Wednesday, April 25, 2012

හඹා යාම 02



(ප්‍රබන්ධයකි -  ප්‍රබන්ධය, සත්‍යය තරම් රසවත් නැති බවක් ද හැඟේ. නමුත්, මෙය අපේ කාලයේ සුලභ කතාවකි)


තරමක මතභේදයකට තුඩු දුන් පළමු කොටස මෙතනින්........


"This was just meant to be, you are coming back to me.. coz this is pure love.... coz this is pure love...."
මගේ දුරකතනය බෙරිහන් දෙන හඬ ඇසේ. ගීතය "කල් ඉකුත් වී" ඇතත් මම තවමත් එයට ඇලුම් කරමි.


"පුතා... කෝල් එකක්" අම්මාද දුරකතනයේ හඬට දෙවෙනි නැත.


"බලන්න අම්මා කවුද කියලා" කරාමය වසන ගමන්ම මම පිළිතුරු දෙමි.


"ඩංගෙටයා ද මොකද්ද මන්දා... මට කියවන්න බෑ පුතා ඔයාගෙ යාලුවන්ගෙ නම්"  අම්මා නාන කාමරය අසලටම පැමිණ ඇත.


"ආ... දං ගැටයා කියන්නෙ පසන් අම්මෙ. කෝල් එක කට් කරන්න, මම ඇවිත් ගන්නම්" මම පිළිතුරු දෙමි. ඔහුගේ දුරකතන ඇමතුම් වලට පිළිතුරු දීමට අම්මා ළඟ නොමැතිනම් වඩා යහපත්ය. එය මගේ මෙන්ම අම්මාගේද ශරීර සෞඛ්‍යයට හිතකරය.


දංගැටයා යනු පසන්ගේ විශ්ව විද්‍යාල කාඩ් එකය.හොඳ හෝ නරක, සම්මත හෝ අසම්මත ඕනෑම කරුණක් අරබයා සූක්ෂමව ක්‍රියා කිරීමට ඇති හැකියාව නිසා ඔහුට ලැබුණු "දහම් ගැටයා" ආරූඩ නාමය වැඩි කල් නොගොසින්ම "දංගැටයා" බවට පත් විය. කෙසේ වෙතත් එය "දහම්" ලෙසින් කෙටි නොවීම පිළිබඳව නම් මම උදක්ම සතු‍ටු වීමි. අවුරුදු හතරක් පුරාවට බොහෝ අයට ඔහු දංගැටයා වූවා විනා පසන් යන සැබෑ නම දන්නාවුන්ට වඩා නොදන්නාවුන් සංඛ්‍යාව වැඩි විය. එහෙත් පාසල් වියේ පටන්ම මගේ මිතුරා වූ ඔහු මට නම් තවමත් බොහෝ විට පසන් ය.


නාන කාමරයෙන් පිටතට පැමිණෙන මම පසන් අමතමි. ඔහුගේ හච් දුරකතන අංකයෙන් පරණ බොම්බයි මොටයි වෙළෙන්දෙකුගේ හඬක් වැනි පසුබිම් නාදයක් ඇසේ."මල් සිම් එක" ඔහු හච් කපල් පැකේජය හඳුන්වන්නේ එසේය.


"අඩෝව්" ඔහු පිළිතුරු දෙයි. "හලෝ කීමක්  හෝ වෙනත් ශිශ්ට ආමන්ත්‍රනයක් නැත. ඒ මා හමුවේ ඔහුගේ ස්වභාවයයි.


'මොකද්ද උඹ මේ පාර දාගත්තු ලෙඩේ" මම අසමි.


"මොකක්?"


"උඹට මාව මතක් වෙන්නෙ එහෙම එකකදිනෙ"


"ලෙඩකදි මතක් වෙන්න උඹ වෙද මහත්තයෙක් ද? මම කතා කළේ මනුස්ස කමට. කොහෙද ඉන්නෙ බලන්න"


"වෙන කොහෙ ඉන්නද, මම ඉන්නෙ ගෙදර"


"එතකොට අපේ ඔ‍ෆිස් එකේ මිස්ටර් සේකර කිවුවෙ උඹව ජාඇලදි දැක්කා කියලා පැයකට විතර කලින්. "මගේ මුව විවර වේ. ඉරට හඳට ගහකොලට කතා බැහැ කිවුවත් ඒවාද තව ටික කාලයකින් මා යන එන තැන් පිළිබඳව අම්මාටද පවසාවි.


"සේකර ලොක්කා කතා කරන්නත් දන්නවාද බන්?" ගනනකට නොගෙන මම විමසමි.


"මම ඇහුවෙ ඒක නෙමේ.එහා ගෙදරට යන්නත් කාර් එක ඕනා මිනිහා ජාඇල ඇවිදගෙන ගියා කිවුවම මම හිතුවෙ උඹේ බෙන්ස් එක වත් කැඩිලාද කියලා. ඒක හදාගන්න සල්ලි කීයක් හරි ඕනාද අහන්නයි කතා කළේ."


ඒ අතර අම්මාද බත් එක බෙදාගෙන පැමිණේ. 


"ඒක නම් යහපත් සෞඛ්‍යයෙන් තියනවා තවම. ඒ හින්දා ඔය සල්ලි ටික තියාගෙන උඹ මේ මාසෙවත් ඇඟේ ගාන සබන් කෑල්ලකුයි ටූත් පේස්ට් එකකුයි අරගනින්"වචන ‍තෝරා බේරාගෙන මම පිළිතුරු දෙමි.
අම්මා ද සිනාසේ.


 "පොඩි වැඩකට ගියා පසන්. අනිද්දාට එනවනෙ , එතකොට කියන්නම්කො..." මොහොතකින් මම ඇමතුම විසන්දි කරමි. පිදුරුතලාගල මෙන් උස බත් පිඟානක් දෙස බලමින් කුස ගින්නේ පසන් සමග මල් කැඩීමට තරම් මා පවු කර නැත. "නෝට්ස් ටික ගේන්න කියන්න අමතක වුණානෙ" මට සිහිපත් වන්නේ බත් පිඟානෙන් අඩකටත් වඩා අවසන් වූ පසුවය. "




*****************************************************


power point presentation එක දෙස බලාගත් මහාචාර්යවරයා කුමක්දෝ පැහැදිලි කරයි. මෙලෝ දෙයක් නොතේරේ. ඔහුගේ බුද්ධි මට්ටම සහ දැනුම සමග සසඳා බලන කලහි, ඉගැන්වීමේ හැකියාව නම අහසට පොළොව සේය. 


මම වේලාව බලමි. 10.05am. කල්පයක් ගත වූවා සේ දැනේ. නැවතත් මම අත් ඔරලෝසුව දෙස බලමි. 10.13am. 
මටත් නොදැනීම මගේ මුවින් සුසුමක් පිට වේ.


මම පසන් දෙස බලමි. සුපුරුදු පරිදි ඔහුගේ දැස් අඩවන්ය. උසස්පෙළ පන්ති ගිය වසර දෙක පුරාවටම මට සිදු වූයේ ඔහුව අවදි කිරීමටය. විශ්ව විද්‍යාලයේදී නම් එම ගැටලුව එතරම්ම බල නොපෑවේ දෙදෙනාම දේශන සඳහා සහභාගී වුයේ හා වා  හඳ දකින ලෙස නිසාය. එහෙත් නැවතත් උසස්පෙළදී මා මුහුණ දුන් ගැටලුව පශ්චාත් උපාධිය හදාරන මා  අබියසය. මම ඔහුට වැලමිටින් අනිමි. තිගැස්සී අවදි වන ඔහු කිසිවක් සිදු නොවූවා සේ ප්‍රොජෙක්ටර් තිරය දෙසට නෙත් යොමයි. ඒ තව කොපමණ වේලාවකටදැයි මම නොදනිමි.


*****************************************************



"කොහෙන්ද දවල්ට කන්නෙ?" පසන් විමසයි.


"වෙන කොහෙන්ද , කැන්ටිමේ ඇන්ටිගෙන් තමයි"


අවුරුදු හතරක් පුරාවට අපේ කුසගිනි නිවූ කැන්ටිම තවමත් එසේමය. වෙනසකට ඇත්තේ අලුතින් පු‍ටු කීපයක් , මේස කීපයක් එක් වී තිබීම හා කැන්ටිම පුරා ඇලවී ඇති විවිධ දැන්වීම් ප්‍රමාණය වැඩි වීම පමණි. 


ඇඟිල්ලක් තරම් කුඩා මාළු කෑල්ලක් සහිත බත් පිඟන් දෙකක් සුපුරුදු පරිදි කැන්ටිමෙන් ලැබේ. 


"ඇන්ටි මාළු කපන්නෙ බ්ලේඩ් එකෙන්ද?" පසන්ගේ කතාවට පේළියේ පි‍ටුපස සිටි අයද සිනා සේ. කැන්ටිමේ ඇන්ටිට උත්තර නැත. පසන්ට උත්තර අවශ්‍යද නැත.


හිස් මේසයක් බලා අප දෙදෙනා අසුන් ගනිමු. "මොකද්ද උඹ කියන්න ඕනා කිවුවෙ?"


මම මේසය මත ඇඟිල්ලෙන් ඉරි අඳිමි. කොහෙන් පටන් ගන්නදැයි නොතේරේ. 
ෆයිබර් ග්ලාස් වලින් තැනූ මෙම මේස සහ පු‍ටු වල ඇති අඩු පාඩුව නම් ලී මේස පු‍ටු මත මෙන් කිසිවක් ලිව නොහැකි වීමයි. එසේ නොවූවානම් මේ මේස මත කොතරම් සරසවි කුරු‍ටු ගී බිහි වනු ඇත්ද. 


"මොකද දසුන්?"


"පොඩි උදවුවක් ඕන මචන්" පසන්ගේ මෙවැනි දේට මම අනන්ත වතාවක් උපකාර කර ඇතත් , මෙවැනි උපකාරයක් මා ඔහුගෙන් ඉල්ලන ප්‍රථම වතාව මෙය වේ. 


"කෙල්ලෙක්වත් ද" පසන් සෝපහාසයෙන් මෙන් සිනා සේ. 


"උඹ හිතන විදියෙ එකක් නෙමේ, ඒත් මේ කෙල්ල ගැන මට දැනගන්න ඕනා."  මම සම්පූර්ණ කතාවම ඔහු හා පවසමි.


"නමක් ගමක්වත් නොදැන කොහොමද බන් හොයන්නෙ? ම  ඒ මෙඩිල් සෙන්ටර් එකට ගිහින් අහන්න කියලාද උඹ කියන්නෙ, පෙරේදා දවල් 1ට විතර ආව කලු පාට ටොප් එකයි, සුදු කලිසමයි ඇඳපු කෙල්ලගෙ නම දන්නවා ද කියලාද?" 


"සුදු පාට කරාඹු දෙකකුත් දාගෙන හිටියා බන්, සන් ග්ලාස් එකකුත් දාගෙන හිටියෙ. හයි හීල්ස් දාලා තිබුනෙ..." මම ඌන පූර්ණයක් සපයමි.


"උඹට පිස්සුද. මට පුළුවන්ද ඔහොම කියන්න එතෙන්ට ගිහින්? මම තව කාලයක් ජ ඇල ඔ‍ෆිස් එකේ වැඩ කරන්න ඕනා" පසන් ඔහුගේ විරෝධය දක්වයි. මෙවන් යහළුවකුගෙන් පලක් තිබේද.


"උඹට බැරි නම් මමම ගිහින් අහගන්නම්. " 


"පොඩ්ඩක් මම කියන දේ අහපන්.... උඹ ඒ කෙල්ලට  ක්‍රෂ්  එකකුත් නැත්නම් මොනවාටද ඒ කෙල්ල ගැන හොයන්නෙ? ඇත්තටම  ක්‍රෂ්  නම් මම බෙල්ල ගහලා ගියත් ඒ කෙල්ලව හොයලා දෙන්නම්. ඒත් ඔහොම කෙල්ලෙක් දැක්ක ගමන් වහ වැටෙන එකෙක් කියලා නම් මම උඹ ගැන හිතන්නෙ නෑ." ඒ පණ්ඩිතකම් වලින් මට පලක් නැත.


"හරි , මේක මගෙ ක්‍රෂ් එක කියලා හිතපන්" පසන් විමතියෙන් මගෙ මුහුණ දෙස බලා සිටියි. "අඩුම අතරමෙ ඒ කවුද කියලා හරි දැනගත්තා නම් හොඳයි...."


"ක‍ටුනායකින් නේද බස් එකට නැග්ගා කිවුවෙ" පසන් කල්පනාකාරීව විමසයි. 
"හ්ම්ම්" මගෙ බත් පිඟානෙන් කටවල් දෙකකට වඩා අවසන් නැත. පසන්ගේ නම් කරපිංචා කොලයක තරම් දෙයක් වත් ඉතිරි නැත.


"ගාමන්ට් කෙල්ලෙක් ද දන්නෙ නෑ..."


"පිස්සුද උඹට?"


"එහෙනම් එයා හොස්ටස් කෙනෙක්?"


"නෑ එච්චර පොශ් නෑ"


"TTI එක තියෙන්නෙත් එතන නේද? ඒකෙ කෙල්ලෙක් වෙන්න බැරිද...?" 


"වෙන්නත් පුළුවන්.... ඒත් අතේ පොතක් වත් තිබුණේ නෑනෙ."


"එහෙනම් TTI එකේ කොල්ලාව බලන්න ආව කෙල්ලෙක්ද දන්නෙ නෑ..........." පසන් මහ හඬින් සිනා සේ. අඩක් වත් අවසන් නොවූ බත් පිඟනත් ගෙන මම නැගිටිමි. 


"හරි හරි අපි හෙට යමු එහෙ, බලපන් උඹෙ මූණෙ හැටි, පැච් එකක් ගිය ට්‍රැක්ටර් රෝදයක් වගේ." 


"නෑ අපි අදම යමු. හවසට වැඩක් නෑනෙ..... මට දෙකෙන් එකක් විසඳාගන්න ඕනා." මම තරයේ කියා සිටිමි.



21 comments:

  1. අහ්හ් කෙල්ලව හොයාගනී ද? ඉතිරියත් ඉක්මනටම ඕනා. ලෙසටම ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්....... මෙන්න පිළිගන්න පිට පිට හැම වතාවේම පළමුවෙන් පැමිණෙන වර්ණා !!!!! (එහෙමලු නේ ඊයෙත් වුණේ සයිබර් සැණකෙලියෙදි ???) නෑ මම මේ කිවුවෙ රටේ ලෝකෙ මිනිස්සු කියන කතා ගැන. ;-)

      මේ තමයි මගෙ ඇත්ත කමෙන්ට් එක - ඇත්තමයි නංගි ස්තූතියි හැමදාම එනවාට.

      Delete
  2. නියමයි නියමයි!!!!
    බලමු මේ ඩෙනිම් කෑල්ල හොයාගනීද කියලා... :-)

    ReplyDelete
    Replies
    1. කොහෙ තියන ඩෙනිම් කෑල්ලක්ද් අඩවියො? ඩෙනිම් විතරද කලිසම් තියෙන්නෙ?? බලමු බලමු හොයා ගනීද කියලා.

      Delete
  3. මුල් කොටසත් කියවලම තමා ආවේ,,දැන් නම් සින්දු බ්ලොග් ට්‍රැක් එකට වැටිලා, ඔන්න බ්ලොග් උණ නම් හොද කරන්න අමාරුම ලෙඩක්,අන්තර්ජාල ලෙඩ වලින් අමාරුම ලෙඩේ මේක මම හිතන්නේ,,
    කතාව හොදයි කම්මැලිකම ඇති නොකර මේ වේගෙන්ම යන එක හොදයි,,මෙගා කරන්නත් නම් එපා,පොඩි ඉල්ලිමක් මේක

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. අබිං කෑවා වගේ තමයි මේකත්. අනේ මන්දා එක්කෝ ලබන අවුරුද්දෙ මට රස්සාවෙන් අස් වෙන්න වෙයි, නැත්නම් මේ බ්ලොග් එකට ලේකම් කෙනෙක් දාන්න වෙයි.

      Delete
    2. "බ්ලොග් එකට ලේකම් කෙනෙක්".. හික්ස්ස්ස්... මම වුනා නම් කරන්නෙ රස්සාවට ලේකම් කෙනෙක් දාලා බ්ලොග් එක මම ලියනව.. හොද වෙලාවට මාරක අපලේ තිබුන අවුරුද්ද ගෙවුනාට පස්සෙ මට බ්ලොග් උණ හැදුනෙ

      Delete
  4. නියමයි සිඳූ!!! මෙගා නොකර ගිගා කරමු :D

    ReplyDelete
    Replies
    1. මෙන්න මගෙ ඇනෝ ඇවිත්. හි හී කවුද මේ secret admirer ??

      Delete
  5. හයියෝ.. පස්සෙන් ගිහින් ඉවරවෙයි කියල හිතුවෙ... මේක මෙගා වෙන්නනෙ යන්නෙ...

    /*මම මේසය මත ඇඟිල්ලෙන් ඉරි අඳිමි.*/ මේස වල ඇඟිල්ලෙන් ඉරි ඇඳ ඇඳ ඉන්න කොල්ලො මම නම් දැකල නෑ.. :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කෙල්ලෙක් කොල්ලෙක් වගේ හිතලා ලියන්න ගිහින් වුණ දෙයක්ද මන්දා. ඒත් ඉතින් සාතන් දැකලා තියනවා නේ මේස උඩ අකුරු ලියන, කුරු‍ටු ගාන කොල්ලන්ව? මේ කොල්ලට වුණෙත් ඒ වගේ දෙයක්.

      එයා "ෆයිබර් ග්ලාස් වලින් තැනූ මෙම මේස සහ පු‍ටු වල ඇති අඩු පාඩුව නම් ලී මේස පු‍ටු මත මෙන් කිසිවක් ලිව නොහැකි වීමයි. එසේ නොවූවානම් මේ මේස මත කොතරම් සරසවි කුරු‍ටු ගී බිහි වනු ඇත්ද. " කියලා කියන්නෙ ඒකනෙ.

      මේසෙ උඩ කුරු‍ටු ගාලා හිතේ තියන පීඩනය පිට කරගන බැරුව තමයි එයා මේසෙ උඩ ඇඟිල්ලෙන් අඳින්න ඇත්තෙ.(මට හිතෙන විදියට)

      Delete
    2. //මේස වල ඇඟිල්ලෙන් ඉරි ඇඳ ඇඳ ඉන්න කොල්ලො මම නම් දැකල නෑ.//

      දැකලාම නැද්ද.මංනම් දැකලා තියෙනවෝ...:D

      Delete
    3. ඒකනෙ කියන්නෙ නිසූ. මේ සාතන් දැකලා නෑනෙ.

      Delete
    4. ඔවි ඉතින් තමුන්ට තමුන්ව පේන එකක් යෑ.....
      (ඒ තරම්)මඩ ගැසීමක් නෙමෙයි සාතන් අයියා :D :D :D :D :D
      එල් ඕ එල්

      Delete
  6. අලේ අක්කේ,
    දැන් මට පසනුයි, දසුනුයි, ජෝනුයි, කාර් එකේ ඉන්න කෙනයි පැටලිලා වගේ :O (විහිලුවක් කලේ :D :D :D :D :D)

    නියම කතාව එල එල දිගටම කියවනවා.....

    ReplyDelete
    Replies
    1. එතකොට නංගි සඳුන්? නෑ මම කිවුවෙ ඒකත් මේ නම් සෙට් එකත් එක්කම රයිම් වෙන නමක්නෙ

      Delete
    2. මොකක්ද මම දැන් කියන්නේ.....

      Delete
  7. කෙල්ලො පස්සෙන් යන හැටි උගන්නන නේද හදන්නෙ. හප්පේ යසට ඉන්න කොල්ලො ටික නරක් කොරන්ට හදන හැටි!
    කථාව නැගල යනව, ඊලඟ කොටසත් ඉක්මනට ලියන්ටකො ඒහෙනම්.

    ReplyDelete
    Replies
    1. අනේ ඔවු. අහිංසක කොල්ලො ටික. පවු අප්පා

      Delete
  8. අද මොනවත් වෙලා නැහැ..

    ReplyDelete