Friday, September 7, 2012

හඹා යාම - අවසාන කොටස



නැවුම් හරිත පැහැයෙන් බබලන ගස් වැල් පසුගිය දින දෙක තුන පුරාවට වැසි ඇද හැලුන බව සපථ කරයි.සිතේ මැවී තිබූ තරමේ කාශ්ඨක බවක් මෙහි නොමැති බව මට සිතේ. අලුත් රෝහල් වාට්‍ටු සිතට ගෙන දෙන්නේ ප්‍රසන්න බවක්.

රෝගීන්ගේ අමුත්තන් සඳහා වෙන්වූ කාලය නිසාදෝ මුලු රෝහලම එකම කඩි ගුලක් ඇවිස්සුනා බඳුය.සියල්ලෝම තරඟයකට එක් වූවෝ සේය.එක්වර හතර පස් දෙනා එක් දොරකින් ඇතුළුවීමට වෙර දරති. ඔවුන් අත ‍රැඳුන ගමන් මලු පරීක්ෂා කරන ආරක්ශකයින් නිසා තද බදය තවත් වැඩි වී ඇත. අත්තම්මා හට ගත් පළතුරු බෑගය හැරෙන්නට වාසනාවට මා අත නම් කිසිදු බෑගයක් නොමැත.

"මේ මේ... පොලිතින් බෑග් ගෙනියන්න දෙන්න බෑ" සාරියක් හැඳ ගත් ආරක්ෂක නිලධාරිනියක් රෝහල් අධ්‍යක්ෂක වරයා සේ යමෙකුට කෑ ගසයි. 

නළාව කර වටා දමා ගත් වෛද්‍යවරියක් ද, උසුලා ගැනීමට අපහසු තරමේ පොත් ගොඩක් උසුලා ගත් සුදු කබා හැඳි වෛද්‍ය සිසුවියන් දෙදෙනෙක්ද සෙසු ජනයා අතරින් අපහසුවෙන් තොරවම ඉදිරියට ගමන් කරති. කාන්තාවන්ට සහජයෙන් උරුම ලැසි ගමන නම් ඔවුනට නොමැත.

දැන් මා ආදිත්‍යා සිටින වාට්‍ටුව සොයාගත යුතුය. මේ වන තෙක් මා මෙහි පැමිණෙන බව මම ඈ හට නොපැවසුවෙමි. සිත අමුතුම හැගීමකින් පිරී ඇත. බිය, ප්‍රීතිය, දුක ආදී සියල්ල කැටි කොටගත් ඊට වචනයක් සපයන්නට  කෙලෙසකින්වත් මා හට නොහැකිය. ඒ හැඟීමට මා යට කරගන්නට නොදී මම ඇගේ අංකයට ඇමතුමක් ගනිමි. එය නාද වේ. එහෙත් පිළිතුරක් නැත. මගේ හිසින් බේරී යන දහඩිය බිඳුවක් පිට දිගේ ගලන්නාක් මෙන් දැනේ. දෙවන වරද මම ඇය අමතමි. 
එවර ඇමතුම සමබන්ධ වේ. 

"දසුන් අයියා... කොහොමද?"
 ඇගේ හඬ විඩා බරය. 

"ඉන්නව නංගි... කොහෙද ඉන්නෙ ඔයා?"

"ඉස්පිරිතාලෙ ඉන්නෙ... අත්තම්මා ළඟ"

"දැන් කොහොමද අත්තම්මට?"

"දැන් නම් ගොඩක් දුරට හොඳයි...ඒත් ගොඩක් පරිස්සම් කරන්න වෙයි අයියෙ..." ඈ සුසුමක් හෙළනු මට දැනේ.

"මොකද්ද අත්තම්ම ඉන්න වාට්‍ටුව?"

"26"

මට ඒ ප්‍රමාණවත්ය. මෙය සෙල්ලම් කිරීමට වෙලාවක් නොවුණද ඇය පුදුමයට පත් කිරීමේ දඟකාර හැඟීමක් මා සිත තුළ ඉපිදේ.

"නංගි, මම ඉක්මනින් ආයෙ කතා කරන්නම් ඔයාට. පොඩි හදිසියක්" මම ඇමතුම විසන්ධි කරමි. ඊට පෙර ඈ කුමක් හෝ පවසනවා මට ඇසුණද, එය පැහැදිලි නොවේ.

දැන් ඉතින් 26 වාට්‍ටුව සොයා යා යුතුය. රෝහල් කොරිඩෝව දිගේ මම ගමන් කරමි. ඩෙංගු තේමාව යටතේ ඇති පෝස්ටර් එකිනෙක පසු වේ. සුදු හැඳගත් හෙදියක් මා දෙස බලමින් මා පසු කර යයි. ඈ ආඩම්බරයැයි මට සිතේ. "වාට්‍ටු අංක 24" මා ඉදිරියේ දිස් වේ. එසේ නම් 26 වාට්‍ටුව දුරක විය නොහැක.  මම වටපිට බලමි. 

දෙවියනේ... මා මේ දකින්නේ සැබෑවක්ද? නැතහොත් සිහිනයක්ද.  මගේ වේගය අඩාල වීමත් මගේ මුවගට සිනහවක් එක් වීමත් සිදුවන්නේ එකම මොහොතේය. 

ඔව් මා ඉදිරියේ සුරංගනාවක් සේ සිනාසෙමින් ඉන්නේ ඇයයි.
කිසිදු වදනක් මුවගට ගලා නො ඒ.

"මම දැනගත්තා..." ඈ සිනාසෙමින් පවසන්නීය.

"මොනවද?" මම අපහසුවෙන් අකුරු ගැටගසා ගනිමි.

"හොස්පිට්ල් එකේ ඉඳන් තමයි මට කතා කළේ කියල"

"ඒ කොහොමද?"
මම දෑස් අයා ඈ දෙස බලමි. ඈ දඟකාර ලෙස සිනාසේ.

"අයියා කෝල් එක කට් කරන්න හදනකොටම ඇම්බියුලන්ස් එකක සද්දයක් ඇහුණා. ඒ සද්දෙම මට ෆෝන් එකෙනුත් ඇහුණා.... ඉතින් මම දැනගත්තා......."

"ළමයගෙ මොලේ ටිකක් විතර හොඳයි "

ඈ සිනා සේ. මට දැනෙන්නේ නුහුරු හැඟීමකි. අත්තම්මා බැලීමට යාමට තරම් ආත්ම ශක්තියක් මා හට නැතුවාවත්ද....

"අයිය කොහෙ හරි යන ගමන්ද?"
ඇගෙන් සූක්ෂම ප්‍රශ්නයකි. ඈට අවශ්‍ය මා පැමිණියේ කුමකටද යන්න දැනගැනීමටය. 

"ඔව් අලුත් හොස්පිට්ල් බිල්ඩින් එක ඕපන් කරන්න ආව ගමන් මේ... ඔයාවයි අත්තම්මවයිත් බලලා යන්න හිතුණා.."

"එහෙනම් එන්න අත්තම්මව බලන්න යමු."
සිනා මුසු මුහුණින් ආදිත්‍යා පෙරමුණ ගනියි. ඈ තරමක් කෙසඟ වී ඇති බවක් මට සිතේ. එහෙත් ලා නිල් පැහැති සායත්, ලා නිල් පැහැති කුඩා මල් සහිත බ්ලවුසයත් නිසා ඇය වෙනදාටත් වඩා සුන්දරව මට දිස් වේ.  


අත්තම්මා කරුණාවන්ත පාටය.අපේ අම්මාගෙ අවදන් වලින් පැවසුවහොත් "පින් පාටය". දු‍ටු පමණින්ම පැහැදීමක් ඇති වන පුද්ගලයන් අඩුය. එහෙත් ඈ දු‍ටු සැනින් මගෙ සිතෙහි ඉපදුනේ පහන් හැඟීමකි.

"අත්තම්මා , මේ මගෙ යාළුවෙක්. අත්තම්මව බලන්න ඇවිත්...." ආදිත්‍යා තරමක් ලැජ්ජාශීලීව මා හඳුන්වා දෙයි.

"මහත්තය මේ ඉස්පිරිතාලෙද වැඩ කරන්නෙ?" අත්තම්මාගෙ ප්‍රශ්නයෙන් මා පත් වන්නේ ඉමහත් අපහසුතාවයකටය. උත්තරයක් සොයා ගත නොහැකි තැන මගේ දෙනෙත් ආදිත්‍යා දෙස ඉබේම යොමු වේ. 

"අත්තම්මෙ, මේ දසුන් අයිය දොස්තර කෙනෙක් නෙමේ, ඉංජිනේරුවෙක්..." ඇය මා ගලවා ගනියි. 

*********************************************************

අත්තම්මාට වැළඳී ඇත්තේ හෘදයාබාධයකි.  ඒ පිළිබඳව වැටහීමක් ඇති ආදිත්‍යා වහා ඈ රෝහලට ගෙන නො එන්නට ඇගේ ජීවිතය පිලිබඳවදද විශ්වාසයක් නොවූ බව වෛද්‍යවරුන් පැවසූ බව අත්තම්මා පවසන්නේ ආඩම්බරයෙනි. මේ සුළු කාල සීමාව තුළ ඈ මා හා බොහෝ සෙයින් කුළුපග වූවාය.

"දවස් ගානකට පස්සෙ දුව හිනා වෙනවා දැක්කෙ අද" ඈ වරක් පැවසූයේ මගේ සිත තවත් සතුටට පත් කරමිනි. ඒ සඳහාද ආදිත්‍යාගෙන් ලැබුණේ සොම්නස් සහගත සිනාවක් පමණය.

හදිසියේ අත්තම්මාට යමක් සිහිපත් වේ. "දුව දවල්ට කෑවෙ නෑ නේද?"

"මම පස්සෙ කන්නම් අත්තම්ම"

ඈ හට දිවා ආහාරය සඳහා යමක් ගෙනෙන්නට මා හට හොඳාකාරවම හැකියාව තිබිණි. ඒ පිළිබඳව යන්තමින් හෝ මා හට සිහිපත් නොවීම පිළිබඳව මට මා කෙරෙහිම කලකිරීමක් උපදීයි.

"ඉන්න මම ගිහින් මොනව හරි අරන් එන්නම්..." මම හිඳ සිටි අසුනින් නැගී සිටිමි.

"අනේ එපා දසුන් අයියෙ, එහෙනම් මම අයියටත් එක්කම කන්න අරන් එන්නම්. අත්තම්මට නම් තවම බත් කන්න හොඳ නෑනෙ" 

"පණ්ඩිත කම නැතුව ඉන්න. මම අරන් එන්නම්." අත්තම්මා ඉදිරියේ වුව එවැන්නක් පැවසීමට මා හට චකිතයක් නොමැත.

"ඔයා ගියොත් ආපහු ඇතුළට එන්න වෙන්නෙ 5ට තමයි."
ඈ සිනා සේ. ඈ පවසන්නේ කුමක් පිළිබඳවදැයි මා හට එතරම් වැටහීමක් ඇති නොවේ. 

"ඇයි?"

"දැන් ලෙඩ්ඩු බලන වෙලාව පහු වෙලා, අපි එක්ක ඉන්න නිසා ඔයාට යන්න කිවුවෙ නැත්තෙ.....සමහර විට අත්තම්මාත් හිතුව වගේ ඔයත් දොස්තර කෙනෙක් කියල හිතනවත් ඇති "
ඈ පවසන්නේ සැබෑවකි. එක් අතකට වෛද්‍යවරයකු වීම රෝහල් පරිසරය තුළ වාසිදායක තත්වයකි. 

"එහෙනම් දුව කන්න අරන් එන්න. තව පරක්කු වුනොත් කන්න නැති වෙයි.........."
ආදිත්‍යා පිට වී යයි.

අත්තම්මා හට කතා කිරීමට බොහෝ දේ ඇති සේය.

"දුව නිසා තමයි මෙහෙම මම ඔලුව උස්සලා ඉන්නෙ පුතේ......"මම ද එය හොඳාකාරව දනිමි. ඈ වෙනත් රෝගීන් විෂයෙහි හැසිරෙන ආකාරය මම අත්දුටිමි. එසේ නම් තමන්ගේම අය කෙරෙහි ඈ කෙතරම් උනන්දු සහගතව කටයුතු කරන්නේද යන්න මා හට සිතා ගැනීම අපහසු නැත.

"මම දන්නව අත්තම්මා. ආදිත්‍යා අත්තම්මටයි මල්ලිටයි ගොඩක් ආදරෙයි......."

"ඒත් ඒ ආදරෙත් මගෙ ඔලුවට මහ බරක් පුතේ"

ආදරය හිතට බරක් වන අවස්ථා ඇති බව නම් දැන් මමද හොඳාකාරවම මම දනිමි. එහෙත් අත්තම්මා පවසන්නේ කුමක් පිළිබඳවද.

"ඇයි අත්තම්ම එහෙම කියන්නෙ? "

"මේ ළමයා මමයි පොඩි පුතායි ගැන හිත හිත ඉන්නව පුතේ... යෝජනා කීයක් නම් ආවද. ඒ එකකටවත් කැමති වුණේ නෑ......... මාව බලාගන්න කෙනෙක් නැති වෙනව, මල්ලි ඉගෙනගෙන ඉවර වෙනකම් ඉන්නව.. ඒ වගේ උත්තරමයි දෙන්නෙ ඒ ගැන කතා කළාම. එහෙම ඉන්නෙ කොහොමද පුතේ ගෑණු දරුවෙක් මේ රටේ..."

ආදිත්‍යාගෙ ප්‍රශ්නය මා හට දැන් ඉතා පැහැදිලිය. ඇගේ අමුතුම ආකාරයේ තීරණයට හේතුව එසේ නම් අත්තම්මා පවසන කරුණය. ජීවිතයේ අත්දැකීම් රහිත ගැහැණු ළමයකුගේ බොළඳ තීරණයක් ලෙස එය දැකීමට කෙනෙක්ට පුළුවන. එහෙත් ඒ පිළිබඳව ගැඹුරින් සිතා බැලුවහොත් ඈ සිතන ආකාරයේ වරදක්ද නොමැත. ඈ විවාහ වන පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අය  කුමණ අන්දමේ අයදැයි ඊට පෙර දැනගැනීමට හැකියාවක් නොමැත. ආදිත්‍යා අත්තම්මා සමග සමීප ඇසුරක් පවත්වනවාට ඔවුන් අකමැති වූවොත් තවමත් පාසල් යන මල්ලී සමග අත්තම්මා තනි වනු වැලැක්විය නොහැකිය. දිවා රෑ නොබලා වෙහෙසෙමින් ඈ මුදල් උපයන්නේද මල්ලී හට ඉගැන්වීමටය. 

ආදිත්‍යා පුදුමාකාර කෙල්ලකි. ඈ කෙරෙහි මා සිත තුළ ඇති ආදරය සිය දහස් ගුණයකින් වැඩි වන්නා සේ මට හැඟේ.

*********************************


අත්තම්මාගේ දෑස් වල කඳුලුය. මට කෙනෙක්ගේ කඳුලු බැලීම ඉතා අපහසුය. කුමක් පවසන්නදැයි මට නොතේරේ. ඇය දිගටම කතා කරයි. "මම නැති කාලෙක මේ දරුවට මොකක් වෙයිද පුතේ? පිරිමි ළමෙක් වගේ නෙමේනෙ, ගෑණු ළමෙක් කසාද බඳින වයස පහු වුණාම ......" 
අත්තම්මා හට මේ දේවල් පවසන්නට මින් පෙර කිසිවෙකුත් නොසිටින්නට ඇත. අඩුම තරමින් ආදිත්‍යාගේ යහළුවෙකු හෝ ඒ සඳහා හමු නොවන්නට ඇත. මම මගේ සිතට ධෛර්යය ගනිමි. තවත් ඇගේ නෙතට කඳුලු එක් කළ නොහැකිය. කෙසේ හෝ මම මගේ හඬ අවදි කරමි.  කුමකින් කුම සිද්ද වූවද භයානක යමක් සිදු නොවනු ඇත.

"අත්තම්මා.... මම ආදිත්‍යාව බඳිනවා.... ඒ ගැන අත්තම්මගෙන් අහන්නත් එක්ක මම ආවෙ අද"

විසල් වූ දෙනෙතින් ඈ මා දෙස බලා සිටියි. එහෙත් ඊළඟ මොහොතේ එළියට පනින්නට පෙර කමින් සිටි කඳුලු බිඳු නිදහසේ කම්මුල් හරහා ගලා යාමට ඈ ඉඩ දෙයි. 

"අඬන්න එපා අත්තම්මා. අත්තම්මට අඬන්න හොඳ නෑ"  ඇගේ දුර්වල ‍රැළි වැ‍ටුණ දෑත් වලින් ඈ මගේ අතින් අල්ලා ගනියි. වදන් සිර වී ඇති බවක් මට හැඟේ. මගේ අම්මාගේ දෑත් වල උණුසුම මේ මොහොතේදී මා හට දැනේ... 

********************************************

"ඇයි නංගි කතා කරන්නෙ නැත්තෙ?"

"මොනාද ඔයා අත්තම්ම එක්ක කිවුවෙ?" ඇගේ ස්වරයේ ‍රැඳී ඇත්තේ කෝපයකි. එහෙත් ඒ සුන්දර දෙනෙත් තුළ කෝපයක සේයාවකුදු ‍රැඳී නොමැත. ඒ දිලිසෙන්නේ කඳුලුද.....
මම ඈ වෙතට ළං වෙමි.

"ඔයාව බඳිනවා කිවුවා.." මගේ ස්වරය නිරවුල්ය. එය මට හොඳාකාරවම දැනේ. මහ වැස්සකට පසු මතු වූ අහසක් මෙන් මගේ සිතද නිරවුල් ය. 

"ඇයි බොරු කිවුවෙ?"

"බොරු නෙමේ ඇත්ත ආදිත්‍යා..... ඒක ඔයාට තෙරුම් ගන්න බැරි වුණාද මෙච්චර කල්?"

ඈ නිහඬය. එහෙත් ඒ අහිංසක දෙනෙත් මායිම් බිඳ කඳුලැලි වාං දමයි. කොපුල් පුරා ගලායන කඳුලු පිස දැමීමට මට සිත් වේ.
මම සෙමෙන් ඇගේ සුරතින් අල්ලා ගනිමි. මල් පෙත්තක් මෙන් සිනිදු මේ සියුමැලි සුරත මම කිසිදා අත් නොහරිමි. 



ඈ සෙමෙන් ඇගේ ඇඟිලි මා අතින් මුදවා ගැනීමට වෑයම් කරයි.  මම තවත් තදින් ඈ අත අල්ලා ගනිමි..... ඒ ඇඟිලි වල ‍රැඳුනු උණුසුම මට සුපුරුදු ලෙස දැනේ. ඒ ආත්මීය පුරුද්ද වන්නට ඇත.

"අඬන්න එපා...." ඇයට පැවසීමට මට අවශ්‍යය. එහෙත් නැවත වරක් මගේ උගුර හිරවන්නාක් මෙන් දැනේ. 

"දසුන් අයියෙ...." ඇගේ හැඬුම් බර ස්වරය මට ඇසේ. මම ඇගේ මුහුණ  නිකටින් ඔසවා මා දෙසට හරවා ගනිමි. මගේ නෙත් තෙමී යනු මට දැනේ. 

"දසුන් අයියෙ, එදා ඔයා නේද බස් එකේදි මාව වැටෙන්න නොදී අල්ල ගත්තෙ? " 

"අදද මතක් වුණේ?"

"හැමදාම මතක තිබුණ"

"කපටි කෙල්ල"

කඳුලු අතරින් ඈ සිනා සෙන ඈ තුරුළු කොට ගෙන සිප ගැනීමට මට සිතේ. එහෙත් මා ඉවසමි. ජීවිතයේ තව බොහෝ දුරක් යන්නට අපට ඉතිරිය.


නිමි !




48 comments:

  1. අයියෝ කතාව ඉවර වුනානේ :(
    කමක් නෑ හොඳින් ඉවර වුන එකත් හොඳයි :)
    මම හිතුවෙ දසුන්ගෙ එකපාරට කියපු දේ හින්ද ආත්තම්ට අයෙත් හාට් ඇටෑක් එකක් එයි කියල.
    සිඳූට හොඳට ලියන්න පුලුවන්. කාර්‍යබහුල කමත් එක්ක ලියන එකත් ලේසි නැහැනෙ නේද.
    ඒත් කොච්චර කාර්‍යබහුල වුනත් දිගටම ලියන්න. තව කතාවක් ළඟදිම ලියවෙයි නේද සිඳූ!

    ReplyDelete
    Replies
    1. අලුත් කතාවල් ලියන්න නම් ලැබෙන එකක් නෑ වගේ මේ යන විදියට. ඕන නම් තව මාස එක හමාරක් මෙහෙම ඉන්න වෙයි. ඊය පස්සෙ ඉතින් පැය 24 X දවස් 365 ජෝන් වෙන්න වෙයි...:-( ඒත් කොහොම හරි මොනව හරි කුරු‍ටු ගාන්න නම් වෙලාවක් හොයාගන්න ඕනා.

      Delete
    2. දැන් ඉදන්ම ජෝන් වෙන්නද ප්ලෑන් එක? :D
      දැන්ම ලියල ඩ්‍රාෆ්ට් කරල තියන්න.

      Delete
    3. මම කොහොමත් ජෝන්. ශැඩෝ කාලෙ ඒක හොඳට දැනගත්තා

      Delete
  2. ඔන්න ඔහොමයි උනා කියන්නේ...
    හොදා හොදා... :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. එහෙමලු වුණේ.

      Delete
  3. අම්මපා මට එන කේන්තියක්... දැන් මට මතක නැහැනේ ඔය බස් එකේදි අල්ල ගත්ත සීන් එකක්... ආයේ බලපංකෝ මුල ඉඳලා..සික්...

    එක්කෝ මට බෑ..වැටෙන්න ඇති..අල්ලගන්නත් ඇති..අර කෙලී බොරු කියන එකක් නැහැනේ.. හා එතැනින් කතාව ඉවරයි...

    කතාවනං බොහෝම හොඳයි... සුජීව අයියගේ වගේ මල් මල් නැතිව නටු විතරක් තියලා ලියං ගිහිං තියේ... ඔක්කෝම හොඳයි මුක්කම නරකයි කිව්වැහේ..අගට එද්දී මුල අමතක උන එක තමා මට උන අවුල...හා ආයේ තව එකක් ලියමු බලන්න අපේ ලේ කෝප කරන්නත් එක්කලා...

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ... මාරයියා මගෙ බ්ලොග් එකෙ කමෙන්ට්ස් දාන්න පටන් ගත්තෙත් ඒ පොස්ට් එකෙන්නෙ. මතක නැද්ද එදා කිවුව දේවල් නිසා මම තව ටිකෙන් මගේ ලේඛන ජීවිතේට නැවතීමෙ තිත තියනවා.
      මමත් පුදුම බයකින් ලිවුවෙ මේක බොලඳ මල් මල් වෙයිද කියල. යන්තම් එහෙම වුණේ නෑ

      Delete

    2. ඇයි අනේ... මාරයියා මගෙ බ්ලොග් එකෙ කමෙන්ට්ස් දාන්න පටන් ගත්තෙත් ඒ පොස්ට් එකෙන්නෙ. මතක නැද්ද එදා කිවුව දේවල් නිසා මම තව ටිකෙන් මගේ ලේඛන ජීවිතේට නැවතීමෙ තිත තියනවා.
      මමත් පුදුම බයකින් ලිවුවෙ මේක බොලඳ මල් මල් වෙයිද කියල. යන්තම් එහෙම වුණේ නෑ වගේ....
      මොනව ලියන්නත් කලින් අනිත් බ්ලොග් එකේ රජ කතාව ඉවර කරලා ඉන්න ඕනා.

      Delete
    3. හුටා ඔය කියන්නේ අර ගැහැණුද පිරිමිද කියලා මට හොයාගන්න බැරි උන කොටසද..? ඒකේ බස් එකෙන් වැටෙන කෑල්ලක් තිබුනද..මට මතක නැහැනේ හප්පා... යකෝ එක පාඨක අදහසක් හින්දා ලේඛන ජීවිතේට නැවතීම් තියන්න ගියානං අද වෙනකොට පොතක් පතක් ලිව්ව එකෙක් හොයා ගන්න වෙන්නේ නැහැ..:) ලීවීම ඔබ සතුය නෙලීම අපි සතුය ඈ..

      මොකක්ද අර රජ කතා කේෂ් එක..මට අහු නොවුන තව බ්ලොග් එකක් තියේද..? දාන්න සුදු නංගි එහෙමනං දෙපාරක් නොහිතා ලින්ක් එක..මං ගිහිං රජ කතාව නාස්ති කිරලා එන්න..:D:D:D

      Delete
    4. ඔව් ඔව් ඒක තමයි. ඒ වුණාට මාරයියගෙ කමෙන්ට් එක නිසා තමයි ගොඩක් අයට තිබුණ ගෑණු පිරිමි අර්බුධය නිරවුල් වුණේ....

      අනේ ඔයා දැකලා නැද්ද රජ කතාව?
      මේ තියෙන්නෙ ලින්ක් එක. තවම කොටස් දෙකයි

      http://paasatahan.blogspot.com/2012/06/02.html

      Delete
  4. අහ් කතාව ඉවර කරලනේ සිදූ .හොඳයි සුඛාන්තයක් .ඉක්බිති සියල්ලෝම සතුටීන් විසිර ගියහ වගේ :)

    ReplyDelete
    Replies
    1. මම ආසම නෑ අනුවේදනීය ශෝක ජනක අවසාන සහිත ප්‍රේම කතා වලට :) මේක කියවද්දිත් හිතුවේ අවසානේ එහෙම වෙයිද කියලා :)

      Delete

    2. අපෝ මමත් කැමති නෑ එහෙම කතා වලට. TG ගොඩක් කාලෙකින් . බිසි වගේ නේ?

      Delete
  5. කතාවෙ අන්තිමට වෙන්නේ මොකද්ද ලියලා බලාගෙන හිටියේ. ලස්සනට ඉවරකරලා. ලස්සන කතාවක්. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ. මමත් බලාගෙන හිටියෙ ඒක ඉවර වෙනකම්මයි. ;-)

      Delete
  6. තවත් කතාවකට මුල පුරන්නට වාසනාව ලැබේවා.. සුභ පතමි මා ඩයිනමයික්!

    ReplyDelete
    Replies
    1. ඊට කලින් අපේ බ්ලොග් එකේ උදුලගෙ කතාව ඉවර කරන්න ඕනා ඩයිනො. ඊට පස්සෙ නම් මම හිතන්නෙ නෑ වෙන කතා ලියන්න ඉඩ ලැබෙයි කියල අවුරුද්දකින් මෙහා.

      Delete
  7. මමත් ආස කතාවෙ අන්තිම පේලි ටිකට.
    සුභාන්තයක් කියවපු එකෙත් මාර ගතියක් තියෙනවා. මට දැන් ඛේදාන්ත කියවලා හුඟක් කලකිරිලා හිටියේ. හැබැයි මම කීයටවත් හිතුවෙ නෑ මේ වගෙ අවසානයක් මොකද කෙල්ලො කැමති water works වලටනෙ! හෙහ් හෙහ්!!

    තව දෙයක්. අර අනිත් කොන ආපහු බ්ලොග් ලෝකෙට කැන්දා ගන්න පොඩි කැම්පේන් එකක් කරන්න මම යෝජනා කරනවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඒ මොකද? අනිත් කොණ ලියන අක්කා ලියන එක නවත්තලාද? ලඟදී නම් අනිත් කොණේ පෝස්ට් මුකුත් දැක්කේ නෑ..

      Delete
    2. හැබෑට මොකක්ද මේ අනිත් කොණ?

      Delete
    3. http://anithkona.blogspot.com/2012/07/blog-post_6465.html
      ඔව් ඒත් ඔයාලා වගේම දුශ්කර සේවයේ කරන ඩොකෙක්නෙ. එයා අන්තිමට ලිව්ව පෝස්ට් එකත් "විහින් මැරෙන්නෙ නැතුව රාජකාරිය විතරක් කරන්න:" කියන එකයි. මම හිතන්නෙ එයාට යම් සිත් රිදවීමක් වුනා යම් ප්‍රශ්නෙකින්.

      ඇත්තෙන්ම අපිත් කෙඳිරි නොගා දුශ්කර සේවයේ යෙදෙන අනිත් කොණගෙ කතා කියෙව්වෙ හරීම රුචියකින්. ඇත්තෙන්ම මටත් බැරි වුනා කෙඳිරි නොගා ඕක කරන්න.

      අන්න ඒකයි මමකිව්වෙ අඩු ගානෙ කමෙන්ට් එකක් වත් දාලා එයාව ආපහු ගෙන්නගන්න දිරි ගන්වමු කියලා.

      ප.ලි. අනිත් කොණ මගෙ යාලුවෙක් වත් කිසිදා දැකලා ආශ්‍රය කරපු කෙනෙක්වත් නොවන බව සලකන්න. ඇය හුදෙක් සහෝදර බ්ලොග් ලියන්නියක් පමණි.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    4. මම හිතන්නෙ අනිත් කොන අක්කා ඒ වගේ මිනිස්සුන්ගෙ වැඩ නිසා සැලෙන කෙනෙක් නම් නෙමෙයි. ඒත් ඒ නිසා ඒක නැවතිලා නම් , ඒක ලොකු අපරාදයක්. අක්කා ලිවුව දේවල් විවේචනය වෙනවා නම් ඒක පදනමක් නැති විවේචනයක්. එහෙම නම් මාවත් විවේචනය වෙන්න ඕනා. තොටියා අයියවත් විවේචනය වෙන්න ඕනා.

      Delete
  8. කාර්ඩ් එකෙන් ඉවර කරලා තියෙන්නේ. ලස්ස්නයි සිඳු...නවකතාවකට හොඳ කතාවක්. ඇහැ කොනකට කඳුලු බිංදුවකුත් අවා...මේ දවස්වල ඇස් අමාරුවක්ද කොහෙද...සමහර බ්ලොග් බලපු හැටියේ ඇස්වල කඳුලු පිරෙනවා...ආදරේට ආදරේ නිසාද? වෙන ලෙඩක්ද? අනේ මන් දන්නේ නෑ.:)

    ReplyDelete
    Replies

    1. එක ඇහැකට කඳුලු බිඳුවක් ආව නම් පොඩ්ඩි අනිවා ඇස් අමාරුව. :පී
      ඔව් අප්පා සමහර බ්ලොග් කියවන්න බැරි තරම් මමත් සංවේදී වැඩියි. මම නම් එහෙම අනිත් අයව අඬවන ඒවා ලියන්නෙ නෑ වැඩියෙම. ඇත්තම කිවුවොත් මට එහෙම ඇඬෙන්න ලියන්න බෑ අනේ.

      Delete
  9. අපරාදේ ඔයා කම්මැලි වෙලා හදිසියට ඉවර කළා නේද ? මන් විහිලු ලිවුවට හිතන් හිටියේ නව කතාව වගේ යයි කියලා. කමක් නැහැ එත් කතාව නියමයි ලියපු විදිහත් නියමයි තව එකක් පටන් ගන්න !

    ReplyDelete
    Replies
    1. අනේ මට වෙන ඒවා ලියන්න බෑඈඈඈඈ................ කම්මැලි කමක් නම් ආවා තමයි සරත් අයියෙ. ඒත් මීට වඩා දුර ගියා නම් එපා වෙන්නත් තිබුණා.

      Delete
  10. Replies
    1. ඒකනේ ඉවරා......යි :) :)

      Delete
  11. අයියෝ කතාව නිමි වෙලානේ... අපරාදේ මම කොටසින් කොටස ආසාවෙන් කියවපු කතාවක්.. අවසානෙත් ලස්සනයි. තව එකක් ලියමු සිඳූ...2013 මැයි ?? අයියෝ කල් වැඩි... කල්වැඩි.. ඕක තව ලඟට ගත්තානම් හරි... නැතිනම් ඕක සෙට් වෙන්නේ ආදිත්‍යාගෙ ඉන්ටර්න් එක අස්සෙ..
    "උසුලා ගැනීමට අපහසු තරමේ පොත් ගොඩක් උසුලා ගත් සුදු කබා හැඳි වෛද්‍ය සිසුවියන් "- ඇත්තටම වෛද්‍ය සිසුවියන් හරි හොඳයිලු අප්පා.. සිසුන් නම් අත්දෙක වනවනා වෝඩ්ස් එද්දි සිසුවියන් මුලු පුස්තකාලෙම උස්සන් එන අපූරුව. තව වතුර බෝතල් කෑම ඔක්කොමත් ගේනවනෙ. කොහෙත් ඒවගේ තමා නේද :P

    ReplyDelete
    Replies
    1. ආනේ ඔව්මයි. ආදිත්‍යා ට නිවාඩු ගන්න එක අමාරු වෙයිද දන්නෙ නෑ. අවුලක් නෑ, දසුන් වෙඩින් එක ප්ලෑන් කරන වැඩ ටික කරයි. ආදිත්‍යා ට තියෙන්නෙ වෝඩ් එකෙන් ඇවිත් පෝරුවට නැගලා, පෝරුවෙන් බැහැලා ආයෙ වෝඩ් එකට යන්නනෙ. වරුවක් නිවාඩු දැම්මම ඇති වෙයි. :)

      ඔහොම කිවුවට ඩේවිඩ්සන්, කුමා ඇන්ඩ් ක්ලාක් වෝඩ් එකට උස්සන් එන වෛද්‍ය සිසුවොත් ඉන්නවා.

      Delete
    2. වෝඩ් එකෙන් ඇවිත් පෝරුවට නැගලා පෝරුවෙන් බැහැලා ආයෙ වෝඩ් එකට යන්න// ?.. හයියූ.. ඒ මොන වැඩක්ද ඒ? එතකොට ඒගොල්ලො හඳේ ඉඳන් පැණිකජු කන්නේ නැතිද? මගේ COලා දෙන්නම බැන්දේ ඉන්ටර්න් කාලේ.. උන් පැණීකජු කන්න සතිය ගානේ නිවාඩු ගත්තාම අපි කාපු කට්ටක්..!

      Delete
  12. Happy ending.May their love last forever. One more!

    ReplyDelete
    Replies
    1. I wanted to give this a happy ending from the beginning because I don't like stories with tragedies.
      I too want to write something else under a different theme. (Surely it will not be a love story.) But, in the future i will have to struggle with time for that.

      I started to write another long short story to the other blog I write. This is it. http://paasatahan.blogspot.com/2012/06/02.html

      Hope to finish it soon

      Delete
  13. දසුන් මහ පිස්සෙක්නේ... අර පපුවේ අමාරුව හැදිලා ඉන්න මනුස්සයට ඔය වගේ කතා කියනවද.....
    අවුලක් නෑ.ඉවර කරපු විදිය ගති.අර මාරයා කියපු කතාව මටත් කියන්න වෙනවා.මටත් බස් එකෙන් වැ‍ටුනා කියලා මතක නෑ.ඔයා පෝස්ට් දාන ඉක්මන තමයි.එත් කමක් නෑ වෙලාව අරගෙන ලස්සනට දාන එකත් හොදයි....

    ReplyDelete
    Replies
    1. මතක නැත්නම් ගිහින් කියවන්න අනේ. මොනාද අප්පා... ඒකත් මතක් කරලා දෙන්න වෙලා. වැ‍ටුනා නෙමේ මල්ලි, එයා වැටෙන්න ගියා විතරයි.

      Delete
  14. ආත්තම්මට ඉතිං මොකද උනේ??????
    අරුං දෙන්නනං ජොලියේ ඉන්නැතිනේ...

    ReplyDelete
    Replies
    1. අත්තම්මාත් සතුටින් හිටියා. දසුන් හොඳ කෙනෙක්. අත්තම්මාටත් එයාගෙ අම්මාට වගේම සැලකුවා. ඒ ගැන කියන්න තමයි මේ වාක්‍යය දැම්මෙ.
      //"අඬන්න එපා අත්තම්මා. අත්තම්මට අඬන්න හොඳ නෑ" ඇගේ දුර්වල ‍රැළි වැ‍ටුණ දෑත් වලින් ඈ මගේ අතින් අල්ලා ගනියි. වදන් සිර වී ඇති බවක් මට හැඟේ. මගේ අම්මාගේ දෑත් වල උණුසුම මේ මොහොතේදී මා හට දැනේ... //

      Delete
  15. කලින් කොටස කියවද්දි හිතුවේ නෑ මෙක්න් ඉවර වෙයි කියලා.. කතාවන්ම් ඉතින් ඇත්තටම ලස්සනයි අක්කේ.. හෙට නිවාඩුවේ ආයෙම මුල ඉදන් බලනවා..

    ReplyDelete
    Replies
    1. මම ඉවර කරන්නමයි හිතාගෙන හිටියෙ මල්ලි. ස්තූතියි හැමදාම ඇවිත් කියවලා ගියාට.

      Delete
  16. පොතක් ලිව්වොත් මොකද අදහස හ්ම්ම්??

    ReplyDelete
    Replies

    1. අම්මෝ... මට පොඩි කාලෙ නම් ඔහොම හිතිලා තිබුණා. දැන් නම් විහිලුවට වත් හිතෙන්නෙ නෑ. ඒ වෙනුවෙන් වෙන් කරන්න වෙලාව හොයාගන්න දැනට අමාරුයි හිරු.

      Delete
  17. හරිම රොමෑන්ටික් කතාවක්..
    නවකතාවකුයි කෙටි කතාවකුයි අතර කතාවක්ද කොහෙද..

    ReplyDelete
  18. මේ ඊට පස්සේ මොකෝ උනේ මෙයා

    ReplyDelete
  19. හඹා යාම අවසන්වෙන්නෙ පටන්ගන්න ඕනෙ තැනින් . මේක තමයි ලේඛන කලාව කියන්නේ. මට මතක හැටිය මේ 14 හො 15 වන කොටස. මේතරම් දිග කතාවක් දල විදියට හිතුවොත් ඒ - 4 ප්‍රමාණයේ පිටු සියයකට ආසන්නයි. ලේඛණ කලාවට බාහිරින් ඉන්න කෙනෙකුට තියෙන හැකියාව දකින්නෙ මේ විදියට ලියන විටයි.

    ආනන්දනීය අවසානයක්.

    ReplyDelete
  20. ලස්සන කතාවක්.. ආයේ එකක් ලියන්න අක්කේ.. ජය වේවා..

    ReplyDelete
  21. ane sorry, mama danui mekha dakke.......
    lassana story ekak...
    digatama apita kiyawanna hoda katha liyanna puluwan wewai pathami.

    ReplyDelete