Thursday, August 30, 2012

හඹා යාම 11


බ්ලොග් එකක් තියෙනවද නැද්ද කියලාත් අමතක වෙලා ටික දවසක් ගත වුණා.... දසුන්ටයි ආදිත්‍යාටයි මොනව වෙලාද දන්නෙ නෑ කියලා මතක් වුණේ ඒ අතරෙ. ඒ නිසා ඔන්න මම ඒ ගැන ආයෙ හොයලා බැලුවා. දසුන්ට තියනවලු ලොකු කතාවක් කියන්න. ඒත් කලින් සිද්ධ වුණේ මොකද කියලා අමතක නම් , ඊට කලින් ඒ ගැන ටිකක් මතක් කර ගන්නකෝ............

01             02               03                 04             05             
06             07               08                 09             10


ඒත් කම්මැලි නම්, මමම මතක් කරලා දෙන්නම් කෙටියෙන් මොකද වුණේ කියලා....

අපේ කතානායකයා දසුන් අනුදිත් වෘතියෙන් ඉංජිනේරුවෙක්. උපාධිය ඉවර කරලා, රස්සාවක් එහෙම කරගෙන ඉන්න ගමන් මෙයා පශ්චාත් උපාධිය හදාරනවා. දසුන්ට ඉන්නෙ එයාට පණටත් වඩා ආදරේ කරන අම්මා විතරයි. අම්මාගෙ ආදරයත්, තමන්ගෙ රස්සාවත්, අධ්‍යාපන කටයුතුත් එක්ක සැහැලුවෙන් ඉන්න දසුන් ගෙ ජීවිතේ අනිත් පැත්ත පෙරලෙන්න ගත්වන්නෙ ඉතාම සුලු මොහොතයි.
ඒ බස් එකේදි දකින යුවතියක් නිසා... තමන්වත් නොහිතන විදියට, තමන්ගෙ හිත ගත්තු ඇය සොයාගෙන යන දසුන් ට අවසානයෙදි ඇය  හමු වෙනවා. ඒ ඩොක්ට ආදිත්‍යා විදියට....... ඒත් තමන්ගෙ හිතේ තියන හැඟීම් කියා ගන්න තවමත් දසුන් ට ශක්තියක් නෑ. ඒ වෙන මොකුත් නිසා නෙමේ.... ආදිත්‍යා කිසිම දිනයක පෙම්වතකු ඇසුරු නොකරන බව තරයේම කියා සිටි නිසා.......

මතකද කලින් දවසෙ කතාව ඉවර වුණ හැටි?


"ඉතින් නංගි අලියා වෙලාවට ආවද?"




"මොකක්? මොන අලියාද?"




"ඔයාලගෙ පැත්තෙ මිනිස්සු යන්නෙ අලියා පිටේ නේ? බස් නෑනෙ"




"අනේ මේ...!"




"එහෙනම්, ලොරි බාගෙද ?"




"නෑ බර බාගෙ"


ඔන්න එතන ඉඳන් මොකද වුණේ කියන්න දසුන්ටම ඉඩ දෙමු එයාගෙ සුපුරුදු පණ්ඩිත වාක්‍යත් එක්කම. :-)

******************************************************

ඇගේ කෝප සහගත ස්වරයට මට සිනහ  නැගේ. එහෙත් ඒ සුළු මොහොතකට පමණි.
"අත්තම්මා....." 
ඊළඟ මොහොතේ  මට ඇසෙන්නේ ආදිත්‍යා මහ හඬින් කෑ ගසන ආකාරයයි.

"නංගි මොකද වුණේ? .... ආදිත්‍යා....."
මගේ හඬ මා සිතුවාටත් වඩා තීව්‍ර වේ. අම්මාටද එය ඇසෙන්නට ඇත. එහෙත් ඒ වන විට ඇගේ දුරකතනය විසන්ධි වී හමාරය.

මගේ හද ගැස්මේ වේගය මට දැනේ. ඇයට කුමක් සිදු වීද. ක්ෂණිකව ඇති වූ කම්පනය නිසා මගේ මනස වියවුල් වී ගොසිනි.
"පුතා මොකද කෑගැහුවෙ?"
අම්මා කාමරයටම පැමිණ ඇත. ඈ හට පිළිතුරු දීමට සුදුසු මනසක් මා සතුව නැත.
"මොකුත් නෑ අම්මා..." වෙනත් වෙලාවක නම් සිදු වූ සියල්ල ඈ හට පැවසීමට මා හට පුළුවන. එහෙත් දැන් නම් මා හට කළ හැකි එකම දෙය ආදිත්‍යා කතා කරන තුරු ඇගේ දුරකතනයට ඇමතුමක් ලබා ගැනීමය.

"නෑ නෙමෙයි පුතා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්. ටික දවසක ඉඳලා හරි වෙනස් ඔයා...."

මම ඇයට පිළිතුරු නොදීම නැවතත් ආදිත්‍යා අමතමි.
"ඔබ ඇමතූ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත  "
මෙවැනි මොහොතක අසන්නට අකමැතිම වාක්‍ය ඛණ්ඩයක් ඇසේ.

අම්මා මා දෙස බලා සිටියි. එහෙත් ඒ බැල්මේ ‍රැඳී ඇති හැඟීම මා හට වටහා ගත නොහැකිය.

"ඔබ ඇමතූ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත"

මගේ දුරකතනය පසෙකින් තබන මම නළලෙහිම සුරත රඳවාගෙන අසුනකට බර වෙමි. අම්මා මගේ සයනය මත අසුන් ගනියි.

"පුතා, ඔයාට ප්‍රශ්නයක් තියනවා කියලා මට තේරෙනවා. ඒ මොකක් වුණත් මට බයයි ඔයාට කරදරයක් ද කියලා....ඒ නිසයි මෙච්චර අහන්නෙ"

"අම්මා... මේ අහන්න, අම්මට බය වෙන්න ප්‍රශ්නයක් නෑ.... මාව විශ්වාස කරන්න. ප්‍රශ්නයක් තියනවා. ඒත් ඒක මගෙ හිතේ ප්‍රශ්නයක් මිස වෙන දෙයක් නෙමේ..." ඇය බොහෝ දේ වටහා ගන්නට ඇත.ඒ මුහුණේ සැනසිල්ලක සේයාවක් ඇඳී යයි. මේ වියවුල මැද වුව මගේ සිතෙහි අම්මා පිළිබඳව ඇති ආදරය තවත් වැඩේ. ඈ මට කොපමණ නම් ආදරේද. මේ ගැටලුව විසඳාගත් පසුව ආදිත්‍යා පිළිබඳව සියල්ල ඇයට නොවලහා පැවසිය යුතුය. කිසිවක් ඇගෙන් සැඟවිය යුතු නැත.

"හ්ම්ම්... එහෙනම් පුතා කැමති වෙලාවක ඒ ගැන මට කියන්නකො. ඒත් එක එක ප්‍රශ්න ඔලුවට දාගෙන වැඩ අවුල් කරගන්න එපා....." අම්මා කාමරයෙන් නික්ම යයි. ඇගේ මනස සැහැල්ලු වී ඇති බවක් මට දැනේ.

මම නැවතත් දුරකතනය අතට ගනිමි.ඇගේ අංකය තවමත් ක්‍රියා විරහිතය.මා හට සිත එක් තැන් කරගැනීමට නොහැකිය. කුඩා කාලයේ පටන්ම මට හුරු පුරුදු නො ඉවසිලිමත් බව මැනවින් නැවතත්  මතුව ඇත.ඈ හට කුමක් වී ද? කුමක් නමුත් කිසිදු යහපතක් සිදු වී නැති බව නම් මට දැනේ. ඈ කෑ ගැසූයේ කුමක් නිසාද?

****************************************************

ඇඳ වෙතට යන මම නින්දට වැටීමට උත්සාහ කරමි. එහෙත් නින්ද මා කරා නො ඒ. තේ කෝප්පයක් මේසය මත ඇල් වේ. නිබන්ධනයේ තවත් සිලු ප්‍රමාණයක් ඉතිරිව ඇත. එහෙත් ඒ සඳහා යෙදවීමට තරම් නිරවුල් මනසක් මා හට නැත.

අල්මාරියේ උඩින්ම ඇති ටී ෂර්ටය සහ කලිසම ඇඳ ගන්නා මම යතුරද ගෙන නිවසින් පිට වෙමි.
"මම යාළුවෙක්ගෙ ගෙදර ගිහින් එන්නම් අම්මා..."

ඇය මුවින් නොබැන මදෙස බලා සිටියි. එහෙත් ඇය සිතින් සියලු දෙවියන්ගේ ආරක්ෂාව මවෙත පතන බව මම දනිමි.  මා විසින් ඇගේ සිත තලනවා වැඩි බවක්ද දැනේ.

පාරට බැස්ස නමුදු නිශ්චිත අරමුණක් සිත තුළ නොවේ. තවමත් ඇගේ දුරකතනය ගොලුය. මම  මේ වන විට කෙටි පණිවුඩ 6ක් යවා ඇත. ඒවා එකක් හෝ ඈ වෙත ලැබී නොමැත. දුරකතනය තවමත් අක්‍රියය.

මම මීගමුව දෙසට වාහනය පදවමි. නිහඬ හුදෙකලාවක් මා අවට පැතිරී ඇත.

**********************************************

මුහුදේ ගෝසාව සමග එක්ව නද දෙන කපුටන් අහසේ තැනින් තැන කරකැවේ. 
ගින්දර පැහැ ගත් හිරු, දිවා කල දුඹුරු පැහැයෙන් තිබූ මුහුදට ද ගිනි තබා අහවරය. ලංකාවේ දකුණු දිශාවේ මෙන් නොව , මෙම ප්‍රදේශයේ මුහුද නිල් පැහැයෙන් තොරය.වෙරළ දිගට ඉදි වුණ ලොකු කුඩා සංචාරක හෝටල්  ද පැල්පත් සමූහයද නිසා මේ මුහුදේ ස්වභාවික සුන්දරත්වය සැඟවී ගොස් බොහෝ කල්ය.

එහෙත් තවමත් මුහුදු රල හඬ සමග බැඳුනු ගුප්ත හුදෙකලාවට මම පෙම් කරමි.

දණක් දක්වා කලිසම නවා ගන්නා මම වෙරළ ඔස්සේ ඈතට පිය මනිමි. රබර් සෙරෙප්පුවේ පටි අතර ‍රැඳුණු වැලි වලට කැපෙන පාදය වේදනා නොදේ. විටින් විට පා දොවන පෙණ කැටි දෙපයට දැනෙන නොදැනෙන ගාණය. මූදු සුළඟ ගෙන එන ලුණු රස දිවගට නොවැටහේ. 

සිතෙහි ඇත්තේ එකම පැතුමකි. ඒ ඇගන් ඇමතුමකි.  මේ මොහොතේ ඈ මා හට ආදරය නොකළාට කම් නැත. බොහෝ සේ වෛර කළාටද කම් නැත. ඒ සියල්ල කෙසේ හෝ ඉවසීමට මා හට හැකි වේවි. එහෙත් දුරකතනය මෙලෙස නිහඬ වී තිබීම මා හට දරා ගත නොහැකිය.

වෙරළේ තැනින් තැන ‍රැඳී උන් බොහෝ පෙම්වතුන් ආපසු යාමට සැරසේ. කවුරුන් කෙසේ බැලුවත් ඔවුනගේ ලෝකය ඔවුනට සුන්දරය. 

මගේ ප්‍රේමයද අද දින මා වෙරළට කැඳවා ඇත. නමුදු ඒ තනිවමය.

මුහුදු රළ සමග වෙරළට ආ සිප්පි ක‍ටුවක් මා පයට පෑගේ. එහෙත් එය බිඳී නොයයි. මම එය අවුලා ගනිමි. කිරි සුදු පැහැති එය සැබෑ නිකැලැල්ය. සීරීමක සලකුණකුදු නොමැත. මා හට ආදිත්‍යා සිහි වේ.  කරදියෙන් එහි ‍රැඳී ඇති වැලි සෝදා ගන්නා මම එය සාක්කුවේ රුවා ගනිමි.
ඈත ක්ෂිතිජ රේඛාවේ නැවක් යනු මා හට දිස් වේ. අහසේ යන ගුවන් යානයත්, මුහුදේ යන නැවත් කොතරම් දු‍ටුවත් නිරන්තරයෙන් අපේ අවධානය ලබා ගන්නා බව මා කොහේ හෝ කියෙවුවා මතකය.එහෙත අද නම් දෙනෙතින් නැව දකිද්දීත් මා සිතෙහි රජ වී සිටින්නේ ආදිත්‍යා ය.

අසල ඇති ඔරු කඳක් මත මා වාඩි වෙමි. ඒ විඩාව නිසා නොවේ. මා හට සිතීමට උවමනාය. හෙට දිනය වන තුරුත් ඇගේන් තොරතුරක් නොලදහොත් මම ඈ සොයා යමි. ලෝකයේ කොහේ සිටියද මා ඈ සොයා ගත යුතුය.

මම නැවත දුරකතනය ගෙන ඈ අමතමි. දැන් නම් සිතේ කිසිදු විශ්වාසයක් නැත.

එහෙත්,

පුදුමයකි. දුරකතනය නාද වේ. මගේ යැදුම් වලට කුමන හෝ දෙවි කෙනෙක් සවන් යොමු කොට ඇත.
ඇමතුම සම්බන්ධ වේ.

"ආදිත්‍යා නංගි....." ඇය කතා කිරීමටත් පෙරම මම ඉක්මන් වෙමි.....

"හෙලෝ....." ඒ ඇගේ හඬ නම් නොවේ. ඒ ඇගේ මලණුවන් විය යුතුය. "කවුද කතා කරන්නෙ? අක්කා ගෙදර නෑනෙ...."

මෙවන් වෙලාවක නිවසේ නොසිට ඈ කොහේ ගොස් ඇතිද. 

"මම දසුන්. අක්කගෙ යාළුවෙක්..... අක්ක කොහෙද ගියෙ මල්ලි? ඉක්මනින් එයිද? " හැකි තරම් නිවුණ ස්වරයෙන් මම විමසමි. සිතෙහි ඇති චංචල බව ඔහු වටහා ගත යුතු නැත.

"අක්කා ඉස්පිරිතාලෙ. අත්තම්මා ළඟ......"

"ඇයි මල්ලි, අත්තම්මට මොකද වුණේ?"

"හවස කලන්තෙ දාලා වැටිලා තිබුණා. ඉස්පිරිතාලෙට එක්කන් ගිහින් බලද්දි ඒක හාට් ඇටෑක් එකක්ලු"

මගෙ සිතෙහි උපදින්නේ දරගාත නොහැකි තරමේ දුකකි.මේ පුංචි කෙල්ල මේ සියල්ල කෙසේ දරා ගන්නවා ඇද්ද. දෙමාපියන් නොමැති ඈ හට සිටින්නේ අත්තම්මා සහ මල්ලී පමණක් බව ඈ මා සමග පැවසූයේ ඊයෙ හවසය. ඈ ඔවුන් දෙදෙනාට බෙහෙවින් ආදරය කරන බව මා ඒ මොහොතේ වටහා ගතිමි. එහෙත් අද සිදු වී ඇත්තේ කුමක්ද..... මා වහා ඈ සොයා යා යුතුය. ඇය වෛද්‍යවරියක් බව සැබෑය. එහෙත් තමන්ට සිටින එකම පිළිසරණ වූ අත්තම්මා අසනීප වූ කල්හි, ඈ කොතරම් අසරණ වන්නට ඇද්ද. 

"අත්තම්මා...."යනුවෙන් ඈ කෑ ගැසූ අන්දම මා හට සිහිවේ. එහි ගැබ් වූ හැඟීම් මා හට වැටහෙන්නේ දැන්ය.....

මල්ලීගෙන් සියලු විස්තර දැනගෙන හෙට උදෑසනම ඇය බැලීමට යා යුතුය. හෙට වන තෙක් නොසිට , මේ දැන් පිටත් වීමට සිත් වේ. එහෙත් අම්මා තනිවම දමා යාමට නොහැක.

"මල්ලි ආයෙ ඉස්පිරිතාලෙ යන්නෙ කීයටද?"

"තව ටිකෙන් යනවා..... ඕනා බඩු වගයක් ගෙනියන්න ආවෙ.... මම අක්කට කියන්නම් අයියට ගන්න කියලා"

මල්ලීගේ ස්වරය සුහදය.ඈ මා පිළිබඳව ඔහු හා පවසා තිබෙනවාවත් ද.

*****************************************************


ඒ පිළිබඳව පසුව සොයා බැලිය හැකිය. දැන් හෙට ගමනට සූදානම් විය යුතුය. තනිව ඒ ගමන යනවා ට වඩා පසන් ද කැ‍ටුව යාම සුදුසුය. මා පමණක් තනිව ගොස් නිකරුනේ ඈ අපහසුතාවයට පත් කිරීම නුසුදුසුය.....

************************************************
මම පසන් වෙත ඇමතුමක් ගන්නේ වෙරළෙන් නික්මී ආපසු පැමිණෙන අතරතුරය. සුපුරුදු පරිදි එය waiting ය. වෙනදා මෙන් නිහඬව නොසිට මම දිගින් දිගටම  ඔහු අමතමි. අවසානයේදී ඔහු පිළිතුරු දෙයි.

"පුදුම කරදරයක්නෙ මේක.... නිදහසේ මලක්වත් කඩාගන්න නෑ නිවාඩු දවසෙ...."

"උඹගෙ මල පස්සෙ කඩාගනින්.... මට උදවුවක් ඕනා...."

"ඔව් ඔව් මම දන්නවා.... එහෙම දේකට නැතුව මට කතා කරන්නෙ උඹට මම ගැන ආදරයක් හිතිලා මතක් වෙලා නෙමේනෙ... 
කොහොමත් මම මේ මල් කඩ කඩ කළෙත් උඹට උදවුවක් කරන එක තමයි...."

"මොකක්?"

"හ්ම්ම් හ්ම්ම්.... මම මේ ක්‍රිශානි එක්ක කතා කර කර හිටියෙ උඹ ගැන..."

"මොකක්?"

"හැම එකටම මොකක් ගාන්නෙ නැතුව අහපන්.... හැබැයි මේක අහලා බොරුවට දඟලන්න හදන්න එපා.. හරිද"

"මම දඟලන්නෙ නේ.... කියපන්කො ඉක්මනට. "

"මම ක්‍රිශානිගෙ යාලුවෙක්ට කියලා ආදිත්‍යා ගැන හෙවුවා..." 

පසන්ගේ ස්වරය එතරම් ප්‍රීතිමත් නැත. මගේ සිත දැවේ. ඔහු පවසන්නට යන්නේ කුමක්ද...... 
එය සුබ ආරන්චියක් නොවේ නම් එය පසන්ගේ මෝඩ විහිලුවක් වන්නට පතමි........





40 comments:

  1. ලස්සන කතාවක් සිඳු. පිරිමි ලමයෙක් විදියට ලියන්ට අමාරුයි. ඒත් ඔයා ඒක ලස්සනට කරලා තියෙනවා. මෙතෙක් කතාවේ පිහිටෙන් කතාව තේරුම් ගත්තා. විවේකය තියන විදියට ඔක්කොම කතාව කියවලා බලන්නම්.

    බ්ලොග් එකක් තියනබව අමතක කරන්ට එපා. අපි පව්....:D

    ReplyDelete
    Replies
    1. පිරිමි ළමෙක් හිතන විදියට ලියන්න අමාරුයි තමයි. ඒ නිසා මේක ලියද්දි හැම වෙලාවෙම හිතෙනවා බොලඳ වැඩියි වගේ ද මන්දා කියලා. මම හිතාගෙන හිටියෙ පිරිමි ළමයි කියන්නෙ හරි තද හිත් තියන , මේ විදියට හිතන්නෙ නැති අය කියලා. ඒත් මේ වගේ අවස්ථා වලදි පිරිමි ළමයි හිතන විදිය මම දැක්කා මගෙ යාළුවන්ගෙන්. ඒ නිසා තේරුම් ගත්තා මෙහෙම ලියන එකේ වැ‍රැද්දක් නෑ කියලා.

      Delete
  2. ශික්... මේක කියවලා ඉවර වෙනකොට සිඳු ගැන මාර කේන්තියක් ආවේ... කිට්ටුව පහතක හිටියනම් දෙනවා දෙකක්..! හොඳම තැනින් කතාව නවත්තලා.. දැන් ඉතින් මොනා කරන්නද උඩ බලන් ඉන්න තමා වෙන්නේ ඊලඟ කෑල්ල දානකම්... :( ඇයි පාඨක අපිට මේ වගේ කොරන්නේ?
    හැබෑට ක්‍රිශානි මොනවද හොයාගෙන තියෙන්නේ....??

    ReplyDelete
    Replies
    1. එහෙමනෙ අනේ.... මතක නැද්ද පොඩි කාලෙ අපි බලපු spell binder, ocean girl වගේ ඒවගෙ මොකද් වුණේ. හොඳම තැනින් නවත්තනවනෙ. ඊට පස්සෙ ඊලඟ සතිය එනකම් ඉන්නෙ ඇඟිලි ගැන ගැන. ;-)

      Delete
  3. ඇත්තමයි ආයිත් බලන්නේ කොටස් දහයක් විතර ගියාට පස්සේ.

    ReplyDelete
    Replies

    1. හෆොයි.... තව කොටස් 10ක් නම් ලියන්න බෑ.... මේක මට එපා වෙලා.

      Delete
  4. සිරාවට මේම නවත්තනවනං සරත් අයිය වගේ මාත් තව කොටස් 10කට විතර පස්සෙ තමා බලන්නේ..
    කතාවනං එල ඈ...

    ReplyDelete
    Replies
    1. තව කොටස් 10 ක් ලියන්න බෑ.......... මට කම්මැලියි....!!!
      ;-(

      Delete
  5. ගිය පාර නම් waiting තිබ්බා හොඳටම වැඩියි ඕං. ඒකටත් හරියන්න ඊළඟ කොටස ඉක්මණට ඕනෙ. කතාව දැන් තවත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. කල් ගත්තා වැඩියි තමයි. පහුගිය ටිකේ පොඩි පොඩි වැඩ වගයක් තිබුණා. ඉතින් මට දසුන් ගැන හොයලා බලන්න බැරි වුණානෙ.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඇති යන්තම් බ්ලොග් එකක් තියෙන බව මතක් වෙලා සිඳුට! දැන් ඊ ගාව කොටස මේ අවුරුද්දෙම දායිද? :D
    ඒක නෙවෙයි, මොකද ඔයයි ගිමනුයි දෙන්නම දිග බංකු දෙකක් දාලා තියෙන්නෙ? කතා වෙලාද?


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. තාම තේරුණේ නැහැනෙ අප්පා! කෝ බංකුවක් පේන්න නැහැනේ

      Delete
    2. හලේ මේකාව තියන්න වටින්නෙ නෑනෙ. ඔය බ්ලොග් එකේ මුදුනෙම අර ටයිටල් එක ගාවා තියෙන පින්තූරෙ දිග බංකුවක් නැත්ද? ඒක තියෙන්නෙ මුහුදු වෙරලක. ගිමන්ගෙ එක සරත් සෘතුවෙ දවසක පාල් එකක!! :)
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. ආ . Good observation Dude..! මේක මටත් නෝට් වුනේ දැන්නේ... මොකක්ද මේ බංකු සීන් එක?

      Delete
    4. ඒ ගමන ගිමන් සද්දයක් නෑ නේද තොටියා. ගිමන් නිවන්නා ගිමන් නිවනවා ඇති!:D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    5. :D දැනුයි යන්තම් කතාව තේරුණේ. හැබැයි තාම බංකුව නම් දැක්කෙ නෑ මම මේකට දිගටම ආවෙ ෆෝන් එකෙන් නිසාද දන්නෑ.
      දෙන්නම ඉන්නෙ අමාරු කාලයක් ඉවර වෙලා ඊටත් වඩා අමාරු කාලෙකට යන අතරමැද ගිමන්හරින පොඩි විවේකයකනෙ ඒ නිසා ඒක පොදු කාරණයක් විදිහට ගන්න පුලුවන් නේද සිඳූ!

      Delete
    6. අනේ මට කියනකම් ඒක මතක් වුණේ නෑ. ඔව්මයි, ගිමන්ගෙත් තියෙන්නෙ බංකුවක්. ගිමන්ගෙ කතාව හරි. බ්ංකුවෙ අර්ථය විඩා නිවීමක් තමයි. ඕන කෙනෙක්ට ඇවිත් ඉඳගෙන ඉන්න පුළුවන්.....

      ඒත් මගෙ බංකුව නම් තියෙන්නෙ ලෝක්යෙ කොනේ (මුහුදු වෙරළෙ) හුදෙකලාව...... ඕන කෙනෙක්ට ඇවිත් ඉඳගෙන ඉන්න පුළුවන්.

      Delete
    7. මම හිතන්නේ ගිමන් ඇස් කන්නඩි පාවිච්චි කරනවා නැත්නම් සිදූගේ පින්තුරෙ ලොකු වැඩියි

      Delete
  8. Replies
    1. I was too lazy to write teacher. And had some other stuff to deal with.
      Anyway, I'm back
      :)

      Delete
  9. කාලෙකට පස්සෙ නේද? මාත් හරිම කම්මැළි කමින් ඉන්නෙ ලියන්න...

    ReplyDelete
    Replies

    1. ඒක තමයි කිරිල්ලි. එක කාලයක් පෝස්ට් එකක් දානකම් මටම ඉවසිල්ලක් නෑ. දැන් ටිකක් කම්මැලි වෙලා මම.

      Delete
  10. හම්මේ කතාව මුකෝ අක්කේ මෙච්චර පරක්කු උනේ...

    ReplyDelete
    Replies
    1. පොඩි වැඩ වගයක් තිබුණා මල්ලි. ඒ නිසා ලියන්න තරම් මානසික සහනයක් තිබුණෙත් නෑ. කම්මැලි කමකුත් තිබුණා...

      Delete
  11. හැබෑටම ඩොකී අක්කා දැක්ක කල්... :)
    කතාව සිරාවට අමතකයි

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ රජෝ.... මම නම් දැක්කා මූණු පොත පැත්තෙ කැරකිලා තියනවා රජා හැමදාම

      Delete
  12. කාලෙකින් නේන්නම්,,හා හා ඔහොම මෙගා ලියද්දි කියවන අය අමාරුවේ දාන්න එපා,

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඩිලන්. දැන් නම් මේ මෙගා එක හොඳටම ඇති වගේ.

      Delete
  13. කාලෙකට පස්සේ ආයෙමත් දසුන් ආදිත්‍යා වෘත්තාන්තය . මේ තකාවේ සරල සහ ව්‍යක්ත , වර්ණවත් අලංකරන සහිත භාෂාවට මම හරිම කැමතියි. කතාව ලියන්නේ පරිණත වූ ලේඛිකාවක් වගේ මේ තියෙන්නේ හොඳ නිදසුනක්

    " මුහුදේ ගෝසාව සමග එක්ව නද දෙන කපුටන් අහසේ තැනින් තැන කරකැවේ.
    ගින්දර පැහැ ගත් හිරු, දිවා කල දුඹුරු පැහැයෙන් තිබූ මුහුදට ද ගිනි තබා අහවරය. ලංකාවේ දකුණු දිශාවේ මෙන් නොව , මෙම ප්‍රදේශයේ මුහුද නිල් පැහැයෙන් තොරය.වෙරළ දිගට ඉදි වුණ ලොකු කුඩා සංචාරක හෝටල් ද පැල්පත් සමූහයද නිසා මේ මුහුදේ ස්වභාවික සුන්දරත්වය සැඟවී ගොස් බොහෝ කල්ය."

    තවත් කිසිවක් නොලිවත් මේවගේ රසවත්ව ලිවීමම හොදටම ප්‍රමාණවත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයානන්ද අයියෙ. ඔයාගෙ මේ වගේ අදහස් මට ගොඩක් වටිනවා.

      Delete
  14. Replies
    1. ස්තූතියි හිරු
      :)

      Delete
  15. එල එල..... ආයිත් මේ පැත්ත මතක් වෙලා තියෙනවා. මේ දවස් වල මොකද්දෝ එකකට ගොඩක් මහන්සි වෙනවා කියලා ආරන්චියි.. ඒ වැඩෙ අස්සේ දසුන්ගේ වැඩෙත් කරලා දෙන්න.
    ~ගිහාන්~

    ReplyDelete
  16. ම්ම්ම්... මේ කතාව ඇස ගැටුනේ අදනේ.. මුල කොටසුත් කියවලාම එන්නම්..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඔන්න හරි.. ඔක්කෝම කොටස් ටික කියෙව්වා... දැන් නම් ඔන්න ඊළඟ කොටස ඉක්මනට ඕනේ හොඳේ.. ලස්සනයි.. කතාව පුරාම හඹා යෑම තමා..
      ජය වේවා...!! :)

      Delete
  17. කතාවේ මුල ටික අමතක්ත් වේගෙන ආවා....

    ReplyDelete