Friday, November 23, 2012

අපේම කතාව 02


මේ අපේ කතාවේ දෙවන කොටස. තවත් කොටස් තුනක් බොහෝ විට ලියවේවි මෙම ලිපි පෙළ අවසන් කරන්නට. එදිනට ඔබ සියලු දෙනාගේ අදහස් වලට පිළිතුරු දෙන්නම්. හැමදාමත් වගේ ‍රැඳී සිටිනවාට සහ අදහස් වලට තුති.

මේ පළමු කොටස


වසර බිලියන 4ක් පමණ වූ මේ අසම සම මහ පොළොවේ පුරාවත තුළ, ඔබ වසර 200000ක කුඩා පරිච්ඡේදයක් පමණයි.
නමුත්....
ඔබ දැනටමත්, මේ මහී කාන්තාවගේ සුන්දර මුහුණ විරූපී කරලා.... ඇය බලහත්කාරයෙන් දූෂණය කරලා...

අනෙක් සෑම ජීවියෙකුටම මේ මිහිතලය මත අයත් වන ඉරණමමයි ඔබටත් අයත්. එහෙත්, මින් පෙර කිසිදු ජීවියෙකු නොකළ පරිදි ,ඔබ සියලු ජීවීන්ගේ වාසස්ථාන, වාස සීමාවන් ඔබේ ග්‍රහණයට නතු කරගෙන අවසන්....

ආරම්භයේ පටන්ම මිනිසා දිනෙන් දිනම වෙනස් වනවා. උපතින් වසර 180000ක් ගත වූ තැන, සෞම්‍ය දේශගුණයට පින් සිදු වන්නට, ඔහු ගංගා ආශ්‍රිතව වාසස්ථාන ගොඩ නගා ගන්නවා.

වෙනත් වචන වලින් පවසනවා නම්, ජලය පොළොව හා ජීවය අතර පැවති අන්තර් සබඳතාවය මධ්‍යයට මානවයා පූර්ව දැනුම් දීමකින් තොරවම කඩා වදිනවා.

ගංගා ආශ්‍රිතව ස්ථානගත වන මිනිසා ඔරු පාරු ආදිය සාදාගන්නවා. නව ක්ෂිතිජයන් තමා ඉදිරියේ විවර කරගනිමින් ඔහු යාත්‍රිකයකු බවට පත් වෙනවා.

අදටත් මිනිසුන් වැඩි වශයෙන්ම ජීවත් වන්නේද වෙරළ , ගංගා, වැව් ඉවුරු ආදිය ආශ්‍රිතවයි.

මීට වසර 6000 කට පෙර මිනිසා මුල්ම නගර නිර්මාණය කරනවා. එය මානව ඉතිහාසයේ සැලකිය යුතු පිම්මක්.

මේ නගර කුමක් අරභයා ඉදි කරනු ලැබුවාද?

ඒ සඳහා ප්‍රධානම හේතුව වූයේ, එ මගින් එකිනෙකාට ආරක්ෂාව සලසා ගැනීමේ පහසුව.
මිනිසා යනු සමාජ සත්වයකු බව පසක් කරමින් ඔවුන් එකිනෙකා තම දැනුම, අත්දැකීම් එකිනෙකා හා බෙදාහදා ගැනීම සිදු වූ අතරම ඔවුන් අතර ඇති සමානතා මෙන්ම විෂමතාද මිශ්‍ර වීමක් මෙහිදී සිදු වනවා.

සරලව පැවසුවහොත්, මේ නගර නිර්මාණය වීමත් සමගම මිනිසා ශිෂ්ටත්වයට පත් වනවා.

මේ වන විටත් ඔහු සතුව පවතින එකම ශක්තිය නම්, ස්වකීය කාය ශක්තිය සහ සොබා දහම මගින් ඔහු වෙත ලබා දුන් ශක්තියයි. එදිනෙදා කාර්යයන් සියල්ල සඳහාද ඔහුට උදවු වූයේ එයම මිස අන් කිසිවක් නොවේ.

ඒ මීට වසර 1000 ගණනකට පෙර මිනිසා. එහෙත්, පුදුමයකට මෙන්, අදද, මිලියන 1.5කට වැඩි වූ මිනිස් ජනගහනයේ සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකුම මේ කතන්දරයටම හිමිකම් කියනු ලබනවා. 

ඒ ඔවුන් තවමත් බලශක්තියට වඩා ස්වශක්තිය කෙරෙහි විශ්වාසය තබා ඇති නිසා. 

මේ සංඛ්‍යාවට, ලෝකයේ ධනවත් රටවල් සියල්ලේම ජනගහණ වල එකතුවට වඩා වැඩි ප්‍රමාණයක්.


තමාට ඇවසි දේ සොබා දහමෙන් ලබා ගැනීම බොහෝ කලක් ගත වන තුරු මිනිසා අතින් සිදු වෙනවා. සැබැවින්ම සොබා දහමේ සමබරතාවය උදෙසා එය අත්‍යවශ්‍ය සාධකයක් ද වූවා.
නමුත් මිනිසාගේ ආයු කාලය කෙටියි. ඔහුට සොබා දහම අභියෝගයක් වූ අවස්ථාද බොහොමයි. 

එහෙත් මිනිසා පෝෂණය කලේ ඇයමයි. ඔහුගේ නිරුවත වැසෙන්නට ඇඳුම් ඇන්දුවේද ඇයයි.එදිනදා දිවියට ඇවසි සෑම දෙයක්ම ඔහුට ලැබුණේ ඇයගෙන්.


නමුත් කාලයත් සමග මනුෂ්‍යත්වයේ ස්වභාවයත්, එහි දෛවයත් වෙනස් මුහුණුවරක් ගන්නවා. ගොවියා හා දඩයම්කරුවා, නිර්මාපකයකු යාත්‍රිකයකු හා නිර්මාපකයකු බවටද පත් වෙනවා. 

පොළොවේ සාරය උකහාගෙන දිනෙන් දින "දියුණුවට "පත් වන මිනිසාගේ අතීතයේ සිටම පැවති දුර්වලතාවක් මෙහිදීද මතු වෙනවා. ඒ සිය වාසභූමි පුළුල් කර ගැනීමේ නොහිම් ආශවයි. ඒ අනුව තව තවත් නව නගර නිර්මාණය වෙනවා. එහෙත්, පැවසිය යුතුයි, ඒ යුගයේ මිනිසා ස්වකීය සීමාවන් පැහැදිලිවම දැන සිටි බව. ඒ සීමාව ඉක්මවා ඔවුන් කටයුතු කළ අවස්ථා විරලයි. 

මේ සියල්ල සඳහා සිය ශරීර ශක්තිය ප්‍රමාණවත් නොවූ තැන, ඔහු හීලෑ කරගත් සතුන්ගේ ශක්තියද උපයෝගී කර ගන්නවා.

එහෙත්, කුස ගින්නේ ලෝකය දිනන්නේ කෙලෙසද? 
එය ඔහු ඉදිරියේ පැන නැගුණ විශාලම ප්‍රශ්නය. 

ඒ නිසයි කෘෂිකර්මාන්ත්යේ මුල් අත් පොත් තැබෙන්නේ....
මානව ඉතිහාසට වෙනස්ම මාවතකට ගෙන ගියේ මේ කෘෂිකාර්මික විප්ලවයයි. 
මිනිසා සහ සොබා දහම අතර තිබූ බන්ධනය වෙනස් කරන්නේ එය. 

සත්ව දඩයමෙහි, සුළු පරිමානයෙන් වගා කළ බෝග නිසා තිබූ අස්ථීර බව ඉන් වෙනස් වෙනවා. එතෙක් වසර ගණනක් පුරා පැවති ආහාර පිළිබඳ අර්බුධය නිමාවට පත් වෙනවා. 

මිනිසා බව භෝග තුළින් ජීවිතය පහසු කර ගැනීම ඉගෙනගන්නවා. ආහාරයට සුදුසු විවිධ භෝග ඔහු විසින් හඳුනා ගනු ලබනවා.



මිහිමත වසන ඕනෑම සත්වයෙකුගේ මෙන්ම මිනිසාගේද මූලිකම අරමුණ සිය පවුල පෝෂණය කිරීම. 
පස ක්‍රමයෙන් නිසරු වන්නට වන්නට, ජල ප්‍රමාණය අවම වන්නට වන්නට, මනාව හුරු කරගත් හැකියාවත්, කැපවීමත් තුළින් ඔහු සිය වගා බිම් තමන්ට ඇවසි ලෙසට මෙන්ම සොබා දහමේ අභියෝග වලට උචිත ලෙසද සකසා ගන්නවා.



තවමත් කෘෂිකර්මාන්තය ලොව බහුලම ‍රැකියාව. ලෝක ජනගහණයෙන් හරි අඩක් තවමත් මහ පොළොව සමග පොර බදිනවා ඒ සඳහා. ඔවුන්ගෙනුත් 3/4කට අධික පිරිසක් තවමත් ඒ සඳහා කැප වී සිටින්නේ මිනිස් ශක්තියේ ආධාරයෙන් පමණයි. 
ඔවුනට කෘෂිකර්මය එක් අතකින් පරපුරෙන් පරපුරට ගෙන ආ දායාදයක්. නැතහොත් සෂ්ස්කෘතියේම අංගයක්. 

වසර ගණනක් සිය දෑතේ ශක්තියෙන් මෙලෙස ජීවිතය ගොඩ නගා ගත් මිනිසා , සිය අවශ්‍යතා වැඩි වනවාත් සමගම නව ශක්ති ප්‍රභව සොයා යනවා. 

මේ ගිනි සිලු එහි ප්‍රතිඵලයක්. 

වසර මිලියන ගනණක් පුරාවට ශාක මිලියන ගණනක් මගින් මීට වසර මිලියන 100කටත් එපිටදී උකහා ගත් සූර්ය ශක්තියයි මෙසේ ගිනිගෙන දැවෙන්නේ. ඒ ගල අඟුරු හෝ  වායු විය හැකියි. ඊටත් වඩා ඛණිජ තෙල්  [ black gold :-) ] මේ අතරින් ප්‍රධානයි. 

මේ ශක්තිය, මිනිසාට බොහෝ පහසුවක්.

නමුත්,
මේ ඛණිජ තෙල් සොයා ගැනීම මානව ඉතිහාසයේ සිදු වූ විශාලතම අත් වැ‍රැද්ද. 
මිහි මව කෙරෙහි සිදු කළ මහා පාවා දීම.

මේ නිසා වසර 50ක් , එනම් එක් ජීවිත කාලයක් තුළ, මිහිකත අති විශාල පෙරලියකට බඳුන් වෙනවා. වසර මිලියන ගණනක් පුරා සිටි සියලුම මිනිසුන්ටත් කළ නොහැකි වූ කාර්යයක් ඒ.

පසුගිය වසර 60 තුළදී ලෝක ජනගහණය ආසන්න වශයෙන් තුන් ගුණයකින් වැඩි වුණා. බිලියන 2කට ආසන්න ජනතාවක් නගර වලට සක්‍රමණය වුණා.

මේ චීනයේ ශැන්සෙන් නගරය. වසර 40කට පෙර මෙය කුඩා ධීවර ගම්මානයක් වූ එය දැන් අහස උසට නැගි ගොඩ නැගිලි දහස් ගණනක් හා මිලියන ගණනක ජනගහණයක් සිටින නගරයක්.

වසර 20ක් තුළ ශැoහයි හි 3000කට අධික ගොඩ නැගිලි ප්‍රමාණයක් ඉදි වුණා. තවමත් ඉදි වෙමින්ද පවතිනවා.


නිව්යොර්ක් ! 
පොළොවෙන් සැපයෙන භණිජ තෙල් සූරා කෑමේ ලොව අංක එකේ සඛේතය.  

ලොව 16 වන හොඳම ආර්ථිකය ඇති නගරය ලෙස සැලකෙන මෙහි මානව ශක්තිය ප්‍රයෝජනයට නොගන්නා තරම්. ඒ කාර්යයන් සියල්ල ඉ‍ටු කරන්නේ ඛණිජ තෙල් භාවිතයෙන්. මෙසේ ඛණිජ තෙල් ඉවක් බවක් නොමැතිව භාවිත කරන ප්‍රධානම රට වන අමෙරිකාව කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය වන්නේ යන්ත්‍ර සූත්‍ර මගින්. 
 




වැඩ බිම් වල ගොවියන් ඉතා දුර්ලභ දසුනක් බවට පත් වෙලා.මිනිස් දෑත් 100ක් පැය 24ක් තුළ සිදු කරන කාර්යය ප්‍රමාණය එක් තෙල් ලීටරයකින් සිදු කිරීමේ හැකියාව පැවතීම මේ සඳහා ප්‍රධානම හේතුවයි. 

එහෙත් මුළු ලෝකය පිළිබඳවම සලකා බැලුවහොත් කිසිදිනෙක ට්‍රැක්ටරයක් හෝ භාවිතා නොකළ ගොවීන් 97%ක් තවමත් සිටිනවා.
ලෝකයේ ආහාර නිශ්පාදනයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය නොසැලකිය හැකි තරම් කුඩායි. 

ඇමෙරිකාවේ ඉතිරිව ඇති මිලියන 3ක් වූ ගොවි ජනගහණයෙන් , බිලියන ගණනක් මිනිසුන් පෝෂණය කිරීමට හැකි තරම් ආහාර නිශ්පාදනයක් සිදු වෙනවා.නමුත් මේවායින් බොහොමයක් අතිරික්ත. ඒවා ජීව ඉන්ධන (bio fuel)  ලෙස දහනය කිරීම ඉතාම සුළභයි. 

(මගේ සටහන - ලෝකයේ ඇතැම් රටවල දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙන බව හා දිනපතා කුසගින්නෙන් මිය යන බව මෙහිදී සඳහන් කිරීම වටිනේ යැයි සිතමි) 

ඇමරිකාවේ පමණක් නොවේ, කාර්මීකරණය වූ, දියුණු යැයි සම්මත බොහෝ රටවල තත්වය මෙයයි.

මා කලිනුත් කිහිප වරක සදහන් කළා සොබා දහම පුදුමාකාර ලෙසින් එකිනෙක හා බැඳී පවතින ආකාරය.මේ බැඳීමේ සිදු වන යම් යම් පළුදු වීම් වෙතොත්, වැඩි කල් නොගොසින්ම එහි ප්‍රථිපල අපට ලැබෙනවා, පල විපාක පෙන්නුම් කෙරෙනවා. 

වගාවන්හි දියුණුවත් සමගම, තනි බෝග වගාව බොහෝ සෙයින් ප්‍රචලිත් වූවක්. එය ආර්ථිකයට වාසි සහගතයි. නමුත්,  ඒවා පළිබෝධකයන්ගේ පාරාදීස බවට පත් වෙනවා. 


පළිබෝධ නාශක කරලියට පැමිණෙන්නේ එහිදීයි. නමුත් මේ විශ රසායන ද්‍රව්‍ය වාතයට, ජලයට, පසට මෙන්ම ජීවීන්ගේ සිරුරටද ඇතුළු වෙනවා. 



පළිබෝධ නාශක මිනිසාට අහිතකරද?

කහ පැහැති ආරක්ෂක ඇඳුම් වලින් සැරසී පළිබෝධ ඉසීමේ යෙදෙන මේ ගොවීන් සතුව නම් ඒ ප්‍රශ්ණයට පැගැදිලි පිළිතුරක් ඇති. :D








අඳුරින් අඳුරට  යන අපේ කතාවේ තවත් කොටසකින් ඉක්මනින් හමු වෙමු

15 comments:

  1. කථාව වගේ ම පින්තුරත් දුර්ලභයි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  2. ස්තූතියි නලින්

    Gayani...මේ පින්තූර සියල්ලම ඒ වාර්තා චිත්‍රපටයේ snips . ඔව් ඇත්තටම් අපිට ඇස නොගැටෙන ගොඩක් දුර්ලභ ස්ථාන ඒකෙ අඩංගුයි

    ReplyDelete
  3. පස්සේ කියවන්න ඕනේ නිවී හැනහිල්ලේ..

    ReplyDelete
    Replies
    1. පුළුවන් වෙලාවක කියවන්නකො. නැත්නම් ඒක හොයාගෙන බලන්න

      Delete
  4. දැන් නම් සට සට ගාල 'අපේම කතාවේ' ඉතුරු කොටස් ටිකත් හදන්න වෙයි නේද? නැතිනම් දිනේට පෙර ඉවර කරගන්න බැරිවෙන්න පුළුවන්... මම දැක්කා කට්ටියවම කොළඹට කැඳවන්න දිනත් දීලා තියනවා

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අයියෙ. 28th .ලොකු අසරණ කමක් දැනුණා ඊයෙ රෑ ඒක දැනගත්තම. :-(
      26th නඩුව තියෙනවා. එදාට දැනගන්න පුළුවන් හිරේට නියම වෙන්නෙ කවදද කියල

      Delete
    2. මම හිතන් හිටියෙ නඩුව ඉවරයි කියල

      Delete
  5. මරු !!!!!!!!!! නියම ෆොටෝ ටිකකුත් තියෙනවා ..... ජය :DDDD

    ReplyDelete
  6. ලොව දුන්නු දේවල් නැවත ලොවටම පෙරලා දිය යුතුයි. එවිට මුලු ලොවම ඔබටත් ආදරෙයි. කියලා ගියක කියනවානේ. අපිට වගේම ගහකොල සතාසීපාවටත් මේ හැමදේම උරුමයි.

    ReplyDelete
  7. ඛනිජ තෙල් ටික ඉවර වෙලා ගියාට පස්සේ මිනිස්සු මොනවා කරයිද කියලා හිතාගන්නත් බෑ.

    ReplyDelete
  8. දැන්නම් ලෝකය අපිට දුන්න දේවල් මදි වෙලා අපි ලෝකය හූරන් කනවා..

    වැදගත් විස්තරය අක්කේ... බලමු ඉස්සරහට..

    ReplyDelete
  9. මගේ ගාවත් ඒ documentry වීඩියෝ එක තියෙනවා.මෙච්චරකල් බලන්න කම්මැලි කමේ හිටියේ.මේක කියෙව්වම ආස හිතුනා.අද බලනවා

    ReplyDelete
  10. It's enormous that you are getting thoughts from this post as well as from our discussion made at this place.
    Also see my site > CHEAP LEAFLET PRINTING

    ReplyDelete
  11. ස්තූතියි සිදු තොරතුරු වලට... කාර්මීකරණ විප්ලවයෙන් පස්සෙ තමා ලෝකය නව නිපැයුම් කෙරේ ඉතාමත් වේගයෙන් යොමු වුනේ... අද අප භාවිතා කරන බොහෝ උපකරණ/රථ වාහන වල මූලික වස්තු බීජය හට ගත්තෙ මේ කියන කාලෙදි... ඛනිජ තෙල් භාවිතයෙන් කටයුතු ඉතාමත් පහසුකර ගැනීමේ නව මංපෙත් විවර වුනා... එසේ නොවන්නට අද අපේ ජීවිත මීට වඩා හාත්පසින් වෙනස් වෙන්නට ඉඩ තිබුනා...

    තෙල් සහිත අරාබි රටවල් බලහත්කාරයෙන් ආක්‍ර‍මණය කරමින් ඇමරිකාව සොයන්නේ ඔවුන්ගේ බලය තව දුරටත් පවත්වාගෙන යාමට ශක්තිය....ඇමරිකාව සතු ස්වභාවික සම්පත් සංචිත 2040 දී අවසන් වූ පසුව ඇමරිකාවේ හෙට දවස පැහැදිලි නෑ... ඒ නිසාම මීළග සියවසේ ලෝකයේ ප්‍ර‍බලයා වන්නේ ඛනිජ තෙල් වලින් පරිභාහිර නව ශක්ති ප්‍ර‍භවයක් සොයා ගන්නා ජාතිය බවට කිසිදු විවාදයක් නෑ...

    ReplyDelete