සිනහ සුපිපුණ
තරු දෙනෙත් ළඟ
සොඳුරු සිතුවම්
සිතේ ගුලි ගැහුණා
පිච්ච කැකුළක
සුසුදු මල් පෙති
ඒ දෙනෙත් ළඟ
සෙමෙන් දිග හැරුණා
සෙනෙහෙ සුවඳක්
ගෙනා සිත වට
පැතුම් බිඟු කැළ
ලොබින් පොදි ගැහුණා
විළෙක දිය මත
නැළැවි පියුමක
තුශර බිඳුවක්
පා වෙවී තිබුණා
පියුම නොදැනිම
නිමේෂයකින්
තුශර බිඳුවත්
සිඳී ගොස් තිබුණා
නිඳන කුටියට
සැඳෑ පවනක්
හමා විත් වැහි
පොදෙන් නෙතු තෙමුණා
සමරු පොතකින්
ගිලිහි පිටුවක්
සයන ළඟ බිම
වැටී ගොස් තිබුණා
ලස්සන කවි පෙලක්...
ReplyDeleteමටත් ආසා හිතුනා ලිවුවාට පස්සෙ.
Deleteවියෝගයේ මතකය අමිහිරි වුවත්
ReplyDeleteකවි සිතුව්ල්ල මවනා ඒ වියෝගය
මිහිරි හැඟුමක් යැයි සිතේ..
ඒ අමිහිරි බව තුළින් බිහි වුණ / වෙන නිර්මාණ වටිනවා.
Deleteහරිම ලස්සනයි.
ReplyDeleteස්තූතියි තාරා.
Deleteසත්‍ය අත්දැකීමදෝ සිතේ...
ReplyDeleteහරිම ලස්සනයි අක්කේ
ReplyDeleteසුපෙර්බ්....... ;)
ReplyDelete