හඹා යාම 01
හඹා යාම 02
හඹා යාම 03
හඹා යාම 04
හඹා යාම 05
ඇය පාර හරහා මාරු වී අවසන්ය.
"මොනව ගන්නද ගියෙ පුතා?"
'සිගනල් ලයිට් එකට බල්බ් එකක් බලන්න ගියා අම්මා"
අම්මා ඒ පිළිතුරින් සැනහේ. තවත් බොරු කීමට සිදු නොවීම පිළිබඳව මගේ සිතත් සැනහේ.
ඉදිරිපස කණ්ණාඩියෙන් මම පාරේ ඈත බලමි. බස් රථයක් ඈතින් එනු දිස් වේ. මම ඉක්මන් කරමි. ඉක්මන් කොටය. එක් වරම මෝටර් රථය පණ නොගැන්වේ.මගේ නොඉවසිල්ල වැඩි වේ. එහෙත් දෙවන වතාවේ මා අවාසනාවන්ත නොවෙමි.මෝටර් රථය පණගැන්වේ.
ගම්පහ - ජා ඇල බසයක පැමිණි අමතර පන්ති ගිය කෙල්ලෝ තිදෙනෙක් කොමල කරමින් අම්මා තාත්තාගේ පාරක යන සේ පාර පනිති. ඒ කහ ඉර නොවූවත් මම අසාමාන්‍ය ලෙස ඉවසමි. තත්පර කිහිපයක ප්‍රමාදයෙන් මට ඈ මග හැරෙන්නට ඉඩක් නැත.
"මේ කෙල්ලන්ට තියන දාංගලේ" නාමලී ඇන්ටි පවසනු මට ඇසේ. අප පාසල් ගිය කාලයේ ඇය මා හා මගේ මිතුරන් දුටුවා නම් කුමක් පවසනු ඇත්ද.......
ඇය හැරුණ විට බස් නැවතුමේ තවත් තිදෙනෙක් පමණ සිටිති. රෝස පැහැය මා අකමැතිම සීනි බෝල පැහැයකි. එහෙත් ඇයට රෝස පැහැය ඔබනේ යයි මට සිතේ.
හරියටම ඇය ඉදිරියේ මම නවතිමි.තමා ඉදිරියේ නැවැත්වූ මෝටර් රථය දෙස ඇය කුතුහලයෙන් බලයි. කළු පැහැති වීදුරු නිසා ඇයට මා හඳුනා ගන්නට ඉඩක් නැත.
අම්මා ද කුතුහලයෙන් මා දෙස බලයි.
"මගෙ යාලුවෙක් අම්මා" අම්මා ද ඇය දෙස බලයි. මම අම්මා සිටින පැත්තේ වීදුරුව පහත් කරමි.
මා දෙස බලන ඇගේ මුහුණේ සිනහවක් මතු වේ. ඈ මා හඳුනාගෙන. ඒ සුපුරුදු සුහද සිනහව මට සුවිශේෂීය.
"ඩොක්ට කොහෙද යන්නෙ?" මම තරමක උස් හඬින් විමසමි.
තරමක චකිතයකින් එහෙත් ස්ථීර සාර බවකින් යුතුව ඇය කාරය අසලට පැමිණේ. "කොහොමද?" ඇය විමසයි. කොහෙද යන්නෙ මල්ලෙ පොල් ආකාරයේ පිළිතුරකි.
"අපිත් එක්ක යන්න පුළුවන් ඩොක්ට නගින්න" ඇය කැළඹීමට පත් වූ සෙයකි.
"නෑ කමක් නෑ, මම බස් එකේ එන්නම්"
ඈතින් පොලිස් නළා හඬක් ඇසේ.
ඒ මටද? කෙසේ වෙතත් ඒ දෙස නොබැලීම ඇඟට ගුණය.
"නගින්න දුව, මේ වෙලාවෙ බස් වල සෙනඟත් වැඩියි"
ඒ වාක්‍යයට නම් අද දිනයේ දෙවන වරටත් අම්මාගේ දෙපා නැමදීමට මට සිතේ. එහෙත් ඇය තවමත් දෙගිඩියාවෙන් පසු වේ.කාරයට නැගීමට එතරම් සිතක් නැති සේය
කිසිවෙකු මගේ වීදුරුවට තට්‍ටු කරන හඬක් ඇසේ. මම එදෙස බලමි. කාකි සුට් එකකි.
ඔහු පවසන දෑ මට එතරම් පැහැදිලිව නෑසේ. එහෙත් බස් නැවතුම දෙසට අත දිගු කරමින් ඔහු පවසන්නේ කුමක්දැයි මට වැටහේ. ඒ කරුණාවන්ත දෑස මට පවසන්නේ "අනේ මල්ලි ඇයි මෙතන කාර එක නැවැත්තුවෙ, හොඳ ළමයා වගේ දැන් යන්නකෝ... නැත්නම් පිටිපස්සෙ බස්වල එන ඩ්‍රයිවර් මාමලාට බස් නවත්තන්න අමාරුයිනෙ, කිවුවම අහලා යන්නකෝ ඉතින්........"
"ඉක්මණට නගින්න. " ඇය වෙතට හැරෙන මම දැඩි තිර හඬකින් පවසමි.පිටුපස දොර හැරගන්නා ඇය කාරයට නගීයි. මගේ සිත අනපේක්ෂිත සතුටකින් පිරී යයි.
දැන් ඉතින් කතා කරන්නේ කුමක්ද? නම අසන්නද? යහළුවාගේ නම වත් දන්නෙ නැද්ද, අම්මා ප්‍රශ්න කරාවි.
"ඩොක්ට හැමදාම යන්නෙ මේ වෙලාවටද?" කණ්ණාඩියෙන් ඈ දෙස බලමින් මම විමසමි.
"ගොඩක් වෙලාවට මේ වෙලාවට තමයි, යාළුවාව නම් දවස් දෙක තුනක්ම හම්බුණා මට" ඇය නොපැකිල පිළිතුරු දෙයි.
නාමලී ඇන්ටි කුතුහලයෙන් ඈ දෙස බලනු මට කණ්ණාඩියෙන්ම දිස් වේ."ඒ පුතා යාළු වෙලා ඉන්න ගෑණු ළමයද?" ඇය පසු වේලාවක අම්මාගෙන් අසනු ඇත.
අපේ අම්මා ද ළඟක සිට "දොස්තර දුවලා" පිළිබඳව උනන්දුවක් ඇති වී තිබෙනු මට කිහිප විටකම දැනී තිබුණි.
"දුව කොහාටද යන්න ඕනා?" අම්මා විමසයි.
"මීගමුවෙ මාකට් පාරට ඇන්ටි"
"මීගමු? කටුනායක නෙමේද?" මගේ ප්‍රශ්නය ඈට විමතියක් ගෙන දුන්නා සේය.
"නෑ මීගමු යන්න ඕන "
මීගමුවට ගොස් නැවත අදම ආපසු පැමිණේවිද? එසේ නම් ඒ වන විට රෑ බෝවී තිබේවි. ඈ අඳුර වැටි පසුව නැවත තනිවම පැමිණීම පිළිබඳව මා හට ඇති වන්නේ නොසතුටකි. එහෙත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට අයිතියක් මා හට කොයින්ද?
ඈගේ මුහුණින් තරම විඩාබර ලෙසක් දිස් වේ. මම අම්මාට නොදැනෙන්නට එක් වායු සමීකරණ කවුළුවක් ඈ දෙසට හරවමි.
"ඩොක්ට කොහෙ ඉස්පිරිතාලෙද වැඩ කරන්නෙ?" එවර ප්‍රශ්නය නාමලී ඇන්ටිගෙනි. අද මා හට ඈ සමග කතා කිරීමට අවකාශයක් ලැබෙන පාටක් නැත.
"මම ප්‍රී ඉන්ටර්න් ඇන්ටි"
"ආ..." නාමලී ඇන්ටි ඒ පිළිබඳව තේරුණා සේ හිස සලයි. එහෙත් ඇයට කිසිවක් නොතේරුණු බව මා දනිමි. නැවතත් මගේ මුවට සිනහවක් එක් වේ.
එක් අතකින් සිදු වූ සියල්ල පුදුමාකාරය. ක්ෂණික තීරණ ගැනීම මා කුඩා කල සිටම ගෙන ගිය ඉතා නරක පුරුද්දකි. එහෙත් සෑම කලු වළාවකම රිදී රේඛාවක් ඇත යන්න පසක් කරමින් ඈ හමුවීමේ මගේ තීරණය අද පල දරා ඇත. මේ පිළිබඳව පසන් ට පැවසීමට සිතේ. එහෙත් ඒ සඳහා මගක් තවම නොමෑත.
අම්මා ද නිහඬය. කිසි දිනෙක දැන නොසිටි මගේ අලුත් මිතුරිය පිළිබඳව ඈය කල්පනා කරනවා වත් ද. නාමලී ඇන්ටී ඇගේ සර්වාංග රෝග පිළිබඳ දිග විස්තරයක් ඈ හට ඉදිරිපත් කරනු ඇසේ. මගෙ දෙනෙත් නැවතත් ඈ වෙත යොමු වේ. ඈ සාවදානව නාමලී ඇන්ටි හට ඇහුම් කන් දෙයි.ඒ දෙනෙත් දීප්තිමත්ය. දිගු ඇසිපිය හා කවාකාර ඇහි බැම මුහුණට අමුතුම සුන්දරත්වයක් එක් කර ඇත.
මාර්ගයේ රතු පැහැති විදුලි බුබුල දැල්වේ. මම තිරිංගයේ පය තබා ගනිමි.
ඈ දුටු මොහොතේ පටන්ම සැහැල්ලුවෙන් පා වෙන සිත , එක් වරම මහා බරක් ලෙස පොළොවටම කඩා වැටෙනුද ඇතැම් විට දැනේ. මුලදී අපැහැදිලි වූ ඈ පිළිබඳව මගේ සිතේ ඇති හැඟීම දැන් නම් මම වටහාගෙන සිටිමි. එහෙත් මම ඈ පිළිබඳව කිසිවක් නොදන්නවා නොවේද.
මුහුණට වැටුණ කෙස් රොදක් කණ පිටුපස රඳවාගත් ඇය, අත් බෑගයේ වූ කොණ්ඩ කටුවක් ගෙන එතෙක් වේලා උරහිස වසා ගත් විදාහල කොණ්ඩය එකතු කර රඳවා ගනියි.
එය පෙර තිබූ ලෙසම තියාගන්න යැයි පැවසීමට මට සිත් වේ.
කණ්ණාඩියෙන් මගේ මුහුණ බලන මම උපැස් යුවල නැවත සකසා ගනිමි. කන්ටැක්ට් ලෙන්සස් පැළඳිය යුතු යැයි සිතේ.
"ඔයාට ඒවා අයින් කරන්න අමතක වෙලා ඇස් නරක් වෙයි පුතා" ඒ පිළිබඳව පවසන සෑම මොහොතේදීම අම්මා පවසනු මට සිහියට නැගේ.
"පුතා... මොකද මේ? "අම්මාගේ හඬින් මම තිගැස්සෙමි.
"සේරම වාහන යනවා. ඔයා විතරක් තවම නවත්තගෙන"
පොළොව පලාගෙන යන තරමේ ලජ්ජාවකින් සිත වෙලී යයි. පාරේ කොළ පැහැය දැල්වී ඇත. සියලුම වාහන මා පසු කොට යයි. ඇතැමෙක් උපහාසයෙන්ද, තවකෙක් තරහෙන්ද මා දෙස බලමින් යති. මම කිසිවක් නොපවසමි. සැබැවින්ම මා හට පැවසීමට කිසිවක් ඉතිරි වී නැත. දෙනෝ දාහක් දෙනා අබිමුව නිරුවත් වූ ලෙසක් මා හට දැනේ. කණ්ණාඩියෙන් හෝ ඈ දෙස බැලීමට මට නොසිතේ.
අම්මාගේ මුහුණේ මදහසකි. "පණ්ඩිතයට අද නම් වැරදුනා. වෙනදට කොහොමද අනිත් මිනිස්සුන්ට බනින හැටි , පාරෙ සිහියෙන් යන්නෙ නෑ කියලා." අම්මාගේ සිනහවෙන් පීඩාකාරී බව තරමක් සැහැල්ලු වේ.
මම ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ තරමක් වැඩි කරමි. එහි ගීතයක් වාදනය වේ.
ඒ බොහෝ කලක පටන් මා ප්‍රිය කරන ගීතයකි. "කවි කාරියේ... සිංදු කියනා ළඳේ..................."
"අනේ දසුන් පුතේ.ඉස්සරහ සුපර් මාකට් එක ළඟින් ටිකක් නවත්තන්න්කො. මට බඩු වගයක් ගන්න තියනවා." නාමලි ඇන්ටි එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙක් මරා ගැනීමට සැරසේ.
"මමත් ගිහින් එන්නම් පුතා" අම්මාද කාරයෙන් බසීයි.
"අම්මෙ, මට අයිස් ක්‍රීම් එකක්. ඩොක්ට, අයිස් ක්‍රීම් කනවා නේද?"
"අනේ මට ඕනා නෑ" සාමාන්‍ය ගැහැණු ළමුන්ගේ බොරු ආචාරශීලී බව ඈ සතුවද පවතියි.
"අපි KFC, පීසා හට් එක්කන් යන්නෙ නෑ. මෙතනින් අරන් දෙන දෙයක් තමයි ඉතින්. ඒ නිසා එපා කියන එක එච්චර හොඳ නෑ... පස්සෙ හිතෙයි අපරාදෙ කියලා......" ඈ සිනා සේ.
"කමක් නෑ ඇන්ටි, කරදර වෙන්න එපා. මම තව ටිකෙන් බහිනවනෙ"
"ඔව් අම්මෙ, එහෙනම් ඩොක්ටට රට කජු මුලක් වත් ගෙනත් දෙන්න... බැහැලා පාරෙ යද්දි අයිස් ක්‍රීම් කකා යන්න බෑනෙ.දිය වෙනවනෙ"
අම්මා සිනා සී සුපිරි වෙළඳ සල දෙසට යයි.
**************************************
"මම ප්‍රී ඉන්ටර්න්" ඇය නාමලී ඇන්ටි සමග පැවසූ බව මට මතක් වේ. එසේ නම් ඇය මට වඩා වයසින් අඩු විය යුතුය. එම නිසාදෝ දැන් ඇය හා කතා කිරීමට මා තුළ කිසිදු පැකිලීමක් නැත
"ඩොක්ටගෙ නම මොකද්ද?"
".ආදිත්‍යා... ඔයා දසුන් නෙ?"
"නෑ නෑ.. මම දසුන් නෙමේ. ඒ මට ගෙදරට කියන නම"
"එහෙනම් මොක්ද්ද ඇත්ත නම?"
"සිරිපාල"
ඇය ඉවත් බලාගෙන සිනා සේ. ආපසු හැරී ඈ දෙස බලනු වස් සිත අයදියි.
"ඩොක්ට ඉන්නෙ කටුණායකනෙ.ඉතින් ඇයි මීගමු යන්නෙ?"
ඇගෙන් දිස් වන්නේ විස්මයට පත් වූ සෙයකි.
"කොහොමද ඔයා දන්නෙ මම ඉන්නෙ කටුණායක කියලා?"
අප දෙදෙන හමු වූ මුල් දිනය ඇයට අමතකද? එසේ නම් එය පසුවට මතක් වන්නට මම ඉඩ දෙමි.
"දැනගෙන නෙමේ, නිකම් කිවුවෙ"
ඈ මා දෙස සැකයෙන් මෙන් බලයි.
"මම මීගමුවෙ වැඩ කරනවා... මෙඩිකල් සෙන්ටර් එකක"
"රෑටත්?"
"ඔව්, උදේ වෙනකම්"
"ලේසි නෑ නේ? හවසත් වැඩ කරලා රැත් වැඩ කරන එක?"
"ඒක නම් ඇත්ත තමයි."
"ඉතින් මොනාටද මේ තරම් හම්බ කරන්නෙ දැන්මම?"සිතට නැගෙන පැණය වදන් වලට නොපෙරලමි. එතරම් වේලාවක් එක දිගට වැඩ කිරීම ඇය වැනි සියුමැලි යුවතියකට කෙසේ වත් ඔරොත්තු නොදෙනු ඇත.
"ඔයා මොකද්ද කරන ජොබ් එක?"
"පොඩි පොඩි එලෙක්ට්‍රොනික් වැඩ තමයි. අපිට කොහෙද ඉතින් දොස්තර නෝනලාට වගේ හම්බ කරන්න පුළුවන් රස්සා......"
"පේනවා පේනවා........."
"මොකක්? මොනවද පේන්නෙ?"
"සල්ලි හම්බ කරන්නෙ නෑ කියලා පේනවා"
"ඒකනෙ කිවුවෙ මම,
එකෙන් වැඩක් නෑ......ඩොක්ට කොයි අවුරුද්දෙද ඒ ලෙවල් කළේ?"
"2005" ඔයා?
"මම ඒ ලෙවල් කළේ නෑනෙ. මතක නැද්ද එදා මගෙ යාළුවා කිවුවා යන්තම් මේ පාර තමයි ඕ ලෙවල් ගොඩ දා ගන්න හදන්නෙ කියලා......"
ඇය නැවත සිනාසේ. ගැහැණු ළමුන් සමග දිගින් දිගටම විහිළුවට යාම මගේ පුරුද්දක් නොවේ. එහෙත් ඇගේ සිනහව දැකීමට සිතෙහි දැඩි ආශාවක් මතු වේ.
"අනේ බොරු කියන්නෙ නැතුව ඉන්න......"
"අපේ අම්මත් මට හැම වෙලාවෙම කියනවා බොරු කියන්න එපා කියලා. ඇත්තම කියන්නම්කො ඒ නිසා.මම 2002 ඒ ලෙවල් . ඒත් කළේ 2003 දි."
"ඔයා 1st attempt එක අත ඇරියාද?" ඇය විමතියෙන් විමසයි.
"පිස්සුද, කවුද කියන්නෙ?"
"දැන් ඔයාමනෙ කිවුවෙ.... 2002 ඒ ලෙවල්, ඒත් කළේ 2003 දි කියලා"
"ඒ කිවුවෙ හරියට කලේ 2003 දි කියලා. ලැජ්ජා නැතුව කියන්න පුළුවන්යැ, 2002 දි ෆේල් වුණා, 2003 දි තමයි පාස් වුණේ කියලා........"
ඇගේ අපූරු සිනහව කණ්ණාඩිය අතරින් මම නැවත දකිමි.
බෑග් දෙකක් අතින් ගත් අම්මා සහ නාමලි ඇන්ටි ආපසු පැමිණේ.
"අපරාදෙ අන්න අම්මලා එනවා. අපේ අවබෝධාත්මක කතා බහට නැවතීමෙ තිත තියන්න වෙනවා නාමලි ඇන්ටි එයාගෙ රෝග වාර්තාව ආයෙ ඔයාට කියන්න ගත්තම........"
"පව් , එහෙම කියන්න එපා......."
අම්මා අත කාලීල්ස් කෝන් අයිස් ක්‍රීම් සහිත බෑගයක් ඇත.
"කෝ අම්මෙ ඩොක්ට ආදිත්‍යා ගෙ රට කජු ගොට්ට?"
"ඔයාට දැන් මම මොකුත් දෙන්නෙ නෑ .........මේක ගන්න දුව.... නාමලී මෙන්න ඔයාට...." අම්මා වෙස්සන්තර බිසව මෙන් සියල්ල බෙදා හරියි.
"ආදිත්‍යා, අයිස් ක්‍රීම් කෑවාම දත් පණුවො කනවා නේ? නාමලී ඇන්ටිගෙ ලෙඩ ලිස්ට් එකට තව එකක් එකතු වෙයි එහෙම වුණොත්...." ආදිත්‍යා පිළිතුරු නොදී සිනා සේ.
කොතරම් සුහදව අප හා කතා කළත් තවත් ඇගේ සිතෙහි චකිතයක් පවතිනවා සේය. එහි කිසිදු වරදක් මා නොදකිමි. සැබැවින්ම ඒ ලජ්ජා ශීලී ගතියට මම ප්‍රිය කරමි..... එහෙත් ඇය මගේ ජීවිතයට පැමිණීම සදාකාලිකද.... නැතහොත් මේ තාවකාලික සතුටක් පමණද. කෙසේ වෙතත් මේ සතුටු දායක මොහොතේ ගව්වක් දුර සිතීමට මගේ සිත ඉඩ නොදෙයි. ඒ අද මා අසලය. තවත් කුමක්ද මට අද අවැසි.......
"අම්මා.... රට කජු..."
"කට වහගෙන කන්න පුතා ඕක. මේ දරුවා ට එපා වෙලා ඇති දැන්"
"හා අම්මෙ. ඒත් අයිස් ක්‍රීම් ටික කටට ගන්න විතරක් කට අරින්නද?" මම අහින්සක ලෙස විමසමි.
ආදිත්‍යාගේ පුපුරා ගිය සිනහවෙන් විසිරුණ අයිස් ක්‍රීම් වලින්, ඇගේ අත් බෑගයද, මගේ අසුනේ පිටුපසද, මගේ හිසකෙස්ද නැහැවී යයි.........
( වෙලාවක් තියනවා නම් මේ පැත්තෙත් ගිහින් එන්න.
මේඝ මැද )

දන්නෙම නැතුව මමත් මීගමුවට ගිහින් ඒ තරමි ලස්සනට ලියලා තියෙනවා.
ReplyDeleteඊගාව කොටහත් ඊලගට දාන්නෝ....
හරි හරි, ඉන්නකෝ.......
Deleteශා මාර ලකීනෙ මේ දසුන්...
ReplyDeleteඅම්මත් මාර සපෝට් වගේ..;)
කවුද දන්නෙ. අම්මා දන්නවයැ මේ කොල්ලගෙ නූල් සූත්තර. අම්ම තවමත් හිතේ පුතා පොඩි එකා කියලා.
Deleteආව් අප්ප සොයි කටාව....මං අඩමනෙ මේ පැත්තට ආවේ....දිගටම එන්නම් අක්කියෝ...ජය වේවා!!!!!!!!!!!
ReplyDeleteආ මේ අපේ ගින්ඩර නගානෙ. මමට් මේ බලන් හිටියෙ කවඩා මේ පැට්ටෙ පස් පාගයිඩ කියලා.
Deleteනියමයි
ReplyDeleteස්තූතියි මල්ලි
Deleteහප්පේ...කාලෙකට පස්සෙ තව කොටසක් දාලා.මං නම් හිතුවෙ හඹා යාම ලත් තැනම ලොප් වෙලා කියලයි.හඹා යෑම දිගටම හඹා ආව නිසා හොඳට ගියා :)))))))))))
ReplyDeleteඒ කියන්නෙ හඹා යාම හඹා යන ඇනෝලාත් ඉන්නවා.
Deleteමට හිතෙන්නෙ නම් වැඩේ හරියාගෙන තමා එන්නේ....!!
ReplyDeleteහරි යයිද බලමු. අපි කොහොමද දන්නෙ ආදිත්‍යා ට කොල්ලෙක් ඉන්නවාද දන්නෙත් නෑ. ( ඒත් නෑ වගේ නෙ?)
Deleteමම මේ කාලෙකින් බ්ලොග් කතා මාලාවක් කියවන්නේ,,ලස්සනට යනවා
ReplyDeleteඅනේ අනිත් එකත් කියවන්නකෝ. මම ආසා ඒකට.
Deleteඅ,,, සිදූ නවකතාවකුත් ලියනවා.. අද තමයි දැක්කේ.. මරු..
ReplyDeleteවචන වලට ලෝබ නැතුව එක කොටසකට වැඩිපුර ලියන හින්දා වඩාත් කැමතියි
මම මේ කොටස විතරයි කියෙව්වේ.. අදනම් මහන්සියි.. අනිත්කොස් 5ත් සිකුරාදට කියවන්නම්
ජය වෙවා!!!
එහෙනම් අනිත් "කොස්" 5ත් කියනවන්නකො. ( ඒ වුණාට මුල ඉඳන් කියෙව්ව නම් තමයි හොඳ. කුතුහලය සහ අති බිහිසුණු සටන් ජවනිකා තිබුණෙ මුල "කොස්" වල)
Deleteඅදත් ලස්සන් කොටසක්... බලමු ඉස්සරහට..
ReplyDeleteබලමු බලමු මල්ලි
Delete'ලස්සනට' කථාව යනවා. මම හිතනව සිඳූ කව්රුවත් නොහිතන ඉසව්වකට මේ චරිත ටික අරන්යයි කියල, තවත් එක් යුගයේ ප්‍රේම කථාවක චරිත ටිකක් වෙන්න ඉඩ නොදී.
ReplyDeleteඅපිට එක එක කෑම කන්න ලැබෙනවනෙ, දවසක තරු පහේ හෝටලයකින් ෆරයිඩ් රයිස් එකක් කනව. කන වෙලාවට ඉතිං Top කෑම එක කියල හිතෙනවනෙ.
තව දවසක ගමේ ගිය වෙලාවක අත්තම්මගෙ ගෙදරින් ගමේ ගහ කොලෙන් හදපු වෑංජන එක්ක කෑම එකක් කනව. ඒක කන වෙලාවටත් නියම කෑම එක කියල හිතෙනව. හිතමු ඒ මොහොතට දෙකෙන්ම එක සමාන රසක් භුක්ති වින්ද කියල. ඒත් වැඩි කාලයක් මතක හිටින්නෙ කොයිකද? වැඩිය ගුණ කොයිකද? ටික වෙලාවක් කන කොට රහ අඩු වෙලා යන්නෙ කොයිකද? උයන්න ලේසි කොයිකද?
ඉතිං අපි කාට හරි කෑම වේලක් දෙනකොට, උයන්න ලේසි කන වෙලාවට රහයි කියල හිතෙන එකක්ද හදන්නෙ, උයන්න ටිකක් අමාරු උනත් කාලයක් රහ මතක හිටින එකක්ද?
(මම නම් ඉතිං සිඳූගෙ අතින් හැදෙන ඕනෙම කෑම එකක් කනවා. :D අත් ගුණේ හොඳයි කියල හිතෙන හින්ද!)
දැන් ඉතින් මේක කම්මැලි කමට ලියලා දාන්න හිතෙන හිතෙන වාරයක් පාසා මේ කමෙන්ට් එක මතක් වෙයි. මහන්සි වෙලා ලියමු නේ එහෙනම්. අනේ ඉතින් මගෙ මේ අච්චාරුව කනවා ට නම් ස්තූතියි.
Deleteඋඹට කොත්තමල්ලි ඇට ඇට පරිප්පු හොද්දේ හැපෙනකොටයි සුදුරු ගෙඩි ගෙඩි අල හොද්දේ හැපෙනකොටයි අත් ගුනේ තේරෙයි මලයෝ
Delete~දිනේෂ්~
අර වාගේ කරුණාවන්ත පොලිස් මහත්තුරු තවත් වැඩි වේවා. /.. වීදුරුව පැලෙන ගානට බනින්න ඇති එත් කලේ උදවුවක්නේ.. අනේ මන්දා ටික කාලෙකින් රටට දොස්තරවරියක් අහිමි වෙලා නවකතාකාරියක් එකතුවෙයිද කියලා මට බයයි..
ReplyDeleteබලන්නකො ඉතින් , සරත් අයියා දැන්මම බය වෙලානෙ. බය වෙන්න එපෝ...... එහෙම වෙන එකක් නෑ. ඒත් ඉතින් වැඩියෙන් ආසා නම් මේ වගේ වැඩ වලට තමයි
Deleteදසුන්ගෙත් අදාත්‍යාගෙත් කතාවට අම්මා නම් සෑහෙන්න උදවි කරනවා වගේ.. කතාව ලස්සනට ගලාගෙන යනවා. බලමු ඉතිරි කොටසත්
ReplyDeleteඅම්මා උදවු කරන්නෙ පුතා ගෙ වැඩ ගැන නොදැනනෙ. බලමු මොකද වෙන්නෙ කියලා දැනගත්තාම.
Deleteඒක නෙමේ ළමයි, සිඳු තව කතාවක් පටන් ගත්තා. ඒක ගැන අදහස් ටිකක් ඕනා.
ReplyDeletehttp://paasatahan.blogspot.com/2012/05/blog-post_30.html
කතාවේ මුල ටික කියවලා නෑ නෙව. ඒ නිසා කතාව කියවගෙන යනකොට කොයිල් උනා.
ReplyDelete