකතුවෙලා ළමයෙකුගේ කකුල් කපල ලුණු දාල තිබුන, හේතුව රෑට බොන්ඩ අරක්කු ගෙනත් නොදීම...
ReplyDeleteමම දැක්කෙ නම් නෑ. ඒත් මට හිතා ගන්න පුළුවන් ඒ දෙමවුපියො කවදා හරි වයසට ගියාම ඒ දරුවා සලකන විදිය. හොඳ හිතින් සලකන්න පුලුවන් වෙයිද ,අම්ම තාත්තා වුණත්......
Deleteඅනේ කියවද්දී බොහෝම දුක දැනුනා නංගී ... මිනිස්සු මත්පැන් නිසා මේ තරම් තිරිසන් වෙනවා ද කියා හිතුනා. මටත් හමුවෙනවා පොඩ්ඩෝ කනට එක එක ඒවා දමා ගත්තු... ඒ එක්කම එනවා පොඩ්ඩෝ ටීචර්ලාගෙන් ප්රින්සිපල්ලාගෙන් ගුටි කාපු.... ඒ තාත්තාගේ බීමත් කමට මොකක් හරි කරන්න බැලුවනම් නේද... MOMH රෙෆරල් එකක් වගේ දීලා උපදේශනය සහ බෙහෙත් තුලින් ?
ReplyDelete