Wednesday, June 29, 2016

මගේ සෙනෙහස විලක් වී

මගේ සෙනෙහස විලක් වී
පිවිතුරුව නුඹ සිත සනසවද්දී
විලෙහි මත වැතිරෙනා සඳ වී
නුඹ හිඳින්නේ නම්....
එ'සඳ රුව සසලව නොයන්න්නට
නිසසලව ඉන්නම්

විලෙහි පතුලෙහි නැගෙන සියුමැලි
සිනහවත් කඳුලත් ඇසේ නම්
‍රැය පුරාවට නෙත'රු දල්වා
විලෙහි ස්වරයම අසන්නේ නම්...
සඳ නිවෙන්නට ප්‍රථමයෙන්
තුහින බිඳුවක් වී...
සිහිල් සඳ කෙමි පාර ඔස්සේ
නුඹ වෙතට එන්නම්.......

ඇසි පියන් හෙළනා සැනින්
තරු ඇසුත් නුඹ දෙස බලයි නම්
නුඹව තරු වෙතටම පුදා යළි
විලක් වී ඉන්නම්.........


12 comments:

  1. සඳ සෙවණැල්ල පමනද විලකට උරුම

    ReplyDelete
  2. කාලෙකින් මේ පැත්තෙ ආවෙ, හැමදාම වගේ ලස්සනයි!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හරිම රහ කවි පෙලක්.

    ජයවේවා!!!

    ReplyDelete
  5. හරි රොමැන්ටික් නොවැ..))

    ReplyDelete
  6. හරිම පරාර්ථකාමී සිතුවිල්ලක් නේ.. ඔයිට වඩා පොඩ්ඩක් ආත්මාර්ථකාමී වෙන්න.. හිහ් හිහ්..

    ReplyDelete
  7. කාලෙකින්.. බොහොම ලස්සනයි...

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අයියෝ නිකම්ම දිනුම දීලනෙ..... ඒත් අදහස නම් ලස්සනයි. අහිංසකයි වගේ.

    ReplyDelete
  10. හරිම් ලස්සනයි... :)

    ReplyDelete
  11. විල් දිය මත
    නැති නිසාද තරු එළිය
    නෝක්කාඩු මේ තරම්ම.

    ReplyDelete
  12. සෑහෙන දොහකින් කවි සිතක් පහල වෙලා වගේ...

    ReplyDelete