හීනයක් , යතාර්ථයක්, කවියක්, ජීවිතයක්

සිහිනය

නැවුම් සුවඳින් පුරවමින් හද
නැවුම් මල් වැසි වස්සනා
නෙතෙහි ගැලු රන් රසඳුනක් විය
නෙතෙහි පිණි බිඳු තවරණා
අඳුර බිඳ ලන විදුලියක් ලෙද
අඳුරු දිවි මග හැඩ ලනා
සිනහ වපුරා සිත් කෙතෙහි නුඹ
සිනහ මල් පෙති පුබුදනා

තරු නෙතින් නිති වදන් ගොනු විය
තරු දෙනෙත් යුග බබලනා
 සුවඳ මුව රද ගලන මුව අග
සොඳුරු කවියක සුව දෙනා
සැලෙන සිතිවිලි දැහැන බිඳ ලන
සැලෙන හදවත සනසනා
විපුල තුනු සිරි නෙතග පායා
විපුල හැඟුමන් පුබුදිනා

යතාර්ථය

පිපුණ සඳ කත් දියෙහි පිණි ලෙද
පිපුණු පැතුමන් බොඳ වෙනා
මිරිඟු කුසුමක සුවඳ රොන් ලෙද
මිරිඟුවකි නුඹ සැඟවෙනා
පැතුම් පොදි බැඳ අහස් දුර හිඳ 
සිතුම් කැටි වී නවතිනා
තැලී පොඩි වුණ දැහැන බොඳ විය
තැලී සිත් මල පර වුණා......

Comments

  1. හුටා...
    යථාව සහ ෆැන්ටසිය අතර අතර මං නොවෙන්..
    යථාවක් ෆැන්ටසසියත් කුමක්ද කියල හදුනාගෙන වැඩ කරන්

    ReplyDelete
    Replies
    1. දැන් ඒක හඳුනා ගන්න පුලුවන් තරමට දියුණුයි. ඒකනෙ මේ තේරුම් ගත්තු කවි ලියන්නෙ...

      Delete
  2. හරිම රහයි... අජිනොමොටෝ එහෙම දැම්මෙ නෑ නොවැ?

    ReplyDelete
    Replies

    1. අපෝ අපි ගාව නෑනෙ ඔය පිළිකා කාරක.

      Delete
  3. Replies
    1. ටිකක් තිත්ත වැඩියි වගේ මට නම්

      Delete
  4. නියමයි.. ආයේ කියන්න දෙයක් නෑ..

    ReplyDelete
  5. ලස්සන තාලයක් එක්ක පට්ටම රහ ලියමනක්,

    සිහින නම් දකින්නට හැක නේක පාටට සිත මතම දළු ලනා
    ගුලිව ඉන්නට සිත් දෙනා කල කුමට නෙත් හැර බලමිනා
    නෙත් හැරුණු විට මහමෙරකි සඳ සිත් සතන් ටික අළු ලනා
    බොඳව යනකල සිහින අතරින් යතාර්තය නොවැ මතු වනා

    ReplyDelete
    Replies
    1. සිහින අතරින් බොඳ වෙලා ගිය යථා බව යලි සිහි වුණා
      පුංචි කවියක ඒ සිහින වල කඳුලු බිඳු ටික දිය වුණා

      Delete
  6. මට නං එච්චර ඇල්ලුවේ නැහැ..

    ReplyDelete
  7. //සුවඳ-
    සොඳුරු//
    විතරයි ගලපගන්න බැරි උනේ නේද..? :D

    පද ගැලපීමයි.. පද ටික ගැලපෙන කොට අදහස කැලේ යන්නේ නැති වීමයි කියන කාරණා දෙක උඩ මේක බොහෝම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. හරියට හරි. දෙකටම සොඳුරු දාන්නත් බෑ, සුවඳ දාන්නත් බෑ.
      මම කල්පනා කළා... මගෙ බ්ලොග් එකනෙ, සාහිත්‍ය තරඟයක් යැ.... මගෙ බ්ලොග් එකේ මට ඕන විදියට ලියනව කියල

      Delete
    2. චී ලංකා ජනරජයේ මුලට ඇති සමාජවාදී කීයන කොටස නිසා බ්ලොග් යනු චී ලංකා භූමිය තුලදී තමාට පුද්ගලික හිමිකමක් තබා ගැනීමට අවසර නැති කාණ්ඩයේ දෙයක් වන අතර.. ඒ යටතේ මෙහි ලියන කියන දේ තමාට අවශ්‍ය පරිදි කිරීමට කිසිදු අවසරයක් නොමැති බවත් මෙයින් දන්වා සිටිමි. :P

      Delete
  8. තැලී පොඩි වුණ දැහැන බොඳ විය
    තැලී සිත් මල පර වුණා.....

    මේ අවසානයට නම් මම හරිම කැමතියි . excellent (Y)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පවුලූශා

      Delete

Post a Comment