වතුසුද්ද මලක් මලක හිස 

පිණි කඳුළු වැටුණා ම

කප්පරක් සෝ සුසුම්, 

උහුල ගත්තේ කෝම

ඇටමිදුළු කකියවන 

හැඬුම් සර අසුනාම

දුර හිඳන් රිදුම් දෙන 

හිතත් හැඬුවා බෝම


කියාගන්නට නොහී 

අහසෙ වැහි කෝඩ වල

එකතු වන කඳුළු බිඳු 

බිම හැලුණ හැමදාම

අනුන්ගේ යැයි කියා 

අසුරු සැනකින්, නොතෙත්

නෙළුම් මල් වැහි බිංදු

බිමට හැලුවේ කෝම


- සින්දු -



Comments

  1. කෝටුවකින් තඩි බාල වෙන්න බැයිද.. 😃😃

    අපූරුයි කවිය ❤️

    ReplyDelete
  2. apooruyi .. excellent nangi...lokaye eka konaka mama ada :)

    ReplyDelete
  3. ලස්සන නිසඳැසක්

    ReplyDelete
  4. වතුසුද්ද මලක් මලක හිස
    පිණි කඳුළු වැටුණා ම
    හරිම ලස්සනයි නොවෑ
    පිණි වෑටෙන උදෑසන

    අහසෙ වැහි කෝඩ වල
    එකතු වන කඳුළු බිඳු
    නොවෙද මල්පෙති උඩට
    පිණිබින්දු වී එන්නෙ ?

    කඳුළු බිඳු අතුරින්ම
    මතුව එන හසරෑල්ල
    කොයිතරම් සිත්කළුද
    ලපටියකු මුවග රෑඳි .

    ReplyDelete
    Replies
    1. Above is by Sarath Lankapriya. You had enquired about me in FB and a very adverse comment has been made in reply by another friend. It doesn’t matter. I am no longer a blogger. Having seen your comment in e mail I decided to respond.

      Delete
    2. Thank you very much for the nice comment aiya

      Delete
    3. You have a unique ability to write and also an equal skill to paint.. Don't give up.
      Sarath

      Delete

Post a Comment