මලෙක හදවත

රහසෙ සුපිපුණ පිච්ච මල වට
ඇගේ කඳුලැලි විසිරෙනා සඳ
වියලි දෙනෙතින් බැලූ නුඹෙ වත
‍ඇයයි ‍රැඳුනේ කඳුලු කඳුරක...

නුඹේ හදවත පිපුණු සෙනෙහෙට
දැවී යද්දී පිච්ච මල හද
තැවි තැවී ඒ සොඳුරු හදවත
සිතේ උතුරන කඳුලු දු‍ටුවද...

නුඹට නොදැනෙන එමුදු හදවත
නුඹේ වදනින් තව පෙළෙන විට
ලොවට රහසින් ගිලී කඳුලෙම
මැරී යද්දෙන් ඇගේ හදවත...


















http://www.amoleflower.net/wp-content/uploads/2011/10/Jasmine-Flower-4.jpg

Comments

  1. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  2. මෙලෙකයි වගේ පෙනුනට ටිකක් ප්‍රචණ්ඩයිනේ.

    ReplyDelete
  3. තව ලියමු

    ReplyDelete
  4. ම්ම්.. අපූරුයි.. ජය වේවා!!

    ReplyDelete
  5. චුට්ටක් තරහ ගිහින් වගේ ලිව්ව කවි ටිකක්...ගාඩිනිය මල් හරිම සුවඳයි නේද?

    ReplyDelete
  6. එල එල...
    පිපෙන සෙනෙහසවල් නිසා නිස්කාරනේ දුක්විදින්නේ අර පිච්ච මල් හදවත තමා..
    ජයවේවා!!!!!

    ReplyDelete
  7. හදවත එච්චර්ම මෙලකයිද මන්දා.. අන්තිම පේලියෙන් එහෙම හිතෙනවා.. කවිය ලස්සනයි අක්කෝ... :)

    ReplyDelete
  8. සිඳූ කාලෙකින් කවියක් ලියල! ලස්සනයි!

    ReplyDelete
  9. ලියුවත් දඩි බිඩියේ
    කෙන්තියකුත් හංගාගෙන
    කඳුළු ගැන ලියවුනු
    කවි පද ටික අපුරුයි

    ReplyDelete
  10. අපූරු කවි සිත්තමක්..
    ඇත්ත තමයි හිතේ තියන කඳුළු හැම හිතටම පේන්නෙ නෑ..

    ReplyDelete
  11. lassana kavi tikak akki........

    ReplyDelete


  12. ලු.. :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. 'ලොවට රහසින් ගිලී කඳුලෙම
    මැරී යද්දෙන් ඇගේ හදවත...'

    මෙන්න මේ කොටස ගොඩක්ම ලස්සනයි යාළු :)

    ReplyDelete
  14. මොකද මේ ගලකුයි මලකුයි ගැන ලියන්න හිතුනෙ? මේ දවස් වල විරහා වේදනා, පෙම් ගැ‍ටුම් හරීයට තියෙන්නෙ මොකද දන්නෙ නෑ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  15. කවියක්වත් ලියන්න බෑනෙ අනේ.... මෙයාලා මඩ ගහනවනෙ.
    ස්තූතියි යාලුවනේ

    ReplyDelete
  16. එළ..... Xm වලින් පස්සේ මට කරන්න වැඩක් තියනවා. අක්කා දන්නවනේ ඉතින් :D :D :D :D :D

    ReplyDelete
  17. එළ..... Xm වලින් පස්සේ මට කරන්න වැඩක් තියනවා. අක්කා දන්නවනේ ඉතින් :D :D :D :D :D

    ReplyDelete
  18. මැරී යද්දෙන් ඇගේ හදවත// - අයියෝ අපි මෙච්ච්ර කට්ටක් කනවා මැරෙන හදවත් ගොඩදාන්න. බලන්නකෝ ඒ අස්සෙ සිඳු කියන කතාවල හැටි.. !!
    කාලෙකට පස්සේ කවි ලියන්න පටන් ගත්තද එහෙම නැත්තම් ලියපු කවියක් කාලෙකට පස්සේ බ්ලොගේ දැම්ම්මද?

    ReplyDelete
  19. අර උඩින් දාල තියෙන වෙරළේ හුදෙකලා වෙච්චි බංකුවේ පින්තූරෙ කලින් බ්ලොග් එකේ තිබුනේ නෑ නේද?

    ReplyDelete

Post a Comment