Saturday, February 4, 2017

ඔරායන් තරු රාශිය පෙරදිගින් නැග එද්දී කන්‍යා රාශිය බටහිරින් බැස යයි







ඔරායන් නුඹ
තවම ඈ පසුපස
සිය වස් සහස් වර
ඈ පළා යයි
නුඹව තනිකර
නුඹේ ඇස් මගහැර
රෑ අහසේ තනි කර
වගක් වත් නැතිද 
නුඹ හට

තරු නෙත් විදා

අනඟ හී සර
පැළඳ බඳ පටි
හැඩයි නුඹ...

ඇය පළා යන්නේ මන්ද?


සැබෑවකි නුඹ 

දඩයම් කරුවෙක්ය
දුනු හී දරන 
දැඩි සිතැත්තෙකිය

නොම හැකිද නුඹ හට

එකම එක මොහොතකට
සොඳුරු පෙම්වතෙකු ලෙස
දුනු හී සැර අතැර
මලක් අරගෙන යන්න...?
ඇය එතැන නවතීවි

6 comments:

  1. ඉතිං පලායන
    කන්‍යාවිය
    මටසිළිටි
    සුකොමාර
    තරු නෙතකට හැකිද
    සුළලිත යෞවණිය..!
    පෙර මඟ බලන්නට
    මෙතුවක් කල්
    මා ලතැවුනු තරමටම....

    මීට
    සදාදර ඔරායන්

    ලස්සනම කවියක්.....

    ReplyDelete
  2. ලස්සන පද පෙළක්

    ReplyDelete
  3. අපූරු කවක්... ලස්සනයි...

    ReplyDelete
  4. දුනු හී දරා
    එන්නේ ඔබ පසුපස
    දඩයමට නොව
    රකිනු පිණිස
    රුදුරු සිංහ රාශියෙන්.

    ReplyDelete
  5. Hari apooru sankalpanavak nangi..

    ReplyDelete
  6. ලස්සන .නිසඳැසක් . ඔරායන් මම කැමතිම තාරකා රාශියක්

    ReplyDelete