Wednesday, March 29, 2017

හිරු ගොස්ය

ගිහින් හිරු නැවතත්
යළි නොඑන්නට
වෑසේවි පිණි කඳුලු දියවර
තුරු හිස් මුදුන් හිස සිට
ගලා යනු නොහී කඳුලට
ඉඩ නොදෙනු මැන යළි හඬන්නට
පැහැදුල් ය සඳ තව
නිවී යන්නට සැරසි වුව
ආකූල ගගණත වට
සරණ සක්වා ලිහිණියෙකි,සඳ
පිණිබරව පියුමන් වත
නිවීයන සඳ රැසෙවි සැරසින
සසැලි පිණි සුළඟක් වැද
කොකුම් සුවඳත් සැලී වැගිරිණ
හිරුට යළි එන්නට
ඇරයුමක සටහන් ලියන්නට
වලාකුළ කුදු අඟලකුදු නැත
හිරුත් සමගින් උන් ද සැඟවිණ

1 comment:

  1. සැඟවුනත් හිරු
    අරාධනා නැතුවම
    එවි යළි පායා
    වලාකුලු සඟවා.

    ReplyDelete