නිදි වරා මසාලන
ජීවිතේ ගෙත්තමට
නූල් එක්කාසු කළ
සෝබර වු කවියක්ය
නැගණියේ නුඹේ නෙත...
දිවා රෑ පුරාවට
ඔරලෝසු මුහුණතේ
කටු දුවන තුරාවට
කිසිදිනෙක හිරු නොබස්නා
කම්හලේ මැසිම ළඟ
කිසි දිනෙක හිරු නොපෑයුව
විල් තෙරකි
නුඹෙ නුවන් යුග
සැඳෑ අඳුරට හොරෙන්
නෙතු පියන්නට විඩාබර
සිහින සොයමින් දිවයත
නුඹෙ පසුපසම
අඩි තබා ආ රාත්රිය
නුඹෙ දෙපා ළඟ නැවති
නුරා පිරි බැලුම් නම්
බොහොමයක් හෙළන්නැ'ති
පරව යන දෙපා පෙති,
ගිනියම් වු මාවතට
හසු වෙලා තව තවත්
මුකුලිතව මියෙන සඳ,
විඩා බර ඒ දෙපා
සෙනෙහසින් පිරිමදින
කිසිදු පෙම්වතෙක් නම්
මේ ලොවේ නැතිව ඇති......
//විඩා බර ඒ දෙපා
ReplyDeleteසෙනෙහසින් පිරිමදින
කිසිදු පෙම්වතෙක් නම්
මේ ලොවේ නැතිව ඇති..//
නැතිම වෙන්න බෑ,,, කොහේ හරි කෙනෙක් ඇති...
සිය ගනනක් කවියන්ගෙ කවියට නිමිත්තක් වෙච්ච.. අහින්සක අසරණී.. තාමත් තාමත් එතනමයි...
මී ගොඩයාගෙ කතාව හරි.. බොහෝ කවියන්ගේ නිමිත්ත උනත් අදත් ඇය තරම් සූරා කෑමට ලක්වෙන තව කෙනෙක් නැති තරම්..
ReplyDeleteඅපේ අම්මට මේ කවි සෙට් එක පෙන්වන්ඩ ඕන. මොකද අපේ අම්මත් ගාමන්ට් එහෙක වැඩ කරපු කෙනෙක් නෙ :)
ReplyDeleteමැෂින් වලටම තරුණ කාලෙ දිය කරන අසරණියන්ගෙ දුක සිඳූ ගොඩ දැනෙන විදිහට පද වලට හරෝලා තියෙනවා. නියමයි!
ReplyDeleteහරිම අපූරු සංවේදී නිර්මාණයක්!
ReplyDeleteඔබට ජය
මැෂිමට යටවෙච්ච ජීවිත ගැන තේරෙන බාසාවෙන් ! ජය
ReplyDeleteදුක්බර ජීවිත. ඒත් ඔවුන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කොපමණ දායකත්වයක් දක්වනව ද?
ReplyDeleteදෙනෙතකින් කියැවෙන ලස්සන කතාවක්!!!
ReplyDeleteඅවලස්සන සිදුවීමක් ගැන ලස්සන කවියක්~!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අන්තිම කවියේ අර්ථයනම් නියමයි.
ReplyDeleteහ්ම්ම්...දුකයි. මොනවා කියන්නද මන්දා
ReplyDelete:((((( සංවේදී :(
ReplyDeleteමොකද නිකම් කම්මැලිකමක් ගහලාවගේ..
ReplyDeleteමේවා තමයි නියම නිසඳැස් කවි. කවිය ගැනන් කියන්න දෙයක් නෑ අති විශිෂ්ඨයි.
ReplyDeleteකවිය ඇත්තටම ලස්සනයි අක්කේ...
ReplyDeleteකියන්න වචන නෑ.. සිරාවටම ලියලා..
ReplyDeleteකුවේණියගේ නැගණිය කම්හලේ වැඩ මුරයේ කපු කටින්නී යැයි ප්රදීපා ගායනා කල සින්දුව මතක් වුනා..
ReplyDelete