හඹා යාම 01
"ඉඳගන්න"
ඇය නැවත සිනා සේ. මේ සිනහව මට පුරුදුය.
මගේ හිස යකාගේ කම්මල මෙනි. කිසිවක් පැහැදිලි නැත.තවමත් මට සිදු වූ සියලු දේ සිහිනයක් මෙනි. මේ මගේ ජීවිතයේ කළ ලොකුම අනුවණ කම ද?
"මොකද්ද අසනීපෙ?"
ඇයට මුසාවක් කීමට දිව නොනැමේ. මට ඉබේම පසන් දෙස බැලේ.
"මෙයාට උදේ ඉඳන් ඔලුවෙ කැක්කුම ඩොක්ටර්" පසන් පිලිතුරු බඳියි.
"ඔලුවෙ කොහෙද රිදෙන්නෙ?"
"වමනෙ යන්න එනවද?"
"බිම බලද්දි ඔලුව රිදෙන එක වැඩි වෙනවද?"
"අව්ව දිහා බලන්න අමාරුද?"
ඇගේ ප්‍රශ්න සියල්ලටම කුමක් හෝ පිළිතුරක් මම ලබ දෙමි. එහෙත් ඒවා එකිනෙකට එකක් ගැලපෙන්නේ නැති බව මටද හැඟේ. බොහොමයකට පිළිතුරු පසන් ද ලබා දෙයි.
ඇය මාගේ රුධිර පීඩනය මනියි. එවැන්නකට මම ජීවිතයේ ප්‍රථම වතාවට මුහුණ දෙමි.එමගින් මගේ වමතේ බාහුව දැඩි පීඩනයකට බඳුන්ව ක්‍රමයෙන් පීඩනයෙන් නිදහස් වේ.
"ප්‍රෙශර් නෝමල්" ඇය පවසයි. "ඔයාට ලොකු අසනීපයක් තියනවා කියලා නම් පේන්නෙ නැ මට. මොකක් හරි ප්‍රශ්නයක් තියනවද හිතේ මේ දවස් වල?"
ප්‍රශ්නයක් ඇති බව නම් සැබෑවකි. එහෙත් ඒ පිළිබඳව ඇයට කෙසේ පවසන්නද?
"ඔව් ඩොකටර්, ප්‍රශ්නයක් නම් තියනවා මෙයාට මේ දවස් වල" පසන් පිළිතුරු බඳියි. මොහු සූදානම් වන්නේ "ඇය" පිළිබඳව පවසන්නද? එසේ වූවොත් මෙතනින් පැන දුවනවාට වඩා යමක් මට නම් නොසිතේ.
"මොකද්ද ප්‍රශ්නෙ? විභාගයක් හරි මොකක් හරි තියනවාද? ඇය මගේ මුහුණ දෙස බලාගෙන ප්‍රශ්න කරයි.
මම අපහසුවෙන් සිනාසෙමි.
මට වදනක් හෝ ගලපාගන්නට පසන් ඉඩ නොදේ. "ඔව් ඩොක්ටර්, මේ පාරවත් O/level ගොඩ දාගන්න තමයි මෙයා මේ දවස් වල ට්‍රයි කරන්නෙ." පසන් සිනාසේ. ඇයද හසරැල්ලක් මුවට නගා ගනියි.ඒ උපහාසයෙන්දැයි මට නොතේරේ.
"ජොබ් එකක් කරනවද?" ඇයට මා පෙනෙන්නේ රස්සාවක් වත් නැති නිකමෙකු ලෙසද?"
"ඔව් ඩොක්ට"
"එක ස්ට්‍රෙස් ද"
"ටිකක් විතර" එවර මා පැවසූවේ අමූලික බොරුවකි.මගේ රැකියාවට මම ඉතා ප්‍රිය කරමි.තරමක වැඩ අධික බව සැබෑය.නමුත් කිසි දිනෙක ඒ පිළිබඳව ඇය අසන අන්දමේ "ස්ට්‍රෙස්" එකක් නම් දැනී නොමැත. මගේ අනන්‍යතාවය මා විසින්ම ගොඩ නගාගෙන සිටිමි. ඒ නිසා කිසිවෙකුගෙන් මා හට කිසිදු බාධාවක් එල්ල නොවේ.
"ස්ට්‍රෙස් ගන්න එපා, කූල් එකේ ඉන්න" ඒ සමගම ඇය යමක් සටහන් කරයි. බෙහෙත් විය යුතුය. මම ඒ දෙස බලමි. වෛද්‍යවරියකට නොගැලපෙන තරමේ පැහැදිලි බවක් ඒ අකුරු වල විය.
වචනයක් වචනයක් පාසා කියවිය හැකිය. තේරෙන්නේ "headache" යන්න පමණක් වීම වෙනත් කතාවකි.
"ඩොක්ටර් ගෙ prescription එක පැහැදිලියි. " මටත් නොදැනීම මගේ මුවින් පිට වේ. ඇය මුවින් පමණක් නොව දෙනෙතින් ද සිනා සේ.
"ඩොක්ට මෙහාට ඇවිත් ගොඩක් කල් ද?" එවර පසන් ගෙන් ප්‍රශ්නයකි. "දැන් ඉතින් ලංකාදීපෙ සඳැල්ලෙ ඉන්ටවිව් එක වගේ තියෙයි."මට සිතේ. එහෙත් එවැන්නක් පැවසීමට ඉඩ නැත.
"මම මෙහෙ වැඩ කරන්නෙ මාස 3ක විතර ඉඳන්" ඇගේ ස්වරය සුහදය.
"ඩොක්ටර් Colombo faculty ද?"
"නෑ මම රාගම"
"දවස් තුනකට විතර කලින් අපේ නංගි බේත් ගන්න ආව ඩොක්ටර්ගෙන්. එයා තමයි කිවුවෙ ඩොක්ට ලඟට යන්න කියලා......" පසන් ඇද බාන්නේ ගල් පැලෙන බොරුවකි. මට ඇගේ මුහුණ බැලීමටද නොහැකිය. ඔහු සැරසෙන්නේ කුමක් අරබයාද යන්න මට හොඳින් වැටහේ. එහෙත් ඔහුව නැවැත්වීමට මට ඉඩක් නැත. ඔහු මා දෙස බලන්නේවත් නැත.
"කවුද නංගි? මොනවට බේත් ගන්නද ආවෙ"
"ඩොක්ටට මතකද දැන්නෙ නෑ, කලු පාට ටොප් එකකුයි, සුදු පාට ජීන්ස් එකකුයි ඇඳලා ආවෙ....... " පසන්ගේ මෝඩ පිළිතුරට ඇය සිතින් සිනාසුනාට කිසිදු සැකයක් නැත. හෙදියකගෙන් ප්ලාස්ටරයක් ඉල්ලා ඔහුගේ කටට ඇලවීමට හිතේ.
"බේත් ටික කවුන්ටරෙන් ඉල්ලගන්න" ඇය පවසයි.
"තැන්ක් යූ ඩොක්ටර්" මම හැකි ඉක්මනින් කාමරයෙන් පිටතට පැමිණෙමි. පසන්ට යමක් පැවසීමට මට අවශ්‍යය. එහෙත් ඔහුට මගේ වගක් වත් නොමැත.ඔහු එක එල්ලේම කවුන්ටරය අසලට යයි.
"මචන් අර ළමයා ගැන අහන්න එපා"
"මොකක්?"
"කිවුවම අහපන්...අහන්න නන් එපා."
"උඹට පිස්සුද? එහෙනම් මොනවාටද ආවෙ?" ඔහුගේ හඬ ඔහු හිතුවාටත් වඩා උස් වේ. හෙදියද අප දෙස බලයි.
"ඇයි, බේත් එපාලුද?" ඇය සිනාසෙමින් විමසයි.
"බේත් ටික දෙන්න මිස්" මම නැවතත් පසන් දෙස හැරෙමි.
"අහන්න එපා." මම ඉතා සෙමෙන්, එහෙත් තිර හඬකින් කියා සිටිමි.
පසන් නිශ්ශබ්ද වේ. ඔහු දැඩි කෝපයකින් පසු වන බව මට හැඟේ. කරන්නට දෙයක් නැත. ඔහුට එම කෝපය තව මිනිත්තු කීපයක් උසුලා සිටීමට සිදු වේවි.
බෙහෙත් ටික රැගෙන අපි පිටතට පැමිණෙමු. පසන් කෝපයෙන් දැවෙයි.
"මොකද්ද ඒ කරපු වැඩෙ? මෙච්චර කට්ටක් කැවෙ මේකටද?"
"කෑ ගහන්න එපා බන්. අර බලපන් අර පොඩි එකාත් උඹ දිහා හැරි හැරී බලනවා" පසන් කතා කර ගත නොහැකි තරම් කෝපයකින් පසු වේ.
"ඒ ඩොක්ට මචන්" මම කට හඬ අවදි කරමි.
"මොන ඩොක්ටර් ද?"
"අපි හොයන්න ආව කෙල්ල , ඒ ඩොක්ටර්" මොහොතකට පසන් ගේ මුවට අගුලු වැටේ.
"බොරු කියන්න එපා බන්"
"බොරු නෙමේ. මටත් තවම හිතා ගන්න බෑ. මට එදා නිකමට වත් හිතුනෙ නෑනෙ එහෙම. "
"ඒක තමයි උඹ එතෙන්ට ගිහින් නිකම් කරකවලා ඇත ඇරියා වගේ හිටියෙ නේද?" ඔහු සිනා සේ.
"හිනා වෙන්න එපා බන්, අපි මහ මෝඩ වැඩක් කළේ"
"උඹට චාර්ටර් නේද, මම අර O/Level ගැන කිවුව එක එහෙම....?" පසන් ට එයද විනෝදයට කරුණකි.
"ඒ වගේ මැටි කතා විශ්වාස කරන්න තරම් නම් ඒ කෙල්ල මෝඩ නෑ.. "
"කෙල්ල උඹව අඳුනා ගත්තාද බන්?"
"අනේ මන්දා, දැකපු ගමන්ම හොඳට හිනා වුණා නේද?"
"ඒ හිනා වුණේ උඹ එක්ක නම් නෙමේ. මා එක්ක"
"පිස්සු!!"
සියල්ල පසන් සමග පැවසුවාට පසු හිතට යම්තම් සහනයක් දැනේ. "මොකද දැන් මේ බේත් වලට කරන්නෙ?"
"ඔය ටිකය් , තව ෆාමසියෙන් ගන්න දුන්න බේත් ටිකයි අරගෙන ජාඇල හන්දියෙ තියාගෙන විකුනපන්"
මට පිළිතුරු නැත. සියල්ල මතක් වන විට සිනහ උපදී. සිතෙහි අමුතුම හැඟීමක් ඇති වී නැති වී යයි. ඒ කුමක්දැයි පැහැදිලි නැත. එය පැහැදිලි කරගැනීමටද පසන් අවකාශයක් නොදෙයි. ඔහුගේ මුවට නිවනක් නැත.
"උඹ දැන් හිතාගෙන ඉන්නෙ මේ පාරෙම යන්නද?"
"මොන පාරෙද?"
"ලස්සන දොස්තර නෝනාගෙ පාරෙ?"
"ඒ ලස්සනෙන් උඹට වැඩක් නෑනෙ"
පසන් මගේ මෝටර් රථයේ රියදුරු අසුන පැත්තේ දොර අසලට යයි.
"මොකද ඔය?" මම අසමි
"මම බහිනකම් මම එලවන්නම්. නැත්නම් උඹ හීන බල බල යන්න ගිහින් කොහෙ හරි ඇන ගත්තොත්.....! මගෙ යවුවන කාලෙම මට ආබාධිත වෙන්න බෑ."
මම ඔහු වෙතට යතුර විසි කරමි.
"අපරාදෙ පසන්. මීට වඩා වැදගත් විදියට ඇඳගෙන එන්න තිබුණෙ."
"ඇයි?"
"මෙඩිකල් ෆැකල්ටි වල කොල්ලො හැමදාම ජෙන්ටා නෙ. ඉතින් අපිව නිකම්ම compare කරන්න ඇති කෙල්ල"
"මෙඩ්ඩන් ට පිස්සු බන්. කොන්ඩෙ පීරලා, රැවුල කපලා, ෂර්ට් යට කරලා , සපත්තු පොලිෂ් කරලා. කැම්පස් ජීවිතේම අල.
මතකනෙ අපේ බැඡ් එකේ ලහිරුවා ගෙ ඩොක්ටර් නිවුන් සහෝදරයා. කොහොමද දෙන්නා එක ළඟ තිබ්බාම."
"ඒ වුණාට මම අද හොඳටම රස්ත පාටයි, අම්මා ත් කිවුවා උදේ"
"ඒක නම් ඇත්ත. අද උඹට අඩු බෙල්ලට කොටි දතක් විතරයි"

ඔයාටම වෙච්ච දෙයක්ද මන්දා.
ReplyDeleteහෆොයි , මේ මට වුණ දෙයක් නෙමේ........! මම මෙහෙම කොල්ලෙක්ව අඳුනන්නෙවත් නැතෝ
Deleteහරී.. ... මම එක. !!
ReplyDeleteලස්සනට යනවා කතාව,,කිවුවත් වගේ ඔයාටමද උනේ මේක
ReplyDeleteමම හිතුවා නිකමට වගේ මේ කතාව මටම කැරකෙයිද කියලාත්. කොහෙද ඉතින් මම හොඳටම දන්නෙ දොස්තරලා ගැන ලියන්නනෙ. මොනවා කරන්නද, ඉතින් ලිවුවා.
Delete"මෙඩ්ඩන් ට පිස්සු බන්. කොන්ඩෙ පීරලා, රැවුල කපලා, ෂර්ට් යට කරලා , සපත්තු පොලිෂ් කරලා. කැම්පස් ජීවිතේම අල" // -ඇයි උන් එහෙම ඉන්නෙ? අනේ මන්දා ඉතින් මේ ගැන අර්ථකතනය කරල වෙනමම ලිපියක් වූනත් ලියන්න පුළුවන්.
ReplyDeleteහික්ස්..මටත් නිකමට නිකමට වගේ හිතෙනව මේ කොල්ලත් සිදුගෙන් බෙහෙත් ගන්න ආපු එකෙක්ද කියලා.. :P
මම හිතන්නෙ මෙඩ්ඩො එහෙම ඉන්න හේතු ගොඩක් තියනවා. ඒ ගැන විවරණයක් දෙන්න පුළුවන් අයියා කියනවා වගේ. ඒත් අර කැම්පස් ජීවිතේම අල කියන එක අදාල වෙන පිරිසකුත් ඉන්නවා, මෙඩ්ඩො විතරක් නෙමේ, ඕනාම ෆැකල්ටි එකක.
Deleteකොහොම වුණත් කැම්පස් යන කාලෙ මෙඩ්ඩන් ට ඔහොම කියන පසන් වගේ අය කැම්පස් අවුට් වුණාට පස්සෙ ඊටත් වඩා පිළිවෙල වෙනවා.
ඉතින් ඔයා ගනන් ගන්න එපා පසන් ගෙ මෝඩ කතා.
ඔහොම යං...ඔහොම යං...!!!
ReplyDeleteවෘත්තීය කටයුතුවලදී මේ වගේ අත්දැකිම් ස්වභාවයෙන්ම ලැබෙනවා.
ReplyDeleteඇතැම් වෙලාවට සතුටක් වගේම කරදරයක් වෙන වෙලාවල් එහෙමත් හමුවෙනවා.
අත්දැකිමක් වුණත් නොවුනත් රසවත් කතාවක්
හප්පේ මට එන්න බැරි වුන ටිකට වෙලා තියන දේවල්. මෙයත් අපේ පීඨයෙමනෙ. ඔව් ඉතිං ලස්සන ගෑණු ලමයෙක් නම් රාගම වෙන්න එපැයි. අක්කත් රාගමද? මම දහ අටේ. අක්ක කීයෙද?
ReplyDelete