Wednesday, June 13, 2012

හඹා යාම 07

හඹා යාම 01                             හඹා යාම 04
හඹා යාම 02                             හඹා යාම 05
හඹා යාම 03                             හඹා යාම 06



ඇගේ අතෙහි ලේන්සුවක් හෝ නොවුන සේය. ඒ සිනාසීමට මට අවස්ථාවයි.
"දැන් ඉතින් කට වටේ ගෑවුණ ඒවගෙ කූඹි වහයි"


ඇය සිනාසෙමින් මුව අවට ‍රැඳි අයිස්ක්‍රීම් ඇඟිලි තුඩු වලින් පිස දැමීමට තැත් කරයි. අසාරථක උත්සාහයකි. ඒ අතර අතෙහි ඇති අයිස් ක්‍රීම් එක දිය වෙමින් පහතට පෙරී එයි.


ඇයව ඒ තරමට දිගින් දිගට අපහසුතාවයට පත් කිරීම නුසුදුසු යැයි මා හට හැඟේ. අම්මාගෙ මුවෙහි සිනහවකි. නාමලී ඇන්ටි නම් ඇගේ පූර්ණ අවධානය තම අයිස් ක්‍රීම් එක වෙත යොමු කර ඇති සේය


මෝටර් රථයෙහි වූ ටිෂූ කිහිපයක් ගෙන මම ආදිත්‍යා වෙත දිගු කරමි. "මේකෙන් පිහදා ගන්න"


"නෑ නෑ කමක් නෑ...." ඈ තම ඇඟිලි තුඩු වලින් අත් බෑගයද පිස දමයි. 


"මම කිවුවෙ මගේ කාර් එකේ හලපුවා පිහන්න කියලා නෙමේ....."


නොමනාපය මුසු බැල්මකින් ඇය ටිෂූ කොළ අතට ගනියි. මට නැවතත් සිනහ යයි.


******************************************


ඈ මෝටර් රථයෙන් බැස ගිය පසුව මගේ සිත මහත් පාළුවකින් වෙලී යයි.ඈ මගේ නෙත ගැ‍ටුණු පළමු දිනයේදී ඈ බසයෙන් බැස වෛද්‍ය මධ්‍යස්ථානයට ගියාට පසුව මගේ සිතේ ඇති වූ පාළුව මෙන් සිය දහස් ගුණයක පාළුවකින් මගේ සිත වෙලී යයි. නැවතත් අර ගීතය මගේ සිතට නැගේ.


නිම් වලල්ලෙන් එපිට සඳ රැස් ගලන නිල් මිටියාවතේ 
නිහඬතාවය තුලින් මතුවී ඔබේ පා මුදු හඬ අසේ

දහස් මුවෙකින් නැගෙන ඔල්වර සිනා හඬ දසතින් ඇසේ
දහස් ගනනක් සෙනග අතරේ මහා තනියක් මට දැනේ

අම්මා නිහඬය. නාමලී ඇන්ටීද නිහඬය.


ඇය මෝටර් රථයෙන් බැස යන මොහොතේ මම ඈට මගේ විසිටින් කාඩ් පත දුනිමි.එය වරදක් ලෙස අම්මා සිතනවාද? නාමලී ඇන්ටී නම් එය වරදක් ලෙස සිතනු ඇති බව වටහා ගැනීමට  මට ඇගේ මුහුණ බැලීමටවත් අවශ්‍ය නැත. "දසුන් පුතා අද අපි ඉස්සරහම ගෑණු ළමෙක්ට එඩ්‍රස් එක දුන්නනෙ" ඇය නිවසට ගොස් තම දියණිය සමග පවසාවි. ඒ ඇගේ ස්වභාවයයි. ගතිගුණ වල විශේෂ නරකක් නැතත් අනුන්ගේ කුණු තමන්ගේ කර ගැනීමට ඈ තුළ ඇත්තේ විශාල කැමැත්තකි.


ගැහැණු ළමයින් ට විසිටින් කාඩ් පත්  දීම මගෙ පුරුද්දක් නොවූවත් ඈ හට එය දීම පිළිබඳව මගෙ සිතේ දෙගිඩියාවක් හෝ නොවීය.
"ඩොක්ට, කවුරුහරි ලෙඩෙක්ගෙ අසනීපෙ මොකද්ද කියල තේරෙන්නෙ නැත්නම් මට කෝල් එකක් දෙන්න...... දෙපාරක් හිතන්න එපා, ලැජ්ජා වෙන්නත් එපා" මම එයද විහිලුවට ගතිමි. 




ඈද සිනාමුසුව එය ගෙන අත් බෑගයේ වූ පොතක් ඇතුළේ දාගනු මම පැහැදිලිවම දිටිමි. අම්මාද ඒ අවස්ථාවේදී සිනාසුනාය. නමුත් දැන් ඇය කල්පනාකාරීය. අම්මා මේ දින වල මා හට මනමාලියන් සොයනා බවද මා හට සිහිපත් වේ. 
දැන් මගේ සිත අවුල් සහගත බවකින් පෙළේ. මා ඉක්මන් වූවා වැඩිද? එහෙත් ආදිත්‍යාගේ හැසිරීමෙන් මා වරදක් කළ බවක් මා හට වැටහුණේ නැත. ඒ වෛද්‍යවරුනගේ ස්වභාවයද? නිරන්තරයෙන් විවිධ සමාජතල වල සිටින පුද්ගලයන් හා ගැටීම නිසා ලද පන්නරය අනුවද ඈ මා සමග එසේ සුහදව ක්‍රියා කළේ... ?
එසේ නම් ඈ පිළිබඳව දිගින් දිගටම සිහින මැවීමෙන් මා හට පළක් තිබේද. 
මීට වඩා ඉවසිලිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය. 


"වලක් දැක්කම ඒකට ජබොස් ගාල පනින්න කලින් හොයලා බලපන් ඒ වලේ ඉන්නෙ සමනල්ලුද, කිඹුල්ලුද කියලා" මගේ කලබල කාරී හදිසි තීරණ පිළිබඳව පසන් නිරතුරුවම එසේ පවසයි. 


***********************************************


මගේ විසිටින් කාඩ් පතෙහි ඇති අංකයට ඇය කුමන වේලවක හෝ ඇමතුමක් දේවි යැයි යන බලාපොරොත්තුව දිනෙන් දිනම දලු ලා වැඩේ. මටත් නොදැනීම උදෑසන අවදි වූ පසුවත් , රාත්‍රී නින්දට යාමට පෙරත්, ඒ අතර මැද කාල සීමාවේ සිය වතාවක් පමණත් ජංගම දුරකතණ තිරය දෙස බැලීම පුරුද්දක් බවට පත් වී ඇත.


මා හට ඇය ලබා දුන් බෙහෙත් ලයිස්තුවේ එම වෛද්‍ය මධ්‍යස්ථානයේ දුරකතණ අංකය සටහන්ව තිබුණි. එය මම මගේ දුරකතණයේ මතකයට ඇතුළත් කරගෙන සිටිමි. එහෙත් ඒ "සුවය මෙඩිකල් සෙන්ටර්" යන නමින් නොවේ. ඔව්, මම එය ඇතුළත් කරගත්තේ ආදිත්‍යා යන නමිනි. කිහිපවිටක්ම එයට ඇමතුමක් ලබා ගැනීමට මා හට සිත් වුවත් එය ක්‍රියාත්මක කිරීමට මා උත්සාහ නොකළේ "වලෙහි කිඹුලන් ඉන්නවාද බැලීමේ න්‍යායට " ගරු කරමින්ය.


දින 1 , 2 එක් වී සතියක් ගෙවී යයි. එහෙත් මගේ දුරකතණය පාළුය. ඊට වඩා සිතට  පාළුය. ඈ හමු වීමට ගොස් ඇගේ සිතේ මා පිළිබඳව වැරදි වැටහීමක් ඇති කර ගැනීමටද සිත ඉඩ නොදෙයි. පසන් හට නම් ඈ දින දෙකක්ම හමු වූ බව ඔහු මා සමග පැවසූයේ ඊයේය. මගෙ ජීවිතයේ ප්‍රථම වතාවට මම මගේ හොඳම මිතුරාට ඊර්ෂ්‍යා කරමි.


එසේ ඊර්ෂ්‍යාවෙන් පෙළෙන මේ මොහොතේ මම ඔහුට ඇමතුමක් ගනිමි. එහෙත් එය "waiting" ය. ඔහු පෙම්වතිය ක්‍රිෂාණි සමග ඇමතුමක විය යුතුය. සිතට ඉමහත් පාළුවක් දැනේ. රාත්‍රී 11 ද පසු වී ඇත. එහෙත් නින්ද මා කරා නොඒ. පාරේ වාහන වල ශබ්දද වියැකී ගොස්ය. අම්මාද නිදි වන්නට ඇත. මිදුලේ අඹ ගසේ වසා සිටින බස්සකුගේ ශබ්දය ඇසේ. අඹ ගෙඩි කෑමට පොර කන වවුලන්ගේ නාදයටද වඩා ඒ හඬ ක‍ටුකය.


තවත් ඉවසීමට නොහැක. මම ඇගේ නම සඳහන් කර ඇති වෛද්‍ය මධයස්ථානයේ අංකයට ඇමතුමක් ලබා ගනිමි. 
දුරකතනය නාද වේ. මගේ හර්ද ස්පන්ධනය වේගවත් වේ.


"good evening.සුවය මෙඩි කෙයා....." අනික් පසින් නිදිබර හඬක් ඇසේ. ඒ කවුන්ටරයේ හෙදියක් විය යුතුය.


"හෙලෝ.... මට ඩොක්ටට කතා කරන්න පුළුවන්ද, බේතක් ගැන අහගන්න" මම බොරුවක්ද ඇද බෑවෙමි. තවත් කොපමණ බොරු කරන්නට වේදැයි කිව නොහැක.


"ඉන්න මම ඩොක්ටර් ට ට්‍රාන්සර් කරන්නම්"
සංගීත නාදයක් ඇසේ. මගේ හර්ද ස්පන්දනය නම් දැන් මටම ඇසෙන සේය. සංගීත නාදය අවසන් වේ.


"හෙලෝ....." 


          මම ඇමතුම විසන්ධි කරමි. ඒ මා බලාපොරොත්තු වූ හඬ නොවේ. නිදිබර රළු පිරිමි කටහඬකි.


          වරද මගේ අතේය. ඇය 5න් පසුව එතැන වැඩ නොකරන බව දැන දෑනම මා එම ඇමතුම ලබාගත්තෙමි. මා තරම් අනුවණ පුද්ගලයන් මෙලොව සිටීද යන්න පිළිබඳව මා නොදනිමි.


තවමත් විවෘත ලැප්ටොප් එකෙහි Movies ෆොල්ඩරය මම විවෘත කරමි. ගිගා බයිට 200කට ආසන්න චිත්‍රපට සංඛ්‍යාවක් එහි ඇත.උපසි‍රැසි නොමැති නිසා නැරඹීම දෙතුන් වතාවක් නැවැත්වූ කොරියන් චිත්‍රපටයක් මම සොයා ගනිමි. 
"A moment to remember" (Nae meorisokui jiwoogae)
මින් පෙර මෙහි සිදු වීම් කිසිවක් නොවැටහුන් මට මෙය අද  අකුරක් නෑර වැටහේ........


"උඹ නිදිද? සොරි මචන්, ක්‍රිශ් කෝල් කළා" පසන්ගේ පණිවුඩයක් දුරකතණයේ දිස් වේ. මම එයට පිළිතුරක් නොයවමි. 


චිත්‍රපටය පැය දෙකකට වඩා දිවෙයි. එය මේ තරම් හිතට දැනෙන්නේ ඇයි දැය් නම් නොදනිමි. නිදිමත මා අහලකවත් නැත.




**************************************


එතරම් රාජකාරියක් නොවූ අද දිනය අලස දවසකි. මේ දිනවල හැකි තරම් කාර්ය බහුල වනවා නම් මම ඉතා ප්‍රිය කරමි. එසේ නොවූ විට කුමක්දෝ පාළුවකින් මගේ සිත වෙලී යයි. 
වෙනදා නම් මෙවැනි වැඩ අඩු දින වලදී NFS හෝ GTA හි බොහෝ දුරක් මම ගොස් සිටිනවාට සැක නැත.
එහෙත් මේ දින වල කිසිදු පරිගණක ක්‍රීඩාවක් සඳහා මා සිත යොමු නොවූ බව හදිසියේම සිහිපත් වේ. 
සිතේ වන ආලස්‍යයටම ගැලපෙන Angry Birds මම විවෘත කරමි.


කාර්යාල සහායක අශෝක කාමරය තුළට පැමිණේ.


"අයියෝ සර්....... මේ තේ එක බීලා නෑනෙ..."


"කෝ..... ආ අද වැඩ නිස මට අමතක වුණා අශෝක. ඕක දැන් බොන්න බෑ විසි කරන්න"

"සර්ට වෙන තේ එකක් හදලා දෙන්නද?" හතර ගා දමා ඇද වැටෙන ඇන්ග්‍රි බර්ඩ්ස්ලා සහ මෝඩ හිනාවක් මුවට නංවා සිටින කොළ පැහැති ඌරන් දෙස බලමින් අශෝක විමසයි. වැඩ අධික බව පැවසූ මා ගැනම මගේ සිතේ ලජ්ජාවක් උපදී.


"මට කෝපි එකක් ගෙනත් දෙන්න අශෝක" 


මුව විට පිරුණු තේ කෝප්පය ගෙන අශෝක කාමරයෙන් පිට වේ. "තේ එකෙන් උගුරක් වත් නොබී ගේම් ගහලා , දැන් එනවා මෙතන කෝපි ඉල්ලන්න" ඔහු සිතනවා විය යුතුය.


මම එල්ලය බලා තවත් කුරුල්ලෙක් මුදා හරිමි. එවරද අසාර්ථකය. මෝඩ ඌරන්ගේ සිනහව මට පෙන්නන්නට බැරිය.


"loneliness has always been a friend of mine
Im leaving my life in your hands......."


ජංගම දුරකතණය නාද වේ. ඒ මගේ අලුත් දුරකතන ඇමතුම් නාදයයි



Amma


එහි තිරයේ සටහන් වේ. මගේ සිත විපිලිසර වේ.  සාමාන්‍යයෙන් මා සේවාස්ථානයේ සිටිනා අවස්ථා වලදී අම්මා කතා කරන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒද නොවැලැක්විය හැකි අවශ්‍යතාවන් නිසා පමණි. 


"අම්මා..... ඇයි හදිසියක්ද?"


"නෑ පුතා.. ඔයා වැඩද?" ඇය සාමාන්‍ය ලෙසින් කතා කිරීමට උත්සාහ කළද යම් කිසි වරදක් ඇති බව පෙනී යයි. 


"මට මොකුත් වැඩක් නෑ අම්මා. ඇයි මොකද මේ ?"


"කලබල වෙන්න එපා පුතා, මගෙ ඔලුව ටිකක් කැරකෙන්න වගේ ආවා. ඒ එක්කම කලන්තෙකුත් ආව. ප්‍රෙශර්වත් වැඩි වෙලාද දන්නෙනෑ....."


අම්මාගේ ස්වභාවය මසිත බියගන්වයි. සැබෑ ලෙසින්ම අපහසුතාවක් නොමැති නම් ඈ කිසිලෙසකවත් මෙසේ හැසිරෙන්නේ නැත. කළ යුතු යමක් සිතාගත නොහැක.


"අම්මා බය වෙන්න එපා, මම දැන්මම එනවා. පැය කාලෙන් මම ගෙදර. අපි ඩොක්ට ගාවට යමු. එතකම් එහා ගෙදර අක්කාට කතා කරන්න..." මම එසේ පැවසන්නේ කාමරයෙන් එලියට එන අතරතුරයි. අශෝක කෝපි කෝප්පයක් ‍රැගෙන එනු මම ඒ අතර දකිමි.


"ඇයි දසුන්?" මගේ කලබලය දකින  ශාන්ති අසනවා මට යන්තමට වාගේ ඇසේ.


"අම්මාට සනීප නෑ......" මා එසේ පැවසුවා විය යුතුය.




"කලබල වෙන්න එපා දසුන් " මම මටම කියා ගනිමි. මගේ කලබලය දකින ආරක්ෂක නිලධාරියාද ඉක්මනින් ගේට්‍ටුව විවෘත කරයි.


මගේ සිත මෙතරම් කලබලයට පත් වූ  ළඟදී දිනයක් මා හට මතක් කරගත නොහැකිය.
අම්මා ගෙන් තොර ජීවිතයක් මා හට සිතා ගත නොහැක. මේ අවස්ථාවේ උපදෙස් ලබාගත හැකි කිසිවෙක් මා හට සිහිපත් නොවේ.


මම පසන් ට ඇමතුමක් ගනිමි. සුපුරුදු පරිදි එය waiting ය.
ෂික් !!! මට කියැවේ.


දෙවියනේ !!! මට එය අමතක වූයේ කෙලෙසද? දිනකට සිය වතාවක් මතක් වන ඇයව මට මේ මොහොතේ අමතක වූයේ කෙලෙසද? 
දෙවරක් නොසිතා මම ඇගේ නම සඳහන් අංකය අමතමි. විශ්වාස කරන්න, මගේ සිතේ වූ එකම අරමුණ අම්මා පිළිබඳව උපදෙසක් ලබා ගැනීම පමණක්මය.


"good afternoon , සුවය මෙඩි කෙයා" හෙදියක් පිළිතුරු දෙයි.


"මිස් මට ඩොක්ට ආදිත්‍යා ට කතා කරන්න ඕනා. එයාට කෝල් එක ට්‍රාන්සර් කරන්න පුළුවන්ද?"


"කවුද කතා කරන්නෙ?"


"ලෙඩෙක් ගැන අහන්න කතා කරන්නෙ, මගෙ නම අනුදිත්" දසුන් නොකියා මගේ අනිත් නම වන අනුදිත් යන්න මා පැවසූයේ කුමක් නිසාදැයි මා හට නොතේරේ.







36 comments:

  1. කරන්න දෙයක් නැතිව ඇන්ග්‍රි බර්ඩ්ස් ගගහා ඉදන් ඇවිත් බැළුවම මෙන්න මෙතනත් උන්...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. මේවටනෙ මිනිස්සුන්ට පඩි ගෙවන්නෙ.

      Delete
    2. ආ ඒකට විතරක් නෙවෙයි... බ්ලොග් කියවනවටත් ගෙවනවා..:D

      Delete
  2. වැඩක් නැතුව ගිහාම සේරම කරන්නේ ඇන්ග්‍රී බර්ඩ් වගේ නේද ඒ පාර,,නරක නෑ ඒකත්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. ඒ වුනාට දසුන්ට නම් තියෙන්නෙ හිතේ අවුල ද කොහෙද. පව් අප්පා අහිංසක කොල්ලා

      Delete
  3. ලෝකයේ කොනක් නැත..මක්නිසාද ලෝකය ගෝලාකාර හෙයිනි...(විහිලු හොඳේ)ඉක්මනින් ලියන්න...
    අනිත් කොටස බලන්න එන්නම්....:)

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඇති යන්තම්..... දැන් තමයි සැනසීමක් ආවෙ, මම හිතන් හිටියෙ ලොකයේ කොනේම ඉඳලා කවදා හරි මාව වැටෙයි කියලා

      Delete
  4. අදයි මේ පැත්තට ගෝඩ වුනේ සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මකුලු. ආයෙත් එන්නකෝ

      Delete
  5. Replies
    1. මොකඩ මොකඩ අග්නි නංගෝ..... තේලුනේ නැඩ්ඩ මේ කටාව? ඉන්නකෝ මම ඔයාට ටේරෙන්න කියන්න.........
      "ඇගේ අටෙහි ලේන්සුවක් හෝ නොවුන සේට. ඩැන් ඉටින් සිනාසීමට මට අවස්ටාවයි.... "
      එහෙම හොඩයි නේඩ?

      Delete
  6. ඉතින් ඩොක් නෝනාගේ පිළිතුර හිතාගත හැක. "අම්මාගේ ප්‍රශ්නයට over the phone පිළිතුරු තිය නොහැක.ප්‍රෙශර් චෙක් කල යුතුය. වහාම අම්මා රැගෙන වෛද්‍ය මධ්‍යස්ථානයට එන්න" .. අම්මත් ගොඩය. කොල්ලත් ගොඩය...

    ReplyDelete
    Replies
    1. එහෙම කියයිද තොටියා අයියෙ. ඒ වුනාට දසුන් ඉන්නෙ මහබාගෙනුත් හූ 20ක විතර දුර. ඉතින් ජා ඇලට එන්න වෙලා යනවනෙ. දසුන් එන එකක් නෑ, ආදිත්‍යා එහෙම කිවුවට. බලමුකො ඉතින්. ඒක නෙමේ, මොනාද ඔයාට හිතෙන්නෙ? Sudden onset dizziness and headache???

      Delete
  7. අම්මගේ අසනීපය මාර්ගයෙන්ම ආදිත්යාව බලන්නත් පුළුවන් වෙව් වගේ ...
    ඊලග කොටස ඉක්මනින් බලාපොරොත්තුවෙමි ...

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු. අර අහිංසක අම්මා ලෙඩ වෙලා. ඒ අස්සෙ මෙයලා ආදිත්‍යාව පෙන්නන්න හදනවා දසුන්ට.

      Delete
  8. අපූරු කතාව එක ගලෙන් කුරුල්ලො දෙන්නම ගොඩ.

    ReplyDelete
    Replies
    1. අපි බලන් ඉමු අයියෙ. මොනව නම් නොවෙන්න පුළුවන්ද

      Delete
  9. බලමු බලමු මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.

      දැන් ඉතින් මල්ලි මෙහෙම කතා කියව කියව ඉඳලා නම් හරි යන්නෙ නෑ... ;-)

      Delete
  10. අනේ හැබෑට අම්මත් ලෙඩ වෙන්නේ හොඳම වෙලාවට වගේ,.. ඒක නෙවෙයි .. මට නම් ඔය හින්දි නළු බට්ටන්ගේ පින්තුර අපේ අයගේ කතාවල තියෙනවා දැක්කම තරහමයි එන්නේ..

    ReplyDelete
    Replies
    1. කිවුවට විශ්වාස කරන්න සරත් අයියෙ, මගෙත් ලොකු කැමැත්තක් නෑ මේ වැඩේ ගැන නම්. මම මුලින් හිතුවෙ ඇත්තටම සිංහල ගැණු ළමෙක්වයි පිරිමි ළමෙක්වයි යොදාගන්න. ඒත් හරි ගියෙ නෑ. එකම චරිතය නිසා මම හිතුවෙ එකම කෙනා වෙනව නම් හොඳයි කියලා. ඒ නිසා තමයි හින්දි නලු බට්ටෙක් හා බට්ටියක් හොයා ගන්න හැදුවෙ.

      ඔන්න ඒ වෙලාවෙ තමයි සිඳු ට යතාර්ථය වැටහුනේ.
      මුලින්ම හිතුවා රිතික්,
      ඊටපස්සෙ අමීර් ඛාන්,
      ඊටත් පස්සෙ ඉම්රාන් ඛාන් ,
      විවෙක් ඔබරොයි......
      ඔහොම ඔහොම එක එක්කෙනාව බැලුවා. දෙවියනේ මෙච්චර කල් චිත්‍රපටි වල කොල්ලට ඉඳලා තියෙන්නෙ නාකි අන්කල්ලා ටිකක්නෙ කියල මට එතකොටයි තේරුණේ.

      අන්තිමට තමයි මේ නළු බට්ටාව හම්බුණේ, ටිකක් විතර 20 ගණන් වල පෙනුමක් තියන එකම නළුවා තමයි මේ මට හිතුන විදියට.

      නිළියන්ගෙත් තත්වය එසේමයි ( හෝ වඩා ශෝචනීයයි)

      ඉස්සරහට බලමු අපි විකල්පෙකට යන්න පුළුවන්ද කියලා. මේ බණට දහමට ලැදි මනුස්සයාව තරහ අවුස්සලා මම පව් පුරවගන්නෙ මොනවටද....!!!

      (නළු බට්ටියන්ව ගත්තාට කමක් නැද්ද සරත් අයියෙ? )

      Delete
    2. අන්න හරි සරත් අයියා ... සහතික ඇත්ත.. නංගි මේ ඔයාට ඔය කතාවට නළුවෙක් ඕනමනං මං ඕන තරං අපේ නළුවෙකුගේ ෆොටෝ දෙනවනේ...:D:D:D

      Delete
    3. අනේ ඉතින් දෙජාතියටම තමයි මන් කිවුවේ.. දාන්නකෝ ඔය ලේකිකාවගෙයි වෙන්ඩ මහත්තයගෙයි පොටෝ කෑලි දෙක..

      Delete
    4. ඒව්වා මෙතන නොදැම්මට වෙන තැනක යනවා අය්යා...:D

      Delete
    5. මාරයියෙ,ඔයා ඒ ෆොටෝ ටික පරිස්සම් කරල තියාගන්නකො, මගේ ඊලඟ කතාව "නරලොව හොල්මන්" වලට දාන්න.
      සරත් අයියා ඉන්නවනෙ ඒ "වෙන තැන් වල"..........
      (මාරයියෙ, ඒව වෙන තැන් වලත් යන්න ගත්තෙ මේ ඊයෙ පෙරේදා ඉඳලා. )

      Delete
    6. නරලොව හොල්මංවලටනං අර කිව්ව මේ ලගකදී ඉඳන් යන එව්වා හොදයි... මේ වගේ සූකිරි කතාවකටනං මං අර කිව්ව පොටෝ දෙන්නං..:D

      Delete
  11. ඔන්න අදත් පොඩි ප්‍රචාරක දැන්වීමක්. මේ සිඳුගෙ අනිත් නවකතාවෙ දෙවෙනි කොටස. පුළුවන්නම් කියන්න මේක දිගටම ලියන්නද එපාද? වැඩක් නෑ වගේද??
    http://paasatahan.blogspot.com/2012/06/02.html

    ReplyDelete
  12. බලමුකෝ...........

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොනව බලන්නද? කොල්ල වැඩේ ගොඩ දාගනියි වගේ නේ?

      Delete
  13. මේ පාර නම් ගොඩක් කල් ගත්තද මන්ද? සිඳූ කාර්‍යයබහුල වෙලා හිටියද? ඊලඟ කොටස නම් ඉක්මනට ඕනෙ :)
    (මම ~HèáléR~ ම තමා හොඳේ [මතකද මන්ද])

    ReplyDelete
    Replies
    1. කවුද අප්පා මේ ~HèáléR~ . මතක් කළා මතක් කළා..... මතක් වෙන්නෙම නෑ. ( ඇද්ද අහගත්තා? :)
      කාර්ය බහුල නම් වෙන එකක් නෑ වගේ නේද ලබන මාර්තු වෙනකම්? (මම කිවුවෙ ගන්දබ්බ අවධිය ඉවර වෙන්නෙ මාර්තු කියලා ආරංචියක් ආවා. ඇත්තද දන්නෙ නෑ.)

      Delete
    2. :D සිඳූ ලමයට හොඳ මතකයක් තියෙනව නොවැ!
      හපොයි දැන් ඒක මාර්තු වෙලාද? මට ආරංචි වුනේ පෙබරවාරි කියල. අපේ සමාන්තර අය ඔක්කොමල්ල වැඩ ඉවර වෙන තුරු පත් වීම් ප්‍රමාද කරන්න කියල නීතිමය නියෝගයක් නිකුත් කරලලු නේද?

      Delete
  14. ඉතුරු ටිකත් බලමු !!!!

    ReplyDelete
  15. කාලෙකට පස්සේ බ්ලොග් කියවන්න වෙලාවක් හම්බවෙලා කියවන්න හොඳ බ්ලොග් සොය සොයයනකොට මේක හම්බවුනේ .සෑහෙන්න කියෙව්වා ලස්සනට ලියනවා ජය වේවා සිදූ

    අහ් අර නිම් වලල්ලෙන් සින්දුව මාත් තනියෙම පාලුවේ වැස්සේ වාහනේ යනකොට කාංසියට අහන මගේ ප්‍රියතම සිංදුව :)

    ReplyDelete
    Replies
    1. අහස් ගව්ව නම් මගෙ බ්ලොග් රෝලෙත් තියනවා. ස්තූතියි .

      ඒ සින්දුවෙ තියන හුදෙකලා පාළු ගතියම මම ගොඩක් ආසයි. (කොහොමත් මේ චරිත වලට මම ආසා දේවල්, මගෙ ගති ලක්ෂණ අඩංගු වෙලා මටත් නොදැනුවත්වම)

      Delete