හඹා යාම 01
හඹා යාම 02
සුපුරුදු ලෙසටම ජාඇලට ආසන්න වන විට තරමක වාහන තද බදයකි. වීර කමක් ලෙසින් දැනුනද හිතට තරමක චකිතයක් ඇති නොවන්නේද නොවේ.පසන් අසාමාන්‍ය ලෙස නිහඬය.
"මොකද ගල් බූතයො?"මම විමසමි. ඔහුව අවුස්සා ගැනීමෙන් සිතෙහි ඇති වෙමින් තිබෙන චකිතය සමනය කරගැනීමට සිත් වේ.
"මොකුත් නෑ" ඔහු උදාසීන ලෙස පිළිතුරු දෙයි.
"එහෙනම් මොකද මොංගල් වෙලා වගේ?" මම සැහැල්ලු බවක් ආරූඩ කරගනිමින් විමසමි.
"අද නම් නාගැනිල්ලක් තියෙන්නෙ මචන්"
"අඩෝ මේ.. උඹ චවු චවු වෙන්නෙ නැතුව ඉන්නවද. උඹට බැරි නම් මම තනියම යන්නම්. තනියම ගිහින් කතා කරන්නම්"
"නෑ නෑ... ඒ හරිය මම කරලා දෙන්නම්. උඹට වඩා හොඳට මට කතා කරන්න පුළුවන්" පසන් තමා ගැන අධිතක්සේරුවෙන් කතා කරයි.එක් අතකට ඔහුගේ එම ප්‍රකාශයද සත්‍යය. එහෙත් මගේ මුවින් පිට වන්නේ සිනහවකි.
"මොකද නරියො හිනා වෙන්නෙ?"
"නෑ නෑ. උඹට නෙමේ හිනා වුනේ.පොඩි කතාවක් මතක් වුණා"
"මොකද්ද?"
"උඹ මැඩගස්කර් බැලුවද?"
"උඹ හිතුවද මමත් පොඩි උන් වගේ කාටුන් බලනවා කියලා?"
"ඔව් හිතුවා. බැලුවනෙ උඹ?"
"ඔවු මම බැලුවා තමයි" පසන්ගේ එලොවටත් නැති මෙලොවටත් නැති කතා වලට ඉතින් අපි දෙදෙනාම සිනාසෙමු.
පසන් නැවතත් කටහඬ අවදි කරයි.
"මොකද්ද දැන් මෙතෙන්ට මැඩගස්කර් එකක් මතක් වුණේ? උඹ කියන්න හදන්නෙ උඹේ අර කෙල්ල මැඩගස්කර් වලින් ආව කෙල්ලෙක් කියලා ද? ඔව් ඉතින් හිතන්නත් පුළුවන්, කලු කෙල්ලෙක්නෙ"
"මම උඹට කී සැරයක් කිවුවද, ඒ කෙල්ල කළු නෑ, මම කිවුවෙ සුදු නෑ කියලා.ඒ ළමයට කලුයි කියනවා නම් උඹේ පාටට කියන්න වෙන වචනයක් හදන්න ඕනා"
"එහෙම තමයි අපි නියම සිංහල පාට කොල්ලො,උඹලා වගේ හිපි පාට නෑ..... හරි හරි දැන් කියපන් මොකද්ද ඔය මැඩගස්කර් කතාව කියලා" පසන් නැවතත් නොදැනීම ඉල්ලන් කෑමකට අර අඳියි.
"මතකද මැඩගස්කර් එකේ සිංහයා?"
"ඇලෙක්ස් ද මොකාද?"
"අන්න හරි ඌ තමයි, උන් සෙට් එක සූ එකෙන් පැනලා යන වෙලාවෙ පොලිසියෙන් වට කරනවානෙ"
"ඉතින්?" පසන් ගේ මුහුණ පිපිරීමට ආසන්න මෝටාරයක් බඳුය.
"ඉතින් මචන්........... ඒ වෙලාවෙ ඇලෙක්ස් "Im good at talking..." කියලා පොර වගේ මිනිස්සුන්ට විස්තර කරන්න යනවා මොකද වුණේ කියලා. ඒත් ඉතින් මිනිස්සුන්ටඇහෙන්නෙ නැට්ට පාගගත්තු, නහටු සිංහයෙන් උම්බෑ කියනවා වගේ එකක් විතරයි..............ඉතින්..." මම තවත් කතාව රසවත් කිරීමට වචන සොයමි.
"නවත්තපන්" පසන් දරුණු වී ඇති සෙයකි. මට තවත් සිනහ උපදී. "පොඩ්ඩක් ඉඳපන්, ඉතුරු ටිකත් කියලා ඉවර කරන්න. මම උඹට කිවුවා නෙමෙනෙ, ඇලෙක්සි ගැන කිවුවෙ"
"මම කිවුවෙ උඹට කතාව නවත්තපන් කියලා නෙමේ, කාර් එක නවත්තපන් කියලා, මම බැස්සාට පස්සෙ උඹ ඕනා තරම් කතන්දර කියාගනින්"
"පිස්සුද බන්, ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා, මෙතන නවත්තන්න බෑ, ඉස්සරහ බස් හෝල්ට් එකෙන් දාන්නම් උඹව"
"හරි, මම බස් එකේ නැගලා ගෙදර යනවා. උඹ ගිහින් ඕනා විදියකට උඹේ කලු කෙල්ල ගැන අහගනින්, මනුස්ස කමට මුන්ට උදවුවක් කරන්න හැදුවම ඒකෙනුත් මට මඩ ගහනවා........."
"මචන් පොඩි ප්‍රශ්නයක් තියනවා"
"මොකද්ද?" පසන්ගේ මුහුන වයර් එලියට පැන ඇති බෝම්බයක් බඳුය
"අර මෙඩිකල් සෙන්ටර් එක තියෙන්නෙ ඉස්සරහ හෝල්ට් එක ගාව. ඒකටත් ගිහින්ම යමු නේද අපි?"මම සිනා සෙමි. පසන් සිනහව වලක්වා ගැනීමට අසාර්ථක උත්සාහයක් දරයි.
*****************************************************
කවුන්ටරයේ සිටින හුරුබුහුටි හෙදියක් සිනා මුහුණින් අප පිළිගන්නීය.
"බේත් ගන්නද?" ඩග් ඩග් ගා ගැහෙමින් තිබුණ පපුවට එය මිහිරි ගීතයක් බඳුය.
"ඔව්" පසන් හිස සලයි. මම විමතියෙන් ඔහු දෙස බලමි. ඔහු ඇයට නොපෙනෙන්නට ඇසක් ඉඟි කරයි.
"ටිකක් ඉන්න. ඇතුළෙ එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සෙ මෙයා ගියාට පස්සෙ ඔයාලා යන්න" ඇය අසල සිටින් රෝගියෙකු පෙන්වමින් පවසයි. ඔහු නම් ඇත්තෙන්ම වේදනාවෙනි. එසේ බලන කල පසන්ට ඉහෙන් බහින රෝගයක ලක්ෂණ නැත.
පසන් අසල ඇති අසුනක අසුන් ගනියි. මමද ඔහු අසලින් අසුන් ගනිමි.මට කුඩා කල සිහිවේ. අනෙකුත් රෝගීන් වාඩි වන පුටු වල අසුන් ගතහොත් ඒ සියලු රෝග මා හට වැළඳේ යයි අනියත බියක් එකල මා හට තිබුණි. ඒ නිසා කිසි දිනෙක බේත් ගැනීමට යන තැනක පුටුවක අසුන් නොගැනීමට මා ප්‍රවේසම් වීමි. ඒ බැව් සිහි වීමෙන් නොදැනුවත්වම මගේ මුගින් සිනහවක් මැවේ. මම පසන් දෙස බලමි. ඔහුගේ නෙත් බිත්තියේ රඳවා ඇති රූපවාහිනියේය.එහි විදේශීය නාලිකාවකි. දැක පුරුදු චිත්‍රපටයක් විකාශය වේ.
"AMELIE"
මා එය නැරඹුවේ මැතකදීය.
"අපි ආවෙ මොනාටද කියලා උඹට මතක නැද්ද?" මම පසන්ගෙන් අසමි.
ඔහුට මගේ වචනයක් කනකටවත් නොවැටේ. ඔහු රූපවාහිනි තිරයේ දිස් වන සුදු මැලි පැහැ කෙල්ල දෙස බලා සිටියි. එය මා නරඹා ඇති චිත්‍රපට අතුරින් මා කැමති ප්‍රංශ චිත්‍රපටයකි. එහෙත් මේ මොහොතේ නම් එය ලොව ඇති නීරසම චිත්‍රපටය ලෙස මට දැනේ. මිට මෙලවූ අතින් පසන්ගේ නාසය පොඩි කිරීමට මට සිතේ. එවර ඔහු රූපවාහිනිය බලමින් සිනාසේ.
"බූරුවො"
මටත් නොදැනීම මගේ මුවින් පිට වේ. "යාලුවන්ට වුණත් වැදගත් විදියට කතා කරන්න පුතා" අම්මා නිතරම පවසන වදන්ද මගේ හිස තුළ ඇති වී නැති වී යයි.
"මොකද?" එවර නම් පසන්ගේ කන් ඇසී ඇත.
"නමින්ම කතා කලොත් විතරයි නේ උඹට ඇහෙන්නෙ? අපි ආවෙ මෙතන ෆිල්ම් බලන්නවත් බේත් ගන්නවත් නෙමේ. ගිහින් අහපන් අර නර්ස්ගෙන් අර ගෑණු ළමයා ගැන."
"මට මගෙ ප්ලෑන් එකට වැඩ කරන්න දීලා උඹ ටිකක් දඟලන්නෙ නැතුව ඉන්නවාද?" පසන් නැවතත් රූපවාහිනී තිරයට නෙත් යොමයි.මම මට ඉදිරියේ බිත්තියේ ඇති "ලේ බිඳක් දන් දෙන්න" පෝස්ටරයට රවමි. මෙය නම් "නාගැනීමක්" බව දැන් මටද වැටහේ.
"පසන්..."
"හ්ම්ම්.... මේ ෆිල්ම් එක හොඳයි වගේ නේද? ජර්මන් ද කොහෙද. මොකද්ද දන්නෙ නෑ නම."
වෙනත් වෙලාවක නම් ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මම පවසමි. එහෙත් ඒ තරම් ඉවසිල්ලක් මේ මොහොතේ මට නැත.
"මොකද්ද උඹ ඩොක්ටට කියන්න හිතන් ඉන්න ලෙඩේ"? මම සෙමින් විමසමි.
"මොකුත් නෑ...."
"මොකුත් නෑ?"
"ඔව්, මම නෙමේ උඹනෙ ලෙඩා"
"මොකක්?"
"මොකක් හරි පොඩි අසනීපයක් කියපන්, ඩොක්ටර් ගාවට යන්නනෙ ඕනෙ"
මම ඔහුට රවමි.
"ඔහොම බලන්න එපා බන්, අර නර්ස්ලා හිතයි උඹ ප්‍රෙග්නන්ට් වෙලා කියලා" මම ඉවත බලාගනිමි.
දෙවන රෝගියාද ඇතුළට ගොස් තරමක වේලාවක් ගත වී ඇත. මම ඔරලෝසුව දෙස බලමි. එක් වරම රූපවාහිනිය නිවී යයි. විදුලිපංකාවද කරකැවීම අඩු වී ගොස් නවතියි.
"කරන්ට් ගියා නේද? "කවුන්ටරයේ හෙදිය තවත් හෙදියකගෙන් විමසයි
"ජෙනරේටරේ දාන්නද අක්කෙ?"
"තව ටිකක් වෙලා බලමු නේද?"
රූපවාහිනියේ ශබ්දය රහිත වූ තැන ඔවුන්ගේ කතා බහ පැහැදිලිව ඇසේ. වෛද්‍යවරයාගේ කාමරය තුළ වන කතා බස් ද ඇසේ.
"මේ බේත් ටික හරියට ගන්න. අරක්කු බොන්න බෑ......! මේ සති තුනේ තෙල් කෑම, මිරිස් , ගම්මිරිස් කන්නම එපා. පිටි සහිත කෑම අඩු කරන්න.
දවසකට වතුර ලීටර් 3ක් වත් ඉවර කරන්න. තේරුණාද? " ඒ ගැහැණු කට හඬකි. "ඔව් ඩොක්ටර්" රෝගියා පවසයි. එසේ නම් මෙහි සිටින්නේ වෛද්‍යවරියකි.
"ලේඩි ඩොක්ටර් කෙනෙක් ඉන්නෙ පසන්. මට නම් බෑ බොරු ලෙඩ කියන්න"
"එතකොට බොරු කියන්න ලේසියි"
නැවතත් ඇගේ හඬ මතු වේ.
"........ අපේ ගල නාලය තියෙන්නෙ මෙහෙම, ඒකට ආමාශය සම්බන්ධ වෙන්නෙ මේ විදියට...." ඇය යම් රූප සටහනක් පෙන්වනවා විය යුතුය. මට නම් මෙලෝ සංසාරයක් නොතේරේ. ආමාශය ඇත්තේ උදරයේ බව නම් දනිමි.
"ඩොක්ටර් කෙනෙක්ද ටීචර් කෙනෙක්ද බන්.....?" පසන්ටත් ඇත්තේ මට වැනිම ප්‍රශ්නය. මම සිනාසෙමි.
*********************************************
රෝගියා පිටතට පැමිණේ.
"දැන් ඔයාලා දෙන්නා යන්න"හෙදිය පවසයි.
පසන් දෑතින් හිස කෙස් සකසා ගනියි. මා තුළ තරමක චකිතයකි.
කැරකෙන පුටුවේ වාඩි වී සිටින් වෛද්‍යවරිය සිනා මුසුව අප දෙස බලයි. "එන්න" ඇය පවසයි.
තවත් අඩියක් ඉදිරියට තැබුවා පමණකි. අවට ඇති සියල්ල මා වටා භ්‍රමනය වන ලෙසක් මට දැනේ. අත් පා වාරු නැති , දෙසවන් බිහිරි, දෙනෙත් අඳ පුද්ගලයකුට දැනෙන හිස් බවක් ඇති වී නැති වී යයි.
මේ සිදු වන්නේ කුමක්ද?
පසන් ඇය අසල ඇති පුටුව වෙතට මා තල්ලු කරනවා සිහිනයෙන් මෙන් දැනේ. මම මුවට සිනාවක් නගා ගන්නට උත්සාහ කරමි. එහෙත් නොහැකිය. මුවෙහි මාංශ පේශීන් අඩ පණ වී ගොසිනි.........

ශා මරු කථාවනේ අක්කියෝ.. අද තමා ඔක්කොම කියෙව්වේ.. නියමයි..
ReplyDeleteස්තූතියි නංගියො.
Deleteහරිම ලස්සන කථාවක් අක්කි
ReplyDeleteස්තූතියි නංගියො. අද නේද මේ පැත්තෙ ආවෙ?
Deleteමුළ ඉඳන්ම කියෙව්වා නියමයි :) ඔන්න අපි නරක් උනොත් සිඳු අක්කිට වග කියන්න වෙයි :D
ReplyDeleteඅනේ පව් අප්පා පොඩි එකා..... අනේ මල්ලි ඔයාලගෙ අම්මාට එහෙම කියන්න එපා.මට බනියි ඔයාව නරක් කරනවා කියලා
Deleteකිරි අප්පට බල්ලෝ පැනපි කිවුවලු.. එතන ඉඳල තියෙන්නේ සිඳු නේද ?
ReplyDeleteඅනේ අපි නම් ඕවාට නෑ. ඔහොම බොරු ලෙඩ අරන් ආවොත් මගෙන් නම් බේරෙනවා බොරු. (ඔය කිවුවට අපිත් අහු වෙනවාද දන්නෙ නෑ.)
DeleteThis comment has been removed by the author.
Deleteශික් මම මේ කතාවෙ අග කොටස කියවලනෙ මේක කියෙව්වෙ..අපරාදේ.. කුතුහලය ගියා..
ReplyDelete