අමනාප කවි

නෑවිදින් නුඹ තවත්
කවිත් අමනාපයෙන්...
හිස් හිතත්, හිස් පොතත්
නුඹ එතැයි මග බලන්
තැවුල් සිත සෙනෙහසින්
සියුමැලිව පිරි මැදන්
ආයෙමත් නුඹ එන්න
දුරුතු සීතල මැදින්

නුඹ නොමැති පාලුවත්
සොඳුරුතම රිදවුමක්
නුබ නොමැති හීනයත්
අඳුරුතම සීතලක්
උණුසුම්ම සුසුමකුත්
කොපුල් මත විසිරමින්
නුඹ සිඹින තත්පරෙත්
මට මහා කල්පයක්


Comments

  1. සිඳුණු කවිකම අරන්
    රැගෙන මුව මදහසක්
    සොඳුරු මතකය නමින්
    රැගෙන තව සුළු දිනක්
    දුරුතු හීතල මැදින්
    සොයා පොඩි උණුහුමක්
    එන්න දින ළඟයි දැන්
    කෝ නගණු සිනහවක්........

    ලස්සන පද පෙළක්.

    ජයවේවා!!!



    ReplyDelete

Post a Comment