සඳට පෙම් කර....


විලක දිය මත පිපුණු
පුංචි කොඳ මල් කැකුළ
සඳ වතට පෙම් බඳියි
අඳුරු ‍රැය පුරාවට


දුර අහසෙ හිඳන් සඳ
ඇගේ මුව සිඹින සඳ
සහස් පැතුමන් නොමැත
එකම හීනයයි සඳ


සඳේ පෙම ඇයටමයි
ඇයත් හිමි සඳටමයි
ඒත් සඳ වත ‍රැඳුන
ඒ අහස බෝ දුරයි 

Comments

  1. දුරක සිට බඳින පෙම
    ඇත්තටම සුන්දරයි
    ළඟට ආ විට දකින
    අඩුපාඩු නොම පෙනෙයි

    ReplyDelete
  2. සද බෝම දුරයි
    මා හිට් අහසට
    ලංවන්න බැරි තරුව මම
    අහස් කුසම තනි රකින..

    ReplyDelete
  3. well done...........from-->>
    http://www.mathaka.tk

    ReplyDelete
  4. හප්පා හි‍ටුවන කවි කේස් එකක් වගේ....

    ReplyDelete
  5. අදමයි මේ පැත්තෙ ආවේ, ලියන්න බැරි උනත් බූඩිට කවි රස ව්ඉදින්න පුලුවන් B)
    නියමයි !!

    ReplyDelete
  6. සද වතේ වතුර තිබුනානම්
    සත්තමයි ඊලග භවේ
    නුඹ මත පිපෙනවමයි

    ReplyDelete
  7. ඔන්න මමත් අදමයි ආවේ... මේ කවි ටික නම් නියමයි.. විශේෂයෙන්ම දෙවැනි එක නියමයි !!!!

    ReplyDelete

Post a Comment