Monday, November 20, 2017

නො මුදමි, නො මිදෙමි

මොහොතකට නුඹ සිනහ අරගෙන
දුරාතීතයෙ දිනක දුටු සඳ
නුඹේ සිතටත් නොම දැනෙන්නට
නැවතිලා මොහොතකට වාගේ
නෙතින් පමණක් නුඹේ අතැඟිලි
සෙමින් අල්වා හොරෙන් පිරිමැද

දැන් නුඹේ මදහසට වසඟව
නුඹේ දෑත් මැද ළයට මැදිවම
සඟව ගත්තෙමි නුඹේ අතැඟිලි
මුදාලන්නට නොහී විඳිනෙමි
ජීවිතය නුඹෙ ළයේ සනහමි
කිසිදෙනක නොමුදා හරින්නට

~සිඳු~

10 comments:

  1. බොහොම මටසිලිටු හැඟීම්.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්. පෑරෙනවට බය හැඟීම්

      Delete
  2. සිතින් විඳින සෙනෙහස
    විචාරක දියණිය

    ReplyDelete
  3. හස්බණ්ඩා දැක්කොත් ඉවරයි :)

    ReplyDelete
  4. ගැහැණු හදවත .......
    තෘෂ්ණාවේ සංකේතය

    ReplyDelete
  5. ආදරයට ලොබ බැඳීම

    ReplyDelete
  6. A long story in just twelve lines! Lucky hubby.

    Profile picture looks matured. No offence.

    ReplyDelete