Saturday, November 11, 2017

සමු නොගන්නෙමි මතක දෙවසර 08 - රාත්‍රියේ වන මැදින්


මෝටර් රථවල ටයරය  කොන්ක්‍රීට් පාර සමඟ ගැටී තරමක  රළු හඬක් නංවයි. ඒ හඬ පරයමින් අනූව දශකයේ හින්දි ගීත තනුවක් තැටි වාදකයෙන් ඇසේ. ඒ හඬද යටපත් කරමින් විවිධාකාර වූ කතා බස් මතු වේ.

හොල්මන් කාර් රථයක් මෙන් කොහේදෝ සිට මතුවූ කහ පැහැති පරණ ෆොක්ස්වැගන් රථයක් අප හා එකට ගමන් කිරීමට තැත් දරයි . කිලෝමීටර ගණනකටම හමුවූ එකම වාහනය වූ එයට අප පසුකර යාමට මොහොතකට ඉඩ දුනිමු.
එය අපූරු දසුනකි. දෙපස  ලදු කැලෑවය. කොළ පැහැතිය.කොන්ක්‍රීට් පාරය. දුඹුරු පැහැතිය. අළු පැහැයද මුසුය. මෝටර් රථය කහ පැහැතිය. හිතුවක්කාරය. අපට පෙනෙන නොපෙනෙන දූවිල්ලක් මතුකරමින් තරගයට මෙන් එය ඉදිරියට ඇදේ.
“ඉකමනින් යමුද, රෑ වෙනවා.”   කිසිවකුගේ සුහද  විධානයක් ඇසේ. ඉතින් නැවතත් කහ පැහැති හොල්මන් රථය  පසු වී  නොපෙනී ගියේය.
අධිවේගී මාර්ගයේ ගමනට සමාන ගමනකට අප නැවතත් අවතීර්ණ වෙමු. හදිසියේ තිරිංග පෑගුනේ පාර හරහා දිව යන මොනරෙකුට  පමණකි. පාරක් දැයි  නොදත් ගානකට ඇතැම් තැන්වල පාර මැද පිල් විදහා රඟනා මොනරුන්ය. පාර දෙපස ලඳු කැලෑව තත්පරයෙන් සියයෙන් එකක වේගයෙන් අප පසු කර ඇදේ.  නැත. ඒවා පසුකර අප ඉදිරියට ඇදෙමින් සිටිමු.
දෑසට නොපෙනෙන සිතට පමණක් දැනෙන විහගුන් රාශියක් තුරු පතරය. වාහනය නවත්වන්නට ඔවුන් කිරීමට කිසිවෙකුටත් උවමනාවක් නැති හැඩකි. කිසිවෙකුගේ සිතට ඔවුන් නොදැනෙන සේයාවකි.  යන යන තැන කුරුල්ලන් සෙවීමේ ආශාව මා හට  පමණක්ම ය. එබැවින් මා අදට හෝ  පරාජය භාරගත යුතුය. 
අහස රෝස පැහැයෙන් හැඩ කරන්නට තවත් කල්වේලා වැඩි නිසාදෝ සුදු වළාකුළු අහසේ තැනින් තැන තැන හැලහොල්මනක්  නැතිවම වැඩි ගෙනය. තද නිල් පැහැ අහස තවමත් සැර පරුෂය. ඉදිරියෙන් ගිය වාහනයක හැපී මියගිය හාවෙකු ගේ මළ සිරුරක් එක් මොහොතකට වාහනය නවතීය.  තේරුමක් නැත. ඌ  මියගොස් බොහෝ වේලාවකි. 
නැවතත් අප ගමනේය. හාවා  ගිය පාරෙම යන්න අකමැති තවත් මොනරුන් ඉක්මනින් පාර හරහා දිව යති. 
ගමනාන්තය දාහය නිවන සිසිලකි.ගිනි  ගහන පරිසරයක අතරමැද  මරද මඩු වැව අසල අපූරු පිහිටීමකි. “වැවේ  කිඹුල්ලු ඉන්නවා” කිසිවකු පවසයි. පෙනෙන තෙක් මානයක කිඹුල් සේයාවකුදු නැත.
“ගිය සතියෙත් හරකෙක්  ඇඳගෙන ගියා” තවත් අයකු පවසයි. අපි වැව් කණ්ඩියේන් මෑත් වීමු.  ඈතින් ඇදෙන ඔරුවක මසුන් මරන්නකු  තම ජීවිකාව සොයයි.මෙම පෙදෙස  යුද සමයේ සතුරාගේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් විය. සහසක් දමිල ජනයා දුක් කම්කටොලු වලින් පීඩිත වද්දී ඔවුන්  තම ජීවිත  සැපපහසු පරිසරයන් කේන්ද්‍ර කරගෙන සැපවත් කර ගත් බවට පැහැදිලිය. 
මේ භූමිය තුළ තරුණ ජීවිත කීයක් නම් වියැකී විනාශ වී යන්නට  ඇද්ද.  මේ පස් තුලට කොතරම් රුධිරය කා වදින්නට ඇත්ද. සිතදදී  ලොමු දැහැගැන්වේ.  වටහා ගත නොහැකි අන්දමේ හැඟීම් රාශියක් සිත තුළ පිරී ඇත
අදුර වැටීමට ඔන්න මෙන්න තිබෙද්දී අපි වනාන්තරය තුළට යාමට පිටත් වීමු. හමුදා ජීප් රථයේ පසුපස අසුන ඒතරම් සුව පහසු නැත. එහෙත් කැලේ මැද පාරට එය ඉතා සුදුසුය. ඇවිස්සෙන දූවිල්ල මුහුණේ රැඳී නොරැඳී පාට ඉසිනවා දැනේ. එහෙත් කිසිවෙකුට වගක්වත් නැත .
නිදැල්ලේ යන හරකුන් රංචුවක් පසුවිය. ඔවුන්ට ඉඩ දීමට මොහොතක් ගත විය. එතරම් වාහන ගමන් නොකරන මෙම පාර උන්ගේය. 
ගිනි අවියක් අතැති  සෙබලෙකු නිසොල්මනේය. පසුවී යන පාර ද ඊට උඩින් ගිනිගෙන දැවෙනා හිරුද දෙස බලමින් වුවද ඔහු විමසිල්ලෙනි. අඩි ගණනක් දිග පිඹුරකු පාර හරහා මාරු විය. මොහොතකට නැවතී ජීප් රථය නැවතත් ගමනේය.
ජිප් රථයෙන් බැස පයින් ඇවිද යන මොහොත එළඹිණ. කැලයට ඉක්මනින් රාත්‍රිය උදා වේ. පොතක තිබුණා මතකය. එය පැහැදිලිය. හවස හය වන්නටත් පළමුව රාත්‍රී වර්ණ එලබී ඇත.  සහන් එළිය පමණකි. විදුලි පන්දම් කිහිපයක් දැල්වින.
පාර මැද කොටියෙකුගේ මැකී නොගිය අඩි සටහනකි. මොහොතකට දැනුනේ බියකි. එහෙත් එය සුළු මොහොතකට ය. වනයේ  ඇවිදීමට ගොස් කොටි  ප්‍රහාරයට ලක්වූවන් විරලය. හැරත්, ඉදිරියෙන් හා පිටුපසින් අවි ගත් දෙදෙනෙකි.  කැලයේඇවිදීමට නුසුදුසු සපත්තුවේ තැන් තැන්වලින් ඇතුලට පැමිණි  ජලය  කකුලට ගෙන දුන්නේ ප්‍රසන්න හැඟීමක් නම් නොවේ. මියගිය මොනරකුගේ පිල් තැනින් තැන තවමත් ඉතිරි වී ඇත. ඌ වනයේ  ප්‍රබලයකුගේ ගොදුරක් වන්නට ඇත.
 අහස දෙස බලමින් ඇවිදීමට උත්සාහ කළෙමි. එය  අභ්‍යාවකාශයේ ඇති ග්‍රහලෝක සොයා තරු අතර ඇවිදින්නාබඳුය. ක්ෂීර පථයේ ඉතිහාසයේ  නැති වී ගිය තරුවක් සුපර්නෝවාවක් සොයන්නට උත්සාහ කරමි.  තරු යාය මත ඇතැම් තන්හි හිඩැස් ය. ඒ අතර මනසට දිස් වන තවත් මන්දාකිණිය. මේ නම් සුර පුරයක්මය. 
බොහෝ තෘණ පඳුරු මට වඩා උසය, ඒවාගේ බූව මුහුණෙහි වැදී යම්තම් දැවිල්ලක් මතුවේ. නොනවතින රැහැයි නාදයද මැඩියන්ගේ නාදයද මට සමච්චල් කරනවා බඳුය.
කාලය මැද පුරාවස්තු වල නටබුන්ය. නිසි අධ්‍යනයක් නොකෙරී ඇති සේය. යුධ සමයේ හමුදා සෙබළුන් විසින් දක්නා ලද ස්ථානයක් බව කිසිවෙකුත් කියයි . එය මේ වන විටත් තවමත් ඝන වනාන්තරයෙන් සැඟවී ඇති. 

එහි ඉසව්ව මගෙන් නාසන්න. මම එය ඔබට නොකියමි. 
වැහි බිඳු එක දෙක පතිත වේ. ගෙල රැඳී කැමරාව මම දැතින් සඟවා ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදෙමි. ඉක්මනින් වාහනය ඇති තැනට යා යුතුය. කුසගින්නක් දැනේ. රසමසවුළු රාත්‍රී ආහාරයක් සූදානම් බව දනිමු. ඉතින් අපි ආපසු යාමට හැරුනෙමු.
කොටියාගේ ආදී සලකුණු වලට නුදුරෙන් පෙරනොතිබුන අලි වසුරු ගොඩකි. තවත් දෙපා ඉක්මන් කළෙමු.

13 comments:

  1. අර පොක්ස්වැගන් එක කාර් පිස්සුවගෙ යාලුවෙක් වෙන්න ඇති..

    carpissuwa.blogspot.com

    ReplyDelete
    Replies
    1. පුදුමෙ කියන්නෙ, ඊටපස්සෙ දවසක ආයෙම අපි යාපනේ යද්දිත් මේ කාර් එක ඒ හරියෙදිම හම්බුණා

      Delete
  2. ඇත්තටම අධිවේගී ගමන් මගක දැකිය හැක්කේ දෙපස වටපිටාව හා වේගයෙන් හඹා යන මෝටර් රථත් පමණිද ?
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මිරිඟුව? ඈතට පෙනෙන හැටි

      Delete
  3. අද එක ෆොටෝ එකයි.. :(

    මේ දෙසැම්බර් වල යන්න ඉන්නේ මන්නාරම පැත්තේ.. දැන් හුඟක් ලස්සනට හදල(ලු).. මන්නාරම ගැන ලියවෙන හොඳම ලිපි පෙළ මේ.. ස්තුතියි මනරම් මන්නාරම් විස්තරවලට.. :)

    ReplyDelete
    Replies
    1. මමත් ඉක්මනින් යන්න ඕනා.මේ දැනෙන නොස්ටැල්ජික් ෆීලින් එක වෙලාවකට දරාගන්න බෑ

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete