Tuesday, September 4, 2012

හඹා යාම 12



පසුගිය කොටසින්



"පසන් උඹ මොකද්ද කියන්න හදන්නෙ?" ඔහු කුමක් කීමට සූදානම් වූවත් මා ඒ සඳහා හිත හදාගත යුතුය.එහෙත් මාගේ දෑත් දෙපා හිරි වැටී ඇති ලෙසක් මට දැනේ. මටත් හොරාම මගේ දෙනෙත් බොඳ වී යයි. තවත් ඉදිරියට යා නොහැකි ලෙසක් මට දැනේ......... පසන් නිහඬය.

"ඉතින් කියපන්"

"උඹ කොහෙද ඉන්නෙ? බලපන්, උඹේ කට හඬත් අමුතු වුණා."

"කාර් එක පාර අයිනෙ නවත්තගෙන ඉන්නෙ.... කියපන් පසන් මගෙ ඔලුව විකාර නොකර. ආදිත්‍යා ගැන උඹ මොන නරක දෙයක් කිවුවත් මට ඒක දරාගන්න පුලුවන්... ඒත් උඹට නිකම්වත් හිතෙනවා නම් ඒක මට දරාගන්න අමාරු තරම් ලොකු නරක ආරංචියක් කියලා, ඒක තව දවස් 3ක් යනකම් මට නොකියා ඉඳපන්....
මේ වෙලාවෙ ඒ කෙල්ලට මගෙ උදවු ඕනෙ...."

මම හැකි තාක් සිත දැඩි කරගෙන පවසමි. එහෙත් මගෙ සිත උණු වී පිටාර ගලනු මට දැනේ. මගේ සිත මෙතරම් දුර්වල බව මා මෙතෙක් කල් දැන නොසිටියෙමි. 

"දසුන්, උඹට පිස්සුද... ඒ කෙල්ලගෙ ඇති නරකක් නෑ." පසන්ගේ ඒ වදන් මට ඇසුනේ දෙවු ලොව සිට ඇසෙන හඬක් ලෙසිනි. 
"ඒත් ඊට කලින් මට කියපන්, මොකද්ද උදවු ඕනා කතාව?"
මගෙ සිතට යම් තරමක සහනයක් දැනේ. එහෙත් පසන් ගේ වදන් කිහිපයකින් කැඩී බිඳී කෑලි වලට විසිරී ගිය සිත තවමත් එක් තැනකට ගැනීමට මට අපහසුය.

"ඒක පස්සෙ කියන්නම් පසන්. මගෙ ඔලුව අවුල් කරන්නෙ නැතුව කියන්න ගිය එක කියපන්, මොකද්ද ක්‍රිශානි හොයාගෙන තියෙන්නෙ? හැබැයි ඒක බොරුවක් වුනොත් උඹයි ක්‍රිශානියි දෙන්නම ඉවරයි....ඒකත් මතක තියාගෙන කියපන්" මා පසන් සමග මෙතරම් කෝප ගත් දිනක් මගේ මතකයේවත් නොමැත. එහෙත් ඔහු මා සමග ත්‍රහ නොගන්නා බව මම හොඳාකාරවම දනිමි. 

"ක්‍රිශානිගෙ යාළුවෙක් ඉන්නවා බන් ආදිත්‍යාගෙ බැඡ් එකේ..."

"ඉතින්?"

"ඉතින්, එයා ක්‍රිශානි එක්ක කියලා තියනවා ආදිත්‍යා හරි අමුතුයි කියලා. කාටවත් ට්‍රයි කරන්න නම් දෙන්න එපා කිවුවලු....."

"මොකක්? මොන පිස්සු කතාවක්ද ඒ"

"අනේ මන්දා බන්... ඒ කෙල්ල ක්‍රිශානි එක්ක කියලා ආදිත්‍යාට කොල්ලො ඇලර්ජි ද මොකද්ද..." සිතෙහි දුක්  සහගත සිතිවිලි අමතක කරමින් මා හට සිනහ නැගේ...  ඈ මා සමග කතා බස් කරන ආකාරය දන්නේ මාය. ක්‍රිශානිගෙ යහලුවා පවසන පරිදි අකමැති ඇලර්ජි ස්වභාවයක් නම් මා හට මෙතෙක් නොදැනුණි.

"අනේ නිකම් මැටි කතා නොකියා ඉන්න කියඕන් බන් ඒ කෙල්ලට. උඹට නිකම් හරි ආදිත්‍යා ගැන එහෙම හිතුණද. මා එක්ක මෙච්චර හොඳට කතා කරනව. උඹ එක්කත් පාරෙදි හම්බුණාම කතා කරනව. කොල්ලො පේන්න බැරි නම් එහෙම කතා කරයිද.... නිකම් බයිලා ඕවා කෙල්ලන්ගෙ...."

"එහෙම කතා කරන්නෙ යාලු ‍ෆිට් එකටනෙ බන්....මම කිවුවෙ එහෙම නෙමේ. ක්‍රිශානි ගෙ යාලුව කිවුවලු එයා කවදාවත් කොල්ලෙක් එක්ක යාළු වෙන කෙල්ලෙක් නම් නෙමේ කියල. ඒ යාළුවා එක්කම දෙතුන් වතාවක් එහෙම කියලා තියනවලු. ..
ආදිත්‍යා ට ට්‍රයි කරපු කොල්ලො දෙතුන් දෙනෙක් නිකම් චාටර් වුණා ලු...."

බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලාත් නෑ, කවදාවත් ඉන්න එකකුත් නෑ.... ආදිත්‍යාගේ වදන් මා හට සිහි වේ. තුන් සිතම සීතල වී යයි. මා ඈ පිළිබඳව දකින්නේ සිහිනයක් පමණද...

"මට තේරෙන්නෙ නෑ පසන්... ෆැකල්ටි ඉන්න කාලෙ ස්ටඩිස් වලට ඩිස්ටර්බ් වෙයි කියලා එහෙම affair එකකට නොගිහින් හිටියා වෙන්න බැරිද..?

"එහෙම වෙන්නත් පුළුවන්. මටත් තේරෙන්නෙ නෑ බන්....... මම මේ ටික උඹට කිවුවෙ උඹ ඕනාවට වඩා බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා.... කොයි වෙලාවෙ හරි උඹට ආදිත්‍යා ඒ වගේ දෙයක් කිවුවොත් ඒක දරාගන්න උදවුවක් වෙන්නයි මම මේ ටික කිවුවෙ. හැබැයි අනිත් හැම පැත්තෙන්ම ආදිත්‍යා හොඳ කෙල්ලෙක්...මම කියන්නෙ ගතිගුණ "

"මචං... කා එක්කවත් යාළු වෙන්නෙ නැති කතාව ආදිත්‍යා මා එක්කත් කිවුවා..." මම සෙමෙන් පවසමි.


"මොකක්? එහෙනම් මොන කෙහෙල්මලකටද උඹ මේ තවත් පස්සෙන් යන්නෙ? කෙලින්ම උඹට එහෙම කිවුවෙ උඹ එන්නෙ මොකාටද කියල දැනගෙන අනිවාර්යෙන්...."

************************************

සිහින් සිරිපොදක් ඇද හැලේ. ඉදිරියට එන වාහන වල ලාම්පු එළියට දිස් වන වැහි පොද නෙක රටා මවයි. වින්ඩ්ස්ක්‍රීනය මත ඇද හැලෙන වැහි බිඳු නිසා බොඳ වූ මගේ දර්ශන පථය මෙන් මගේ සිතද අපැහැදිලිය. 
පසන් පවසන්නාක් මෙන් සැබැවින්ම මා මේ දිව යන්නේ මිරිඟුවක් පසුපසද? එහෙත් ඇය පතන ආකාරයට යුවතියකට තනිව සිටිය හැකිද? හැරත් ලංකාව වැනි රටක? ඇගේ තීරනය එසේ නම්, ඒ සඳහා හේතුවක් තිබිය යුතුය... ඒ කුමක්ද?

කුමක් හෝ වේවා, මම හෙට පාන්දරම අනුරාධ පුරය බලා යමි. ඇයට උපකාර අවශ්‍යව ඇති මේ මොහොතේ මා ඈ සමග සිටිය යුතුය. ත්වමත් පාසල් යන සොයුරාත් සමග මේ මොහොතේ ඈ තනිව කුමක් කරන්නද.පසන් හට කරදර කිරීමටද හිත ඉඩ නොදේ. මම තනිවම යමි. ඈ කුමක් සිතුවාද දැන් මට කම් නැත. මගේ සිත මම විනිවිද දකිමි. ඈ වෙනුවෙන් මගේ සිතෙහි පිළිසිඳගත් ස්නේහයට අරුතක් සැපයිය යුතුය. ඔවු... මම ඇය සොයා යමි.

******************************************

"බත් කන්න බැරි නම් වෙන මොනව හරි හදල දෙන්නද පුතා?" අම්මා විමසන්නේ කරුණාබරිත ස්වරයෙනි. එහෙත් මා හට කිසිවක් සඳහා පිරියක් නොදැනේ.බත් පිඟාන පිටින්ම විසි කිරීමට සිතුනද අම්මාගේ සෝ බරිත මුව දකින විට එසේ කිරීමටද සිත් නොදේ.  මගේ දුක සැප සියල්ලම බෙදා ගැනීමට අම්මා සිටියදී මා මෙසේ තනිවම විඳවන්නේ කුමකටද.  එහෙත් මෙතෙක් කිසිදු දිනයක නොකළ අන්දමට මා සිතෙහි දුක් අම්මා ට දී ඇගේ දුර්වල සිත පෙළන්නට මා හට නොහැකිය. 

"මොකුත් එපා අම්මා. බත් කන්න පුළුවන්" 

කිසිත් නොසිතා මම බත් පිඟානම කටවල් 2 , 3කට අවස්න් කිරීමට උත්සාහ කරමි. එහෙත් බත් කට උගුරෙන් පහලට ගමන් නොකරයි. එය හිර වීමත් ඒ නිසා මගෙ දෙනෙත් වලට කඳුලු පිරීමත් සිදු වන්නේ එකම මොහොතේය. 

අම්මා වතුර වීදුරුවක් මගේ අතට දී මගේ හිස පිරිමදිය්. එයින් අඩක්ම හිස් කළ මම බත් පත එසේම තිබියදී අත සෝදා ගනිමි.අම්මා ද ඇගේ අත සෝදා ගන්නීය. ඒගේ පිඟානෙන්ද අඩකට වඩා ඉතිරිය.

"අනේ කන්න අම්මා..."

"අපි තේ බොමු පුතා"

මම ඇය වැළඳ ගනිමි. නාසයෙන් පටන් ගන්නා  දැවිල්ලක් ඉස් මුඳුන කරාම දිවෙනු  මට දැනේ.


"පුතා......" අම්මා යමක් පැවසීමට අර අඳිනු මට දැනේ.

මම මුවින් වදනක් හෝ පිට නොකර ඒ ලෙසම සිටිමි. 

"පුතා... ඔයා හිතනවනම් ඒ දුව හොඳයි කියලා , ඔයාට ගැලපෙනවා කියලා.... තවත් මෙහෙම දුක් විඳ විඳ ඉන්න එපා. එයා එක්ක එයාගෙ ගෙදර අය එක්ක කතා කරන්න..ඒකෙ ප්‍රතිපලේ මොකද්ද කියල අපි පස්සෙ බලමු." මට කෑ ගසා හැඬීමට සිතේ. එහෙත් විස්මය හා තිගැස්ම නිසාදෝ  දෙනෙත් වලට කඳුලු නොනගී. අම්මා මේ සියල්ල දැනගත්තේ කෙලෙසින්ද. 

"අම්මා....?"

"ඔයා මෙහෙම ඉන්නව බලන් ඉන්න බැරි තැන මම පසන් පුතාගෙන් ඇහුවා... දැන් ඉතින් ඒ ළමයට මොකුත් කියන්න එපා. එයත් දුක් වෙනවා ඔයා ගැන....."

මේ මොහොතේ පසන් ළඟ සිටියා නම් ඔහුට නැවත ඉපදෙන්නට  සිදුවනු ඇත. 

එහෙත්, සිතේ වූ මහා බරක් කොහේදෝ තැබුවා මෙන් දැනේ. කුඩා කාලයේ පටන්ම මා සැනසූ ඒ උණුසුම තවමත් මා සනසයි



19 comments:

  1. නියමයිනෙ! මේ පාර ඉක්මනටම කතාව හම්බුනානෙ. මම නම් හිතුවෙ සති ගානක් බලා ඉන්න වෙයි කියල. ඔය ගැම්මටම දිගටම ලියමු නේද සිඳූ :)
    කතාවෙත් හොඳම හරිය වගේ යන්නෙ.

    ReplyDelete
  2. ම්ම්ම්.... එයා තනිකඩව ඉන්න තීරණය කරපු කෙනෙක්ද..හ්ම්ම්.. බලමුකෝ ඉස්සරහට..

    ReplyDelete
  3. හම්මේ..මේකේ තියෙන වංගු ගාන...
    ඔහොම යං ඔහොම යං...

    (ලියන සිස්ටම් එකනං නැගලා යනවා...මහේෂ් සත්සර මද්දුමආරච්චි ලොකු අයියවත්දෑ..?)

    ReplyDelete
  4. අනේ මන්දා මොනා වෙයිද කීලා...
    බලමුකෝ ඉතුරු ටිකත්...
    මේකත් එල!!!!!!!!

    ReplyDelete
  5. තනිකඩව ඉන්ඩ තීරණය කරපු කෙනෙක්. මරු !!!
    ඉතුරු ටිකත් කියවලාම බලමු !

    ReplyDelete
  6. එල එල.. ඊලඟ කොටස ඉක්මනටම දාලා.. (අපේ තර්ජන ගර්ජන වල ප්‍රතිඑල ද දන්නේ නෑ :P ලොල්ස්).. ඔන්න ඔහොම එක හුස්මටම ලියලා දැම්මනං අපිත් එක හුස්මට කියවන් යනවනේ..අර වින්ඩ්ක්‍රීන් ෆොටෝ එක සිඳුගෙ කැමරාවෙන් ඇත්තටම ගනිපු එකක්ද? අද කතාව ගැන නම් මුකුත් නොකියමි. මට අපේ අම්මා මතක් වුනා....

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. You better be quick or the readers will get angry.

    ReplyDelete
  9. අම්මා ගැන හරිම දුක හිතුනා.
    කතාවේ හොඳම හරිය එන්නේ දැන්නේ.:)

    ReplyDelete
  10. ඊසෙල්ල එකේ ලිවුව එක අමතකවෙලා කියෙවුවනේ!

    ReplyDelete
  11. හරිම සම්භාව්‍යයයි.... මම වගේමයි... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. //මේ මොහොතේ පසන් ළඟ සිටියා නම් ඔහුට නැවත ඉපදෙන්නට සිදුවනු ඇත. //
    මේක තමා මරුම කියමන.. :)))))

    ReplyDelete
  13. අම්මලා දරැවොගැන හිතින සහ දකින විදිය එහෙම තමයි. දරුවන් තේරුම් ගැනිම තමයි වැදගත්.

    ReplyDelete
  14. ආයේ පටන් ගත්තු ගැම්මට ඇවිත් වගේ

    ReplyDelete
  15. ආයෙම වතාවක් ඊලගට මොකද වෙන්නේ කියලා හිතන්න කතාව ඉතුරු කරලා..

    ReplyDelete
  16. "ඈ වෙනුවෙන් මගේ සිතෙහි පිළිසිඳගත් ස්නේහයට අරුතක් සැපයිය යුතුය."
    ලස්සනයි..
    දසුන් වගේ හිතේ තියන් ඉන්න අයට ඇත්ත ජීවිතේනම් නෝ චාන්ස්.අත්දැකීමෙන් කියන්නේ..

    ReplyDelete
  17. අම්ම සපෝට් නම් වෙන මොකක් හරි අප්සෙට් එකක් ඇති අනිවා. :D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  18. ko kathawe ithiri tika ............
    please update karanna.............

    ReplyDelete