Wednesday, May 16, 2018

විදෙස් ගත ප්‍රේමය !

අහිමි වූ සුපෙම්වත
නුඹ නොමැති මෙබිම නම්
ඉතාමත් සුන්දරය...!
සොඳුරු වූ පෙම්වත්වු
මතකයන් පමණක්ම
මෙබිම රජයන නිසා

නුඹේ අමිහිරි වදන්
මවාලූ කඳුලු බිඳු
මෙබිම නොම දත් නිසා

සීතලට හිම පියළි
මගේ වුවනත ගැටී
තුටුද අසනා නිසා
මම තුටින් බැව් කියමි
මූදු සතකින් එහා
නුඹත් සතුටින් නිසා...

4 comments:

  1. දැනුනා මේ කවිය...❤️

    ReplyDelete
  2. මම තුටින් බැව් කියමි
    මූදු සතකින් එහා
    නුඹත් සතුටින් නිසා...

    ලස්සනයි....

    ReplyDelete