හඹා යාම කලින් කොටස්
01 02 03 04 05 06 07 08වෙනදා මෙන් ඇගේ ඇමතුමක් ලැබෙන තෙක් බලා හිඳීමට හේතුවක් නැත. මන්ද යත් දැන් ඇගේ දුරකතන අංකය මා සතුය. සිතෙන මොහොතක ඇත්තේ දුරකතනයේ බොත්තම් කිහිපයක් එබීමට පමණි. එහෙත් කතා කරන්නේ කුමණ කරුණක් අරභයාද?
වෙනත් කිසිදු යුවතියක ඉදිරියේ මා හට නොදැනුණ අමුතුම පැකිලීමක් මා හට ඈ ඉදිරියේ දැනෙන්නේ මන්ද. සැබැවින්ම මා මෙසේ විය යුතුද. පාසල් වියේ පටන්ම මා හට ඕනෑ තරම් මිතුරියන් සිටිති. ඔවුන් සමග කුළුපගව ඇසුරු කිරීමට මෙන්ම ගැටුම් කාරී මත වලදී ගැටුම් ඇති කරගැනීමටද මම නොපැකිලුණෙමි. එහෙත් ආදිත්‍යා පිළිබඳව මගේ සිතිවිලි රටාව වෙනස් බවක් නම් මා හට හොඳාකාරවම දැනේ.
මා නිවසේ සිටින අවස්ථාවල ඈ හට කතා කිරීමට නොසිතෙන්නේ අම්මා හට ඇසේවිද යන චකිතය නිසාය. එය බියක් නම් නොවේ, එහෙත් ඒ පිළිබඳව සිතන විට කුමක්දෝ ආගන්තුක හැඟීමකින් සිත පිරී යයි.
පශ්චාත් උපාධි නිබන්ධනයේ වැඩ කටයුතු ගොඩ ගැසී ඇත. එය භාර දීමට ඇත්තේ තවත් දින 5ක පමණ කාලයකි. එම නිසා තරමක වේලාසන මම කාර්යාලයෙන් පිට වෙමි. ගේට්‍ටුවෙන් පිටතට මා පිවිසෙන්නේත්, දුරකතනය වෙත අත දිගු වන්නේත් එක විටමය.
"Adithya"
ඇගේ අංකය වෙත මා නෙත දිව යයි.
හැකි තරම් සරලව මා මේ පිළිබඳව සිතිය යුතුය. නැතහොත් මගේ කට හඬෙහි හෝ වදන් වල වියවුල් බවක් ඈ හඳුනා ගනීවි.
"හෙලෝ Mr දසුන් " මා සිතුවාටත් වඩා ඈ ඉක්මනින් පිළිතුරු දෙයි.
"ආ මැඩම් අදත් ලෙඩෙක් ළඟ ඉන්නව වගේ"
".. කෝ කවුරුත් නෑනෙ. මොකද එහෙම කිවුවෙ?" ඇගේ හඬ විමතියක් පෙන්වයි.
"නෑ මම මිස්ටර් දසුන් වෙන්නෙ ඒ වෙලාවට විතරනෙ, නැත්නම් නිකම්ම නිකම් දසුන් විතරනෙ"
"ඒකත් එහෙමද, කවුද දන්නෙ නෑ එහෙම කියන්නෙ?"
"වෙන කවුරු කියන්නද? මමම තමයි කියන්නෙ ඔයාව අධ්‍යනය කරලා"
"............."
"දොස්තර නෝනා ට අපි කතා කරන එක කරදරයක්ද දන්නෙ නෑ නේද?"
"ආ නෑ නෑ කමක් නෑ, මේ වෙලාවෙ මමත් කම්මැලි කමේ හිටියෙ "
"මොකද අද ලෙඩ්ඩු නැද්ද?"
"අද ටිකක් අඩුයි"
"ඒ මොකද, ඩොක්ටර්ගෙ ලෙඩ වලට මිනිස්සුන්ගෙ ලෙඩ හොඳටම සනීප වෙලාද, එහෙම නැත්නම්.........?"
"..........අනේ දසුන් අයියෙ මම ටිකකින් ගන්නම් ඔයාට, පේෂන්ට් කෙනෙක් ඇවිත්" ඇගේ හඬට කලබලකාරී ස්වභාවයක් එක් වී ඇත.
"හරි ඩොක්ටර්. බායි"
"බුදු සරණයි"
ඒ වදන් දෙකට නැවතත් මගේ සිත අමුතු හැඟීමකින් බර වේ. මා පිළිතුරු දෙන්නට පළමුව ඈ ඇමතුම විසන්ධි කරයි. පැමිණි රෝගියා පිළිබඳව මගේ සිතෙහි කෝපයක් උපදීයි. එහෙත් සිත සනසා ගැනීමට පුංචි හේතුවක් ඇත. "මම ආපහු ගන්නම් ඔයාට" ඈ පැහැදිලිවම පැවසූවා නොවේද?
*******************************************************************************
පැයක් පමණ තිස්සේ එක දිගට පරිගණක තිරය දෙස බලා සිටීමෙන් දෙනෙත් වේදනා ගෙන දේ. නිබන්ධනයේ තවත් බොහෝ ප්‍රමාණයක් තවත් ටයිප් කිරීමට ඉතිරිය. මා කෙතරම් වේගයෙන් යතුරු හැසිරවූවද,පරිගණකයක් ඇල්ලූ මුල්ම දිනයේ සිට නිවැරදිව යතුරු පුවරුව මත අත තබන ආකාරය පුරුදු වී නොතිබීම නිසා වරින් වර ඒ දෙස බැලීමට සිදු වීම මගේ විඩාව දෙගුණ තෙගුණ කරයි. දැන් කොපමණ උත්සාහ කළත්, ඒ වරද නිවැරදි කර ගැනීම කළ නොහැකිය.
අඩක් අවසන් වූ තේ කෝප්පය වටා කුහුඹින් කිහිප දෙනෙකු කරකැවේ. මම ඉතිරිය උගුරට දෙකට අවසන් කරමි.
තොරතෝන්චියක් නැතිව දෙමලිච්චන් රෑණක් හඬ දෙනු ඇසේ. මම ජනේලයෙන් ඈත අහස දෙස බලමි. රතු පැහැති සරුංගලයක් පාවෙනු පෙනේ. මේ සරුංගල් කාලයයි. නිසැකවම තවත් සරුංගල් කිහිපයක් හෝ දිස් විය යුතුය. ජනේලයෙන් පෙනෙන අහස පටු වැඩිය. මම මිදුලට බසිමි. අම්මා මල් පැළ වලට වතුර දමන්නීය.
මා සිතුවා නිවැරදිය. මා දුටු රතු සරුංගලයට එපිටින් තවත් සරුංගලයක් දිස්වේ. එහෙත් එහි නිමාව එතරම් මා සිත් නොගනී. කොළ පැහැයත් රතු පැහැයත් එකිනෙක හා නොගැලපෙන වර්න ලෙස මට හැඟේ.
මගේ සිත අතීතයට දිව යයි.
මා කුඩා කල අම්මාත් තාත්තාත් සමග තාත්තාට ලැබී තිබුණ නිල නිවාසයේ වාසය කළ සමයේ සිදු වූ සිදු වීමක් මට සිහිපත් වේ.
එකළ මගේ වයස අවුරුදු 4ක් 5ක් පමණ වන්නට ඇත. නිල නිවාසයට පිටුපසින් වූ පිට්ටනියේ ළමුන් සැමදාම ක්‍රීඩා කළහ. ඇතැම් විට ඔවුහු සරුංගල් යැවූහ.
එය මගේ කුඩා සිත අමන්දානන්දයට පත් කරන්නට සමත් විය. සරුංගල් සෑදීමට සව් කොළ අවශ්‍ය බව නොදත් මම හාෆ් ෂීට් වලින්ද එකළ සරුංගල් සෑදීමට උත්සාහ කළෙමි. එහෙත් ඒ කිසිවක් සාර්ථක නොවීය. සිදු වූයේ අම්මාගෙ මහන මැසිමේ නූල් පන්දු දිනෙන් දින අවසන් වීමත් ඉදලේ ඉරටු අඩු වීමත් පමණි.
එහෙත් දිනක් නොසිතූ යමක් සිදු විය. මම මිදුලේ තනිවම සෙල්ලම් කරමින් සිටියෙමි. කොහෙදෝ සිට පාවී ආ සරුංගලයක් මිදුලේ වූ අඹ ගසක රැඳිනි. සතුටින් ඉපිළ ගිය මම අම්මා කැඳවාගෙන ආවේ කෙසේ හෝ එය ලබා ගැනීමටයි. අම්මා මිදුලට පැමිණෙනවාත් සමගම තරමක වැඩුණ පිරිමිළමයෙක් ද අපේ වත්තට පැමිණියේය. "අර තියෙන්නෙ අයියෙ සරුංගලේ" ඔහු විමසන්නටත් පළමුව මම එය ඔහුට පෙන්වීමි. ගසට නැග සරුංගලය ගත් ඔහු මා හට එය නොපෙන්වාම එය රැගෙන ආපසු ගියේය. ඔහු එය රැගෙන මට දේවි යැයි සිතා සිටි මගේ දෑසේ කඳුලු පිරී ගියේ නිතැතින්මය.
මට ආදිත්‍යා සිහිවේ. කොහේදෝ සිට පැමිණි ඒ සරුංගලය මට අහිමිව මා සිත රිදවූවා මෙන්, කොහේදෝ සිට පැමිණි ඇය මට අහිමිව මගේ සිත රිදවාවිද. මගේ සිත පිළිගන්නට අකමැති වුවත් නැතත් , මා ඈ කෙරෙහි නොසිතූ තරම් ළං වී ඇති බව මට දැනේ. නැත්නම්, දකින දකින බොහෝ දේ නිසා ඈ සිහිපත් වන්නේ මන්ද....... දරා ගන්නට අපහසු තරමේ බරක් සිතෙහි රැඳී ඇති බව දැනේ.
"පුතා මේ බලන්නකො......." අම්මාගෙ හඬින් මගේ දැහැන බිඳේ.
අම්මා මල් පැළ වලට අල්ලන වතුර වලින් විසිරෙන දිය බිඳු වලින් නෑමට දෙමලිච්චන් තරඟ වදිති.
"ඉන්න ඉන්න මම උන්ව එළවන්නම්" මම පවසන්නේ අම්මා තරහ ඇවිස්සීමටය.
"පව් වැඩ නොකර ඉන්න" අම්මා දැඩි හඬින් කියයයි. මම අඩියක් දෙකක් අම්මා වෙතට ළං වෙමි. පොල්කිච්චන් රංචුව පියඹා ඉවතට යයි.
"මොකද්ද පුතා ඒ කරපු වැඩේ?" අම්මාගෙ මුහුණේ කෝපයක සලකුණු මතු වේ. මෙතැනින් ඉවත් වීම ඇඟට ගුණදායකය. නැතහොත් ඊළඟ මල් පැළය මා වනවාට සැක නැත. නැවතත් නිබන්ධනයට සිත් යොමු කිරීමට කාලය එලඹ ඇත.පශ්චාත් උපාධිය ආරම්භ කළ සමයේ වූ උනන්දුවෙන් දශමයක් දැන් නම් නැත. එහෙත් බැඳ ගත්තු බෙරේ ගහනවා සේ මෙය කෙසේ හෝ අවසන් කළ යුතුව ඇත.
කාමරය ට ගොම්මන් අඳුර එබිකම් කර ඇත. ජනේලය වසන මම විදුලි බුබුල දල්වමි. තවත් තේ එකක් තිබේ නම් අගනේ යැයි සිතේ.අම්මා තවමත් මල් පැළ වලට වතුර දමනවා විය යුතුය.
සුසුමක් සමගින්ම මම නැවතත් පරිගණකය අසල අසුන් ගනිමි.
"There's a song that's inside my soul
It's the one that I've tried to write over and over again "
මගේ හද ගැස්ම වේගවත් වේ. ජීවිතයේ ප්‍රථම වතාවට මගේ දුරකතණයට එන ඇමතුමකින් Mandy Moore ගේ හඬ ඇසේ.
ඒ ආදිත්‍යා හට මා assign කළ ගීතයයි.
"සොරි දසුන් අයියෙ පේෂන්ට් කෙනෙක් ආවා. කතා කළේ ඇයි කියලා අහන්නත් කලින්ම කෝල් එක කට් කරන්න වුණා"
"ඒකට කමක් නෑ ඩොක්ටර්. මම නිකම් කතා කළේ ඇත්තටම.
ඉතින් ඉතින් මොකද කරන්නෙ? මේ වෙලාවෙත් වැඩ ද.... ?"
"නෑ නෑ මම අද වැඩ නෑ. දැන් ආවා විතරයි."
"එහෙනම් එදා කිවුවෙ Negombo වල වැඩ කියලා රෑට"
"සිකුරාදා ,සෙනසුරාදා ,ඉරිදා නෑ. අනිත් දවස් වල වැඩ."
"ඒ කියන්නෙ වීකෙන්ඩ් එක ෆ්‍රී නේ? මරු මරු"
"මොකද මරු මරු කියන්නෙ?"
"නෑ ඉතින් ඒ දවස් වලටවත් අර අහිංසක ලෙඩ්ඩු බේරිලානෙ"
ඈ සිනාසේ. මමද ඇයට එක් වී සිනාසෙමි.
"ඉතින් මොකද වීකෙන්ඩ් එකේ කරන්නෙ?"
"මම ගෙදර යනවා"
මගේ සිත ගැටලුවකට මැදි වේ. ගෙදර යනවා?
"එතකොට ඩොක්ට ඉන්නෙ ගෙදර නෙමේද?"
*****************************************************************
නින්ද නෙත අසලකවත් නැත. ඇය සිතෙහි තවමත් සක්මන් කරයි.
එහෙත් ඇය නම් මේ වන විට නින්දට ගොස් ඇතිවාට සැක නැත. පැවසූ
පරිදි හෙට පාන්දරම ඈ නිවස බලා පිටත් වේ. ඇය බොහෝ දුරක් යා
යුතුව ඇත. ඇගේ ගම අනුරාධපුරයට එහා ගමකි. අනුරාධපුරයට වී නොඉඳ බෝඩිමක ඇය කුමක් කරන්නේදැයි මා හට සිතා ගන්නට බැරිය.
සතිපතා එතරම් දුරක් බසයේ ගමන් කිරීම පැහැදිලිවම විඩාවක් නොවේද. ඇය අවසර දෙනවා නම් මගකට හෝ ඈ ගොස් හැරලීමට මට සිතේ. එහෙත් එවැන්නක් විමසීමකට හෝ තවමත් අවකාශ නෑත.
" Goodnight Doctor " මම කෙටි පනිවුඩයක් යවමි. ඇය හට නින්ද ගොස් ඇත්නම් එහි නාදයෙන් ඈ අවදි නොවන්නට මම පතමි.
" Goodnight Dasun Ayiye " සැනෙකින් පිළිතුරු ලැබේ.
මටත් හොරා මගේ අතැඟිලි යතුරු පුවරුව මත දිව යයි.
" Do you mind if i call you "Doctor Nangi"?"
" Of course I do mind, So call me Nangi or Adithya"
"Roger that NANGI. ;-)"
ඇගෙන් වෙනත් පිළිතුරක් නොලැබේ. මම නින්දට යාමට උත්සාහ කරමි.
ආදරය ආදරය, සිත රවටනා...
ReplyDeleteසිහිනයකි සිහිනයකී,අහසෙ පාවෙනා..!!!!
ලස්සන කතාව..මං හිතන්නේ වැඩේ ගොඩ යන්න ඇති..
අනේ හැම වෙලාවෙම ඒක සිත රවටන්නෙත් නෑනෙ. බලමු බලමු ගොඩ යයිද කියල.
Deleteහම්මෝ ඇති යාන්තම් එපිසෝඩ් එකක් ලියලා :)
ReplyDeleteඅර පශ්චාත් උපාධි ගැන කිව්ව කතාව සහතික ඇත්ත . ඊටම සමානයි කාලයක් ආදරේ කරලා බැඳලා තව කාලයක් ගෙවුනම . දෙකම බැඳගත්තු බෙර ගැහීම තමා :)හී විහිලුවක් හොඳේ
ඒක තමයි යන්තම ඇති එකක් ලියලා. :-) මම නම් තවම ඔය බෙර දෙකෙන් එකක් වත් බෑඳගෙන නෑ. පේන්නෙ නැද්ද මේ ඉන්නෙ බ්ලොග් කියව කියව. ළඟදිම (හෝ දුරදිම :පී) දෙකම බැඳගන්න වෙයි වගේ.
Deleteහ්ම් එන්න එන්නම සිඳූ දියුණු වෙනවනෙ, දැන් කතාවෙ රිද්මය නියමයි, අවුලකට තියෙන්න කතාව ලස්සන වෙන තරමට ඊලඟ කොටස එනකල් බලා ඉන්න තියන අසීරුතාව වැඩි වෙන එක!
ReplyDeleteකොහොමත් ඊළඟ කොටස ඉක්මනින් ලියන්න වෙයි වගේ තමයි නේ? අන්න ඔක්ටෝබර් වෙද්දි මේ සේරම ඉවර කරන්න වෙනවලු.
Deleteශහ් කමෙන්ට් එකෙන් මතක් කලා විතරයි අක්ක ඔය ලියල තියෙන්නෙ නියමෙට :D
ReplyDeleteතෑන්ක්ස් වේවා අක්කෙ
ඉතුරු ටික ලියන්නත් මතක්කරනකම් ඉන්න එපා :)
ලියන්න හිත හිත ඇද ඇද ඉඳලා ඇත්තටම මේක ලිවුවෙ මල්ලිගෙ කමෙන්ට් එක නිසා
Delete2 නි පින්තුරේට මම ආසයි! කතාව නියමයි හ්ම්ම්,,
ReplyDeleteමමත් ආසයි ඒ පින්තූරෙට. බලන්න අහස පසුබිමේ ළමයයි සරුංගලයයි අඳුරු පාටින්. (හරියට මේකෙ මගෙ profile pic එක වගේ. ) lol
Deleteමේ කොටස ලස්සනයි. සමහර කොටස් මිස් වෙලා නිසා කතාව ටිකක් තේරුං ගන්න අමාරු උනා.:)
ReplyDeleteකියවලා බලන්නකො එහෙනම් ඉතුරු ටිකත්. (මොනව කියවන්නද, දුවනවා ගිහින් පාඩම්කරනවා)
Deleteමේ රිප්ලයි එක දැක්කම මතක් වෙන්නේම සොඳුරු සිත අක්කව
Deleteඋන්දැත් මාව මේ වගේම එලෙව්වා !!!
කොටස් වශයෙන් යන කතාවකට කමෙන්ට් එකක් දාන එක අමාරු වැඩක්. නමුත් මට හිතුන දෙයක් නම් සිඳු බලල තියෙනවද Mandy Moor රඟපාපු A Walk To Remember .වැඩිහිටියෙක් වෙලාත්, පිරිමියෙක් වෙලාත් මට කඳුලු නවත්තාගන්න බැරි වුනා.
ReplyDeletehenryblogwalker the Dude
ඇත්තමයි ඒක ගොඩාක් සංවේදීයි. (මම නම් කොහොමත් කාටුන් එකක් බැලුවත් අඬන කෙනෙක්..) ඉතින් Dude මේ තියෙන්නෙ ඒකෙ එයාල රඟපාන stage drama eke කියන සින්දුව තමයි. (දසුන්ගෙ ringing tone)
DeleteThere's a song that's inside of my soul.
It's the one that I've tried to write over and over again
I'm awake in the infinite cold.
But you sing to me over and over and over again.
So, I lay my head back down.
And I lift my hands and pray
To be only yours, I pray, to be only yours
I know now you're my only hope.
Sing to me the song of the stars.
Of your galaxy dancing and laughing and laughing again.
When it feels like my dreams are so far
Sing to me of the plans that you have for me over again.
So I lay my head back down.
And I lift my hands and pray
To be only yours, I pray, to be only yours
I know now, you're my only hope.
I give you my destiny.
I'm giving you all of me.
I want your symphony, singing in all that I am
At the top of my lungs, I'm giving it back.
So I lay my head back down.
And I lift my hands and pray
To be only yours, I pray, to be only yours
I pray, to be only yours
I know now you're my only hope.
ඒ වගේම මේ ෆොටෝ එක මතක් කරලා බලන්න. ඒකත් ඒ වෙලාවෙ screen shot එකක්.
මෙහෙ ඉස්කෝලෙ කොල්ලො මටත් කිව්වෙ වර්ජින් මේරි කියල..හැබැයි මම නම් මැන්ඩි වගේ අහිංසක උනේ නැහැ......ඒ ෆිල්ම් එක මතක් වෙද්දිත් දුකයි...:(
Deleteඅද කොටසත් ලස්සනයි..හැබැයි ගොඩක් අදින්න එපා හොඳේ..
ReplyDeleteඔව් රූ මමත් හිතුවා මේක ඉක්මනින් ඉවර කරන්න ඕනා කියලා.
Deleteකතාව ලස්සනයි මගේ හිත ගියේ බොහොම දවසකකට පස්සේ මේ කතාවෙ දෙබස් හැර මැදට ලියල තියෙන ලිකිත කොටස් ටිකට. අප්‍රෙ ප්‍රවීණ ලේඛකක ලේඛිකාවන්ගේ ලේඛණ භාෂාවට ගොඩක්ම සමීපයි.
ReplyDeleteඉතාම සිත්ඇදගන්නා භාෂාවකින් ඒ කොටස් වර්ණගන්වා තියෙනවා
ස්තූතියි දයානන්ද අයියෙ. මම මුලින්ම හිතුවෙ මේක වැඩියෙ දෙබස් රහිත වාර්තාමය විදියට ලියන්න. පළවෙනි කොටසෙ එහෙම දෙබස් ගොඩාක් අඩුයි.ඒත් ඒ චරිත වලට මමදැන් ආරූඪ වෙලා වගේ නිකම්ම දෙබස් ලියවෙනවා.
Deleteමෑත කාලේ බ්ලොග් වල තියන කතා අතර කියවන්න පුලුවන් තරමේ කතාවක් මේක,,දිගටම මේ විදිහ තියා ගන්න කතාව ලියනකොට
ReplyDeleteස්තූතියි ඩිලන්. ඔයා මුල ඉඳන්ම කමෙන්ට් කරලා මාව උනන්දු කළා.
Deleteසිඳු කෝමද ඉතින්? මම නිවාඩුවට දුරක ගියා..අද නම් උණ ගැනිල ඉන්නෙ..මම කතාව කියවන්නෙ නැහැ අද..සනීප උනාම හෙමින් කියවනව..ඔයාට ගොඩාක් ස්තූති කරන්න ඕනෙ යම් දෙයකට....:)
ReplyDeleteඉතින් ඉතින්, දැන් සනීපද? නිවාඩුව නම් ගොඩ සතුටින් ඉඳලා තියනවා කියලා පේනවා. :-)
Deleteමොකද්ද මොකද්ද ඒ ස්තූතිය? ඔන්න මම බාර ගත්තා
කතාවේ කොටස දාන්න ගිය වෙලා ඉතින්.. අනික්වා ඉමක්මනට දාමු අක්කේ..
ReplyDeleteවෙලා ගත්තා වැඩියි නේද? මම මේ බ්ලොග් එක සමබර කරන්න යනවනෙ. ඒක තමයි මෙහෙම පරක්කු වෙන්නෙ
Deleteමන් මැදින් කියෙව්වේ . ලස්සනයි . සේරම බලන්න ඕන
ReplyDeleteස්තූතියි බින්දියො. පුළුවන් වෙලාවක බලන්නකො
Deleteඅර සරු0ගල් සීන් එක වගේ එකක් මටත් වෙලා තියනවනෙ පු0චි කාලෙ.. මමත් ඒ වගේ වත්තට ආපු සරු0ගලයක් අරන්තියලා තිබුනා, පහුවැනිදා ඉස්කෝලෙ ගිහින් එනකොට අම්මා ඒක අයිතිකරයන්ට දීලා. මම අඬනකොට තාත්තා අළුත් එකක හදලා දුන්නා.
ReplyDeleteමම දසුන්ට ආරෝපණය කරලා ලිවුවෙ මට පුංචි කාලෙ වුණ දෙයක්. මම අම්පාරෙ හිටිය කාලෙ වුණේ ඒක. දසුන් වගේ මම හාෆ් ශීට් ගත්තෙ නෑ සරුංගල් හදන්න. මම ගත්තෙ සන්ලයිට් කොල. මම පොඩි කාලෙ ඉඳන් ආසයි කහ පාටට. පස්සෙ තමයි මම දැනගත්තෙ සරුංගල් හදන්නෙ සව් කොල වලින් කියලා.
Deleteකාලයක් අරන් ඊළඟ කොටස ලියලා. ඒත් කතාව මතකයි මුල ඉඳන්.. ආරළු බූරළු නැහැ කතාව රසයි ..
ReplyDeleteස්තූතියි සරත් අයියෙ. මට ගිය පාර කොටසෙදි කියන්න බැරි වුණානෙ. සරත් අයියාට තරහ යන ඒවා ඔන්න මම අයින් කළා.
Deleteමන් දැක්ක මන් දැක්ක.. මට නිකන්ම හිනා ගියා එක දැකලා. ඔයා ලියන්නේ හොඳ කතා. මොකටද ඒවාගේ අගේ අඩු කරන්නේ ලෑලි කඩවල එල්ලන පින්තුර දාලා.
Deleteඑදා කිව්වත් වගේ මං ආසාවෙන් කියවන එකම සයිබර් කතාව! ලස්සනට ලියවෙන නිසා පොතකට ගන්නත් බැරිවෙන එකක් නෑඃ
ReplyDelete