Monday, September 24, 2012

My Sis Rox - ක‍ටුස්සාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීම

එක්තරා යුගයකදි මමත් මගෙ අණසක පතුරුවගෙන හිටිය.ඒ කාලයෙන් වැඩි හරියක් ගෙවුණෙ අම්පාරෙ. මෙහාට ඇවිත් වැඩි දවසක් ගියෙ නෑ, හදිසියෙම හොඳට හිටිය අම්මව ඉස්පිරිතාලෙ එක්කන් ගියා.
"අම්ම ගියෙ නංගියෙක් ගේන්න" අප්පච්චිලා කිරි අම්මල කිවුවෙ එහෙමයි.
ඉස්පිරිතාලෙ නංගිලා විකුණනව ඇති. මට හිතුණෙ එහෙමයි.

පහුවදා අප්පච්චි මාවත් එක්කන් ගියා අම්මව බලන්න.කෝ නංගි, මම හොඳට බැලුව. මගෙ හිතේ මැවිල තිබුණෙ හිනා වෙන , දඟලන, පෙරලෙන සුදු බෝලයක් වගේ නංගි කෙනෙක්ව.ඒත් කෝ එයා?

"මේ ඉන්නෙ පුතාගෙ නංගි" අම්ම ඇඳේ පැත්තක තිබුණ කූඩයක් වගේ එකක් අයින් කළා. මට ඇඳට උස නෑ. ඇඳේ එල්ලිලා මම නංගි දිහා බැලුව. හිතාගන්නවත් බැරි තරම් චූටි නංගි බබෙක් නිදාගෙන හිටිය. අත පය ගුලි කරගෙන, ඇස් දෙකත් තද කරල වහගෙන.... 
නිදාගෙන හිටියෙ හරියට තවමත් එයා අම්මගෙ බඩේ ඉන්නෙ කියල හිතාගෙනද කොහෙද.

අම්ම ඉස්පිරිතාලෙන් සල්ලි දීල අරගත්තු නංගි ( සමහරු නම් කියන්නෙ ඉස්පිරිතාලෙ කාණුවෙන් ඇහිඳගෙන ආව කියල) ගෙදර ගෙනාවට පස්සෙ අම්මට හරි වැඩ.නංගි නාවන්න, ඇඳුම් මාරු කරන්න, ගුඩුස් යවන්න.... එකම යුද්ධයයි.


"මෙයා නම් පස්සෙ කාලෙක කළු වෙයි. මූණ සුදු වුණාට කන් දෙක කලුයි. කන් කලු ළමයි , ලොකු වෙද්දි කලු වෙනව" කවුදෝ එහෙම කියද්දි අම්මටයි අප්පච්චිටයි දුක හිතෙන්න ඇති. මමත් කොහොමවත් ඒ කතාවට කැමති වුණේ නෑ. කොහොම කැමති වෙන්නද. අප්පච්චි සුදුයි, අම්මත් සුදුයි. මමත් සුදූයි.... ඉතින් කොහොමද කලු නංගි කෙනෙක් එක්ක පාරෙ බැහැලා යන්නෙ. මට හිතුනෙ එහෙම.
(ඒත් ඉතින් ඒ "පස්සෙ කාලෙ" තවම නම් ඇවිත් නෑ වගේ. මම දැන් නම් බලන් ඉන්නෙ ඒ පස්සෙ කාලෙ එනකම්. :P)

අම්මට වැඩ වැඩි වෙලාවට නංගි තොටිල්ලෙ දාලා නිදි කරවලා අම්ම යනව වැඩ කරන්න. ඒ වෙලාවට නංගිව බලා ගන්න එක , තොටිල්ල පදවන එක මට කරන්න වුණ වෙලාවලුත් තිබුණා.

අම්මා උයනව බංකුවක වාඩි වෙලා. මමත් ඒ බංකුවෙ අනිත් පැත්තෙ වාඩි වෙලා අම්මගෙ පිටට පිට හේත්තු කරගෙන කැරට් කනවා.
ඔන්න නංගි අඬනවා
"අනේ පුතේ තොටිල්ල ටිකක් පද්දල එන්න"

"මට බෑ"

"අනේ හොඳ පුතානෙ"

"මට බෑ"

"ගණන් කරලා පස් පාරක් තල්ලු කරල එන්නකො"

 අකමැත්තෙන් නැගිටල යන මම තොටිල්ල පද්දනව "එකයි.... දෙකයි.... තුනයි..... හතරයි.......පහයි....."
මම ආපහු ඇවිත් අම්මට හේත්තු වෙලා ඉඳ ගන්නව. පොඩි එකා ඒ වෙද්දිත් බෙරිහන් දිදී අඬනව.


නංගි ටිකක් ලොකු වෙද්දි අම්මට ආයෙම ඉස්කෝලෙ යන්න වුණා. ඒ වැඩ එක්ක අම්මටවත් අප්පච්චිටවත් නංගි ඔඩොක්කුවට අරන් ළඟින් තියාගෙන ඉන්න වුණ අවස්ථා හරි අඩුයි. ඒ නිසා එයාව කො‍ටුවක දාලා තිබුණ. එයාට හිට ගන්න අල්ලන් ඇවිදින්න පුළුවන් කාලෙ වෙද්දි, නංගි හරියට මිරිස් ගල උස්සන් ගිය නන්දිමිත්‍ර යෝධයා වගේ කො‍ටුවත් ඇදගෙනම ගේ පුරා යන්න පුරුදු වුණා.


නංගි ටික ටික ලොකු වෙද්දි මට මේ ලෝකෙ හිටිය ලස්සනම බබා වුණේ නංගි. (මම වැඩියෙ පොඩි ළමයි දැකල තිබුණේ නැතිව ඇති ඒ කාලෙ. :ප්) ඒ නිසාමද කොහෙද මම එයාව ආදරෙන් බලා ගත්ත මතකයි.

ඉඳල හිටල පොඩි පොඩි හිංසා මගෙ අතින් නොවුණම නෙමේ. එක දවසක් ගිනි කූරක් පත්තු කරල "නංගි රස්නෙද බලන්න" කියල නිදාගෙන හිටිය නංගිගෙ බඩ උඩින් තිබ්බා වගේ වැඩත් මම කළා. එදා නම් අම්මගෙන් මට පාරක් වැදුනා වගේ තමයි මතක.

පුංචි කාලෙ මගෙ නංගි හරි අහිංසකයි. (එහෙම තමයි අපි ඒ කාලෙ හිතුවෙ)
කිරි බෝතලේ ළඟින් තිබ්බම ඒක කටේ ගහගෙන බීලා පැත්තකින් තියල තනියම නිදා ගන්නව.
තවත් සමහර වෙලාවට සාලෙ මැද්දෙ සෙල්ලම් කර කර හිටිය ළමය කෝ කියල බලද්දි අනේ එතනත් නිදි.

ඒත්, මෙයා ටිකින් ටික වයසින් වැඩෙද්දි තමයි අපි තේරුම් ගත්තෙ පොඩි කාලෙ , අත දරුව කාලෙ කරල තියෙන්නෙ තනිකරම රඟ පෑමක් කියල. ;-)

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියනව වගේ අපිත් ටිකෙන් ටික නංගිගෙ අනාගත ස්වරූපය වටහ ගත්ත.

මෙන්න උදාහරණ.


අප්පච්චි පොඩි එකාව වඩාගෙන ගිහින් බිත්තියෙ ඉන්න ක‍ටුස්සෙක් පෙන්නනව. "අම්මෝ... කවුද පාට මාරු කරන අමුතු සතා,පිටේ උල් උල් ත් තියෙනව..."එහෙම හිතල නංගි බය වෙයි කියල අප්පච්චි හිතන්න ඇති. ඒත් මොකද වුනේ? 

නංගිගෙ හුරතල් චූටි දබර ඇඟිල්ල කටූස්සා පැත්තට දිගු වෙනව විදුලි වේගයෙන්. ඉලක්කය ක‍ටුස්සගෙ ඇහැ. චිකිස් කියල කටින් සද්දෙකුත් දාන ගමන් එයා ක‍ටුස්සගෙ ඇහැට ඇඟිල්ලෙන් අනිනව. ළමයගෙ හැටි අප්පච්චිට වඩා හොඳට ක‍ටුස්ස අඳුනගෙන හිටිය නිසා අහකට පැනපු ක‍ටුස්සා ඇස බේරගන්නව.


තව දවසක් නංගි හොඳටම අසනීප වෙලා බේත් ගන්න එක්කන් යනව. හරිම හුරතල් ලස්සන බබෙක්. එහෙම හිතුව දොස්තර මහත්තයා නංගිට ආදරෙන් කතා කරනව හුරතල් විදියට.
"මොකද බකුස්සො?"  වචන දෙකයි නංගි කිවුවෙ. දොස්තර මහත්තය වැඩි වැඩ පැත්තකින් තියල බේත් දීලා නංගිව ආපහු එවනව.

පුංචි කාලෙ මම නංගිට ආදරෙයි වගේ තමයි, එයත් මට හරි ආදරෙයි. එහෙම වෙන්න ඕනනෙ. මම එයාගෙ අක්කනෙ, නේද?


දවසක් අම්ම අපි දෙන්නට කන්න චොක්ලට් කේක් කෑලි දෙකක් දෙනව. මම මගෙ එක ඉක්මනින් ඉවර කරල මදි වගේ බලාගෙන ඉද්දි මගෙ ළඟට එන මගෙ නංගි හරිම අහිංසක විදියට එයාගෙ කේක් කෑල්ලෙන් බාගයක් මගෙ අතේ තියනව. බලන්න ආදරේ තරම. මමත් ඒක එක කටකට ඉවර කරනවා.
ඊළඟ මොහොතේ නංගි ගැන තිබුණ මගෙ ආදරේ දෙගුණ තෙගුණ වෙනව හුරතල් විදියට වචන ගැට ගහ ගහ මෙහෙම කියද්දි.
"මම ඔයාත දුන්නෙ පාපිස්සෙ අතුල්ලපු කේක් කෑල්ලක්"

මේ අතරෙ ඇත්තම සහෝදර ප්‍රේමයෙන් නංගා ක්‍රියා කරපු වෙලාවලුත් තිබුණා. මොන්ටිසෝරි යන කාලෙ බිම වැටිල තිබුණ පෑණක් "අක්කට දෙන්න" කියල අහුලගෙන ඇවිත් අම්මගෙන් ඉර‍ටු පාරකුත් හම්බුණා එයාට. ඒක ගිහින් ටීචට දෙන්න කියල අම්ම කිවුව. (ලොකු දෙයක් නෙමේ, ඒත් තමන්ට අයිති නැති දේවල් ගන්න එක හොඳ නෑ කියල තේරෙන්නයි අම්ම එහෙම කළේ)
අපරාදෙ මට හම්බෙන්න තිබුණ පෑන !

පස්සෙ කාලෙක තමයි නංගි කිවුවෙ.. "මම ඒක ටීච ට දුන්නෙ නෑ. මම ඒක ජනේලෙන් එලියට විසි කළා මොන්ටිසෝරියෙ"

කොහොම කොහොම හරි මගෙ පිහිටෙන් මගෙ චූටි නංගි අපේ ඉස්කෝලෙ එක වසරටත් ආව. එතකොට මම 5 වසරෙ ලොකු අක්කෙක්.
හැමදාම තුවාල කරගෙන , ගවුමෙ දූවිලි පාරවල්, මඩ පාරවල් එක්ක ගෙදර එද්දි අපි හැමෝටම අපේ අහිංසක දැරිය ගැන දැනුනෙ ලොකු දුකක්. "අනේ මේ ළමයට ළමයි ගහනව ඇති.... ළමයි මෙයාව තල්ලු කරනව ඇති සෙල්ලම් කරද්දි"
අපි එහෙම හිතුවෙ. නංගිව ඉස්කෝලෙදි බලාගන්නෙ නෑ කියල මට චෝදනා එල්ල වුණ වෙලාවලුත් තිබුණ.

ඒත් මීට අවුරුදු කීපයකට උඩදි නංගි හිනා වෙවී මට මෙහෙම කියද්දි තමයි මම යතාර්ථය තේරුම් ගත්තෙ.
"ඉස්සර ස්ටෙෆ්නි එක වසරෙදි ඉස්කෝලෙ යන්න බෑ කියල අඬනව කියල ටීචර්ට දවසක් එයාගෙ අම්ම ඇවිත් කිවුව"
"ඒ මොකද?" මම අහනව
"හේලි ඉන්නව කියල" (හේලි කියන්නෙ නංගි)

දෙක වසරෙදි දවසක් නංගි තුවාල කරගෙන , ලේ පෙරාගෙන ආව ගෙදර. බලද්දි යාළුවො එක්ක "දඬුබස්නාමානය" රඟපාන්න ගිහින්. 

තවත් දවසක් නංගිගෙ ඔටෝ එකේ යාළුවෙක් මෙහෙම ලියල තියෙනව මට හම්බෙනව.
"අනේ ඉතින් තුන වසරෙදි ඔයාව බෝවෙන රෝගියෙක් වගේ අනිත් ළමයිගෙන් ඈත් කරල , තනියම මේසෙකුයි පු‍ටුවකුයි දීල මිස්ගෙ මේසෙ ළඟම වාඩි කරවා ගත්තම මට දුකත් හිතුණ" ඒක කියවල මම නංගිගෙන් ඇහුවා ඇයි මිස් එහෙම කළේ කියල.
"මම දඟලනව වැඩියි කියල"

ඒ මොනව වුණත් දඟල දඟල හරි එයා ඉස්කෝලෙ වැඩ , විෂය බාහිර වැඩ හැම එකම ලස්සනට කළා. නැත්නම් කොහොමද අද මෙහෙම ඉන්නෙ.....

අද මගෙ ජීවිතේ හොඳම යාළුවා මගෙ නංගි. මගෙ හැම ප්‍රශ්නෙකදිම, හැම සතුටකදිම මාත් එක්ක ඉන්න නංගි නිසා මම වාසනාවන්තයි. කොටින්ම කියනව නම් මම වෙජිටේරියන් වුනෙත් නංගි නිසා. ඒ තරම් දක්ෂ, ප්‍රතිපත්ති ගරුක, අහිංසක , ඒ වගේම වස වෙන්න ඕනා වෙලාවට වස වෙන කිසිම කෙනෙක් මගෙ ජීවිතේ නෑ.


එයා නිසා මට අත් වෙන ආර්ථික වාසිත් බොහොමයි. මේ දැන් ටිකකට කලින් මට එයාගෙන් ආව මැසේජ් එකක්
"හෙට ගමනට, මෙමට අතට මිටට thousand වත් දෙනවද?" ලස්සනට ගලපලා ඉල්ලල තියෙන්නෙ පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න සල්ලි....



ඔය විදියට අම්මගෙන් අප්පච්චිගෙන් එහෙම කඩාගත්තු සල්ලි 10000ක් වත් මේ වෙද්දි එකතු කරගෙන ඇති.....


එකම කෙනෙක් ගැන පෝස්ට් දෙකක් ලිවුව පළවෙනි වතාව මේ. මේ අනිත් එක


74 comments:

  1. එක හුස්මට කියවගෙන යන්න පුළුවන් ලස්සන “ජීවිත කතාවක්“ ...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දැක්කම එක පාරටම පුචි හිනාවක් ආවා. මොකද මම සුව අසපුව ට ගොඩ වැදිලා කමෙන්ට් එකක් දාලා මේ පැත්තෙ ආයෙ ආව විතරයි

      Delete
  2. අනෙ අප්පේ.....මේ මම ගැන වෙන්න ඕනෙ ලියලා තියෙන්නේ..........මේක හරිම ලස්සන සංස්කරණයක්....මොකද කියනවනම් මේ අහිංසක නංගිගේ වීර වික්‍රමාන්විත කතා ඉතා අඩුවෙනුත් දයාබර අක්කාගේ තක්කඩි වැඩ ඊටත් වඩා අඩුවෙනුත් ලියවිලා තියෙනවා...මේ මේ පොඩි කාලෙ මගෙ කන කලු නෑ..එනවකො ගෙදර..
    දැනගනීම පිණිස:මෙය ඇයගේ හදවතින් පැන නැගුන අදහසක් නොව මා ගැනත් ලියන්නැයි මා කල මරණ තර්ජනයට බියවී ලියුවක් බව දැනගැනීම මැනවි...

    මගෙ සුදු අක්කිට තමා මම ගොඩා......ක්ම ආදලේ...

    ReplyDelete
    Replies
    1. අනිත් එක අපි රඟපෑවෙ දඬුබස්නාමානය නෙවේ Robinhood..මට දුන්නනෙ Gisband හොඳ කොසු පාරක් එක අහැක් ලාවට එලියට පන්නිනම....

      Delete
    2. අහ් මේ සිඳූගෙ නංගි වෙන්න ඕනෙ. :)
      නංගී ලියන්න හොඳ ලිපියක් අක්ක ගැන. මගේ බ්ලොග් එකේ සම්පූර්ණ අනුග්‍රහය ලබා දෙනවා. :D

      Delete
    3. @හේලි,
      ඔන්න අපි ඔයා ගැනත් දැනගත්තා..හික්ස්..

      Delete
    4. මම තවම නැඟී එන තරුවක් :-)

      Delete
    5. ඇත්ත, මමත් ඉස්සර හිතං හිටියේ පොඩි ලමය් බෝනික්කෝ වගේ කියල, පොඩිම කාලේ මට අම්ම බෝනික්කෙකුත් අරන් දුන්න,

      තව ටිකක් නංගිගේ වැඩ ලිව්වනම් හොඳය, එලගට අම්ම ගැන හරි අප්පච්චි ගැන හරි ලියන්න,

      Delete
    6. නැගී එන තරුව - අපි දෙන්න ඉතින් ඉන්නෙ එක ගෙදරනෙ. ඒ නිසා තියෙන ප්‍රශ්න අපි හිමින් හිමින් බේරගමුකො.

      ගිමන් - ඔයා කලබල වෙන්න එපා එයාට අනුග්‍රහය දක්වන්න. ඕන නම් එයාට බ්ලොග් එකක් හදාගන්න කියමු. මේ දවස් වල එයාට ඕන තරම් වෙලාව තියෙනව. කැම්පස් වලින් එලියට දාලනෙ දවස් 80 ගාණක් තිස්සෙ. ආයෙ කැම්පස් යන්න වෙන එකකුත් නෑ වගේනෙ මේ විදියට.

      රූ - තව නම් විස්තර ගොඩයි මෙයා ගැන. ටියුබ් ලයිට් වැඩ ගැන වෙනම පෝස්ට්ස් 2, 3ක් ලියන්න පුළුවන්. අන්න දැන් මතක් වුණේ, තව පෝස්ට් එකක් තියෙනව මෙයා ගැන. ඒක මම ලිවුවෙ වෙන නමක් ආදේශ කරලා. මෙන්න ලින්ක් එක

      අයියා- මෙයාගෙ වැඩ ගැන ලියන්න එක පෝස්ට් එකක් නම් මදි තමයි. අම්ම ගැන අප්පච්චි ගැන ලියන්න හිතෙන්නෙ නැත්තෙ මොකද මන්දා.... සංවේදී වැඩි නිසා වෙන්න ඇති.

      ඔයාටත් බෝනික්කො හිටියද? අම්මට මතකද දන්නෙ නෑ

      Delete
    7. http://paasatahan.blogspot.com/2012/04/blog-post.html

      Delete
    8. මගේ උපරිම සහයෝගය සහ ප්‍රචාරණ දායකත්වය හේලි (නංගි හෝ බොහෝ දුරට අක්කා) වෙත හිමි වෙනවා!! ලියන්න බ්ලොග් එකක්.. ගහන්න අක්කට මඩ! අපි දෙන්නම් සප් එක!

      නියම සටහනක් අක්කේ.. හිනා වේවි කියෙව්වා! ජය වේවා!!

      Delete
    9. අම්ම දන්නේ නෙතිව එති, ඒකාලේ අම්ම campus එකේ, මම බෝනික්කව අරන් එනේකොට පාර අය්නේ හිටපු ලොකු කෙල්ලෝ වගයක් මට හොඳටම හිනාවුණා, බෝනික්ක ගෙදර අවදා කියලවත් මතක නැහැ

      Delete
    10. ඔන්න අපි දැන් පුල පුලා බලන් ඉන්නේ "දයාබර අක්කාගේ තක්කඩි වැඩ" ගැන හේලි නඟා දෙන ප්‍රතිචාරය ගැන... මේ ගැන නම් බ්ලොග් එකක්ම පටන්ගෙනල ලිපියක් ලිව්වොත් නරකද? අර කියාපු (අක්කා නොලියපු) වික්‍රමාන්විත කතාත් ඒකෙම ලියන්න පුළුවන්නේ එතකොට..

      Delete
    11. ඔව් අනේ මම ලියන්න හිටියෙ එයා ගැන.ඒත් එයා මහ පොළොව නුහුලන විදියට හැම තැනම මම එයාට වඩා කලුයි කියල බොරු කියල තියනවා.....ඒ නිසා ලියන්නෙම නෑ.......

      Delete
  3. මරු අක්කයි නංගියි :)
    කියවන් යද්දි නම් ඉරීසියත් හිතුන. මොකද පොඩි කාලෙ ඉඳන් මටත් තිබ්බ ආසාවක් තමා නංගි කෙනෙක් හිටිය නම් කියන එක.
    ඒක නෙවේ සිඳූ අපි නංගිටත් අවස්ථාවක් දෙමු නේද අක්ක ගැන පෝස්ට් එකක් දාන්න. :p

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගිමන්, මේ කෙල්ල නැත්නම් මටත් පාළුයි තමයි.

      Delete
  4. kohoma unath akkatai nangitai dennata punchi kale vise wage harima lassanai yalu oya lassanata liyala thiyenawa asawen kiyuwa

    ReplyDelete
    Replies
    1. තවමත් එහෙම තමයි උමා. ස්තූතියි කමෙන්ට් එකට.

      Delete
  5. අක්ක නගෝ දෙන්නම ඒක වගේ වෙන්ටැති නේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් දේවල් වලින් අපි දෙන්නම එක වගේ තමයි. හැබැයි නංගි මට වඩා චුට්ටක් විතර කැතයි. හී හී. ඒ වගේම මට වඩා චුට්ටක් විතර මොලේ තියෙනව

      Delete
  6. ඔයාට එපා නම් ඔය නංගිව අදම මෙහේ ගන්න ගන්නවා.

    සුන්දර ළමා කාලයක්!!! නැති අයව මිස් වෙන්නේ නෑ කීවට අද නම් පොඩ්ඩිට නංගියෙක් නැති පාඩුව දැනුනා. එච්චර ලස්සනට ලියලා...

    අනේ හිටියා නම් මොන තරම් දේවල් කරන්ට තිබුනද? කොන්ඩෙන් අදින්ට, තෑගි ගෙනත් දෙන්ට, කොල්ලෝ ගැන කතා කරන්ට, ගමන් එක්ක යන්ට, ෆිල්ම්ස් බලන්ට, උම්මා දෙන්ට. අපරාදේ...:(

    මෙන්න ඔයාගේ ෂෝයි නංගිට මගෙන් උම්මා එකක්.:)
    උම්ම්ම්ම්ම්ම්ම්ම්මා....

    ReplyDelete
    Replies
    1. සිදූ මාත් එකක් දෙන්නද???? :D

      Delete
    2. අක්කි ඔයා ඔය කියල තියන හැමදේම කරන්න,අත් හදා බලන්න, පරීක්ෂණ මී පැටියෙක්ව වගේ අක්ක මාව යොදාගෙන තියනව...........මම six and four නොදන්න කාලෙ..දැන් මම ඒවටත් එක්ක දෙනව එයාට,....(kiss ගොඩා...ක්)

      Delete

    3. පොඩ්ඩි කියපු හැම දේම මම කරනව. එයත් කරනව. කොන්ඩෙන් අදින එක නම් කරන්නෙ නෑ. ඒවට ආවොත් මගෙ කොන්ඩෙ ගැලවිලා එයාගෙ අතේ තියෙයි.

      මේ බලන්නකො මී ගොඩයට වුන දේ

      Delete
  7. සහෝදර බැඳීම් හරිම සුන්දරයි තමයි... පැළ ඉනිවලට මරාගන්න කාලේ මේ වගේ සහෝදර බැඳීම් වාසනාවන්

    මොකද බකුස්සො කිව්වහම මට අපේ අය්යගෙ වැඩක් මතක් උනා......

    අපේ අය්යට අවුරුදු 4ක් 5ක් වෙද්දි එයාගේ කකුලේ නියපොත්තක් තැලිලා.. අම්මයි තාත්තයි දෙන්නව මේකව බෙහෙත් ගන්න හැමදාමත් යන වෛද්‍යවරයා ( හෝමගම ඉන්නේ සිරිසේන දොස්තර මහත්තයා හෝමගම පැත්තෙ ඉන්න අය දන්නවත් ඇති ) ගාවට එක්කන් ගිහිල්ල... දොස්තර මහත්තයා අර නියපොත්ත ගලවන්න ඔනෙ කියල අඩුවකින් අල්ලලා .. අම්මා කියපු විදියට ඒකෙ ගලවන්න දෙයක් තිබිල නෑ.. එල්ලි එල්ලි වගේ තිබිල තියෙන්නේ..
    අඩුවෙන් අල්ලුව විතරයි මූ කෑ ගහල " උබෙ අම්මට... ( ඉතුරු ටික හිතා ගන්නකෝ )

    එදා ඉතින් අපේ අම්මල විඳින්න පුලුවන් උපරිම ලැජ්ජාව විඳගෙන ගෙදර ඇවිත්.. පස්සෙ පස්සෙ අපිට ඒ දොස්තර මහත්තයත් එක්ක තිබ්බ ගනු දෙනු අඩු උනා.. අපි ලොකු උනා..

    අය්යත් කසාද බැඳලා චූටි දුවෙක් හම්බ උනා... දවසක් දුවාට අසනීප වුනු වෙලාවක අය්යයි එයාගෙ වයිෆුයි අර දොස්තර මහත්තය ගාවට ගියා බෙහෙත් ගේන්න.. පරන ඇඳුරුම් කම් අලුත් කරගන්න කියල අය්ය ගෙදර අරන් තිබ්බ කාඩ් එකකුත් අරගෙන ගිහින් තියෙන්නේ...
    ඉතින් දොස්තර ගාව ඉඳගෙන ලෙඩ කියන ගමන් පරන විස්තරත් කියල දොස්තර මහත්තයට අර කාඩ් එක දීල.. දොස්තර මහත්තය කාඩ් එක බලල අහල කවුද සංජීව කියලා.. අය්යත් කියල මම කියලා...

    දොස්තර මහත්තය අය්යගෙ උඩ ඉඳන් පහලට බලල කියලා ( හය්යෙන්ම ) ආ උඹ නේද මට අම්මට......... කියල කිව්වෙ ...

    දොස්තර මහත්තයා පුරුදු ලෙන්ගතු කමින්ම සලකල බෙහෙත් දීලා... අය්ය එනකොට බෙහෙත් ගන්න හිටිය මිනිස්සු ඔක්කොම මුන දිහා බලනවළු.. එදා ඌ ලැජ්ජාව උපරිම එකෙන් විඳලා ගෙදර ඇවිත්

    ReplyDelete
    Replies
    1. හෆොයි...... අයිය නම් පොඩි කාලෙ ඉඳන් හොඳ පරිණත විදියට කතා කරන්න දැනගෙන ඉඳල තියෙනව. අයිය ගෙ නම දාලා ලිවුවෙ මී ගොඩයට වුණ වැඩක්ද මන්ද

      Delete
  8. //අප්පච්චි සුදුයි, අම්මත් සුදුයි. මමත් සුදූයි//

    මේක දැක්කම මට බකස් ගාලා හිනා ගියානේ අප්පා... මේ ඒක නෙවෙයි නංගියේ..ගෙදර කණ්නාඩියක් නැද්ද..? නැතිනං වර්ණ හඳුනාගැනීමේ දෝසයක්වත්..? හා හා එව්වා ඕන නැහැ... ආයේ මොකටද ඉංජැස්සන් පාරවල් කන්නේ...

    නංගි කෙනෙක් මිස අක්කලා එහෙම නැතිව ඇති නේද..? :D:D:D

    ReplyDelete
    Replies

    1. ඔහොම තමයි මාරයියෙ, ඔයා දැන් වයසයිනෙ. ඒ නිසා තමයි හරියට ඇස් පේන්නෙ නැත්තෙ. නැත්නම් මේ තරම් සුදුවට ඉන්න මට මෙහෙම කියයිද...

      Delete
  9. ගොඩාක් ලස්සනයි.

    මට මතක් වුණේම දැනටත් මම මගේ නංගා එක්ක කරන එක එක ජාතියේ මගෝඩි වැඩ. :)

    ජය!

    ReplyDelete
    Replies
    1. පුළුවන් නම් ඒගැනත් ලියන්නකො වකා. අපේ නංගියි මමයි දැන් කරන වැඩ ත් ලියන්න ඕන දවසක.

      Delete
  10. හරිම ආදරණීය සටහනක්. මේක කියවනකොට මටත් නංගියෙක් හිටියා නම් කියලා හිතුනා. අපෝ නොහිටියේ හොඳ වෙලාවට !!! ( නැත්නම් එයා ගුටි කාලා මැරෙනවා පොඩි කාලෙම)
    පුළුන් කතාව කීවම මටත් මතක් වුනා පොඩි කාලේ මට පුළුන් ඇලජික් එකක් තිබුනා. අර පුළුන් ගස් වල ගෙඩි වේලිලා හුළඟට යන කාලේට ඒවා නහයට ගිහින් මට හුස්ම ගන්න බැරි ලෙඩක් තිබ්බා. පස්සේ කාලෙක නම් අපේ වත්තේ පුළුන් ගස් කපලා දැම්මා වෙන්න ඕනේ.
    දැන් මේ නංගි ගැන දිගින් දිගට ලියන්න නංගිට පගාවක් හෙම දෙන්න නෙමෙයිනේ නේද?

    ReplyDelete
    Replies
    1. අම්මෝ, ඔයා ඒ තරමට වසයිද. මමත් නංගිට ගහල තියෙනව පොඩි කාලෙ. එයා මට ගහනව ඕන තරම්. ඒත් මම එක පාරක් ගැහුවොත් දිව එලියට පනින්න කට ඇරගෙන කෑ ගහලා අඬනව. ඉතින් කොහෙ ගහන්නද. ඒත් මට අවුරුදු 10 ක් විතර වෙද්දි නංගි එක්ක ගහගන්න එක නම් අඩු වෙලා ගියා.
      මෙයාට පගා දෙන්න මෙච්චර ලොකු දේවල් කරන්න ඕන නෑ. පොඩි පාට පාට පැන්සලක් වගේ එකක් අරන් දුන්නම ඇති. ඒකට දුම් අල්ලලා , කාමරේ උසම තැනින් තියලා , පණ වගේ බලාගන්නව. ගෙදරට එන හැමෝටමත් පෙන්නයි , මේ අක්ක මට පැන්සලක් අරන් දුන්නා කියල. ඒත් දවස් දෙකකින් ඒක අගු පිල් වල.

      Delete
  11. මට නංගිලා නැති වුනත් මල්ලිලා එක්ක නම් හොඳ හොඳ අත්දැකීම් තියනවා මේ වගේම.
    අපූරු සටහනක් සිඳු..

    ReplyDelete
    Replies
    1. මල්ලි කෙනෙක් නැති අඩුව නම් මටත් දැනෙනව. ස්තූතියි රූ.

      Delete
  12. අපුරු කතා පොජ්ජ.. මට මතක් උනේ මගේ පොඩ්ඩී කියපු කතාවක්.. අපේ කොල්ල එන්නේ දුවට අවුරුදු නමයකට පස්සේ,. ඉතින් එදා දොස්තර ලඟට ගිහින් බන්ඩියක් කියලා අහගෙන ආවාට පස්සේ එයාට තිබුන එකම ප්‍රශ්නේ මල්ලියෙක්ද නංගියෙක්ද කියන එකයි.. හේතුව හරි සිම්පල්. "නංගියෙක් නම් අම්මගේ මාල වළලු බෙදාගන්න වෙනවානේ.. ඒ හින්දා මල්ලියෙක් හොඳයි.." අනික නංගියෙක් නම් මට වැඩිය සුදු උනොත් තාත්තී එයාට වැඩියෙන් ආදරේ වෙයි.." එයා කිවුවේ එහෙමයි.. මල්ලියෙක් කියලා දැනගත්තාම කියනවා. " මල්ලි හොඳයි එත් නංගියෙක් ආවා නම් මං හිතන් හිටියේ එයාට බාගයක් දෙන්නයි.."

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර ලොක්කිත් ඔය කතාවම කිව්වා, වෙලාවට මල්ලිලා දෙන්නෙක් තමය් පස්සේ හම්බවුනේ, එයාට

      අවුරුදු නවයකට පස්සේ හම්බවනු චුටි නංගිට නම් හරි අදරෙය්

      Delete
    2. ඕනම පවුලක තියෙනව වගේ සුදු කලු ප්‍රශ්නෙ. වෙන එකෙක් තියා මටත් තියෙනවනෙ.

      ලොක්කි ට ඒ දවස් වල තිබුණ මේ ප්‍රශ්නෙ මටත් ලාවට වගේ මතකයි. ඊට වඩා මතක, T ඉපදෙන්න ඉද්දි V නංගි කෙනෙක් බලාගෙන ඉඳලා, T ඉපදුනාට පස්සෙ එයා මල්ලි කෙනෙක් කියල විශ්වාස නොකළ එක.

      Delete
    3. එකම තම වුනේ s හම්බවෙන්න ඉන්නකොට V ට. T දඟ නිසා දඟ නෙති මල්ලි කෙනෙක් බලාගෙන් හිටියනේ

      . පස්සේ බොහොම අමාරුවෙන් තමය් නංගියෙක් හොඳි කියල convince කලේ,

      Delete
  13. එකදිගට කියවගෙන ගියා සිඳූ. හරි අපූරු බැඳීමක් ඔයයි නංගියි අතරෙ තියෙන්නෙ.

    // කිරි බෝතලේ ළඟින් තිබ්බම ඒක කටේ ගහගෙන බීලා පැත්තකින් තියල තනියම නිදා ගන්නව //

    ඔය ටික කියෙව්වම මටත් අතීතයෙ වෙච්ච දෙයක් මතක් වුනා. ඒ දවස්වල අපේ අක්කගෙ ලොකු කොළුවට කිරි බෝතලේ හදල අක්ක වැඩ වැඩි සමහර වෙලාවට මට දෙනව ඕක පොවන්න කියල. ඒ දවස්වල මම 9-10 පන්තියෙ විතර. මමත් පුංචි එකා ළඟින් හාන්සිවෙල ටික වෙලාවක් බෝතලේ අල්ලගෙන ඉන්නව, ඒක උඩට කරන් අල්ලන් ඉන්නත් ඕන, නැත්නම් කොළුවට හරියට උරන්න බෑ සුප්පුව නැවෙනව. මම අල්ලන් ඉද්දිම චූටියත් සූටි අත්පොඩිදෙක බෝතලේට තියා ගෙන ඉන්නව. ටික වෙලාවකින් මගේ අත රිදෙන්න ගත්තම මමත් ඔන්න ඔහේ උඹම අල්ලගෙන හිටපන් කියල අත අරිනව. කොළුව වීදුරු බෝතලේ එහෙමම තද කරන් කිරි බොනව. ටික වෙලාවක් බලන් ඉඳල ආයෙම මමත් අල්ලගන්නව. පවු නේ කියල. දැන් නම් ඌ අලි කොලුවෙක්, ඒ මදිවට මහ පෝරිසාදයා. :)

    ReplyDelete
    Replies

    1. අනේ පවු පොඩි එකා. මට මැවිල පෙනුණා තනියම කකුල් දෙකෙනුයි අත් දෙකෙනුයි දෙකෙන්ම බෝතලේ අල්ලන් බොන හැටි.

      Delete
  14. කැමති කෙනෙක් මේ ලින්ක් එකටත් ගිහින් බලන්නකො. මේකෙ "යාළුවා" කියල ලියල තියෙන්නෙ ඔයාලත් දන්න කියන කෙනෙක් ගැන

    http://paasatahan.blogspot.com/2012/04/blog-post.html

    :D

    ReplyDelete
    Replies
    1. මමත් ගිහින් බැලුව, මෙයාද ඒ යාළුවා. දැන් කුඩ නැති වෙන්නෙ නැතෙයි. මේ ඒක නෙවෙයි, කෙල්ලොයි කුඩයි අතරෙ ගහට පොත්ත වගේ අවියෝජනීය බැඳීමක් තියෙන්නෙ, නෙහ්.... :)

      Delete
    2. අපෝ මොකද නැත්තෙ. ගිය මාසෙත් එකක් නැති කරගත්ත.

      Delete
  15. හික් හික් මෙකා කියවලා මට මතක් වෙන්නෙ මගෙ අක්කවයි මාවමයි... අපේ අක්කත් බ්ලොග් එකක් ලියනවනම් අනිවා මම ගැන මෙහෙම ලියාවි මීට හපං මදාවි වැඩ මම එයාට ඉස්සර කරලා තියෙනවා අප්පා....අනේ පව් .... මගෙ අක්කා.

    ReplyDelete
    Replies
    1. අනේ අක්කටත් බ්ලොග් එකක් ලියන හිතක් පහල වේවා!

      Delete
  16. //අප්පච්චි සුදුයි, අම්මත් සුදුයි. මමත් සුදූයි// ඒවා මේවා අස්සේ සිඳු සුදුයි කියලත් එයාම කියාගත්තානේ. හනේ හනේ
    "හෙට ගමනට, මෙමට අතට මිටට thousand වත් දෙනවද?"// ඔයාගෙ නංගි පොඩ්ඩත් හරියටම අපේ මලයා වගේ. ශේප් එකේ බටර් ගාලා කීයක්හරි කඩා ගන්න හොඳහැටි දන්නවා නේද? :P

    ReplyDelete
    Replies
    1. අපේ නගායෙනම් ඔය බටර් ගෑවිලි නෑ. කෙලිව්ම කඩා ගත්තා තමා :D

      Delete

    2. එහෙම හරි කියාගන්න ඕනනේ අයියෙ. හැමෝම හිතන් ඉන්නෙ මම කලුයි කියලනෙ
      අපේ නංගි මම හිතන්නෙ ගිය ආත්මෙ බටර් කෑල්ලක්ද කොහෙද

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. හුටා...
    මෙච්චර දවස් මං හිතං හිටියේ ලෝකයේ කොනක ලියන සිඳු කොල්ලෙක් කියලනේ...
    මලකෙලියයි..

    ReplyDelete
    Replies
    1. යකෝ තරියෝ, අර ෆ්‍රෙෆයිල් පික් එකවත් දැක්කේ නැතෙයි :P

      Delete
    2. අනේ ඇත්තට. ඇස් පේන්නෙ නැති හැටි.

      Delete
  19. හෙහ් හෙහ් මමත් අපේ නගා ගැන පෝසට් එකක් ලියන්න තමා හිටියේ :D

    මා දකින මගේ කේණයෙන් හේලි, සින්දූපා වනාහි... සිරාම සිරා. ජොලිම ජොලි. පිස්සු වැඩ කරන ආදරණීය සහෝදරියෝ දෙන්නෙක් :) :) :) :) :)
    ඔයාල දෙන්නටම බුදු සරණයි !!!!!

    ReplyDelete
    Replies
    1. ඔයා දවසක් ලිවුව නේද නගා ගෙ ශිෂ්‍යත්වෙ ගැන. පව් අනේ පොඩි එකා. හරි අහිංසක කට හඬක් තියෙන්නෙ. මම දැකලා නෑනෙ

      Delete
  20. Replies
    1. ස්තූතියි ශෂි. ආයෙමත් එන්න

      Delete
  21. හාපෝ, අක්කලද? මතක් කරන්ඩ එපා. මම නංගිගෙ පැත්තෙ. මට විශ්වාසයි නංගි හොඳටම අහිංසක බව

    ReplyDelete
    Replies
    1. මෙන්න නංගි කෙනෙක්. දුර්මත පතුරවනවෝ

      Delete
  22. සිඳූ, මේකනම් උපරිමයි! හේලිත් මාර දූතිකාවක් තමයි නේහ්! හැබැයි ලෙසටම ලියලා තියෙනවා. මම මේකට මීට වඩා හෙන දිග කමෙන්ට් එකක් දාන්නයි හිටියෙ නමුත් අපි වැඩ කරන්නෙ උදේ සෙෂන් එකේනෙ. අපි ඒකත් කරලා හවස සෙෂන් එකේ එකෙක් එමර්ජන්සි ලීව් අරං ගිය හන්දා උගෙ ඒවත් වැඩ කරලා, ඊට පස්සෙ මේ හෙට අනිද්දට තියෙන Open Day මගුලටත් එක එක භාණ්ඩ හදලා ගෙදර එනකොට පණ ගිහින් ඉන්නෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies

    1. ඒ තරම් වැඩ තියෙද්දිත් ඇවිත් වචනයක් හරි කියල යන එක ලොකු දෙයක්නෙ ඩූඩ්. ස්තූතියි

      Delete
  23. අක්කල නම් ලෙඩම තමයි!:P
    කරන්නෙම හතුරුකම්!අත්දැකීමෙන් කියන්නේ :{

    ReplyDelete
    Replies
    1. ගුටි කන්න තමයි. කෝ මේ නුවන්ගෙ අක්කා? නුවන්ගෙ අක්කේ.............! මෙන්න මෙයා ඔයාට බනිනවෝ

      Delete
  24. මේ පෝස්ට් එක නියමම නියමයි ..හී...........................
    මටත් ඉන්නවනේ නංගියෙක්..ගොඩක් ආසාවෙන් කියෙව්වේ..ජයම වේවා යාලු :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයාට හොඳට දැනෙන්න ඇති මේක. නංගි කෙනෙක් ඉන්න එක ගොඩක් හොඳ දෙයක් නේද

      Delete
  25. අනේ මටත් හිටියනම් නංගි කෙනෙක්...

    මටත් මතකයි ඉස්සර දඬුබස්නාමානය කරා. හැබැයි මමනම් එතකොට 5 වසරේද කොහෙද. එයාගේ ඇත්තම නමද "හේලි" කියන්නේ?

    ReplyDelete
    Replies
    1. හරිනෙ. ඔයා 5 වසරෙදි එයා 2 වසරෙ විතර වෙන්න ඇති. ඒ දවස් වල ගෙදර දඪුබස්නාමානය, රොබින් හුඩ් එහෙම හරියට
      yah yah. aththama nama

      Delete
  26. දුකට සැපට දෙකටම බන්න ළඟම යාලුවා තමයි තමන්ගෙම සහෝදරයා හෝ සහෝදරිය ඒත් ඒක හැමෝටම නෙවෙයි. කීපදෙනාටයි එහෙම වාසනාවක් හිමි වෙන්නෙ.

    මමත් කුඩා ‍කාලෙ එක දවසක් ඉටි කොලේකට ගිනි තියලා මල්ලිට කිව්වා මේක රස්නෙද කියලා බලන්න කකුල දික්කරන්න කියා . කරුමේ කියන්නේ ‍මලයා කකුල දික්කලා . මම ගිනි ඇවිලෙමින් තියන ඉටි කොලේ මලයගෙ කකුලට ඇල්ලුවා. අනේ පව් තාමත් ඒ කැලල කකුලෙ තියෙනවා.තවමත් ඉඳහිටි පෙන්නලා කියනවා මෙන්න අයියගේ මතක සටහන කියා.

    ඒ සහෝදර බැඳුම් සදාකාලිකයි.

    සිඳුගෙ ජිවිත අත්දැකීම් හරි අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඒ අතින් මම වාසනාවන්තයි. ඒ බැඳීම් ප්‍රබලයි හැම දේටම වඩා

      අපේ නංගිගෙ නම් එහෙම කැලැලක් හිටියෙ නෑ. ඒත් මට තවම මැවිල පේනවා මම බිම නිදාගෙන හිටිය පොඩි එකාගෙ බඩ උඩින් ඒක තිබ්බ හැටි

      Delete
  27. තාම හිනාව නවත්තගන්න බෑ..bt නoගිගේ දැන් තියෙන මන්ද මානසික තත්වයටනම් හේතුව cls යන කාලේ bike 1ක් ඇවිත් මොලේ තියෙන තැන හැප්පුන නිසාලු නේ.. :පී

    ReplyDelete
  28. අහ්: ඇත්තට...මටත් ආරන්චි උනා ඔබතුමා සරසවි උයනෙදි වැටිලා පශ්චාත්භගයේ නශ්ඨාවශේශයක් ලෙස ඉතුරු වෙලා තියන මොළ පොඩ්ඩ තලා ගත්තා කියලා නසියර්...

    ;-)

    ReplyDelete
  29. හරි ශෝක් අක්කල නංගිලා..

    ReplyDelete
  30. සින්දු අපිට ට්‍රිට් ඕනි 25000ක් හිට්ස් දුන්නට

    ReplyDelete
  31. කාලෙකට කලින් හිරුගෙ නංගි ගැන පෝස්ට් එකක කිව්ව දේමයි මට මේක කියෙව්වමත් දැනෙන්නෙ..

    කවදාවත් නොහිටපු සොයුරියකගෙ අඩුව...

    ReplyDelete