මතකයෙන් දු‍ටු සිහිනයක්


සිනහ සුපිපුණ 
තරු දෙනෙත් ළඟ
සොඳුරු සිතුවම්
සිතේ ගුලි ගැහුණා


පිච්ච කැකුළක 
සුසුදු මල් පෙති
ඒ දෙනෙත් ළඟ
සෙමෙන් දිග හැරුණා


සෙනෙහෙ සුවඳක් 
ගෙනා සිත වට
පැතුම් බිඟු කැළ
ලොබින් පොදි ගැහුණා


විළෙක දිය මත
නැළැවි පියුමක
තුශර බිඳුවක්
පා වෙවී තිබුණා


පියුම නොදැනිම
නිමේෂයකින්
තුශර බිඳුවත්
සිඳී ගොස් තිබුණා


නිඳන කුටියට
සැඳෑ පවනක්
හමා විත් වැහි
පොදෙන් නෙතු තෙමුණා

සමරු පොතකින් 
ගිලිහි පි‍ටුවක්
සයන ළඟ බිම
වැටී ගොස් තිබුණා





Comments

  1. ලස්සන කවි පෙලක්...

    ReplyDelete
    Replies
    1. මටත් ආසා හිතුනා ලිවුවාට පස්සෙ.

      Delete
  2. වියෝගයේ මතකය අමිහිරි වුවත්
    කවි සිතුව්ල්ල මවනා ඒ වියෝගය
    මිහිරි හැඟුමක් යැයි සිතේ..

    ReplyDelete
    Replies
    1. ඒ අමිහිරි බව තුළින් බිහි වුණ / වෙන නිර්මාණ වටිනවා.

      Delete
  3. හරිම ලස්සනයි.

    ReplyDelete
  4. සත්‍ය අත්දැකීමදෝ සිතේ...

    ReplyDelete
  5. හරිම ලස්සනයි අක්කේ

    ReplyDelete
  6. සුපෙර්බ්....... ;)

    ReplyDelete

Post a Comment